Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ නිවසක පදිංචි 57 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද (7) අලුයම පෙදරේරුවකු (39) ඇතුළු වී ඇයට අතවර කිරිමට තැත් කිරිමේදි ඇය විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ඔහු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
සිද්ධියෙන් පසුව නිවෙස් හිමි කාන්තාව පොලිසියට බාරවී ඇති බව පොලිසිය කියයි.
ඇය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
sumith Wednesday, 07 February 2018 06:49 AM
නියම කාන්තාවක් නේ ,එහම තමා ඉන්න ඕන , මුළු කාන්තා පරපුරටම ආදර්ශයක්
Reply : 6 511
Jehaan Wednesday, 07 February 2018 07:14 AM
අපේ රටේ ස්ත්‍රී දුෂකයන්ට නීතියේ තිබෙන මහා කරුණාවේ ප්‍රතිපල තමයි. එක්කෝ මාස කීපයක් හිරේ දාවි. නැති නම් සාක්කි මදි කියලා නිදහස් කරාවි. ඉතින් වයස පනහ පැනපු බවලතාට වත් ගෙදරක තනියම ඉන්න බැහැ. වරක් ස්ත්‍රී දුෂණ කරපු මිනිහා ටික කලකින් නිදහස් වෙලා ඇවිත් තවත් ස්ත්‍රී දුෂණ කරනවා. තමන්ට විරුද්ධව සාක්කි දුන් උදවියට මරණ තර්ජන කරනවා . මේ රටේ ආරක්ෂාව තිබෙන්නේ දේශපාලක ළමාතැනිලාටයි .
Reply : 1 317
ලසන්ත Wednesday, 07 February 2018 08:53 AM
කණගාටුයි, සිදුවීම පිළිබඳ පසුබිම හා විද්‍යාත්මකව සොයා නොබලා කරන මෙම හුරේ දැමීම එතරම් නුවණැති අදහස් දැක්වීමක් නොවේ.
Reply : 1148 654
රිචී බාලසූරිය Wednesday, 07 February 2018 09:28 AM
ලසන්ත, ඔබගේ මවට හෝ සහෝදරියකට මෙම ඉරණම වුනානම් පසුබිම සහ විද්‍යාත්මක තොරතුරු සොයනවාද ? මෙහි ප්‍රතිචාර තිබෙන්නෙ, මෙම පුවත අනුව, මිසක පසුබිමක් හො විද්‍යාත්මක තොරතුරක් මත නොවේ. ඔබගේ මනස පොඩ්ඩක් පරික්ෂා කරවා ගන්න
5 705
මනෝචිකිත්සක Wednesday, 07 February 2018 02:52 PM
මෙන්න මම දකින විද්‍යාත්මක පැත්ත... පෙදරේරුවාගේ ඇඟේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය ඉහට ගහලා ඔහුගේ අවශ්‍යතාවය ඔහුට පාලනය කර ගන්න බැරිවෙලා. නමුත් අර ස්ත්‍රියට එහි අනික් පැත්ත. පෙදරේරුවාගේ චරිතය හරි නැති නිසා පෙදරේරුවා පොරෝපාර කෑවා. බැරිවෙලා වත් අර ස්ත්‍රියට ඇඟේ හෝමෝනවල ක්රීයාකාරීත්වය ඉහට ගහලා තිබුනානම් ඔහොම වෙන්නේ නැත.
240 111
Gihan Thursday, 08 February 2018 03:30 AM
ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශණිකයි කියන්නේ ඕකයි. ස්ත්‍රී දූෂකයාගේ මානව හිමිකම් කතා කරන කාලකන්නි, ඒ කාන්තාවට හිරිහැරයක් වුනා නම් කිසිම සද්දයක් නැත. මිනිස් වෙස් ගත් තිරිසනුන්ගෙන් ලෝකය පිරී ඇත.
0 91
Bamunuarachchi Friday, 09 February 2018 01:26 AM
රිච් බාලසූරිය මහතා ඔබ කීවා වගේ මෙතන දී තිබෙන වැකි කීපයක විස්තර කියවලයි මිනිස්සු මෙතන අදහස් දක්වන්නේ. නමුත් සිදුවීම විස්තර සහිතව කියවන්න තිබෙනවා. ඒ විස්තර කියෙව්වාම අදහස් වෙනස් වේවි.
12 0
piyal Wednesday, 07 February 2018 12:31 PM
ලසන්ත ඔබ හරි. මේ පිළිබඳව හරි පරීක්ෂණයක් ඕන.
Reply : 165 20
ලසන්ත Thursday, 08 February 2018 03:31 AM
පාර්ෂව දෙකෙන් එක් අයෙකු මියගොස්ය. අනෙකා පමණක් පවසන කරුණු මත පදනම්ව, තීන්දුව දී හුරේ දමා අවසන්ය. විස්තර විභාග කොට, නිවැරදි නිගමනයන්හී හිද තීන්දුගැනීමට ඔබලා සතු හැකියාව අනර්ගය
Reply : 58 28
Sakwithi Wednesday, 07 February 2018 07:18 AM
නඩුත් ඕන නෑ සුදුසු දඬුවම ලැබිලා.
Reply : 0 297
Sarasi Wednesday, 07 February 2018 07:34 AM
මේ පුද්ගලයා ස්ත්‍රී දූෂණය කරලා ජිවත් වුනා නම් මාසයක් හිරේ තියලා ටික කලකින් ගෙදර එවාවි. හැබැයි දැන් මේ කාන්තාව ආත්මාරක්ෂාවට කරපු දේට නීතියෙන් කොහොම සලකාවිද කියලා අපි බලන් ඉන්නේ. ඒ මොකද අපේ රට ස්ත්‍රී දූෂකයන්ට පුදුම අනුකම්පාවක් තියෙන්නේ.
Reply : 0 214
rohana kumara mendis Wednesday, 07 February 2018 07:55 AM
නියම ගැහැනියක් සහ නියම දඩුවමක් ඉතිහාස ගත වෙනවා. ලංකාවේ නීතියක් දඩුවමක් නැ ඔය දේවල් වලට ඇප පිට එළියේ .
Reply : 0 246
Hafeel Wednesday, 07 February 2018 08:02 AM
ඔන්න බලන්න කඩුව සහ පොරෝ අතර තියන වෙනස.
Reply : 0 626
Bamunuarachchi Thursday, 08 February 2018 02:56 AM
කඩුව නම් එම්.ජී.ආර් වගේ වනවන ඉන්න පුළුවන් නමුත් පොරව එහෙම බැහැ. වැඩේ හරියටම කොරන්න ඕනෙනම් සිරිසේන මහත්තයෝ කඩුව පැත්තකින් තියලා පොරවක් අතට ගන්න.
Reply : 0 18
Perakum Wednesday, 07 February 2018 08:10 AM
කාන්තා පරපුරට ආදර්ශයක් ලෙස බය නැතුව මුහුණ දෙන්න. අපේ රටේ නීතිවල හැටියට පෝරකයට ගියත් පුදුමයක් නොවේ.
Reply : 0 112
Deepa dutuwewa Wednesday, 07 February 2018 09:39 AM
මෙම කාන්තාව විරෝදාර කාන්තාවක්
Reply : 13 314
Kaanthi Wednesday, 07 February 2018 09:41 AM
ලසන්ත ඔයා වගේ උදවිය විද්‍යාත්මක පසුබිම් සහ නිරීක්ෂණ කරන්න අවුරුදු ගණන් ගත කරනවිට නඩුව කල් ගිහින්. ඇතැම් අගතියට පත් වූ බාල වයස්කාර පාර්ශවය තරුණ වියට පත්වී සමාජ අපවාදයටත් ලක් වෙලා.
Reply : 0 114
Bimal Wednesday, 07 February 2018 09:44 AM
පෙදරේරුවා ලසන්තගේ කවුරුවත් නෙවෙයි නේද ?
Reply : 0 201
Dulmi Wednesday, 07 February 2018 09:50 AM
ලසන්ත මහතා හිතන හැටියට කාන්තාවක් දුෂණයට ලක්වීමේ විද්‍යාත්මක පසුබිම මොකද්ද ?
Reply : 0 209
Harshi Wednesday, 07 February 2018 09:57 AM
ලසන්තට පුළුවන් පෙදරේරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩුවට පෙනී සිටින්න. ඔබේ ගෙදර පවුලේ කෙනෙකුට මේ ටික වුනා නම් දෙවියන්ගේම පිහිටයි. කවදාවත් එහෙම නොවේවා.
Reply : 0 131
Malik Wednesday, 07 February 2018 10:07 AM
මට අවිවාහක වැඩිමල් සහෝදරියක් ඉන්නවා. එයා කාටත් බරක් නොවී රැකියාවක් කරගෙන තනියම ගෙදර ඉන්නේ. ලසන්ත මට ඇය ගැන මතක් වෙලා බය හිතුනේ පෙදරේරුවා වැනි මිනිසුන් ගැන ඇසීමෙන් නොව ඔබ වැනි උදවිය සමාජයේ මේ කාලයේ ඉන්න බව දැන ගැනීමෙන් පසුවයි.
Reply : 105 1154
Jiwan Thursday, 08 February 2018 03:40 AM
නෑ ලසන්ත දකින්නේ වෙනම පැත්තක් වෙන්න ඕනේ. හිතන්න ණය කාරයෙක් මෙම කාන්තාවගේ ණය ඉල්ලගෙන ගෙදරට ආවා. කාන්තාව සැලසුම් සහගතව පොරෝ පහරක් එල්ල කරලා මරා දැම්මා. ඊට පස්සේ රටට කියනව අතවර කරන්න ආව කියල. අන්න ඒක වුනේ කොහොමද කියලයි බලන්න ඕනේ. ඕකා ආවේ ඒ කාන්තාවට අතවර කරන්න නම් කාන්තාව කල දේ හරි.
Reply : 0 58
Yasiru Wednesday, 07 February 2018 10:16 AM
අපේ රටේ මනුස්සකම ලසන්ත වගේ උදවියගේ අදහස් වලින් පේනවා. අනාරක්ෂිත කාන්තාවකට අඩම්තේට්ටම් කරන්න යාමේ විද්‍යාත්මක නිරීක්ෂණය , ලජ්ජා නැති වර්ණදේහයක් ඒ පිරිමියාගේ ඩී එන් ඒ වල අන්තර්ගත වීම වෙන්න ඇති.
Reply : 1 163
pradeep Wednesday, 07 February 2018 10:34 AM
නීතිය යකාට ගිය රටක්... මේ විදිහටම පාතාලේ අයටත් සුද්දයක් දෙන්න හැකිනම් හොඳයි.
Reply : 1 36
naradha Wednesday, 07 February 2018 11:36 AM
වීර කාන්තාවක්. තමන්ගේ ආත්ම ආරක්ෂාවට නොබියව ක්‍රියා කල මේ කාන්තාවට, අපේ නීතිය ක්‍රියා කරන ආකාරය අපි කව්රුත් ඇස්, කණ් යොමා බල සිටින්නෙමු.
Reply : 0 61
Raheem Wednesday, 07 February 2018 12:46 PM
ජේ ආර් මහත්තයා කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න කියලා. මේ කාන්තාව තමන්ගේ ආත්ම ආරක්ෂාවට කරපු දෙයක්. නිර්බිත කාන්තාවක්.
Reply : 0 44
dasun Wednesday, 07 February 2018 12:50 PM
මේ අදහස් ගැන කණනගාටු වෙනවා. ගැහැණියකුගේ කටඋත්තරය විශ්වාස කරන්නේ ශරියා නීතියේ. ඒ තුලින් ගැහැණියකුට තම වාසියට කතාවක් ගෙතීමටත් පුළුවනි. මේ පුවත ලියලා තියෙන්නේ ඒ ගැහැණිය දුන් කට උත්තරය පදනම් කරගෙන. ඇත්තටම අතවර කරානම් ආත්ම ආරක්ෂාවට පොරෝ පහර එල්ල කරපු එක ප්‍රශ්නයක් නැතිවෙයි. එහෙම නොවුනානම් මිනි මැරුම් චෝදනා එල්ල වෙනවා.
Reply : 143 1
Bandula Wednesday, 07 February 2018 01:02 PM
ලංකාවේ සහ ඉන්දියාවේ අපචාර වැඩි වීමට හේතුව පුරුෂ අසහනයයි. නිරෝගී මිනිසෙකුට කෑම බීම වගේම මෙය අවශ්‍යතාවක් බව දියුණු සමාජයේ පිළිගැනීමයි. ලංකාවේ ධනවත් බලවත් අයට කිසිම බාධාවක් නැහැ.
Reply : 0 141
Amaali Wednesday, 07 February 2018 08:12 PM
දසුන් ඔබේ සහෝදරීට මේ ටික වුනා නම් මේලෝකේ ඔක්කොම ගැහැණු දෙන්නේ වැරදි කට උත්තර කියනවාද ? ඔබ හිතන හැටියට ගැහැණු ඉපදිලා ඉන්නේ කට පියාගෙන දුෂණය වෙන්නද කොහෙද !
Reply : 0 11
ශිරානි. Thursday, 08 February 2018 01:23 AM
පිට රට ගිය අයට ලංකාවට එන්න හිතෙන්නේ නැත්තෙ ඔය හේතුව උඩය. මෙහේ මච්චර කලකට කාන්තාවකට දූෂණයක් කරනවා ඇහෙන් දැකත් නැහැ. කනෙන් අහලත්නැභැ.ඇහෙන් දැකලහැ.්. නැහැ. ඔය බලු සංස්කෘතිය නැතිකර දවසට එනවා. පිරිමින් කෑගසන්නේ කාන්තාවට නිදහස තියෙනවයි කියලා. ඕක තමයි නිදහස.
Reply : 57 1
මනෝචිකිත්සක Thursday, 08 February 2018 03:02 AM
එහෙම්ම කියන්න එපා ඕන තරම් කැමති අය ඉන්නවා. අවශ්‍යතාවය, තැන, පුද්ගලයා කියන 3 හරියන්නයි ඕනේ. මොකද පිටරට තනියම ගිය අය පැටව සමග එන්නේ නැද්ද? නිකන් ඉන්න හලෝ අපි නොදන්නා පිටරට යෑම.
Reply : 1 48
pawan Thursday, 08 February 2018 04:37 AM
ඔයාට තියෙන්නේ මාර නිදහසට කාරණයක් තමා ලංකාවට නොඑන්න. රටම ඉන්න. රටම ඉන්න.
Reply : 0 13
මනෝචිකිත්සක Thursday, 08 February 2018 07:01 AM
මොන වීර ක්රීයාවක්ද මෙතන ආත්ම ආරක්ෂාවක් නැත පලිගැනීමක් ඇත.
Reply : 42 14
Bimal Thursday, 08 February 2018 07:41 AM
මනෝ චිකිත්සක කියන කෙනා ගැහැනියකගෙන් යස පාඩමක් ඉගෙන ගෙන තිබෙන හැඩයි. මෙතන මේ වෙනකන් පල කල අදහස් විදියට ස්ත්‍රී දුෂකයාගේ පවුලේ කෙනෙකුගේ තත්වයට වැටි ඇත.
Reply : 0 9
Hasith Thursday, 08 February 2018 08:48 AM
කලින් සැලසුම් කල පළිගැනීමක් නම් පොලිසියට භාර වෙනවාද පැනලා යනවා මිසක්. ස්ත්‍රී දුෂණ සාධාරණීකරණය කරන උදවිය ස්ත්‍රී දුෂකයන්ටත් වඩා අන්තයි.
Reply : 2 21
Manochikithsaka Thursday, 08 February 2018 01:33 PM
බිමල් එහෙම්ම කියන්න එපා මම දූෂකයාගේ පැත්ත ගත්තා නොවෙයි ගැහැණුන්ගේ පැත්ත නොගත්තා පමණයි. ගැහැනුන් ඔබ ඔය හිතන තරම් සාන්ත නොවෙයි. මායම් 64 දී තිබෙන්නේ ඒගොල්ලන්ට අපට නොවෙයි.
Reply : 22 0
Bamunuarachchi Friday, 09 February 2018 01:08 AM
මම කෙනෙක්ව මැරුවා කියා පොලිස්සියට බාර වුණු පලියට ඔහු මිනීමරුවාය කියා පොලිසිය බාර ගන්නේ නැත. ඒ තැනැත්තා මිනීමැරුම කළා කියලා උසාවියේ ඔප්පුවිය යුතුයි. තරුණ පුතා මිනීමැරුමක් කලාම වයසක තාත්තා හෝ සීයා ඉදිරිපත් වෙනවා. මමයි මිනී මැරුම කලේ කියලා තරුණ පුතා බේරා ගන්න. එවැනි අවස්ථා ඔබ අසා නැද්ද? මෙතනත් ගෙදර සැඟවී සිටි අනියම් සැමියා මේ පෙදරේරුවා මරන්න ඇතියි කියන අදහස ඔබේ ඔලුවට එන්නේ නැද්ද?
Reply : 61 11
Bamunuarachchi Friday, 09 February 2018 01:38 AM
මම ඇමරිකන් රහස් පරීක්ෂක නවකතා සිය ගණනක් කියවා ඇත. අන්න ඒ නිසයි මෙම ගැහැණිය ගැනත් මම සැකයෙන් බලන්නේ. ගෙදර සැඟවී සිටි අනියම් සැමියා මෙය කලාද, ගෙදරට ගෙන්වාගෙන පරණ කෝන්තරයක් පිරිමහුවාද යනාදී ප්‍රශ්න ගොඩක් මෙහි තිබෙනවා මතුපිටින් පෙනෙන දේම නොවෙයි. ඔබලාට එහෙම සිතෙන්නේ නැද්ද?
Reply : 33 0
sampath Friday, 09 February 2018 07:28 AM
මේක පිළිගන්න අමාරුයි දුෂණයකට ආවානම් එන මනුස්සයා ආයුධයක් අරන් එන්නේ බොහෝ වෙලාවට වෙන්නේ කවූරුහරි ගෙදරට ගෙන්නවාගෙන මොකක හරි දෙකට බහින්බස් වෙලා ගහපු පාරකට මැරුනම දුෂණ චෝදනාව දානවා. ඒගේ සීරීම් තුවාල පොරබැදීම් වගේ දේවල් තිබිය යුතුයි දුෂණයකදී. මේ බව විද්‍යා පරීක්ෂණයකදී තහවුරු වේ. ඒ නිසා කලබල වෙලා තීරණ දෙන්න ඕනේ නෑ.
Reply : 0 0
Sathyayaa Friday, 09 February 2018 10:49 PM
අපට අන්ධයෝ හත්දෙනෙකු ඇතෙකු අතගා පැමිණි විනිශ්චය මතක් වෙනවා. ඇතාට හිනා වෙන්න පුළුවන් කමක් තිබුනානම් බක බක ගා හිනා වෙනවා. හැම අන්ධයම හිතාගත්තේ තමන් තනිවම ගත් තීරණය හරි කියල. අපේ පාර්ලිමේන්තුව පිරිලා තියෙන්නෙත් ඒ ජාතියේ අන්ධයින්ගෙන්. රටේ බහුතරයත් ඒ වගේමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.