(බිඟුන් මේනක ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල කරදියාන කසල අංගනය වෙත කොළඹ මහ නගර  සභාවට අයත් කසල මෙට්ට්‍රික් ටොන් 350 ක් බැහැර කිරිමට  කැස්බෑව අධිකරණය දුන්  නියෝගයට අනුව කසල බැහැර  කිරිම පැමිණි ලොරි රථ වලට  බාධා කරමින් කසල අංගනයේ තිබෙන  උද්ඝෝෂණය මෙහෙය වු  ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන්  නිපුණආරච්චි මහතා ඇතුළු හත් දෙනෙකුට අප්‍රේල් 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කෑස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා අද (21) නොතිසි නිකුත් කළේය.

එම නොතීසි පිලියන්දල පොලිසියේ  නඩු මෙහෙයුම්  අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.ආර්.එම්. සෙනෙවිරත්න මහතා  ඔවුන්ගේ නිවෙස් වලට  ගොස් ඒවා බෙදා දෙනු ලැබීය.