IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

(ඉන්දිකා රාමනායක)

බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්,  ජෙලෙග්නයිට් කූරු,   උණ්ඩ  ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි  ඔල්ලිකුලම් ප‍්‍රදේශයේ වළ දමා තිබියදී අද (27)  සොයා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

පාස්කු ප‍්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප‍්‍රධාන ගෝලයා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් හමුවේ මේවා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු  කාත්තන්කුඩි  ඔල්ලිකුලම් ප‍්‍රදේශයට රැගෙන ගොස්  මිල්හාන් නැමැති සැකකරුගේ ප‍්‍රකාශ අනුව ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියාසිටියේය.

සොයාගත් භාණ්ඩ අතර  ජෙලෙග්නයිට් කූරු 300 ක්,  ඩෙටනේටර්  1000 ක්,  ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු  විවිධ ගිනි අවිවලට යොදන  උණ්ඩ  300 ට ආසන්න ප‍්‍රමාණයක්  තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)

 



අදහස් (19)

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

chandima Thursday, 27 June 2019 03:51 PM

එහෙනම් මොහොමඩ් මිල්හාන්ටත් ළඟදීම කැබිනට් ඇමතිකමක් ලැබෙයි?

:       152       274

rasika Thursday, 27 June 2019 03:58 PM

පේනවා නේද සහජීවනේ තරම. මේවට සම්බන්ද පුද්ගලයන් විතරක් නෙමේ මේ අන්තවාදයම පරාජය කරන්න ඕනේ. ඒක අපිට පුළුවන්. ප්‍රභාකරන් අවුරුදු 30ක් යුද්ද කරලත්, ලෝකයේ බලවත්ම රටවල් ඇමෙරිකාව ඇතුළුව ප්‍රභාකරන්ට උදව් කලත් මෙරට ඔහුගේ කල්ලියට අල්ලන්න බැරි වුණා. ඒවගේම තමයි යුද්දයකින් කිසිම කලෙක සිංහල ජාතිය මුළුමනින්ම පරාජය වී නැහැ. කොතරම් බලවත් ජාතීන් මෙරට ආක්‍රමණය කරන්න හැදුවත් කවදාවත් යුද්දයකින් සිංහලයන්ව පරද්දලා නැහැ. කපටි ගිවිසුම් වලින් තමයි අපි හැමදාම පැරදුනේ.. ඒවගේම අපේ ඇතුලේ ඉදන් පවලා දෙන නායකයන්ගෙන්. ඒ නිසා සිංහල සමාජය දැන්වත් හරි නායකයෙක් හොයා ගන්න ඕනේ.

:       289       1551

athuraFriday, 28 June 2019 04:07 AM

ඔබතුමා කියන හරි නායකයා කවුද?

:       2       7

BamunuarachchiFriday, 28 June 2019 05:43 AM

ඉපදුනේ ඊයේ පෙරේදා නොවෙයිනම් මෙරටේ සිදුවූන දේවල් ගැන විචක්ෂණ බුද්ධියකින් බැලුවානම් ලිප්ටන් වටරවුමට යන්න ඕනෙත් නැත, දේශපාලුවන්ගේ කතා අසන්න ඕනෙත් නැත. මෙරටට සුදුසු නායකයෙක් ගැන හිතා ගන්න පුළුවන්. රටේ ආරක්ෂාවට මොකද උනේ , ආර්ථිකයට මොකද උනේ, සංවර්දනයට මොකද උනේ කියලා නිදහස්ව තේරුම් බේරුම් කර ගන්න පුළුවන් ශක්තියක් තිබෙනවානම් රටට සුදුසු නායකයෙක් තෝරා ගන්න එක සිම්පල්. නියම නායකයෝ දැඩි තීරණ ගන්නවා ඒවා අපිට රිදෙන්න පුළුවන්.

:       1       60

athuraFriday, 28 June 2019 08:12 AM

බමුණු මහත්මයාට ඕනෑ කෙනා නම් නොකිව්වත් දන්නවා. හැබැයි ඒ රටට ගොඩයන්න නම් නෙමෙයි තමන්ට ගොඩයන්නයි...

:       0       1

BamunuarachchiFriday, 28 June 2019 04:18 PM

මම කීව කාරණා ගැන සොයාබැලුවොත් ඔබත් අර ඉංග්‍රීසි කියමනක් තිබෙන්නේ "ග්‍රේට් මයින්ඩ්ස් සෙල්ඩම් ඩිෆර්" කියමනට අයිති වෙලා මා සමග එකතුවෙනවා.

:       1       0

BamunuarachchiSaturday, 29 June 2019 01:10 AM

අතුර මහත්තයෝ රටේ ඔක්කොම "තමන්ලා" ඔබ, මම, එයා, මෙයා, හැදෙනකොට රටම හැදෙනබව දන්නේ නැද්ද? මොනවද මේ ඔබගේ කථා. හැබැයි නායකයෝ බැංකු මංකොල්ල කෑවොත් හැදෙන්නේ ඔවුන් පමණයි නේද? එ්කනේ මම කීවේ විචක්ෂණ බුද්ධියෙන් බලන්න කියලා...

:       1       1

athuraMonday, 01 July 2019 04:07 AM

බමුණු මහත්මයෝ, අරයා, මෙයා, තමුන්ලා හැදිලා ඉවර වෙනකොට කාටවත් කඩේ යන්නේ නැති මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ ඉතින් හපේ තමයි. ඔබතුමාගේ ඔය අදහසින්ම පේනවා ඔබතුමාගේ බුද්ධිය...

:       0       1

ටි ඉන්දික Thursday, 27 June 2019 09:15 PM

ආරක්ෂක අංශ පරික්ෂාවන් නවත්තලා කියල බොරු ප්‍රචාර අරන් ගියා ඒවා බොරු බව පේනවා ඒ අය සූක්ෂමව පරික්ෂණ කරනවා..

:       34       122

Suranga perera Friday, 28 June 2019 03:59 AM

ඇයි කොටින්ගෙන් ගත්තු තුවක්කු වලට මොකද වෙන්නේ ??.

:       0       40

Nuwan Friday, 28 June 2019 05:33 AM

සහජීවනේ දොරේ ගලනවා.

:       32       34

Bamunuarachchi Friday, 28 June 2019 06:02 AM

දැන් ඉන්න දේශපාලන නායකයන් 30 අවුරුදු යුද්දය ගැන සිතපු විදිහටමයි මේ මුස්ලිම් ත්‍රස්තවාදය ගැන හිතන්නෙත්. 99% සුද්ද කරලා කියලා කට ගන්න උනේ නැහැ ඔන්න ලෝඩ් එකක්ම හම්බ උනා. පාමංකඩ අලිමන්කඩ නොදන්නා මෙයාලට රටක ආරක්ෂාව ගැන හිතන්න පුලුවන්ද. ඊයේ හදිස්සි නීතිය දීර්ග කිරීමේ විවාදයේදී ආණ්ඩුපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ සිටියේ 3 දෙනයි. මෙගොල්ලොද රටේ ආරක්ෂාව හදන්නේ. ආරක්ෂක ඇමැතිත් පාර්ලිමේන්තුවේ නැහැ.

:       0       0

වීරවිජේ Friday, 28 June 2019 06:19 AM

මේ සහජීවන උපකරන. ජෙලි, එස්ලෝන් බට, සෙල්ලම් තුවක්කු, ටෝපි

:       9       15

sujeewa Friday, 28 June 2019 06:27 AM

මේක සහජීවනයේ වැරැද්ද කියලා දකින්නේ එක්කෝ දේශපාලන උවමනාවට නැත්නම් ජාතිවාදී මෝඩකමට. ලක්ෂ හතළිහක් පමණ වන ලංකාවේ දෙමල මුස්ලිම් ජනතාව බයකරගෙන සිංහලයින්ට සාමෙන් සැපෙන් ජීවත්වෙන්න පුළුවන් කියල හිතන එක තරම් මෝඩකමක් තවත් තියනවද. සිංහලයෝ බුද්දීමත්ව ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරොත් විතරයි ඔවුන්ට සාමෙන් ඉන්න ලැබෙන්නේ.

:       46       41

BamunuarachchiSunday, 30 June 2019 03:55 AM

"සිංහලයෝ බුද්ධිමත්ව ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරොත් විතරයි ඔවුන්ට සාමෙන් ඉන්න ලැබෙන්නේ." ෂාහ් මරේ මරු කියමන. සිංහල අපි බුද්ධිමත්ව ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරන්න. උන් සිංහල ජාතියම වඳ කරන්න. " ලක්ෂ 40ක් පමණ වන ලංකාවේ දෙමල, මුස්ලිම් ජනතාව බයකරගෙන සිංහලයින්ට සාමෙන් සැපෙන් ජීවත්වෙන්න පුළුවන් කියල හිතන එක තරම් මෝඩකමක් තවත් තියනවද?" එතකොට රටේ ඉතිරි සිංහල ලක්ෂ 160 අබ්බගාතයන්ද? මෙහෙමත් මානසිකව කඩාවැටුණු ගොබ්බයන් ඉන්නකම් සිංහලයාට ඔලුව උස්සන්න බැහැ. සිංහල අපි මොවුන්ගේ මොනවා වලින්ද ජීවත් වෙන්නේ...? මොවුන් අපෙන් ජීවත් වෙනවා මිස සිංහල අපි මොවුන්ගෙන් ජීවත් වෙන්නේ නැත. සිංහල නිවටයෝ තවත් කොපමණ මේ රටේ ඉන්නවද?

:       0       0

janaka Friday, 28 June 2019 06:43 AM

රටේ ජනාධිපති ප්‍රකාශ කරනවා ත්‍රස්තවාදය 99% ඉවරයි කියලා. මේ අහුවෙන්නේ මොනවද දන්නේ නෑ.? අවුරුදු 12 කට වැඩිය වර්ධනයවුණු මුස්ලිම් ත්‍රස්තවාදය මාසයකින් ඉවරකරන්නේ කෙසේද.

:       37       9

de silva Friday, 28 June 2019 09:46 AM

දේශපාලකයන්ට හදිසි නීතිය ඉවත් කරන්න හරිම හදිස්සියක් තිබෙන්නේ එකට හේතුව දේශපාලකයින්ගේ ගෝලයන් පසුගිය දවස්වල එකඑක හොර ජාවාරම් කරනකොට, මත්වතුර බීලා වාහන පදවන කොට හමුදාව ඉන්න චෙක් පොයින්ට් වලදී අසුවුණු, ඉස්සර පොලිසිය පමණක් ඉන්නකොට ලොක්ක පොලිසියට කෝල් කළාම නිකන්ම බේරිලා ගියා... නමුත් දැන් හමුදාවෙන් එහෙම ලේසියෙන් බේරිලා යන්න බැරි හින්දා ඔවුන් අමාරුවේ වැටිලා.. රටේ ත්‍රස්තවාදය පමණක් නොවේ.. වෙන අපරාධත් පාලනය වෙලා. අපට ඕනෑම රාත්‍රියක ගමනක්, බිමනක් බය නැතුව යන්න පුළුවන් හදිසි නීතිය, වැරදි නොකරන සාමාන්‍ය ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. අඩුම තරමේ හදිස්සි නීතිය මේ අවුරුද්ද අවසානය දක්වාවත් දිගුකරන්න.

:       0       14

BamunuarachchiSaturday, 29 June 2019 01:22 AM

හදිස්සි නීතිය හැමදාටම තියන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැත. භය නැතුව රෑට වුනත් ගමනක් යන්න පුළුවනි.

:       1       2

Bamunuarachchi Saturday, 29 June 2019 01:17 AM

සියලුම "තමන්ලා" ගොඩගියොත් රටම ගොඩ. එතකොට ඔබත් ගොඩ, මමත් ගොඩ, එයත් ගොඩ, අරයත් ගොඩ. ඕගොල්ලොත් හරියට කුරානය කියවන මිනිස්සුවගේ එල්බිලා තිබෙන අදහස්වලින් පිට හිතන්නෙම නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 198 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 57 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 561 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 606 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1056 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 988 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site