IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගාල්ලට යළිත් පොලිස් ඇඳිරිනීතිය

(සිරංගකා ලොකුකරවිට)
නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට  ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ.

ගාල්ලේ ගිංතොට, කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

සිකුරාදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 19 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර පස් දෙනෙකු රෝහල්ගත කරන ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 19 දෙනාම මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය. 



අදහස් (12)

ගාල්ලට යළිත් පොලිස් ඇඳිරිනීතිය

chamal Saturday, 18 November 2017 01:23 PM

19 දෙනාම සිංහල කියලයි ආරංචිය. සහජීවනේ නිසා කියන්නත් බැහැ. පුළුවන්ද හොයලා බලන්න.

:       1062       2287

nuwan Saturday, 18 November 2017 02:26 PM

සුළුතරය වෙලා මෙහම නම් තව පොඩ්ඩක් වැඩි වුණාම කොහොම තියේද? අර විල්පත්තු කෙනා මොකටද ගාල්ලේ හෝටලයක නැවතිලා ඉන්නේ? මෙතැන වැඩියෙන් අත්අඩංගුවට අරන් ඉන්නේ සිංහලයෝ. මගේ රටට දළදා හිමි සරණයි!!!

:       1451       3315

sahanSunday, 19 November 2017 02:19 AM

අත්අඩංගුවට ගන්නකොට සිංහල, මුස්ලිම් කියලා බලලා වැඩක් නෑ...මංකොල්ලාකන, කඩ ගිනිතියන අය තමා අත්අඩංගුවට ගන්න ඕනා............

:       215       275

RanmuthugalaSunday, 19 November 2017 10:25 AM

වෙන්න නම් ඕනේ එහෙම තමයි. එ්ත් වෙන්නෙත් නැත්තේ එ්කමනේ....

:       28       55

ධනුෂ්ක Saturday, 18 November 2017 03:22 PM

පහුගිය කාලේ විවිධ ජන කොටස් අතර විවිධ හේතුන් නිසා අර්බුද හට ගත්තා. දැන් එ්ක ජතීන් අතර වෛරයක් බවට පත් වීගෙන යන්නේ. පොඩි දේටත් කාකොටා ගන්නවා. මේකට වග කියන්න ඕනේ සුළුජාතික නායකයින් යැයි කියාගන්නා අමනයින්. මේ රටේ සුළු ජාතිය හෝ මහ ජාතිය කියලා වෙනසක් නැතුව හැමෝටම එකම විදියේ නිදහසක් තිබුණා. ව්‍යවස්ථාවේ බුද්ධාමට මූලිකත්වය දෙනවා කියලා ලියවිල්ලක් තිබූ පමණින් අනිත් අාගම් වලට බාධා කරලා තියනවා ද?. අැයි මේ විශේෂ දේවල් ඉල්ලන්නේ. සමාජයේ මේ ජනතාව ඉතා හොඳින් ජීවත් වුනා. ඔවුන් මේ කියන ව්‍යවස්ථාමය ගැටළු දන්නෙවත් නෑ. ඔවුන්ට තිබෙන්නෙ කන බොන එකේ ගැටලුවක්. හැබැයි දැන් මේ කොහේවත් නැති දේවල් එ් අතරේ ගෙනැල්ලා ජාතීන් අතර වෛරය වපුරනවා. මේ රටේ ජනතාව හරියට හිටියා නම් මේවා අවුලන අයටයි මෙහෙම ගහලා පන්නන්න ඕනේ. දැන් පාලකයන්ට මාරම සතුටු අැති. කට්ටිය මේකන් ගොඩ යන විදිය ගැන පිඹුරුපත් හදනවා අැති. කොටසක් තම නොහැකියාව නිසා දුක් විඳින ජනතාවගෙන් වහන් වෙන්නයි. අනික් අය තමන්ගෙ ගොඩ වැඩි කරගන්න විදිය හොයනවා අැති. ඔවුන්ට මේක වෙලාවේ හැටියට දෙයියෝ දුන්න දෙයක්....

:       217       1487

sahanSunday, 19 November 2017 02:17 AM

පාලකයන්ට නොවෙයි හාමුදුරුවන්ට තමා ගොඩක් සතුටු.....හැම තිස්සෙම බණකට ගියත් කියන්නේ මුස්ලිම් මිනිස්සු ළමයි හදනවා ....සිංහල අය දරුවෝ හදන්නෑ කියලා.....

:       1428       81

aseSunday, 19 November 2017 08:09 AM

කාටවත් බනින්න එපා සිංහල කඩවල් වලින් බඩු ගන්න කිව්වම... තියන උද්දච්චකමට ගන්නෙම නෑ. ඉඩම් අන් අය‍ට විකුණන්න කිව්වම දත නියවනවා. රට වුණාට ඒ අය‍ට සල්ලි දීලා යන්නේ.. තවතවත් ලියන්න ලැජ්ජයි. ඉතින් මෙහෙම ජාතියකට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ. අපේ මිනිහෙක් තව එකෙකුට උගුල් අටවනවා විනා හදවතින්ම නැගිටින්න අත දෙනවද? අපි බොරුවට ආගම ඉස්සරහට ගෙන පින් කටටත් අනින්න බලන්නේ.. අනේ කාට කියන්නද ඊට පස්සේ අඳෝනාව අපිට අසාධාරණය වෙලා කියලා නිවටයන්ට මෙහෙම වෙලා මදි....

:       0       39

ධනුෂ්ක Saturday, 18 November 2017 04:05 PM

මේ ජාතිවාදී ගැටළු ප්‍රබල ලෙසම පැන නගින්නේ... එක්සත් ජාතික පක්ෂයේ අත්තිවාරම හෙවත් ලංකා ජාතික සංගමයේ අාරම්භ වීමෙන් පසුව අපේ ජාතික වීරයෝ. මේ රට හා බලය ඔවුනොවුන් අතර බෙදා ගැනීමේ බල අරගලය තුල තමයි මේ ජාතිවාදී මතවාද පැන නැග්ගේ. එ්කේ උරුමය අපි ඔක්කොම වින්ඳා. ලෙයින් කඳුලින් වන්දි ගෙව්වා. සහජීවනය ගැන බණ කිව්වට වැඩක් නෑ. එතකොට මේ ගැටළු තියනවා කියලා දන්නැති අයත් දැනගෙන ඔවුනුත් මේ අරගලවලට එකතු වෙනවා. මේකට තිත තියන්නනම් හොඳින් බැරිනම් නරකින් හෝ අාගම්වාදී වර්ගවාදී දේශපාන පක්ෂ නැති කළ යුතුයි. සියළු ජන කොටස් රටපුරා විසුරුවා හැරිය යුතුයි. ජන කොටස් අතර අාවහ විවාහ වලට පවතින බැමි බිඳ දැමිය යුතුයි. දේවවරම්වාදී මිථ්‍යා මතවාද ප්‍රතික්ෂේප කරන, බුද්ධිමත් තරුණ පරපුරක් අධ්‍යාපනය හා විද්‍යාව තුලින් හැදිය යුතුයි. මේක හොඳින් නම් කරන්න වෙන එකක් නෑ. මේකට ලොකු කැප කිරීමක් හා ධෛර්යක් අවශ්‍යයි. නැත්තම් මේ ගැටලු මෙලෙසමයි. අනාගතයේත් ලේ කඳුළු ගලා යාවී. අපි රටක් විදියට වලපල්ලටම යාවි.

:       0       1183

gamage Sunday, 19 November 2017 12:25 AM

මුස්ලිම් ගමක් මැදින් පාරක් තිබුනොත් අනික් යට යන්න ඉඩ නැහැ මුළු පාරම අයිති කරගෙන. දෙපස වාහන නවත්තල වැඩිදෙනෙක් ඉන්නේ පාරේ. අනතුරක් වුනොත් මැරුම් කන්න තම වෙන්නේ. රජයක් විදියට මේවා අවම කරන්න කටුතු කල යුතුයි. සිංහල මිනිසුන්ට පුදුම අසාධාරණයක් වෙලා තියෙන්නේ.

:       0       1310

roshan Sunday, 19 November 2017 03:18 AM

ජනතා බලයක් නැති ආණ්ඩුව බලයේ රැදීමට ජාතිවාදය අවුලුවයි. සියලු ජාතින් සමගිව මේ ආණ්ඩුව ගෙදර යවමු.

:       363       1391

nimallalitha Sunday, 19 November 2017 04:08 AM

සිංහලය ගැන නොසිතන, අනාගත සිංහල ගේ අයිතිය ගැන නොසිතන සිංහල දේශපාලන බල එරෙතයන්ට මෙන්ම තනතුර උසස් කර ගැනීමට හැම විටම සිංහලයා මත වරද පටවන එවුන්ට සාපම වේවා.

:       398       4785

කුමාර් (ගල්ෆ්) Sunday, 19 November 2017 06:28 AM

මේ ඔක්කොටම හේතුව ජාති ආගම් භේදයකින් තොරව රටේ නීතිය අකුරට ක්‍රියාත්මක නොවීමයි, මේකට ජනාධිපතිතුමා සම්පුර්ණයෙන් වගකියන්න ඕනා.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 566 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 250 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 709 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 720 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 288 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 467 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site