IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා


(කාංචන කුමාර ආරියදාස)
 
ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයේ ඇති මහ ගස් කොළන් කපා ඩෝසර් කර  එළිපෙහෙළි කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුවෙමින් පවතින බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
 
ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමට වන අලින් ගමන් ගන්නා මාර්ග  පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බව ද මේ නිසා  සතුන්ට ද බරපතල ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
 
බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ  අලි මංකඩ මේ වන විටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කර ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් වැල් ආදී  යන්ත්‍රසූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය.
 
මෙම රක්ෂිතය එළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් සිටින අයුරුද වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ.එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිස ගෙන් කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන්ට සොහොන් භූමියකට ලබා දී ඇති බවය.කෙසේ වෙතත් රජයේ රක්ෂිතය විශාල වශයෙන් එළි-පෙහෙළි කරන ඩෝසර් කරන ගස් කොළන් කපා දමන්නේ කවුරුන්ද යන්න තමන් ඇතුළු කණ්ඩායම නොදන්නා බව ඔවුහු පෙන්වා දුන්හ.
 
මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබු කොහොඹ  ගස් කපා මේ වන විටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍රසූත්‍ර දමා කුට්ටි කර රැගෙන යෑම සඳහා  සූදානම් කර ඇති අයුරු ද එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
 
අවට පදිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීතිවිරෝධී ක්‍රියාවලි පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා දැනුම් දුන්නද රජයේ නිලධාරීන් කිසිදු අවදානමක් නොගන්නා බවය.රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා  ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ.

මෙම මහා පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම පිළිබඳව පලාගල ප්‍රාදේශීය ලේකම් අතුල බණ්ඩාර සෙනරත් මහතා  විමසීමේ දී කියා සිටියේ තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවය. කිසිදු ඉදිකිරීමකට හෝ ඉඩම් අත්පත් කරගැනීමට හෝ අවස්ථාවක් ලබාදී නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
 

 



අදහස් (15)

කලා-බළලු වැව් ඉස්මත්තේ රජයේ රක්ෂිත ඩෝසර් කරලා

ara Monday, 18 January 2021 03:34 AM

කියත් මග සංවිධානයේ වැඩ...

:       0       1

රජින්ද Monday, 18 January 2021 04:19 AM

මේ ආණ්ඩුව යන්නෙත් 2010දී බලයට පත්වෙලා විල්පත්තුව විනාශ කරන්න සියලු පාර්ශවයන්ට සහාය වූ පාරෙමයි. අපි හිතුවා අලුත් ජනපතිතුමා ඇවිත් ඒ කරපු පහත් ක්‍රියාවන්ට තිත තියලා ස්වභාව ධර්මයයි, වනජීවීනුයි ගැන නැවුම්ව හිතයි කියලා. බලාගෙන යනකොට ඔක්කොම එකයි. මේ ආණ්ඩුවත් පැවති යහපාලන ආණ්ඩුව වගේම රට වනසයි වගේ. බලාගෙන යනකොට දැන්නම් මේ ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් කිසිම දේශපාලන පක්‍ෂයක් හෝ පුද්ගලයෙක් නැහැ. රටේ පැවැත්ම දරුණුවටම බිඳ වැටිලා තියෙන්නේ....

:       0       1

විජේ Monday, 18 January 2021 04:36 AM

ධාතුසේන මොන රජෙක්ද? දැන් ඉන්නේ දුටුගැමුණුගේ සෙට් එකනේ...

:       0       1

Raveendra Monday, 18 January 2021 05:03 AM

රෙස්පෙක්ට් යූ 'සර්'...

:       0       1

සඳුන් Monday, 18 January 2021 05:22 AM

මුඛ වාඩම් බැඳගෙන මීටරයක දුරින් සිටගෙන සීරුවට දුන් කතිරයේ ප්‍රතිඵල උපනූපන් දරුවන් අනාගතයේදී භුක්ති විඳිනු ඇත. කතාවම පොහොට්ටු සුවඳයි. ඒ සුවඳ කාලිංග මාඝ පරදවා පෙනෙන නොපෙනෙන මානයේ දැනේ...

:       0       1

Dan Monday, 18 January 2021 05:36 AM

ධාතුසේන රජතුමා වගේද දැන් ඉන්න රජවරු...? දැන් මේ වැද්දෝ ටිකක් බිහිවෙලා රට තාලෙට පාලනය කරගෙන යනවා.

:       0       1

Ruhunu Monday, 18 January 2021 05:41 AM

එදා ධාතුසේනලා රට ගැන හිතුවට අද ඉන්න නන්දසේනලා රට ගැන හිතන්නෑ..

:       0       1

රට වැසියා Monday, 18 January 2021 05:58 AM

ගස්, ගල්, වැලි, පස් අධික ලාභයක් ලැබිය හැකි ස්වාභාවික සම්පත්, කුඩු ව්‍යාපාරය හැරුණු විට ලාබ ලැබිය හැකි ව්‍යාපාර... මේ රට බිහි වූ කිසිම දේශපාලකයකු අනාගතය ගැන සිතන්නේ නැත. ඔවුන් කොච්චර කයිය ගැහැව්වත්, ගම සමග මොන පිළිසඳරේ යෙදුණත්, ස්වභාවික සම්පත් ගැන, පරිසරය ගැන ඔවුන්ට කිසිඳු දැනුමක්, සංවේදී බවක් නැත. රටේ අනාගතය පිරිහෙන බව පෙන්වන ප්‍රධාන නිර්ණායක වන්නේ ස්වභාවික සම්පත් විනාශයයි.

:       0       1

Don perera Monday, 18 January 2021 06:41 AM

සර්ට ජයවේවා...!!! මේවා තමයි මෝඩ 69 පැතුම...

:       0       1

Nuwan Monday, 18 January 2021 06:58 AM

රටේ තණකොළ ගහකට වත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා ආපු උදවිය. දැන් කොච්චර වනාන්තර, පුදබිම් විනාශ කළාද මහ දවාලේ...?

:       0       1

fairoos Monday, 18 January 2021 07:43 AM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්... තව කපලා ඩෝසර් කරමු...

:       0       1

අබෙවීර Monday, 18 January 2021 08:11 AM

ගමක් සමග පිළිසඳරක් , ගසුත් සමග තද වෛරයක්...

:       0       1

ලුම්බිණි Monday, 18 January 2021 08:13 AM

මේක තමයි නියම සංවර්ධනය...

:       0       1

රුක්මාල් Monday, 18 January 2021 11:26 AM

හෙන වදින්න ඕනෑ කරපු අයට... ඕවාගෙන් හම්බකරලා කනවා නම් පවුලටත් එක්කම...

:       0       1

මෝ Monday, 18 January 2021 12:27 PM

ඉතිහාසයේ සිදුවූ විශාලතම පරිසර සහ පුරාවස්තු හානිය සිදුකෙරෙන්නේ මේ යුගයේදීය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 250 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 369 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 523 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1490 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3759 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site