නිමන්ති රණසිංහ
 
තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ‍ලෙස ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණැයි කියන සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (11) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 6 දෙනෙකු අද අධිකරණය වෙත බාර දීමට පැමිණි අතර පොලිසියට ගොස් බාරවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.