IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කර්නල් රත්නප්‍රියගේ මාරුව අවලංගු කරන්නැයි මනෝ ගනේෂන් ඉල්ලලා - පාඨලී

(ඩයනා උදයංගනී)

යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක තුනේ හිටපු අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට ලබාදුන්  ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික සංහිඳියාව, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කැබිනට් මණ්ඩලය හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා රටේ හමුදාවන්ට ගෞරවයක් ලබාදුන් නිලධාරියෙකු බව කී ඇමති පාඨලී චම්පික රණවක මහතා උතුරට එක්වී මිස වෙන්ව ඉදිරියට යා නොහැකි බව වටහා ගත් හා ආරක්‍ෂක කණ්ඩායම් සමඟ එකට සිතන ජන කණ්ඩායම් සිටීම රටට ශක්තියක් බව ද සඳහන් කළේය.

යුද හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බලහත්කාරයෙන් සිටිනා බවත්, ජනතාව එයට අකමැති නිසා කඳවුරු ඉවත් කරගත යුතු බවත් ඇතැම් ජාතිවාදීන් ප්‍රකාශ කරද්දීත් හමුදා නිලධාරියෙකු මාරු වී යන අවස්ථාවක හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සංවේදී වී හඬා වැටීම සහජීවනය පිළිබඳ හොඳ උදාහරණයක් බවද ඇමතිවරයා කීවේය.

එමෙන්ම එම නිලධාරියා ඉතා මානුෂීයව කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වන්නේ යැයි ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (3)

කර්නල් රත්නප්‍රියගේ මාරුව අවලංගු කරන්නැයි මනෝ ගනේෂන් ඉල්ලලා - පාඨලී

සතයපාල Wednesday, 13 June 2018 01:28 PM

එවැනි හොද නිළධාරීන් හමුදාවේ ඕන තරම් ඇති එවැනි නිළධාරින්ව අගය කරනවා වෙනුවට වෙනත් අපරාධ හා දූෂණ වලට සම්බන්ධ නිළධාරීන් රණවිරුවන් ලෙස හුවා දක්වමින් අපේ රටේ සමහරුන් සැබෑ රණවිරුවන්ට නිගා කරතී.

:       645       818

sirimal Wednesday, 13 June 2018 02:13 PM

ඒ විතරක්ද? ජනාධිපතිතුමත් ඉල්ලලා කියල අද පලවෙලා තිබුණානේ. අර ලන්ඩන් නුවර හිටපු බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාට සිද්ධ වූ දේ මෙතුමාටත් නොවේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. කවුරුන් හෝ විසින් දක්ෂ අවංක නිලධාරින් දේශපාලන පාපන්දු හැටියට භාවිතා කළොත් විපතක් වෙන්නේ එම නිලධාරීන්ට මිස ඒ වැනි දේවල් කරන හාල්පාරුවන්ට නොවේ.

:       31       198

ratna P Wednesday, 13 June 2018 09:40 PM

දැන් ඉතින් එන් ජි ඕ කාරයන්, එල් ටි ටි හිතවාදිටව්එ හෙම ජාත්‍යන්තර මානුෂික අයතිවාසිකම් කොමිසමට කියයි මේ නිලධාරියත් යුද්ද අපරාධ කලා කියල. කොන්ද කෙලින් නැති අපේ දෙසපලකයන් මෙයාව අත්අඩංගුවට ගන්න කියල කටයුතු කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 940 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 331 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 719 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 113 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 79 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 799 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site