අංජුල මහික වීරරත්න
කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද (18) පැවසීය.
රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බව කී මන්ත්‍රීවරයා රට අරාජික බවට අගවිනිසුරු පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපති ධුරය ද දැරීමට අවස්ථාව හිමිවන බවද පැවසීය.
එහිදී අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බලන අතර චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි
Nishantha Sunday, 18 November 2018 11:43 AM
අපරාදෙනේ ජනාධිපති කෙනෙක් ඉන්නේ...
Udara Sunday, 18 November 2018 11:48 AM
ඔහෙලා එක එක දේවල් කියලා අර වයසක මනුස්සයා තමයි අන්තිමට අමාරුවේ වැටෙන්නේ...
channa Sunday, 18 November 2018 11:50 AM
අනේ එතකොට පොලොන්නරුවේ මහතා...
sandy123Sunday, 18 November 2018 12:20 PM
ගෙදර යන ගමන්....
Hafeel Sunday, 18 November 2018 02:30 PM
ආප්ප විකුණලා හරි ජීවිතය ගත කරාවි.
සමන්ත Sunday, 18 November 2018 11:50 AM
එහෙනම් ඉතින් ජනාධිපතිවරණය නොතියා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කතානායක පත් කරමු.. පාර්ලිමේන්තුවේ ස්වාධීන නැති මේ කතානායක ජනාධිපති බලතල ගත්තොත් මොනවා වෙයිද...?
Bamunuarachchi Sunday, 18 November 2018 12:07 PM
හලෝ අපි කියන බණේ තේරෙන්නේ නැද්ද? ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්... මන්ත්‍රී ඇමති ඡන්දයක් නොවෙයි.
Bamunuarachchige ammaThursday, 22 November 2018 04:52 AM
ඡන්දෙ ඉල්ලන්නේ අපේ සල්ලි හොරකපු උන්ගේ නඩු ටික එනවා ඊලග මස 6 .... නඩු ටික මග අරින්නයි මෙහෙම කරන්නේ.... නැතිව අපට ආදරේට නෙවෙයි.
Bamunuarachchi Sunday, 18 November 2018 12:07 PM
හලෝ අපි කියන බණේ තේරෙන්නේ නැද්ද? ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්... මන්ත්‍රී ඇමති ඡන්දයක් නොවෙයි.
සමන්තSunday, 18 November 2018 12:52 PM
ඇයි, ඔයා හිතන් ඉන්නේ ජනතාව කියන්නේ ඔයාගේ දේශපාලන මතය කියලද? නිකන් යන්න මහත්තයා යන්න බයිලා කියන්නේ නැතුව...
BamunuarachchiSunday, 18 November 2018 04:49 PM
බයිලද පැල්කවිද කියලා අහන්න දීල බලන්නකෝ, මොකද දෙන්න බය? පරදින බව දන්නා නිස්සනේ. මොකක්ද හිතනවාද 18 පෙබරවාරි වලින් පස්සේ රනිල්ට මිනිසුන්ගේ කැමැත්ත වැඩි උනාකියලා.? ඒ නිසාද පක්ෂෙන් සජිත් තෝරන්නේ?
roshan prananduSunday, 18 November 2018 01:15 PM
ජනතාව කියන්නේ අපි, අපි ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්.., නැත්නම් අායෙත් මේ ජනාධිපති ප්‍රශ්න ඇති කරනවා. මෙයාව යවන්න ඕනෑ.
BamunuarachchiSunday, 18 November 2018 04:55 PM
මෙයාව යවලා ගන්නේ ඝෝටාභය. එජාපෙ ජනාධිපතිකම දෙන්නේ රනිල්ටද? නරකද ඒ ඡන්දෙ කුණුබක්කියට දාන එක. අගමැතිකම කොරගන්න බැරි කෙනා කොහොමද ජනාධිපති කමක් කොරන්නේ. අපි දන්නවා එජාපෙන් පොල් පිත්තක් ආවත් ඡන්දෙ දෙනබව. එජාපෙ ඉන්නවාද ජනාධිපති කම කොරන්න කෙනෙක්.
Chanak Los angelesSunday, 18 November 2018 06:25 PM
හලෝ අපි කියන පිරිත තේරෙන්නේ නැද්ද? ඕවට වියදම් කරන්නේ හලෝගේ බූදලයෙන්ද?
ගල්කටස් Sunday, 18 November 2018 12:42 PM
ඕන් පටන් ගත්තා තව විශාරදයෙක්... යකෝ අපිට ඕනෑ දැන් ජනාධිපතිලා, කථානායකලා නෙමෙයි, ඡන්දයක්.. එ්ක දීපල්ලා.. අපි බලාගන්නම් කව්ද එවන්න ඕනෑ.. කව්ද යවන්න ඕනෑ කියලා..
Dayan Sunday, 18 November 2018 01:18 PM
මහින්ද රාජපක්ෂ යටතේ ගල්කටස් වලින් ඡන්දෙ කරාවි ෂුවර් එකටම...
Vishaka Sunday, 18 November 2018 01:32 PM
අම්මපා. එහෙනම් රනිල් එ්කත් බදාගනියි.
menna Sunday, 18 November 2018 01:56 PM
දැන් තමයි තේරෙන්නේ ඒජාපෙට රට ගැන කිසිම අවබෝධයක් නැති පක්ෂයක් කියලා. 1815 ගිවිසුම් ගහලා සුද්දෝ ලංකාව යටත් විජිතයක් කළාට, 2015 ගිවිසුම් ගැහුවේ කළු සුද්දෝ හින්දා අතේ මාට්ටු... ඔය එන්නේ ඒජාපෙ යටි අරමුණු... ඡන්දෙකින් දිනන්න බැරි ජනාධිපතිකම ජනාධිපති රට අරාජික කරනවා කියලා බොරු කියලා ජනධිපතිකම් ගන්න... මේ වෙනකන් ඒජාපේ කටයුතු ගැන මධ්‍යස්ථව බලන් හිටියා.. ඒ වුණාට මේ වගේ දේවල් වෙන්නම ඕනේ.. මොනවගේ කුරුමානම් කරන්නද බලන් ඉන්නේ කියල බලන්න.
chinthakaMonday, 19 November 2018 06:14 AM
මේ මිනිහට පිස්සු. මොන ක්‍රමේකින් හරි බලයේ ඉන්න තමා බලන්නේ
buddhima Sunday, 18 November 2018 01:56 PM
දැන් බලන් ගියාම ජනතාවගේ ඡන්ද අයිතියත් මේ ගොල්ලොම තීරණය කරනවනේ...
sachith Sunday, 18 November 2018 02:07 PM
අගමැතිලා දෙන්නෙක් ඉන්න රටේ ජනාධිපතිලා දෙන්නෙක් වැඩි නෑ...
Amila Sunday, 18 November 2018 02:18 PM
එක්කෝ මේ වෙලවේ හැටියට රනිල් සහ මහින්ද එකඟතාවයකට පැමිණ මේ පොලොන්නරුවේ කේස් එක ගෙදර යැවිය යුතුය.
විජිත් Sunday, 18 November 2018 03:59 PM
මේ නාකි දේශපාලකයන්ගේ අදහස් අපිට හරියන්නේ නැහැ. මේ ඔක්කොම නඩු අහලා බලු කූඩුවට දමලා අලුත් තරුණ උගත් බුද්ධිමත්, වෙනස්ම පක්ෂයකින් එන නායකයෙක් පත්කර ගනිමු...
Bamunuarachchi Sunday, 18 November 2018 05:02 PM
මහින්ද ගල්කටස් බැරිනම් කැටපොල් එකෙන් හරි කමක් නැහැ මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී හාල තිබුණු මෙරට වී නැති රටක් කරපු එජාපෙ ගෙදර යවනවානම්. මහා බැංකුව කොල්ලකාපු මේ ආණ්ඩුව තියා ගන්න ඕනේ කියන්නේ මොන ලාංකිකයාද?
Jaya Sunday, 18 November 2018 11:21 PM
මාර මෝඩ චුන් තමයි දැන් තියෙන්නේ.
සෙනෙවි Monday, 19 November 2018 12:42 AM
අප්පුවා රජ උනා වගේ තියෙයි
disa Monday, 19 November 2018 02:34 AM
මේ වෙලාවේ මේකට සුදුසුම විසදුම කතානායකට බාර දීමයි.
Deepal Nirosh Monday, 19 November 2018 03:18 AM
මේ කතානායකට ජනාධිපතිකම දෙන්න? දැන් මෙහෙම නම් ජනාධිපතිකම නොවෙයි අගමැතිකම ලැබුනොත් කොහොම වේද?
Pasindu Monday, 19 November 2018 04:11 AM
එතකොට ජනාධිපති, අගමැති මොකටද ? අර පර්ලිමේන්තුවේ කතානයක ඡන්දය විමසන්නේ ශබ්දය අනුව. ලොකේ පලවෙනි පර්ලිමේන්තුව ඔහොම දෙවල් වෙන. රටට බුදු සරණයි මහත්තයෝ. විරුද්ධයි ඕකට නම්.
keerthi senarath Monday, 19 November 2018 07:28 AM
එය ඉතා ඉක්මනින් කරන්න
parakkrama Monday, 19 November 2018 08:11 AM
පසිඳු මයා, චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක වශයෙන් කටයුතු කරන අවදියේ කිහිප වතාවක් ශබ්දය අනුව තමාගේ සිතැඟි පරිදි ඡන්දයේ ප්‍රතිඵල පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයට පත්කර ඇති බව නොදැන සිටීම ගැන කනගාටුයි.
aruna Monday, 19 November 2018 08:22 AM
මේ අවස්ථාවේ රට බේරා ගැනීමට තිබෙන හොඳම ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමයි...
amali Monday, 19 November 2018 10:14 AM
කතානායකතුමාට ජනාධිපතිකම දුන්නොත් වඳුරට දැලි පිහිය දුන්නා වගේ තියේවි එයා එජාපයේ කතානායක මිසක් පාර්ලිමේන්තුවේ කතානායක නෙවෙයි එක ඕනෑවටත් වඩා පහුගිය ටිකේ දැක්කා...
Bamunuarachchi Tuesday, 20 November 2018 04:37 AM
එතකොට ජනාධිපති ධුරයයි කතානායක ධුරයයි දෙකම ජනාධිපතිට දරන්න බැරිද?
sam Wednesday, 21 November 2018 01:08 AM
මේ ප්‍රශ්නයේදී පෙනෙනවා කතානායක ජනපතිකම ගන්න සීතල යුද්ධයක් ගෙනියනබව. ඔහු මේ හදන්නේ තමන්ගේ බෑනා වන නවීන් දිසානායකව උඩට ගන්නයි. ඔය ගේම් එකේදී රනිල් එලියට යනවා. නවීන්ගේ තාත්තා ට්‍රයි කරලා බැරිවුනුදේ තමයි මේ පාර කතානායක තනතුර හරහා කරන්න යන්නේ. 1991දි ගාමිණි දිසානායකට වැරදුනේ කතානායක ප්‍රේමදාස මහතාට පක්ෂවූ නිසා. මේ පාර රනිල්ට සහ සජිත්ට වරදින්නේ නවීන්ට පක්ෂ කතානායක නිසා. සිරිසේන රාජපක්ෂ රනිල් ප්‍රශ්නේ මග යන අස්සේ කරු සහ නවින් ගෙනියන්නේ මාර ගේමක්. ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියන්නේ නිකම් නෙවෙයි.
rohana kumara mendis Wednesday, 21 November 2018 08:17 AM
බමුණුආරච්චි කිසිම දෙයක් දන්නෙත් නෑ දන්නවා වගේ ලියන්නේ. මහින්දට කඩේම යනවා.