(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට බලකිරීමට හැකියාවක් නැති බවට කොමිසම ගත් තීරණය වැරදි සහගත එකක් යැයි වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (14) කොමිසම ඉදිරියේ පැවසීය.

එම තීරණයට නීතීපතිවරයා එකඟ වන්නේ නැති බව ද පැමිණිල්ල මෙහෙයවමින් කොමිසමට සහය ලබාදෙන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කීය.

කොමිසමේ මෙම වැරදි තීරණයට එරෙහිව නීතීපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය සුදුසු නීතීමය පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතා ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සාක්කිකරුවකු වුවත් ඔහුට කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස බලකිරීමට හැකියාවක් නැති බවත් ඇලෝසියස් මහතා කොමිසම හමුවට කැඳවනු ලබන්නේ කරුණු 13ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීමට බවත් කියමින් ඇලෝසියස් මහතාට අවශ්‍ය නම් සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකියැයි කොමසාරිස්වරු සිය තීන්දුව මඟින් ප‍්‍රකාශ කළහ.