IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගම්මන්පිලගෙන් රුපියල් 100 යළි ඉල්ලති

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
 
බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා අද අධිකරණයෙන් පිටව යද්දි පිරිසක් ඒ මහතාගෙන් රුපියල් 100 ක් ඉල්ලන්නට වීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
 

ගම්මන්පිල මහතා පසුගිය ඡන්ද ව්‍යාපාරයේ දී රුපියල් 100 බැගින් ජනතාවගෙන් ලබා ගත් බවත් දැන් ඔහු ජනවරම පාවදී ඇති නිසා රුපියල් 100 යළි අවශ්‍ය බවත් ඔවුහු කීහ.
 
ගම්මන්පිල මහතාගේ පාර්ශ්වයේ කෙනෙක් චෝදනා ප්‍රතික්ෂේප කළේය.
 
‘පොලිසියට පැමිණිලි කරලතවත් අපේ සල්ලි දුන්නේ නැහැනේ.‘ යැයි තවත් අයෙක් කීවේය.
 
උසාවිය අසල කෑකෝ නොගසන්නැයි පොලිසිය පිරිසගෙන් ඉල්ලීමක් කළේය.

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (14)

ගම්මන්පිලගෙන් රුපියල් 100 යළි ඉල්ලති

naradha Monday, 12 November 2018 02:31 PM

මෙය ඉතා හොඳ, කාලෝචිත ක්‍රියාවක්.

:       5143       4406

sandy123 Monday, 12 November 2018 03:08 PM

නියමයි

:       3744       3008

RNG Monday, 12 November 2018 04:05 PM

ඉල්ලන්න නම් මොකටද දුන්නේ..? ඔය විදියටම අනිත් හොරා කාපුවත් ඉල්ලුවා නම් නරකද?

:       0       0

AnandaR Monday, 12 November 2018 04:06 PM

අපේ රුපියල් 100 තරම්වත් නොවටිනා මිනිහෙක්...

:       0       0

රවින් Monday, 12 November 2018 04:27 PM

අමු හොරෙක් නේද? ඇමතිකමින් කොච්චර හොරකම් කරයිද?

:       0       0

Chanak Los angeles Monday, 12 November 2018 06:37 PM

ඇයි පොලිය?.. මන්ද බැංකුවේ දැම්මා නම් පොලිය කීයක් හරි ලැබෙනවානේ?

:       0       0

jim kuru Monday, 12 November 2018 06:38 PM

හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන්... මගේ රුපියල් 100මට ඕනේ.

:       0       0

Nandalal DE SILVA - France Monday, 12 November 2018 10:15 PM

ගම්මන්පිල උන්නැහේ 2015දී අසරණ මහජනයාගෙන් හිඟාකාලා පාර්ලිමේන්තුවට ගියා වගේ 2019 දී යනවා කියන එක නම් ෂුවර් නැහැ...! ඔය අයගෙන් වැදිබණ අහපු අසරණ ඡන්ද දායකයන් බයවෙලා ඉන්නේ. ඒ නිසා සල්ලි බෙදන්න ඔවුන් බයයි. ඒ වගේම මන්ත්‍රීවරුන් බිලී බාගන්න සුදානම් කෝටිපතියන් වුනත් 100 කොළ දැකලත් නැතුව ඇති...!

:       0       0

sas Tuesday, 13 November 2018 02:59 AM

ඉතා හොද වැඩක්.

:       0       0

vipula Tuesday, 13 November 2018 03:40 AM

ඉතාම සැලසුම් සහගත මඩ ක්‍රියාවලියක් වගේ පෙනෙන්නේ ..... වාසුදේව මහත්මයට සහ ගම්මන්පිල මහත්තයට .....

:       318       552

Sugath Tuesday, 13 November 2018 04:17 AM

මිනිස්සුන්ව රවටල රුපියල් සීය බැගින් වංචා කරලා බලයට එනවා. මිලියන ගණන් වලට කාර් ගෙන්නනවා. මේ වගේ මිනිස්සු මේ රටට කරපු දෙයක් නැහැ. අායෙත් ඔබගේ වටිනා ඡන්දය නම් දෙන්න එපා.

:       733       287

vipula Tuesday, 13 November 2018 06:24 AM

තරු පෙන්නෙන බදු ගහලා මහබැංකුව ලවා එළියට ගත්ත සල්ලි ඉල්ලන්න කෙනෙක් නැහැනේ. මේ සේරම අධිකරණයෙන් එලවල අදාල අය පමණක් ඇතුළට ගන්න තිබුණ.........ඔක්කොම ගේට්ටුවෙන් ඇතුලේ .

:       38       7

Lamantha Silva Tuesday, 13 November 2018 06:44 AM

ඔය ඔක්කොම පල් හොරු ...

:       0       28

Hafeel Tuesday, 13 November 2018 06:57 AM

දැනට මෙයාට එරෙහිව විභාග වෙන මුල්‍ය වංචා නඩු තීන්දුවෙන් දඩ මුදල් ගෙවන්නොන වුනානං, මෙදා පාර රු 1000 බැගින් ජනතාවගෙන් අය කරාවි.

:       1       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 59 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 47 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 557 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1958 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 374 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site