IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ  සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම   ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.


මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේන් බහිලා යන මහත්වරුන් , ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කරනු ලැබූහ.

සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

කෝවිඞ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති .

එහි 61 ් දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම තමන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති .සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඔවූහු සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ කියාසිටිති. එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ.සුමන්තිරන් , ෆායිස් මුස්තාපා , ඉක්‍රාම් මොහොමඞ් , නීතීඥවරුන් වන විරාන් කොරයා , ෆයිසා මුස්තාපා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.



අදහස් (50)

කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට

මොහමඩ් Tuesday, 01 December 2020 10:55 AM

කෝවිඩ් 19 වසංගතයෙන් මිය යන අනෙක් රටවල මිනිස්සුන්ගේ මිනී භූමදානය කරන අතර ලාංකිකයින්ගේ මරණ අනිවාර්යයෙන්ම අාදාහනය කළයුතු බව කියන අයට ශාප වේවි. සෞඛ්‍ය අමාත්‍යංශයේ කව්රු හරි සිටිනවා නම් ඔවුන්ටත් ශාප වෙවා. දොස්තර සංගම් වල කව්රු හරි සිටිනවනම් ඔවුන්ටත්, රජයේ උසස් නිලධාරීන් කව්රු හරි සිටිනවා නම් ඔවුන්ටත් ශාපය වදීවි.

:       264       187

සමන්තTuesday, 01 December 2020 11:47 AM

කොරෝනා වලින් මැරෙන්නේ කෆීර්ලා කිව්වා මතකද? ඉතිං කෆීර්ලා ආදාහනය කළත්, භූමිදානය කළත් එකයි. ඇයි මේ සැරෙන් සැරේ වචන වෙනස් කරන්නේ. වටේටම කැරකෙන තොප්පිය නිසාද?

:       23       167

AshanTuesday, 01 December 2020 11:48 AM

හරි මචන් එළ...

:       8       44

nisarTuesday, 01 December 2020 11:50 AM

සාප කීරීම සුදුසු නැහැ. සියලු දෙනා යහමගට පැමිණෙන්න ප්‍රාර්ථනා කරමු. මෙය අලුත් වෛරසයක් නිසා අපට වැදගත් වන්නේ ජීවත් වන ආරක්‍ෂා කිරීමයි. මිහිදන් කීරීම තමයි වඩා ආරක්‍ෂාකාරි. ගිණිතියලා පිටවෙන දුම හා අළු පරිසරයට එකතුවෙල පිළිකා වැනි භයානක රෝග අැතිවිය හැකි බවට අනාගතයේ සොයාගන්න පුළුවන්...

:       42       44

jayasekaraWednesday, 02 December 2020 04:14 AM

අනේද කියන්නේ.?

:       1       2

kumaraTuesday, 01 December 2020 12:33 PM

ඔබටත් එසේම වේවා. එතකොට දෙවියන්ගේ නාමෙන් මරාගෙන මැරෙන අයට මොකද වෙන්නේ...?

:       51       49

Aswin FernandoWednesday, 02 December 2020 02:24 AM

ලෝකෙටම තියෙන එකම ප්‍රශ්නය.

:       0       3

RaveendraWednesday, 02 December 2020 03:18 AM

"මොන ජරාවලත් දිව්‍යලෝකයක්" බව මේ අදහස්වලින් මනාලෙස සනාත වන්නේය..

:       1       1

reksWednesday, 02 December 2020 05:27 AM

මෝඩ විදිහට සාප නොකර, ඔයාලගේ දෙවියන්ගේ බලයෙන් ආදාහනය කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. එතකොට දෙවියන්ගේ බලය කාටත් බලාගන්න පුළුවන්...

:       0       4

ramsiWednesday, 02 December 2020 05:31 AM

'අපිට අපේ අයව භූමදානය කරන්න ඕනෑ. ඒක තමයි අපේ ස්ථාවරය. අපේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියනවා. ඒකෙනුත් බැරි නම් සෞද අරාබියේ තියෙන ලොකු පල්ලියේ අධිකරණයට ගෙනියනවා...

:       4       0

BamunuarachchiWednesday, 02 December 2020 05:33 AM

හලෝ මේ සිංහල රටේ නීති දෙකක් බැහැ. පුච්චන්න කීවොත් ඔක්කොම පුච්චනවා. ආයිත් කතා දෙකක් නැහැ. අපිට ඔහෙලා ශාපයක්... තව ශාප වදින්නේ නැහැ...

:       3       5

hira Tuesday, 01 December 2020 11:53 AM

මේ කියන ජාතියට කෝවිඩ් හැදෙනකම් උඩ බලන් හිටපු දෙවියන්, කෝවිඩ් හැදිලා ඉස්පිරිතාලේ විඳවන කොට නැති දෙවියන් මැරුණාට පසු මොන මගුලකටද?

:       45       92

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 01 December 2020 12:10 PM

මේක කවුරුවත් කාගෙවත් අයිතිවාසිකම් කතාකළයුතු වෙලාවක් නෙමේ. අපි හැමෝම තමන්ගේ යුතුකම් රට වෙනුවෙන් ඉටුකළයුතු මොහොතක්. හැමෝම ඒක මුලින්ම තෙරුම් ගත යුතුයි. මුස්ලිම් සමාජයේ විතරක් නෙමේ අපි හැමෝගේම නොයෙකුත් අයිතිවාසිකම් මේ කොරෝනා ඉදිරියෙයි අද නැතිවෙල තියෙන මොහොතක්.. ආගමක් අදහන්නත්... දෙවියන් වඳින්නත් ඉස්සරවෙලාම මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕනේ.. හැමෝම ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ.. කියන්නම් වාලෙ කියන්නෙ නැතිව... කරන්නම් වාලේ කරන්නෙ නැතිව.. මොන ආගමක්, දහමක් ඇදහුවත් මිනිස්සු වුණාම මීට වඩා ටිකක් හරි බුද්ධිමත් වෙන්න ඕනේ...

:       2       61

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 01 December 2020 12:23 PM

ඉතා වටිනා නඩු තීන්දුවක්... පෙත්සම් 12ම ඉවතට... මිනිහෙකු මියගියාම ඒ මිනිහාගේ විශ්වාසය කුමක් වුවත් වෙන්නේ කුණුවී පනුවන් ගසා දිරා යන එකයි. ටිකදිනක් ගියපසු ගොඩදැමීම කළහොත් පළාතේ යන්න බැහැ දුර්ගන්ධය හමනවා. එ්ක තමයි ජීවිතයේ අනිත්‍ය ධර්මය. මේ සනාථන දහම බොරුකිරීමට කාටවත්ම බැහැ. මෙය අප කාටත් පොදුයි. මෙය වටහා ගැනීමට නොහැකි ඇතැම් මිනිසුන් තමන්ගේ වර්ගයාට පමණක් ආවේණික අමුතු ක්‍රමවේදයක් ගෙනඒමට උත්සාහ කළා. මේ රට ජලගැලීම් බහුලව තිබෙන රටක්. වෛරස් සහිත මෘතදේහ වැළලීම සිදුකළහොත්, ඒවායේ තිබෙන කොරෝනා වෛරස් ජලයට මුසු උවහොත් මුළු රටේම මිනිසුන් මියයාවී. එක්තරා කොටඨාසයක මළමිනී නිසා ඒ තත්වය ඇතිවීමට ඉඩදීය යුතු නොවේ. ජීවත්ව සිටින මිනිසුන්ගේ යහපත පසෙකලා මළමිනී වෙනුවෙන් නැගූ බොල්හඬ අධිකරණය විසින් එහෙම පිටින්ම පුස්වෙඩිල්ලක් බවට පත්කොට ඇත. තව දුරටත්, මළමිනී බදාගෙන විකාර කරනවාට වඩා ජීවත්ව ඉන්නා මිනිසුන් වෙනුවෙන් යුතුකම් කිරීම වටනේය.

:       110       60

abrahim Tuesday, 01 December 2020 02:10 PM

බොරු කතා කියන්න එපා. අපිට අපේ අයව භූමදානය කරන්න ඕනෑ. ඒකතමයි අපේ ස්ථාවරය. අපේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියනවා. ඒකෙනුත් බැරි නම් සෞද අරාබියේ තියෙන ලොකු පල්ලියේ අධිකරණයට ගෙනියනවා.

:       50       9

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 01 December 2020 05:33 PM

ඔබලානේ බොරුවක එල්ලී දඟලන්නේ. මැරිච්ච මළමිනී ටික ගෙදර තියාගෙන බලන්න වෙනදේ. එතකොට ඇත්ත තේරේවි. මිනිසුන් මැරුණාම හැමෝටම වෙන දෙයයි අංශ කීවේ. අපරාදෙනේ වලලන්නේ. ගෙදරම තියාගන්නකෝ. වෙන දේ එතකොට බලාගන්න පුළුවන්. ඔබලාගේ අාගමික මතයට අපි ගහන්නේ නැහැ. ඒත්, මේ වසංගතය නිසා ඒවා වෙනස් වියයුතුයි. ඔබලාගේ මිනී නිසා රටේ අන් අයට මැරෙන්න දෙන්න බැහැ. වසංගත ඉවර වූ විටෙක මිනී ගෙදර තියාගත්තත් අපට කමකට නැහැ.

:       1       4

raviTuesday, 01 December 2020 06:31 PM

සවුදියේ මහා පල්ලියට ගිහිල්ලා.? ඒ අය අපේ කවුද..?

:       0       4

lakviduWednesday, 02 December 2020 12:42 AM

ඇත්තද? කෝ එතකොට ඔයා දාපු නඩුව..?

:       0       2

සමන්Wednesday, 02 December 2020 02:45 AM

ඔබලාගේ දැ⁣නුමේ තරම. මේ තීන්දුව ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි. මේ පුවත වත් හරියට නොකියපු ඔබලා ඔබලාගේ ශුද්ධ ග්‍රන්ථය හරියට කියවලා තියෙනවාද කියලත් සැකයි.

:       0       2

jayasekaraWednesday, 02 December 2020 04:10 AM

මාර විහිළුවක්... එතකොට මරාගෙන මැරෙන අය ගැන මොකද කියන්නේ.?

:       0       8

DarshanaWednesday, 02 December 2020 04:44 AM

මරාගෙන මැරෙන අයත් එක්කම සෞදියට යනවානම් හොදයි ..... සෞදි නීතී මෙහෙ නෑ ......

:       0       2

reksWednesday, 02 December 2020 05:23 AM

සෞද අරාබියේ තියෙන ලොකු පල්ලිය අධිකරණයට ගෙනියනවා... ඇත්තද? ඒක හරි ලොකුද මෙයා...? අනේ දන්නේ නැති නිසයි අහන්නේ....

:       0       3

RanjithWednesday, 02 December 2020 02:59 AM

මිනිස් සමාජයට තර්ජනයක් වන තවත් මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන අන්තවාදී ආගම් ලෝකයෙන් ඉවත් කිරීමට කාලය ඇවිත්.

:       1       5

RajithasWednesday, 02 December 2020 03:02 AM

100% ක් එකඟයි. හොඳ පැහැදිලි කිරීමක්.

:       0       3

fairoos Tuesday, 01 December 2020 12:35 PM

ආණ්ඩුවට දැන් තියෙන විවේචන වලට මේකත් දුන්නොත් සර් ඉවරෙටම ඉවරයි.

:       15       29

jayasekaraWednesday, 02 December 2020 06:49 AM

අපෝ නැහැ. 69 ලක්ෂයක් බහුතර සිංහල බෞද්ධ ඡන්ද තාමත් වෙනස් වෙලා නැහැ. ඔයගොල්ලන්ගේ හීන හඳේ තමයි. බහුතරයට හිස නමලා මිනී පුච්චනවට හිත හදාගෙන ඉන්න. එහෙම නැතිනම් ජාතිය ආරම්භ  වුණු රටවල් වලට තොලොංචි වෙන්න.

:       0       4

සඳුන් Tuesday, 01 December 2020 01:04 PM

අපරාදෙ... ඔය නඩුව අහන්න තිබ්බේ අලි සබ්රි මහතාගේ තනි පෙත්සමක් විදියට.. එතකොට ගරු උසාවිය ඕක ගැන සානුකම්පිකව සලකන්න තිබුණා. කාලය මැව් වෙනසක අරුමේ..!

:       7       26

බද්රානි Tuesday, 01 December 2020 02:29 PM

මෝඩ සිංහලයින්ට නොමිලේම චූන් වෙන්න කියාපු නඩු තීන්දුව. මොනවා වුණත් අලි සබ්රි මහත්තයා මෙතන පෙනී නොහිටියත් එතුමාට සහාය දැක්වූ කණ්ඩායමට ගොඩක් පින්සිද්ධ වෙනවා මේ රටේ මොඩයින්ව මේ විදිහට චූන් කළ එකට? අපටත් ඉතින් සතුට සමරන කිරිබත් කෑල්ලක් කොහෙන් හරි ලැබෙයිනේ බඩ පුරෝගන්න..

:       19       20

Hafeel Tuesday, 01 December 2020 03:32 PM

වත්මන් ආණ්ඩුවේ නොහැකියාව මේ නඩු තීන්දුවලින් මගහරිනවා. මේ වනවිට රාජපක්ෂලාගේ අපරාධ නඩු කිහිපයක් විසිවෙමින් යනවා. ඔවුන් ඒකට තමයි බලය ඉල්ලුවේත්... 69 ලක්ෂය අනාථයි.

:       16       13

බංඩාර Tuesday, 01 December 2020 04:17 PM

අම්මෝ ඔව් අපිට තේරෙනවා මේ වෙලාවේ තියෙන දුක.. එදා තමන්ගේ පදයට නටන ආණ්ඩුව තියෙද්දි නේන්නම් අන්තිමට බෝම්බ ගහලා මහ ජාතිය විනාශ කරන්න දැඟලුවේ.. අද තමන්ගේ ඕනෑ එපාකම් කරගන්න බැරි වෙද්දී කට්ටියම එකතු වෙලා ආණ්ඩුවට බනින්නේ හරියට ජන්දේ දීලා පත් කරගත්තා වගේ.. අඩුපාඩු තිබ්බත් තවමත් මේ රටේ මිනිස්සු තමන්ගේ පදේට නටන ආණ්ඩුවක් නම් ආයේ ගේන්නේ නැහැ.

:       14       31

shanthiTuesday, 01 December 2020 06:37 PM

බණ්ඩාර, ඔබ වැනි බයියන් සිටින තාක්කල් මේ රට ගෝත්‍රිකයින්ගේ රජදහනක් වී තිබේවි. දියුණු ජාතින් අපිව සලකන්නේ තවමත් ම්ලේච්ඡ යුගයේ ජීවත්වන මිනීමරුවන් ලෙසයි...

:       4       2

BamunuarachchiWednesday, 02 December 2020 05:40 AM

අපි අනාථ නැහැ හලෝ. අපිට ඕනේ දේ සිද්ද වෙනවා. මේ රටේ එක නීතියයි. හම්බයින්ට වෙනම නීති තිබෙන්න බැහැ. මොකද මේ බෞද්ධ රටේ 75% ඉන්න අපි බෞද්ධ නීති ඉල්ලුවාද? මෙහෙ හොඳ නැතිනම් දකුණු ඉන්දියාවට යන්න...

:       5       5

jayasekaraWednesday, 02 December 2020 06:47 AM

අපි අනාථ නැහැ හලෝ... මතක තියාගන්න. මේ ආණ්ඩුව පත්කළේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින්...ආයේ ඒක වළක්වන්නත් බැහැ. 69 ලක්ෂයේ අනාථ නැහැ. අසා ඇති නේද? පහුගිය කාලේ සුලු පක්ෂවල පස්සේ ගිහින් ආණ්ඩු පිහිටවපු කාලෙ වගේ වෙනවට..

:       4       3

DarshanaWednesday, 02 December 2020 04:47 AM

මරක්කල පදේට නටනවා නම් ආණ්ඩුව හොඳයි නේද?

:       1       2

MISHAL-MATARA Tuesday, 01 December 2020 02:57 PM

මිනී කඳන් වලින් ගොඩගිය ආණ්ඩුවක් නම් ඉතිං මේක තමයි...

:       24       16

ravinTuesday, 01 December 2020 06:45 PM

ඔබ හරි, මෙයාලාට මිනිස් ලේ දකින්න පුදුම ආශාවක් තියෙන්නේ. පසුගිය අවුරුද්දේ නොවැම්බර් ඉඳලා මිනි කීයක් මැරුවද..? මානව හිමිකම් ආයතන හැමදාමත්ම බලාගෙන ඉන්නේ නැහැ. මානව හිමිකම් ආයතනයෙන් ප්‍රබල හමුදාවක් ලංකාවට ගොඩ බැස්සොත් නවත්වන්නද...? ඔය කෑගහන එක බයියෙක්වත් එදාට එන්නේ නැහැ. අපේ රටට විරුද්ධව සම්බාධක දැම්මොත් මොකද වෙන්නේ..? එදාට චීනා එන්නේ නැහැ. මේ මිනීමරුවන් බලයට ගෙනාපු මෝඩ බයියන් සහ දුස්සීලයින් ඉල්ලගෙනම කනවා.

:       2       4

බංඩාර Tuesday, 01 December 2020 04:00 PM

වසංගතයක් තේරුම් ගන්න බැරිතරම් අන්ධ වූ පිරිසකට මැරුණාට පස්සේ මිනිය බදාගෙන කරන නාඩගමට හොඳ උත්තරයක් ගරු අධිකරණය දීලා තියෙනවා. තව දුරටත් එක ජාතියකට විශේෂ සැලකිල්ලක් කිසිසේත්ම දැක්විය යුතු නැහැ. එක දෙයක් දැන්වත් මෝඩ සිංහලයා තේරුම් ගත යුතුයි. මේ සිද්ධියේදී වුණත් මුස්ලිම් දේශපාලකයින් සියල්ල එකට එකතු වුණා. හරියට පාස්කු ප්‍රහාරය වෙලාවේ බදුර්දීන් වෙනුවෙන් කට්ටියම එකට එකතු වුණා වගේ. හැබැයි ඔය විදිහට සිංහල දේශපාලකයින් එකතු වුණා නම් අපේම අය ජාතීවාදින් කියලා හංවඩු ගහලා...

:       7       26

තුෂාර Tuesday, 01 December 2020 04:09 PM

මැරිච්ච මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවට කට්ටියට මේ තරම් අමාරු නම් ජීවත් වෙලා ඉන්න අපි මේ මැදපෙරදිගට වෙලා අපේ ගෙවල් දොරවල් වලට එන්න විදිහක් නැතුව ඉන්නකොට අපේ කඩ වෙන්නේ මොන අයිතිවාසිකමද? ඒ ගැන කතා කරන්න කවුද ඉන්නේ අපේ මූලික අයිතිවාසිකම් මානව හිමිකම් හැමදේම දැන් කඩවෙලා තියෙන්නේ ආණ්ඩුව මේවට වන්දි ගෙවන්න වෙනවා. අනිවාර්යයෙන්ම කොයි වෙලේ හරි ලංකාවට එන්න ලැබෙයිනේ... අන්න එදාට අපේ කඩවුණු මානව හිමිකම් වලට අපේ කඩාවැටුණු ආර්ථිකයට වන්දි ගෙවන්න සමස්ථ ආණ්ඩුවම සූදානම් වෙලා ඉන්න.

:       7       20

සමරේWednesday, 02 December 2020 02:51 AM

ආණ්ඩුව ඔයාව බලෙන් පිටරට යැවවේ නෑ නේද? එහි ගියේ ඔයාට අවශ්‍ය නිසා නේ. ඉතිං ඒකට ආණ්ඩුව වග කියන්න අවශ්‍ය නෑ. නමුත් තම මව්රටට පැමිණිම ආණ්ඩුවක් විසින් අධිකරණ ක්‍රියාවකින් තොරව කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව මානව හිමිකම් නඩුවක් දැමිය හැකියි.

:       2       1

කොස්තා Tuesday, 01 December 2020 05:03 PM

පුපුරන් මැරිලා පිච්චුනාම, කොරෝනා හැදිලා මැරිලා පිච්චුවම මුකුත් නෑ. රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඉන්න මිනිස්සුනේ. අනිත් ආගම් වල මිනිස්සු වලදාන්න පුච්චන්න තර්ක ගෙනාවේ නෑනේ. ඔක්කොම එකතු වෙලා බලන්නේ මේකෙන් ගොඩ යන්න. සුළුතරයක් හදන්නේ එයාල හදා ගත්ත නීති එක්ක අනිත් මිනිස්සුත් අපහසුතාවයට පත් කරලා අවුල් කරන්න.

:       0       1

de silva berlin Tuesday, 01 December 2020 06:55 PM

කොවිඩ් මරණ වල නොදමන්න නීති තිබෙන්නේ මම දැනුවත්ව ලංකාවේ පමණි. කොවිඩ් වයිරසය ඔය කියන තරම් දරුණු නම් රෝගියා රෝහලේදී නිදාගත් ඇඳ පවා ගිනි තබා පිළිස්සිය යුතුයි නේද? මම සිංහල බෞද්ධයෙක්.. නමුත් ලංකාවේ අපගේ සහෝදර මුස්ලිම් ජනතාවට කරන මේ කෙණෙහිලි සහ ගුවන් තොටුපළ වහලා දාලා අපගේ විදේශ ශ්‍රමිකයන්ට රට තුළට එන එක වළකලා කරන කරදරත් හෙළාදකිමි.

:       3       1

ප්‍රගතිශීලි භද්‍රානි Tuesday, 01 December 2020 07:38 PM

ඉතාම හොඳ නඩු තීන්දුවක්. මැරුණාම කුණුවෙන ශරීරයට නැවත ආත්මයක් එන්නේ නෑ.

:       0       1

ranjith Tuesday, 01 December 2020 10:06 PM

මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය නේද වැදගත්... මේවා අල්ලගෙන මොන නාඩගමක් නටන්න හදනවද? මේ ව්‍යසනයෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරන එක හොඳ නැහැ කියලාවත් තේරෙන්නේ නැති හැටි...

:       0       1

lakvidu Wednesday, 02 December 2020 12:39 AM

අරාබි රටකට බුදු පිළිමයක් ගෙනියන්න බැහැ. එතකොට කෝ මේ මානව හිමිකම් ගැන බුරන එවුන් ටික..?

:       0       2

Nana Wednesday, 02 December 2020 02:51 AM

අනෙක් සියලුම ආගම් නව වර්ධනයන් හා වෙනස්වීම් වලට අනුව හැඩගැසී පරිත්‍යාග කරන විට මුස්ලිම්වරු පමණක් ඇලුම් කරන්නේ ඇයි? මේ නිසා ඔවුන් සෑම තැනකම වෛරයට පාත්‍ර වේ. ඔවුන් මුහුණු ආවරණයක් පැළඳ සිටින විට එය කරදරයක් හා අන්‍යයන්ට තර්ජනයක් බවට පත්වේ, එබැවින් ඔවුන් අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු නොකරන්නේ ඇයි? හරිම ආත්මාර්ථකාමී මිනිස්සු ..

:       1       2

Nana Wednesday, 02 December 2020 02:54 AM

තමන්ට සුදුසු නොවන මුස්ලිම්වරුන්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය බව පවසා ඇති රජය, ආරක්ෂිත භූමදාන ක්‍රම පිළිබඳව සොයා බැලිය යුතු අතර, හැකි නම් විකල්පය ලබා දිය යුතුය. මැදපෙරදිග මුස්ලිම් පාලකයන් මෙන් ක්‍රියා නොකර සාධාරණ ඉල්ලීම්වලට අප එකඟ විය යුතුය.

:       3       1

BamunuarachchiWednesday, 02 December 2020 05:36 AM

හලෝ මේ සිංහල රටේ නීති දෙකක් බැහැ. පුච්චන්න කීවොත් ඔක්කොම පුච්චනවා. ආයිත් කතා දෙකක් නැහැ. නානා ඔහෙලට වලලන්න දීලා අපිට නාගන්න බැහැ.

:       6       1

jayasekaraWednesday, 02 December 2020 06:44 AM

වෙන වැඩ නැතිවට රජයට.... ආරක්ෂිත භූමදානය ගැන සොයන්න. මොකෝ කතෝලික අය ඉල්ලුවද භූමදානය කරන්න..? ඔයගොල්ලන්ට ඕනෑ දේවල් දිනාගන්න යන්න මැදපෙරදිග රටවල්වලට...

:       0       3

Rata Perata Wednesday, 02 December 2020 07:29 AM

එක රටක්, එක නීතියක් රටකට තියෙන්න ඕනෑ. ඒත් මෙතන තියෙන්නේ ඒක නෙමෙයි. සර්ගේ හොර රැළ නිකන්ම නිදහස් කරන්න අධිකරණය මෙතෙනදී විතරක් හරි තීරණය ගන්නවා. මේ තීරණය නිසා හැංගිලා හිටපු මී හරක් බයියෝ ටිකක් නම් එළියට ඇවිල්ලා ආයෙත් තප්පුලනවා පේනවා. කොවිඩ් 19 වළකන්න මේක තමයි ගන්න ඕනෑ හරි තීන්දුව. ඒත් බයියෝ මේක ගැන හිතන්නේ අමන විදිහට.

:       1       6

බද්රානි Wednesday, 02 December 2020 10:22 AM

කතාව නම් සිංහල මහා ජාතියලු? හැබැයි ඒ මහා සිංහල ජාතිය අන්න, මුස්ලිම් අරාබි රටවල නන්නත්තාර වෙලා. හිඟමනට වැටිලා ඉන්නවා. ඒවා ගැන උඩු බුරන්න බල්ලෙක් වත් නැහැ. මළමිනී වලලන්න අයිතිය ඉල්ලු අලි සබ්රි ගැන කතා නොකරන, පුහු දේශප්‍රේමී වහල්ලු මෙතන වැලලෙන්න උඩු බුරනවා. අනුන්ගේ මළ මිනී පුච්චන්න වලිකන අයට ඔවුන්ටත් නොදැනීම පණ පිටින්ම තමන්ව පිච්චිලා අලුවෙලා යන බව තවම දැනිලා නැතිව ඇති? අනික ඉතින් මීට කාලෙකට කලින් බඩ පිරෙන්න වඳ කොත්තු කාලා, බිරිඳට වඳ සත්කමකුත් කරගෙන, හිටපු මානසික අඳ බාලයින්ට හැමදාම වුනේ අනුන්ට කපාපු වලේ තමන්ම වැටෙන එකනේ...?

:       13       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 15 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1406 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 297 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1421 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1408 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1569 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site