(මනෝප්‍රිය ගුණරස්කර)
 
කොළොන්නාව ප‍්‍රදේශයේ හොරොයින් ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා ජිවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළොන්නාව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවරිදි අසන්ත ප‍්‍රනාන්දු නමැත්තාටය.
 
2013 අප්‍රේල් මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළොන්නාව ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 9.64 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟනු ලැබ තිබිණි.