IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කතානායකගෙන් විමල්ට දැඩි අවවාද


(ආරියරත්න රණබාහු - සුජිත් හේවාජුලිගේ)


පාර්ලිමේන්තුව විගඩමක් කර ගන්න එපා යැයි  කතානායක කරු ජයසුරිය මහතා ඒකාබද්ධ  විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කරමින් අද (23) කියා සිටියේය.


වීරවංශ මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් ඇදීම සඳහා කිහිපවරක් මයික්‍රෆෝනය ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් නොලැබුණු නිසා  මහ හඬින්‘කතානායකතුමෝ‘  යැයි හඬ නඟා පැවසු අවස්ථාවේදී  නොරිස්සුම් තත්ත්වයට පත් වු  කතානායකවරයා  රීතී ප්‍රශ්නයට ඉඩ දී එය රීතී ප්‍රශ්නයක් නොවේ යැයි පවසමින් ඒ බව සඳහන් කළේය.


කතානායකවරයා විරවංශ මන්ත්‍රීවරයාට අවවාද කරමින් මෙසේද කීය.


‘මේක ශීලාචාර ස්ථානයක්. පාර්ලිමේන්තුව විගඩමක් කරගන්න එපා. ඉස්සෙරලාම මට කතා කරන්න දෙන්න .ඔබතුමා වාඩි වෙන්න මං තුන්වෙනි වතාවට කියන්නේ. ඉන්පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා නහඩව අසුන්ගනු දකින්නට ලැබිණි. 



අදහස් (19)

කතානායකගෙන් විමල්ට දැඩි අවවාද

රවින් Wednesday, 23 May 2018 01:22 PM

ගරු කතානායකතුමනි, පිරුණු කලේ දිය නොසැලේ කියන පාඨය ඔය සභාවේ හැමෝටම පෙනෙන තැනක ලියලා තිබ්බොත් (හැම මේසයකම ඇලෙව්වොත්) තමයි හොඳ... ආ !! එ්ත් අට පාස් කට්ටියට කියවගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ...

:       1754       2939

chandaniFriday, 25 May 2018 07:59 PM

අට නොවෙයි ජිවිතයට ඉස්කෝලෙකට ගියේ නැති මීහරක් පවා ඔය දියවන්නාවේ රැකියාව කරනවා.

:       0       0

කරුණාපාල Wednesday, 23 May 2018 01:24 PM

උපතෙන් ගෙනා වාචාල ගතිය නවත්වන්න කිසිවෙකුට බැහැ මහත්තයෝ.

:       1373       2202

සතයපාල Wednesday, 23 May 2018 01:26 PM

මහරජාගේ වාසල කවටයින්, වන්දි භට්ටයින් බම්මන්නෝ රාජ සභාවට ආවහම මේ වගේ තත්වයක් ඇති වෙනවා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකෙන විදිහේ ජනතා නියෝජනයක් අද නැහැ.

:       1565       1982

mohanThursday, 24 May 2018 02:15 AM

කතානායකලා ඕනෑම ඔහොම වෙනවා.

:       0       0

Sugandhi Wednesday, 23 May 2018 01:26 PM

විමල්ට නොවෙයි, අවවාද කරන්න ඕනෙ.. එයාව පාර්ලිමේන්තු ගෙනෙන්න ඡන්දෙ දුන් අයටයි.

:       887       1715

sirimal Wednesday, 23 May 2018 01:57 PM

උණු දිය හැලියේ කකුළුවාගේ කතාව මතක් වුණා..

:       169       621

sirimal Wednesday, 23 May 2018 02:05 PM

මෙවන් අසාමාන්‍ය ආපදා අවස්ථාවක පාර්ලිමේන්තුවේදී විපක්ෂය කිසිඳු වගකීමක් නැතුව දේශපාලන කථා පැවැත්වීම සියලු දෙනාම හෙළාදැකිය යුතුයි.

:       497       682

Sunil Wednesday, 23 May 2018 02:38 PM

ඉතින් කතානායකතුමෝ, අශීලාචාර අය, ශීලාචාර ස්ථානයක් ගැන කොහොමද දන්නේ?

:       274       323

senarath Wednesday, 23 May 2018 02:53 PM

පාර්ලිමේන්තුව විගඩමක් බවට පත්කළේ මේ කතානායක සහ අගමැතියි. අගමැති දෙන හස්ත සංඥාවලට අනුව කතානායක තීන්දු දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ විතරයි. කලින් හිටපු හැම කතානායකවරයෙක්ම ඒ තනතුරේ ගෞරවය උපරිමයෙන් රැකෙන විදියට කටයුතු කළා.

:       4758       5193

Kumara Wednesday, 23 May 2018 03:33 PM

ඕකට තමයි කියන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා.

:       164       807

dhamneth Thursday, 24 May 2018 01:04 AM

කියමනක් තිබෙනවා වැඩිම ශබ්දය පිටවන්නේ හිස් බැරල් වලින් කියා එකනේ බෙර වලිනුත් විශාල ශබ්ද පිටවන්නේ

:       0       0

pitigala Thursday, 24 May 2018 01:16 AM

මේක නූගත් කම සහ වාචාල කම.මේ වගේ අය පාර්ලිමේන්තුවට එවන්න ඡන්දෙ දුන්න මිනිස්සු පව්!

:       0       0

mohan Thursday, 24 May 2018 02:18 AM

විපක්ෂයට කතා කරන්න නොදෙන එකම පාර්ලිමේන්තුව රනිල්ගේ පාර්ලිමේන්තුව. එකේ කතානයකට අවවාද කරන්න කෙනෙක් නැද්ද?

:       0       8

kalani Thursday, 24 May 2018 02:19 AM

පළපුරුදු මන්ත්‍රීවරයකු සහ ඇමතිවරයකු ලෙස කටයුතු කළ කෙනෙක්, පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක ගරු කතානායකවරයාට උපහාස්මක අයුරින් ඇමතීම කිසිසේත් අනුමත කළ නො හැකිය. මෙවැනි අප්‍රසන්න, කට පාලනය කරගත නොහැකි බාලයන්ගෙන් බලාපොරොත්තු විය හැකි සදාචාරය කුමක්ද? කුමාරතුංග මුනිදාසයන් ලියු පරිදිම " හොඳ නරක දැනුමෙන් - නො ලැබී නුවණ නැතහොත් -එහෙයින් හොඳය සලකා - කරන දෙයද නොහොඳ වේ."

:       8       0

sigithi Thursday, 24 May 2018 03:05 AM

අර මොකද ? විමල් විතරක් ඔතන සිටින වැඩි හරියක් විගඩම් කරයෝනේ .මේ තියෙන්නේ පාර්ලිමේන්තුවක් කියල කාටද කියන්න පුළුවන් . වැදගත් කමට කීයෙන් කිදෙනාද කතා කරන්නේ . අගමැතිව බලන්න . කොහොමද කතා කරන්නේ කියා . ජනධිපතිව බලන්න එත් එහෙමනේ . ඉතින් අනිත් අය ගැන කවර කතාද

:       0       2

prakaash Thursday, 24 May 2018 03:39 AM

කතා නායක වැදි බණ දෙසයි.මුළු පාර්ලිමේන්තුවම විගඩමකි

:       0       5

වල්පිට Thursday, 24 May 2018 03:58 AM

කතානායක තුමනි ඔබගේ කතානායක පුටුවේ හැසිරීම අනුව ඔබට ලැජ්ජාවක් නැත්ද? අනිත් අයට මෙසේ කීමට "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට"

:       108       39

sampath Monday, 28 May 2018 09:49 AM

අර පාර්ලිමේන්තුවේ කව්ද හොරා කියා කියා අගමැතිතුමා බෙරිහන් දීපුවෙලාවේ ඔබතුමා කතානායක පුටුව යටද හිටියේ. මීට පෙර අවස්ථා කීපයකදීත් අපි දැක්ක ඔබතුමාගේ ක්‍රියාකලාපය. සමහර වෙලාවට අගමැතිතුමා පාර්ලිමේන්තුව ඇතුළෙම මුනටම බනිනවා. කතා නායක පුටුවෙන් අයින් කරනවා කියලත් බැන්න. පාර්ලිමේන්තුව විගඩමක් කරගෙන තියෙන්නේ ඔබතුමාම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 419 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 830 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 629 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1475 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2957 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1913 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site