(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය  එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය  පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් පක්‍ෂවල අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වුවහොත් විශ්වාසභංගයේ දී අගමැතිට විරුද්ධව ඡන්දය දෙන බවට හාරිස් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන මුස්ලිම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,සමස්ත ලංකා ජනතා කොංග්‍රසය නියෝජනය කරන අමාත්‍යවරුන් අගමැති හමුවී ප්‍රකාශ කළේ හාරිස් මහතා ඉහත ප්‍රකාශය කර ඇත්තේ යම් පාර්ශවයක බළල් අතක් ලෙස කටයුතු කරමින් බවයි.

ඔහු මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේ දි දැඩි පියවර ගන්නා බවද මුස්ලිම් අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.