IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කැබිනට් රැස්වීම රත්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් රජය සමයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ මාතෘකාව ඊයේ (15) පැවැති කැබිනට් රැස්වීම උණුසුම් කළ බව වාර්තාවේ.

වත්මන් රජය පත්වී වසර දෙක හමාරක් පමණ ගතවී ඇතත් පසුගිය රජයේ සිදුවූ  වංචා දුෂණ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නැති බව ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉදිරියේදී මැතිවරණවලටද යාමට තිබියදී එම දුෂණ වංචාවලට එරෙහිව පියවරක් නොගැනීම ගැටලූවක් බවත් මෙම තත්ත්වය හමුවේ ඇමැතිවරුන් වශයෙන් පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඇමැති ජයවික‍්‍රම පෙරේරා මහතා කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇති බව පැවැසේ.

එබැවින් පසුගිය රජය සමයේ සිදුවූ වංචා දුෂණවලට එරෙහිව වහාම පියවර ගන්නැයි ජයවික‍්‍රම පෙරේරා මහතා ඉල්ලීමක් කර ඇත.

රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, මංගල සමරවීර, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බව දැනගන්නට ඇත.

ඉකුත් රජයේ සිදුවී ඇති වංචා දුෂණ ගැන සෙවීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්නැයිද එම ඇමැතිවරුන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

වංචා දුෂණ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව මෙහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලිසිය භාර ඇමැති සාගල රත්නායක මහතාගෙන් විමසීමක් කර ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යන බව සාගල රත්නායක මහතා පවසා ඇත.

වංචා දුෂණ නඩු ඇසීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඇමැතිවරුන් ඉදිරිපත් කළ යෝජනාව තමා නීතිපතිවරයාට යොමුකළ බව පවසා ඇති අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි නීතිපතිවරයා දන්වා එවා තිබූ බවද ප‍්‍රකාශ කර ඇත.

එබැවින් ව්‍යවස්ථාව සංශෝධනය කර දෙන්නේ නම් තමාට වෙනම අධිකරණයක් පිහිටුවීමට පියවර ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා පවසා ඇතැයිද වාර්තාවේ.

නව විදේශ ඇමැති ලෙස පත්වූ තිලක් මාරපන මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බව දැනගන්නට තිබේ.



අදහස් (13)

කැබිනට් රැස්වීම රත්වෙයි

dias Wednesday, 16 August 2017 04:42 AM

විශේෂ උසාවිය පිහුටුවා දුෂිතයින් නිර්දෝෂී නම් නිදහස් කරන්ඩ. නැත්නම් ....

:       0       54

husen-riyad Wednesday, 16 August 2017 05:13 AM

අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තාම කටින් බතල හිටවනවා නේද... ? ක්‍රියාත්මක වීමක් නැහැ. ජනතාව යහපාලනෙට චන්දෙ දුන්නේ, ඔහොම කල් මරන්න නෙමෙයි. ඔය විශේෂ අධිකරණ අවශ්‍ය නැහැ. දැනටමත් කල්ගියා වැඩීයි. ජනාධිපති කොමිසමක් පත්කර සාධාරණ විභාගයක් කරලා වහාම දඬුවම් පැමිණවිය යුතුයි. රට සංවර්ධනය කරන්න දියුණු කරන්න බැරිනම්, අඩුම තරමින් රටට සහ ජනතාවට සාධාරණය හරි කරපල්ලා. ඔහොම්මම බයිලා ගහන් ඉන්න ගියොත්, ඉතිරි ටික කාලයත් නොදැනීම ගෙවිලා යාවි. ඔය කැබිනට් එකේම ඉන්නා, සමහරක් " දෙපිට කාට්ටුවන්ට " අවශ්‍ය වෙලා තියෙන්නෙත් ඔය ටිකම තමා. ජනතාව චන්දෙ දුන්නේ ජනපතිවරයටයි. එනිසා වගකීම ගන්නොනෙත්, ජනපතිවරයාමයි.

:       61       427

ruwan Wednesday, 16 August 2017 06:31 AM

යහපාලනයක් උදාකරගන්න කියල කප්පරක් බොරු වලට රැවටිලා ආණ්ඩුවට ඡන්දෙ දීපු මෝඩයන්ට දෙයියන්ගේම පිහිටයි. අපිට තියෙන දුක මේ ආණ්ඩුවට ඡන්දෙ නොදීපු අයටත් විදවීමට සිදුවීමයි .

:       1381       1225

aseWednesday, 16 August 2017 08:09 AM

ඔව් නේ, ඒකාධිපති පාලනය මිට වඩා හොඳයි නේද?

:       307       347

මම1Wednesday, 16 August 2017 08:35 AM

අනේ රුවන් පොඩ්ඩක් ඉවසන්නකෝ. පවුලක් සහ ගැත්තන් ඔක්කොම නීතියට උඩින් හිටපු ආණ්ඩුව කාලේ අපි විඳෙව්වානේ.. සුනාමි හොරෙකුට ඡන්දෙ දුන්නෙ නැතත්, ඒක නිසා ඔය ගොල්ලොත් ඉවසන්න. රජා අංකල් ඉක්මණට එයි.

:       191       52

raviWednesday, 16 August 2017 12:41 PM

රුවන් කියපු දේ හරියට හරි කියන එක සමහරු දාල තියෙන අදහස් එක්ක බැලුවහම තේරෙනව. කොච්චර උනත් සමහරුන්ගේ මෝඩකම කියන එක යන්නෙ නැහැනෙ හරියට බලු වලිගෙ ඇද අරින්න බැහැ වගේ.

:       154       112

Rohan Wednesday, 16 August 2017 07:17 AM

ගහපු පදෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.මෙහෙම ගියොත් ඉදිරි චන්දෙදි යහපාලනයට බින්දුව තමායි.

:       88       168

ජයන්ත මිලානෝ Wednesday, 16 August 2017 09:24 AM

මේ දේශපාලනය කරන අය විටින් විට එක එක ලස්සන නම් යොදාගෙන පක්ෂ හදලා විවිධ බොරු ඇද බෑමෙන් ජනතාව මුලා කරනවා. නමුත් මේ ගැන වැටහුණු කෙනෙක් රටේ නැති නිසා නැවතත් දෙපැත්තේ බොරු කාරයන්ට අහුවෙනවා. ඊට පස්සේ නැවතත් හූල්ල හූල්ල ඉන්නවා.

:       0       4

indra Wednesday, 16 August 2017 10:24 AM

මූලිකව කළ යුත්තේ රටට නව නායකයෙක් සොයා ගැනීමයි. ඒ වගේම මේ හොරු රැළද ප්‍රතික්ෂේප කළ යුතුයි. යහපාලන රජය අප පත් කර ගත්තේ දැඩි විශ්වාසයකින්, මේ ගැන සිතන විට අප අපටම දොස් නගා ගත යුතුයි.

:       0       23

ranga Wednesday, 16 August 2017 10:54 AM

මොනවා කරන්නත් රටකට නායකයෙකුත් ඉන්න ඕනේ... රටක් අරාජිත වෙන්නේ පාලකයෙක් නැති හින්දා නේද?

:       0       33

Ajith NissankaWednesday, 16 August 2017 03:02 PM

නායකයෙක් ඉන්න ඕන හොරකම් නොකරන! රට අරාජික වෙන්නේ නායකයාගේ පටන් පොඩ්ඩා දක්වා හොරකම් කරන හින්දයි... !

:       0       27

one srilankan Wednesday, 16 August 2017 03:41 PM

ඔබලාට රජයක් පාලනය කරන්න බැහැ පාලකයනි. අපිත් ඡන්දෙ දුන්න. අනුන්ගේ වැරදි හොයා හොයා ඉන්නේ නැතුව තමන් හරියට කරන්න පාලකයනි.

:       3       1

sachith Wednesday, 16 August 2017 10:27 PM

මේ රත් උන එකෙනුත් කරන්නේ අයලගේ රොටි පුච්ච ගන්න එක මිසක් ජනතාවට යහපතක් කරන එක නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 163 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 160 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 302 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 224 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 185 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 463 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site