IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා පාලන එන්නත මාර්තුවේදි ලංකාවට

 ( දිල්රුක්ෂි ග්‍රේරු ) 

කොරෝනා  පාලනය සඳහා  ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් වන  එන්නත ලබන මාර්තු මාසයේදී පමණ  භාවිතයට  ලබා දීමට  හැකිවනු ඇතැයි ජනමාධ්‍ය  අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා  අද(19)  පැවසීය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ  ප්‍රවෘත්ති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එන්නත ගෙන්වීම පිළිබඳව මූලික සාකච්ඡා  සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා,  මේ වන විට   එන්නත් සම්බන්ධව නිෂ්පාදකයින් හතර දෙනකු  සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන්ගෙන් සාධනීය පිළිතුරු ලැබී ඇති බවත්  කීවේය.  

ශ්‍රී ලංකාවට  ගැලපෙන එන්නතක් ලබා ගැනීම සම්බන්ධ රටේ පසුබිම සමඟ තීන්දු තීරණ ගනිමින් පවතින බවත් කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට මාර්තු මාසයේදී එන්නත ලබා දීමට හැකිවනු  ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.

එන්නත ලබා දීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව එය ලබා දීමට සැළසුම් කර ඇති බවත්,  50%   පිරිසකට  එන්නත නොමිලේ  ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මිලියන 11  එන්නත ලබා දීමට සැළසුම් කර ඇති බවත් මේ සියලු දෑ ඉතා සැළසුම් සහගතව සිදුවෙමින් පවතින බවත් ඉදිරියේදී ඒ පිළබඳව ජනතාව දැනුවත් විය හැකි බවද සඳහන් කළේය.



අදහස් (7)

කොරෝනා පාලන එන්නත මාර්තුවේදි ලංකාවට

Rasika Tuesday, 19 January 2021 05:59 AM

අන්තිමටම එන්නත ලබා දෙන රට විදියට ගිනස් පොතට යනු ඇත.

:       1       19

MISHAL-MATARA Tuesday, 19 January 2021 06:26 AM

ඇයි දැන් හදිසි වෙන්නේ..? ටිකක් පරක්කු වුණාට කමක් නෑ.. පාර්ලිමේන්තු පොකුර පටන් ගත්තා විතරයිනේ...

:       0       12

චාමර Tuesday, 19 January 2021 07:19 AM

ලෝකයේ අනිත් රටවල් දැනටමත් වැක්සින් පටන් අරන් ඉවරයි. තවත් රටවල් ඒවා ඕඩර් කරලා ඉවරයි, අපි තාම හිතනවා. අපේ රජයට ජනතාව වටින්නේ ඡන්දයක් ළඟ එනකොට විතරයි. මන් දන්නා විදියට ඉන්දියාවේ හදන ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක ඩොලර් 3 ක් වෙන්නේ (එන්නත් මාත්‍රා 2කම) , අපේ රජයට ජනතාව වෙනුවෙන් ඩොලර් 3ක් වත් වියදම් කරන්න බැහැ. නමුත් කතාව ලෝකෙත් එක්ක ගේම ඉල්ලන්න.. දැන් ලෝකෙන් හිඟාකනවා එන්නත් නොමිලේ ඉල්ලලා... මෙයාලාට මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නැහැ.. බලන්න ඇමරිකාව, රුසියාව, ඉන්දියාව මිනිස්සු ගැන හිතන විදිය... අපේ රටේ පාලකයින් කවදා මෙහෙම හිතයිද? එදාට අපේ රට දියුණු වෙයි, නැත්තන් හැමදාම බොරුවට අපිට පේන්න ආණ්ඩුවයි, විපක්ෂයයි රණ්ඩු වේවි ඉඳියි.. ආණ්ඩුවට ගාණක් නැහැ.. මිනිස්සුන්ට ලැජ්ජාවක් නැහැ.

:       0       16

විජිත් Tuesday, 19 January 2021 11:48 AM

මේ ක්‍රමයම වෙනස් විය යුතුයි. නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාගේ ව්‍යවස්ථා පොත හොයාගෙන කියවන්න. දැනට අපේ රටේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව හරහා කෙරෙන්නේ රට පාලනය කරන අධම, දුෂ්ඨ, දේශපාලකයින්ව ආරක්ෂා කිරීම පමණයි. නමුත් නාගානන්දගේ ව්‍යවස්ථාවෙන් ගෙනෙන්නේ රටේ මිනිසුන්ව ආරක්ෂා කරන ඉතා ඉහළ නීති පද්ධතියක්. එහි එන එක වගන්තියකින්වත් දේශපාලකයින්ට හැංගි මුත්තන් කරන්න බැහැ. අපි බලාගෙන ඉඳිමු...

:       0       1

Prabha Tuesday, 19 January 2021 08:44 AM

එක්කෙනෙක් පෙබරවාරි කියනවා. තව කෙනෙක් මාර්තු කියනවා. තව කෙනෙක් චීනෙන් කියනවා. තව කෙනෙක් එංගලන්තයෙන් කියනවා. මට පෙනෙන විදිහට නම් තාම කිසිම දෙයක් කරලා නැහැ වගේ. කමක් නැහැ අපේ දේශීය නිෂ්පාදනයක් වන ‘ධම්මික පැණිය‘ තියෙනවනේ..

:       0       9

banda Tuesday, 19 January 2021 09:46 AM

අපේ පැණිය අපිට හොඳයි.. අපිට එන්නත එපා..

:       1       4

de silva Wednesday, 20 January 2021 03:10 PM

අනේ එන්නත් නැතිවුණත් කමක් නැහැ. ඔබතුමා බැල්කනි වලට එහෙම නගින්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 84 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 902 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 290 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 269 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site