IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කීර්ති නාමයට හානි කළැයි අධිකරණ ඇමැති රුපියල් බිලියනයක් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එන්තරවාසියක් යවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය පසුගිය 10 වැනි දා   පවත්වන ලද  මාධ්‍ය සාකච්ඡාවකදී බලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ලිපියක් මගින් දැනුම් දුන් බවට කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව එම එන්තරවාසියේ සඳහන් කර ඇත.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මගින් යවා ඇති මෙම එන්තරවාසිය අනුව දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත.



අදහස් (24)

කීර්ති නාමයට හානි කළැයි අධිකරණ ඇමැති රුපියල් බිලියනයක් ඉල්ලයි

mihira Saturday, 15 May 2021 02:59 PM

මාර කීර්තියක් මොහුට තියෙන්නේ රටේ ලෝකේ...!!! 

:       16       111

Sanju Saturday, 15 May 2021 03:16 PM

ඔබට සතුටුයිද දැන්... එන්න කිරිබත් කමු. කොහොමද සෞභාග්‍යයේ දැක්ම..?

:       15       93

මැක්ස් Saturday, 15 May 2021 04:23 PM

ඉතාම හොඳයි. බොහෝ දෙනෙක් ඔවැනි චෝදනා කරන්නේ කරුණු ඇතුව නොවෙයි. මඩ ගැසීමේ අරමුණින්. එමනිසා එවැනි අයට පාඩමක් වෙන්නත් එක්ක නඩු දැමීම හොඳයි.

:       102       52

Kalhara Saturday, 15 May 2021 05:56 PM

කීර්ති නාමයක් තියෙනවද නැතිවෙන්න..?

:       17       98

විපරමා Saturday, 15 May 2021 07:26 PM

බිලියනයක් නරක නැහැ. දේශපාලුවෝ වගේ හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකාලා හම්බ කරගත්තු අයට නම් ඔය ගාන සුලු දෙයක් නේ...

:       6       81

Nandalal DE SILVA - France Saturday, 15 May 2021 10:14 PM

මේක හරියට කප්පම් ඉල්ලීමක් වගේ.. තර්ජනය කර මුදල් ගසා කෑමක් නොවේද මේක? ඒත් ඉතින් මෙයා අධිකරණ ඇමැති නිසා නඩුව දිනන්නත් බැරි නැහැ. බලා ඉම්මු වෙන්නේ මොනවද කියලා..?

:       0       0

නීලා Sunday, 16 May 2021 12:09 AM

මේ හදන්නෙ අලි සබ්රි කාරයා එලිපිටම ඇණ ගන්නයි. උසාවියක් ඇතුලේ කිසිම වාරනයක් නැතිව ඕනිම කුණු කන්දක් එළියට අදින්න පුළුවන් කියලා මෙයා දන්නේ නැද්ද? සබ්රිගේ කුණු එළියට ඇද්දොත් මිනිහා මුස්ලිම් මිනිස්සුන්ගෙන් ගුටිකාලා මැරෙන්නේ...

:       0       0

යාපා Sunday, 16 May 2021 01:47 AM

ඉතාමත්ම හොද වැඩක්. දේශපාලන කරන්න එකම වැරැද්දක්වත් හොයාගන්න බැරි විපක්ශය බොරු චෝදනා කරනවා විතරයි. මිනිස්සු නොමග යවන්න ගන්න උත්සහයට ඔහොම කරන්නම ඕන. එතකොට අනිත් අයවත් දේශපාලන අතකොලු නොවී ඇත්ත කතා කරයිනේ

:       0       0

mama Sunday, 16 May 2021 01:53 AM

ඒ කියන්නේ ඉස්සර නම කීර්තිද?

:       0       0

Buddika Sunday, 16 May 2021 01:59 AM

මෙයාට කීර්තිනාමයක් තිබ්බෙම නැති එකේ කොහොමද ඒක නැති වුනේ.

:       0       0

මුණසිංහ Sunday, 16 May 2021 02:46 AM

ඇත්තටම මෙහෙම නඩු දැමීම හොඳයි. කට තිබුණු පළියට ඕන ජරා කතාවක් කියන්න අපේ සමහර අය පෙළඹිලා තියෙන්නේ මොනව කිවුවත් තමක් නැහැ, ගැටළුවක් නැහැ කියන අදහසේ ඉඳන්. කවුරු කාට කියනවද කියන එක වැදගත් නැහැ. බොරුවට මඩ ගහන එක කුමන ක්‍රමයකට හෝ නැවැත්විය යුතුයි.

:       0       0

Bamunuarachchi Sunday, 16 May 2021 03:03 AM

මම ෆේස්බුක්වල ලිව්වා අර ගොයියාට ඔය සන්තෑසිය ලැබෙනවා කියලා. දැන් ලියන්න සමාව ඉල්ලලා නැතිනම් ගෙවන්න කියලා..

:       0       0

Bamunuarachchi Sunday, 16 May 2021 03:03 AM

අරයට තේරෙන්නේ නැද්ද ඔය තරාතිරමේ කෙනෙක් ලිපියකින් උදව් ඉල්ලන්නේ නැති බව.

:       0       0

de silva Sunday, 16 May 2021 03:14 AM

මුස්ලිම් වුනත් දේශප්‍රේමී පිලේ කෙනෙක් නිසා හොඳ කීර්තිනාමයක් තිබෙනවා.

:       0       0

maheel Sunday, 16 May 2021 04:02 AM

අලි සබ්රිගේ වැරදි ඇති. එ්ත් කාටවත් බැහැ තමන්ගේ හිතුමනාපෙට කාටවත් චෝදනා කරන්න. දැන් පුළුවන් තමන් වැරදි නැත්නම් ඒක ඔප්පු කරන්න. වැරදිනම් බිලියනය ගෙවන්න. මයික් එකක් දැක්කම වයින් බෝනික්කෙක් වෙලා නිකරුනේ මිනිස්සුන්ට ගරහන්න බැහැනේ.

:       0       0

jagath Sunday, 16 May 2021 04:30 AM

ඕනෑම කෙනෙක්ට තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත.

:       0       0

K. Ranaweera Sunday, 16 May 2021 05:36 AM

බිලියනයකට බිංදු කීයක් තිබේද? ඔබට එය ලිවීමට හා කඩදාසි කැබැල්ලක මට දිය හැකිද?

:       0       0

Rata Perata Sunday, 16 May 2021 06:46 AM

බිලියනයක් කියන එක මෙයාට නම් ගානක් නැතුව ඇති.

:       0       0

Nandana Sunday, 16 May 2021 07:27 AM

මම දන්නේ නැහැ ඔහු කොහොමද ඔහුගේ හොඳ නම ගණනය කරන්නේ කියලා? . කෙනෙකුට මගේ ගණනය කළ හැකිද?

:       0       0

Lelwala Sunday, 16 May 2021 07:27 AM

පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වී ඇතුළත හෝ පිටත මඩ ගැසීම සඳහා කිසිම පදනමක් නැතිව මාධ්‍ය සංදර්ශන තිබ්බා. ජනතාව මුලාකර තමන්ගේ බඩගෝස්තර දේශපාලකයින්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි.

:       3       3

De Mel Sunday, 16 May 2021 09:01 AM

දැන් ඉතින් ප්‍රවේශම් වන්න. කට නිසා මේ තත්ත්වය ඇති වෙන්නේ. නීතිය හැමෝටම එකයි.

:       0       0

ranjith Sunday, 16 May 2021 09:58 AM

හොඳ ක්‍රමයක්

:       0       0

Francis Ranaweera Sunday, 16 May 2021 11:24 AM

යකෙක් පැනපු උඩ..!!

:       0       6

එම්.ඒ.එම්. ඉඉල්ලීයාස් . Sunday, 16 May 2021 08:19 PM

වගකීමක් නැති චෝදනාවන් වලට අනිවාර්යයෙන්ම දඩුවම් කලයුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 132 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1216 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 367 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 338 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site