IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කැබිනට් රැස්වීමේදී ඩයිනෝසරලා හැප්පෙති

අජන්ත කුමාර අගලකඩ
 
මත්පැන් අලෙවිසැල්වල කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීති රීති ළිහිල් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු මත ගැටුමකට මැදිවී තිබේ.
 
ඇමති වරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක දෙදෙනා මෙම නීතිරීති ළිහිල් කිරීමට තදින් විරෝධය පළකළ බව රජයේ ආරංච් මාර්ග සඳහන් කරයි.
 
එහිදි අදහස් දක්වා ඇති මුදල් ඇමති මංගල සමරවීර මහතා   කියා ඇත්තේ මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කළේ කාන්තාවන්ට කියා වෙනම නීතියක් පනවා තිබීම සාධාරණ නොවන නිසා බවයි.
 
මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට නිකුත් කර  තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ද කැබිනට් මණ්ඩලය අද(16) තීරණය කළේය.
 
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඉකුත්දා විරෝධය පළකර තිබිණි.



අදහස් (24)

කැබිනට් රැස්වීමේදී ඩයිනෝසරලා හැප්පෙති

victor Tuesday, 16 January 2018 05:19 PM

ඩයිනෝසරලාට උපමා කළේ ලොකු ශරීරයකුයි පොඩි මොලයකුයි තියන හින්දද?

:       4       807

waruna Tuesday, 16 January 2018 08:29 PM

ඔය මෛත්‍රිට කඩේ යන අය කියන විදිහට මේ පාර මෛත්‍රිට 2/3 ක බලයක් ලැබෙන්නේ නැහැ. මේ පාර එජාපය 52 % ක බලයක් ගන්නවා. මෛත්‍රිට හම්බෙන්නේ 28% ට අඩුවෙන්. අමතක කරන්න එපා මේ පාර මහින්ද මහත්තයා සහයෝගය දෙන පක්ෂෙකුත් ඉල්ලනවා කියලා. ඒ ගොල්ලොත් 10% ක් විතර නිදහස් පක්ෂ ඡන්ද කඩනවා.

:       121       0

KamalWednesday, 17 January 2018 11:49 AM

ජනපතිතුමා, එදා රවී කරුණානායක මහත්මයා මුදල් ඇමති කමට පත් කරද්දී මම විරුද්ධ වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිකමට පත් කරද්දී මං විරුද්ධ වුණා. එදා මම කිව්ව දේ ඇහුවා නම් අද මේ ප්‍රශ්න නෑ. හොරකමට, දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒවා නතර කරන්න බැහැ. කවුරුවත් මාව විවේචනය කළත් මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්නේ නැහැ. මාව බය කරන්නත් බෑ. මේ විදියට ආණ්ඩුව කරනවද? නැද්ද? කියලා ඔයාලා තීන්දු කරන්න...

:       0       10

Sathyayaa Tuesday, 16 January 2018 08:59 PM

නැහැ නැහැ.. මේ නම වැටුනේ ඇඟ මහත්වෙලා ඔළුව පුංචි වෙච්ච හින්දා නොවෙයි. උල්කාපාතයක් දියවන්නාවට වැටිලා ඒ ඔක්කොම දවසක වඳ වෙලා යන හින්දා. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ "ඉතිහාසය පුනරුච්චාරණය" වෙනවා කියලයි. මම නම් කියන්නේ ඉතිහාසය විතරක් නොවෙයි... ප්‍රාග් ඉතිහාසයත් පුනරුච්චාරණය වෙනවා කියලයි.

:       0       5

ලුම්බිණි Tuesday, 16 January 2018 11:51 PM

හැම විටම ඉදිරියට යන එක අමාරුවක්. ඒත් ආපස්සට යන එක හෝ එක තැන ඉන්න එක ලෙහෙසි දෙයක්...

:       0       1

DD Wednesday, 17 January 2018 01:19 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා, ලෝකයේ සෑම පුරවැසියකුටම රෝගී වූ විට සෞඛ්‍ය පහසුකම් රජයෙන් ලැබිය යුතුයි කියා. ඒ අයිතිය මේ රටේ දුප්පත්, වියපත් මිනිසුන්ට තියෙනවාද? එවැනි ප්‍රමුඛතා දිය යුතු දේවල් වලට අයිතිය නැතිව තිබියදී, මේ වගේ පවුල් අවුල කරන යෝජනා කරන්න ඔබලාට පුළුවන්ද?

:       0       6

Indrajith Wednesday, 17 January 2018 01:32 AM

ශ්‍රී ලංකන් එයාර් ගුවන් යානාවල ගුවන් සේවිකාවන් ගුවන් මගීන්ට මත්පැන් පිලිගන්වන්නැද්ද ? ඔවුන් ගුවන් යානාවල ගමන්කරන කාන්තාවන්ට මත්පැන් පිලිගන්වන්නැද්ද?

:       1       33

Raveendra Wednesday, 17 January 2018 02:03 AM

අපේ රටේ " කුළු හරකුන්ට" කියන්නෙත් ඩයිනෝසරලාට තමයි.

:       0       137

chandana - australia Wednesday, 17 January 2018 02:28 AM

මම හිතන විදිහටත් කාන්තාවන්ට කියා එලෙස වෙනම නීතියක් තිබිය යුතු නැත. හණමිටි අදහස් වෙනස් කිරීමට කාලය පැමිණ ඇත

:       74       64

paragoda Wednesday, 17 January 2018 02:39 AM

මම හිතන්නේ ඩයිනෝසරලා කියල දල තියෙන්නේ වඳ වීගෙන යන සත්තු නිසා. තව ටික දවසකින් මේ දේශපාලන ඩයිනෝසරලා අතු ගැවිලා යාවි.

:       0       35

ධනුෂ්ක Wednesday, 17 January 2018 02:58 AM

බටහිර රටවල මත්පැන් පිළිබඳ ඉතිහාසයේ සිටම අාගමත් සමගම බැඳුන සංස්කෘතියක් තිබේ. එහෙත් අපේ වගේ රටවල එහෙම එකක් නෑ. මත්පැන් කියන්නේ වඳුරට දැලි පිහි අහුවුනා වගේ.විනාශය ම තමා. එතකොට අපේ පාලකයෝ පනින රිලවුන්ට ඉනිමන් තියනවා. පවතින නීතිත් ලිහිල් කරනවා. පාලකයෝ දන්නවා සමාජයේ මිනිස්සුන්ට ගැටළු, අවුල් වැඩිවන තරමට තමන්ගේ බලය රැකගන්න ලේසියි. මොකද මිනිස්සු හැල්මේ දුවනකොට වෙන දේවල් ගැන අවදානයක් නෑනේ. පාලකයන්ට කැමති විදියට. කරගෙන යන්න පුලුවන්. රටේ නිෂ්පාදනය අාර්ථිකය, සියල්ල බංකොලොත් වෙද්දි. ජාතික ධනය මංකොල්ල කද්දි. රට සම්පත් විකුණද්දි. ජනතාවට එතකොට එ්වා ගැටළු කරගන්න නොදී ජනතාවට විසඳගන්න වෙනත් ගැටළු නිර්මාණය කරන එක තමා මේ කරන්නේ. හරියට සුද්දා චීන්නුන් අබින් වලට අැබ්බැහි කරා වගේ.

:       51       301

himalWednesday, 17 January 2018 03:52 AM

මෙතන ගැටළුව අල්ලගෙන තියෙන්නේ මත්පැන් කියන තැනින්. මත්පැන් නරක දෙයක් නම් ඇයි පිරිමි අයට එක විදිහකුත් කාන්තාවන්ට තව නීතියකුත්? ලංකාවේ මහා පරාක්‍රමබාහු රජ දවස රජයේ අනුග්‍රහය යටතේ ස්කාගාර පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දු‍ටුගැමුණු රාජ කතාවේ ඒ කාලේ නගර වල තිබ්බ ආපාන ශාලා ගැන විස්තර දක්වා තියෙනවා. මත්පැන් නරක නම් සියලුම මත්පැන් තහනම් කරන්න ඕන. මේක හරියට ලංකාවේ කාන්තාවන් මේ නීතිය ආපු ගමන් සේරම වැඩ පැත්තක දාලා බාර් වලට දුවනවා වගේ සමහරු හිතන්නේ. මත් පැන් උත්කර්ෂයට නංවන්න නංවන්න තමයි ඒක මහා අමුතු දෙයක් වෙන්නේ.

:       91       27

RoshanWednesday, 17 January 2018 04:18 AM

හරියටම හරි. මත්පැන් හින්ද වැඩියෙන්ම දුක් විදින්නේ ළමයි. තව ගෑනු අයත් බොන්ඩ ගත්තොත් ළමයින්ට දෙවි පිහිටයි.

:       85       165

පංකජ Wednesday, 17 January 2018 07:59 AM

එතකොට හොරට කසිප්පු පෙරන ගැහැණු අය.. ඒ ගැහැණු නෙවෙයිද?

:       16       28

sena Wednesday, 17 January 2018 04:27 AM

මොන විකාරයක්ද මේවාද රටේ තියෙන ප්‍රශ්න. මිනිස්සුන්ගේ අවදානය හරවන්න විකාර බොරු ප්‍රශ්න ඇදගෙන දගලනවා.

:       0       60

MADU Wednesday, 17 January 2018 04:39 AM

අල ගෙඩියක් තරම් මොලයක් නැනේ ඉතින් අපේ පර්ලිමෙන්ට් එකේ ඉන්න ඇමතිලා . මේ පාර ඡන්දයෙන් තමා පෙන්නන්න ඕනේ අපි හැමෝගෙම තීරණය.

:       25       65

naradha Wednesday, 17 January 2018 04:39 AM

මෙය අද රට මුහුණපා ඇති දැවැන්ත ණය අර්බුධයේ තවත් අනිසි ප්‍රතිපලයක්. අද රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ, වැඩි වැඩියෙන් මත්පැන් විකුණා කෙසේ හෝ බදු මුදල් එකතු කර ගැනීමයි. වග කීමකින් තොරව, ආර්ථිකයට දැරිය නොහැකි ලෙස ණය ලබාගෙන, රට ණය උගුලක සිර කරන ලද දේශපාලකයින් මීට වග කිව යුතුයි.

:       66       22

සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 07:48 AM

ඩයිනෝසිරස්ලට වඩා හොඳ උපමාවක් තිබුනෙම නැද්ද​?

:       0       0

admin Wednesday, 17 January 2018 10:50 AM

මැදපෙරදිග ගෙවල් වල අපේ ගැහැණු වැඩ කරන එක සංස්කෘතියට අවුල් වගේ නැද්ද? සංස්කෘතියේ හිර වුණා නම් අපේ ගෑනුන්ට එහෙම තමයි හැමදාම වහල්ව ඉන්න වෙන්නේ ... මට පුදුම අයිස් ක්‍රීම් අපේ අය අතින් කන්නේ නැත්තේ ඇයි කියලයි.

:       0       0

admin Wednesday, 17 January 2018 11:04 AM

එතකොට ඔය නයිට් ක්ලබ් තියෙන්නේ කාන්තාවන්ට ගරු කිරීමක් හැටියටද..? උගුරු දෙක, තුනක් බීලා කාලා ඉන්න ඕනෑ.. ගෑනි එක තැනකයි, මිනිහ බාර් එකකයි එකට සතුටින් ඉන්න ඕනෑ වෙලාවේ දෙතැනක ඉන්නේ මේ සංස්කෘතිය වැරදියට පාවිච්චි කරන ළිං මැඩියෝ නිසානේද?

:       0       1

Lakshan Ruwanpathirana Wednesday, 17 January 2018 11:08 AM

බැඳුම්කරය අමතක කරන්න දුන්නු අලුත්ම කතාව... සැබෑ ප්‍රශ්නය වෙනුවට නිර්මාණය කල ප්‍රශ්නයකි.

:       0       0

Rocky Wednesday, 17 January 2018 01:39 PM

අවුරුදු 5000 විතර පැරණි සුමේරියන් ජනතාව අතර මත්පැන් භාවිතය තිබුණා පමණක් නොවෙයි. මත් පැන්වලට අධිපති `නින්කාසි` නම් දෙවතාවියකුටත් ඔවුන් පුදපුජා කරලා තියනවා. "ඔන් බියර් ඇන්ඩ් බ්රුවින් ටෙක්නික්ස් ඉන් එන්ෂන්ට් මෙසපොටේමියා" (ලියෝ ඕපන් හෙයිමර්) කියවන්න. අවුරුදු 7000 ක් විතර පරණ ශටාල් හුයුක් හි බීර පෙරූ බවට පුරාවිද්‍යා සාධක තියනවා. සියලුම වැරදි වලට මුල අවිද්‍යාව කියලයි බුදු හාමුරුවො දේශනා කලේ. අපේ අය කියනවා ඔක්කෝටම මුල මත්පැන් කියලා. ඇයි මේ දේශපාලකයෝ හොරකම් කරන්නේ...? කොමිස් ගහන්නේ.. මත් පැන් වල වරදක් හින්දද? දේශපාලකයන්ට ඉස්කාගාර කරන්න හොඳයි. තැබෑරුම් ලයිෂන් ගන්න හොඳයි .. බොන අයගෙන් හෙන ගහන බද්දක් අය කරන්න හොඳයි. බොන්න නරකයි. අපූරු කතාවක්නේ. මේ ඔක්කෝටම පිස්සු !!!

:       0       21

de silva Thursday, 18 January 2018 09:34 AM

මේ ගොල්ල කියන කතාවලට වටිනාකමක් තිබුනේ දැනට අවරුදු 2-3 ඉස්සර .

:       0       0

de silva Friday, 19 January 2018 09:11 PM

ලංකාවේ තිබෙන ඔක්කොම ප්‍රශ්නවලට මුල මත්පැන්ද? නිලධාරියෝ,දේශපාලකයෝ පගා ගහන්නේ, බොරු කියන්නේ, බැඳුම්කර හොරු මහදවල් බැංකු වංචා කරන්නේ මත්පැන් බීලද? සමහරවිට හිටපු මුදල් ඇමති මොකවත් දන්නේ නැති එකට හේතුව එතුමා මත්පැන් බිල හිටිය එක වෙන්න පුළුවන්... මේ ගොල්ල කියන විදිහට මත්පැන් සිල්ලර කඩෙනුත් ගන්න පුළුවන්... යුරෝපයේ, ජර්මනියේ, ස්විට්සර්ලන්තය වගේ රටවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රිලා මත්පැන් බීලා පාර්ලිමේන්තුවේදී ගහගන්නවද? මිනිස්සු බීලා පාරේ ගහ මරාගෙන විනාශවෙලා රටවල් හිඟාකන තත්වයට වැටිලද? එහෙ මිනිසුන්ගේ සංස්කෘතිය, ජීවන තත්වය ඔච්චරම නරකද? පාර්ලිමේන්තු මන්ත්‍රිලගේ භාර්යාවන්ට බාර් ලයිසන් ගන්න හොඳ නම්, කාන්තාවෝ මත්පැන් විකුණන එක නරකද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිතර යන එන තරු පහේ හොටල්වල මත්පැන් බොන කාන්තාවෝ, වේටර්වරියන් පොලිසියෙන් පැනලා අල්ලනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 197 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 413 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 504 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 499 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 150 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1699 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site