(සජීව විජේවීර)
වරින් වර මෙරටින් වාර්තා වුව ද කළෙකින් දක්නට නොලැබුණු කළු කොටියකු ප්‍රථම වතාවට කැමරාවක සටහන්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සත්ත්වයා සටන්ව ඇත්තේ සිරිපා අඩවිය අවට වනාන්තරයෙනි. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක මහත්වරුන් විසින් දුරස්ථ චලන කැමරා සවිකරමින් කරන ලද අධ්‍යයනයක දී එක් කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන පටිගත වී ඇත.
මෙවැනි කළු කොටියකු මෙරට දී කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව එය බව ද වනජීවී නිලධාරීහු කියති.
ලෝකයේ වාර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයකි. සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වන මෙම කොටි විශේෂයේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම සිරුරේ නොමැතිවීම හේතුවෙන් කළු පැහැති කොටි උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම වර්ණ ප්‍රබේදයකි.
ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රබේදය ඇතිවී තිබෙන බව පර්යේෂකයන්ගේ මතයයි.
කළු කොටි කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් වරින් වර වාර්තා වී ඇතත්. අදින් වසර කිහිපයකට පෙර අවසන් වරට පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී මන්දකට අසුවීමෙන් කළු කොටියකු මියයාමෙන් පසු එවැනි සත්ත්වයකු මෙරටින් වාර්තා වූයේ නැත. එම සත්ත්වයාගේ සම සංරක්ෂණය කර ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ කළු කොටි අනුරුවක් සකස් කෙරුණු අතර එය මෙරටින් වාර්තා වූ අවසන් කළු කොටියාගේ සාක්ෂිය ලෙස සැළකිණි.
ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවයට හා උෂ්ණත්වයට අනුව මෙම වර්ණ ප්‍රබේදය ඇතිවන බව විද්‍යාත්මක පිළිගැනීමයි.
පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුත සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි. දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකි යැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටි ධේනුව පමණි.
ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි පැන්තරා පාඩුස් කොටියා නමැති කොටි උප විශේෂය මෙරටට ආවේණික අතරම ජීවත්වන අතර මේ දක්වා ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ගහනයකි. එම සතුන් අතර වර්ණ ප්‍රබේදයක් වන කළු කොටියා ඉතාමත් සීමිත බැවින් මෙය ලෝක වනජීවී ක්ෂේත්රයේ ඉතා අද්විතීය සොයා ගැනීමකි.
පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමුවූ ස්ථානය අවට මෙම ගැහැනු සත්ත්වයාට අමතරව පිරිමි සතකු සහ පැටවුන් දෙදෙනකු ද ගැවසෙන බවට වාර්තා වන බවයි. ඒ අනුව කළු කොටියාගේ වර්ණ ප්‍රබේදයේ නිලීන ජානය මෙරට කොටි ගහනයේ තවදුරටත් සජීවී ජානයක් ලෙස පවතිනු ඇතැයි යන්න මෙරට සත්ත්ව විද්‍යා ක්ෂේත්රයට සුබදායී පණිවයකි.
ඡායාරූපය - වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇසුරෙනි
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කළු කොටියෙක් වසර ගණනකට පසු යළි මතුවෙයි
max Monday, 20 January 2020 04:53 AM
දඩයක්කරුවන්ගේ ඇස ඒ සතා වෙත යොමු නොවේවා..!
Chandana F Monday, 20 January 2020 05:25 AM
කරුණාකර එම සත්වයාට එයාගේ පරිසරයේ ජීවත්වීමට ඉඩ හරින්න. වුවමනාවට වඩා එයාගේ විස්තර නොදමන්න.
sharm warn Monday, 20 January 2020 05:29 AM
ඉස්සෙල්ලම සෙලොනිකා ශාඛය දැන් කළු කොටියා... ඇත්තටම සතුටුයි අපේ ආවේනික ස්වභාවික වස්තුන් වඳවෙලා නැහැ කියලා දැනගන්න ලැබෙනකොට.. මේ දේවල් සුරක්ෂිත කිරීම පාලකයින්ගේ වගේම මහා ජනයාගේත් වගකීමක්.. අනේ කාලකන්නි දේශපාලුවන්ට මේ සත්තු ගෙදර ගෙනත් හදාගන්න දොළදුකක් ඇති නොවේවා..
Champa Monday, 20 January 2020 05:41 AM
බ්ලැක් පැන්ත(ර්) කියන්නේ දුර්ලභ සතෙක්නේ. ලංකාවේ ඉන්නේ දිවියා. කොටියා නෙමෙයි. කහපාට හමේ කළු ඉරි තියෙන සතා කොටිය. කහපාට හමේ කළු තිත් තියෙන සතා දිවියා. පැන්තරා පාඩුස් කියන්නේ දිවියන් වර්ගයක්. ලංකාවට ආවේනික වෙන්න පුළුවන්...
රුවන්Monday, 20 January 2020 06:36 AM
කොටියා කියන්නෙත් දිවියටම තමයි. ඉරි තියන්නෙ ව්යාග්රයගෙ. ඕක ලංකාවෙ ගොඩක් අය පටලවගන්න දෙයක්. ඔය පැටලිල්ලට එක හේතුවක් කොටි සංවිධානෙ ලාංචනෙ ව්යාග්රයෙක් හිටපු එක.
lankaMonday, 20 January 2020 09:07 AM
කොටි සංවිධානය ලකුණේ ඉන්නේ ඉන්දියන් ලෙපර්ඩ් කෙනෙක්... ලංකාවේ සතෙක් නෙමෙයි. එ්කට හේතුව තමයි ලකුණ දුන්නේ ඉන්දියාවෙන්... සන්විධානේ ෆෝරම් කළෙත් ඉන්දියාවෙන් නිසා. එ්කට හේතුව තමයි අපේ රටේ 77 ආර්ථික විප්ලවය එක්ක අැති දියුණු රටක් වෙයි කියලා... ඉන්දියාව හොඳටම බය වුණු නිසා අපිව අස්ථාවර කරලා සැමදා ඉන්දියාවේ සහාය ඉල්ලන රටක් බවට පත්කරගැනීමේ වුවමනාව තමයි තිබ්බේ.
රුවන්Monday, 20 January 2020 12:22 PM
කොටියා සහ දිවියා කියන්නේ එකම සතාට. පැන්තරා පාඩුස් කොටියා කියලා නම දාලා තියන්නේ ඒකයි. ඔය සත්තුන්ට නම් දාන්නේ ඒ ගැන හොඳ දැනුමක් තියන විශාරදයින්... ඒ නිසා ඒ ගැන තර්ක කරලා වැඩක් නෑ.
ravinMonday, 20 January 2020 04:03 PM
රුවන් හරි. ඒක තමයි සත්‍ය. ඔය චම්පා කියන්නේ එයාගේ අදහස් එහෙම නොවෙයි ඔය කව්රු හරි බස් එකේදී කියනවා ඇහුන ඒවා.
ChampaTuesday, 21 January 2020 05:36 AM
නැහැ, දිවියා (ලෙපර්ඩ්) සහ කොටියා (ටයිගර්) පැහැදිලිවම දෙන්නෙක්. ව්‍යාඝ්‍රයා (ජග්වාර්) ආසියාවේ නැහැ. ව්‍යාඝ්‍රයා සහ දිවියා දෙගොල්ලන්ගේම හමේ තියෙන්නේ තිත් (රොසෙට්ටු). වෙනස බලන්නේ ඒකෙන් සහ ඇඟේ හැඩයෙන්. කොටියට තමයි ඉරි තියෙන්නේ. මට නම් කිසි පටලැවිල්ලක් වෙලා නැහැ. කොටි ලාංචනෙට අරන් තියෙන්නේ ඉරි තියෙන සතෙක් නම් ඒ තමයි නියම කොටියා. පාසල් වල පහල පන්ති වලදී කරලා තියෙන වැරැද්දක් තමයි ව්‍යාඝ්‍රයා ඉරි තියෙන සතා කියලා හඳුන්වා දීම. ඒ වැරැද්ද හදන්න ඕනේ.
ChampaTuesday, 21 January 2020 05:54 AM
රුවන් --- පැන්තරා පාඩුස් කියල කියන්නේ දිවියට. කොටියට කියන විද්‍යාත්මක නම තමයි පැන්තරා ටයිග්‍රිස්. පැහැදිලිවම පටලව ගෙන ඉන්නේ කවුද කියලා තේරෙනවද? සත්තු ගැන කතා කරන්න විශාරදයෙක්ම වෙන්න ඕනේ නැහැ. සමහර මිනිස්සු ස්වභාවයෙන්ම ගහ කොළ වන සතුන්ට ආදරෙයි ඔවුන් ගැන හොයා හොයා ඉගෙන ගන්නවා. ලෝකයේ විවිධ සත්ව සමාජ වලට බැඳෙනවා. ඔවුන් ගැන තොරතුරු කියවනවා. ඒ වගේම සමහර මිනිස්සු දේවල් ගැන තර්කානුකූලව හොයල බලද්දී තව සමහරෙක් කවුරු හරි කියන ඕනේ දෙයක් ඔහේ පිලි ගන්නවා. මම දකුණු අප්‍රිකාවේ කෘගර් සෆාරි කැලේ ඉන්න බිග් ෆයිව් කියල කියන සත්තු 5ස් දෙනාවම දැකලා තියෙනවා එකම දවසේ. සාමන්‍යයෙන් 5ස් දෙනාවම දකින එක අමාරුයි. එයින් එක්කෙනෙක් තමයි ලෙපර්ඩ් - දිවියා. දකින්නම අමාරු සතා. ගහක් උඩ හිටියේ.
Jayantha Monday, 20 January 2020 05:50 AM
වනජීවී දෙපාර්තමේන්තුව වහාම මෙම සත්වයාගේ වටිනාකම අවට ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුය. එසේ නොවේ නම්, ඔවුන් මෙම සත්වයා මරා දැමිය හැකිය.
janak Monday, 20 January 2020 06:29 AM
කලු කොටියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න. ඒ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දුන්නා ඉවරනේ...
Ajithdl Monday, 20 January 2020 06:46 AM
1995 මුලින්ම හම්බු උනා උතුරු පළාතේ හැබැයි ලංකාවේ හමුදාවට , 2009 අවසන් උනා ....
primalaka Monday, 20 January 2020 09:12 AM
හෙඩ් ලයින් එක දැක්කම ඇඟේ ලේ වතුර උනා
Bamunuarachchi Monday, 20 January 2020 10:52 AM
ඒ කියන්නේ කොටි වඳ වී නැත.