IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය දීමේ නීති රීති දැඩිකෙරේ

(දි ඕස්ට්‍රේලියන් ඇසුරිනි - 125)

ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ බහුතරයක් වෙසෙන ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම තවත් අසීරු කෙරෙන ආකාරයට සංක්‍රමණ නීති දැඩිකිරීම සඳහා එරට රජය පියවර ගෙන තිබෙන බව ‘ද ඕස්ට්‍රේලියන්‘ පුවත්පත වාර්තා කරයි.

එරට පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් මින් ඉදිරියට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සහ ඔස්ට්‍රේලියානු සාරධර්ම පිළිබඳව දැනුවත්භාවය ඔප්පුකළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ප්‍රකාශ කරයි.

මීට අමතරව, ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසර හතරක් එරට ජීවත් විය යුතුයි. මේ දක්වා පැවති නීතිය අනුව ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසරක් සම්පුර්ණ කළ අයෙකුට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමේ අයිතිය තිබිණි.

මෙම සංශෝධන කෙරුණේ ඔස්ට්‍රේලියාවේ රැකියා පතන විදේශිකයන්ට වීසා බලපත්‍ර දීමේ ක්‍රමවේදය දැඩි කරන බව ආණ්ඩුව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය. 

සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියානු සමාජයට මනාලෙස අනුගතවීම සහතිකකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට අගමැතිවරයා ප්‍රකාශ කළේය. සංක්‍රමණික ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ සාරධර්මවලට සහ ආගමික නිදහසට ගරු කළයුතු බවද අගමැතිවරයා අවධාරණය කරයි.

දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් ප්‍රකාශකර තිබුණි.



අදහස් (17)

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය දීමේ නීති රීති දැඩිකෙරේ

පිටිගල මිලානෝ Friday, 21 April 2017 01:11 PM

ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඔස්ට්‍රේලියාවට පැනපු දැන් පැන්ෂන් වයසේ පසුවන ගොඩාක් අය ලංකාවේ තරුණයන් පැමිණ පදිංචි වනවාට හරිම කුහක ලෙසින් විරුද්ධයි.

:       1636       2267

ප්‍රීතිFriday, 21 April 2017 03:22 PM

ඕක ඉතින් අමුතුවෙන් අහන්නත් දෙයක්ද? පිටිගල මිලානෝ, ජන්මයෙන්ම අපේ අයට පිහිටලා තියන කුහකකම ලංකාවේදී විතරක් නෙමේ, ලෝකේ කොහේ ගියත් ඇරෙන්නේ නැහැනේ.... හොඳ වෙලාවට අපේ කට්ටියට හඳට යා ගන්න බැරි උනේ....බැරි වෙලාවත් අපේ අය හඳට ගියානම් එහෙම... ලෝකේ කිසිවෙකුට ආයේ හඳට යන්න බැරි වෙන විදිහට ක්‍රමයක් හොයලා, ඒ හඳ අනෙක් අයට නොපෙනෙන්න ක්‍රමයකුත් හදන්න උත්සාහ ගනියි.

:       277       569

PrasaFriday, 21 April 2017 08:40 PM

අනේ මිලානෝ සහ ප්‍රීති, ඔයගොල්ලො නිකන් ඇස් දෙකට දැකලා වගේ මේ කුණු කතා හදන්නේ. ඕකට කියන්නේ ඉරිසියාවට කතා හදනවා කියලා...

:       0       0

RaniSaturday, 22 April 2017 02:04 AM

ඔබ කියන්නේ මෝඩ කතාවක්. එහෙ ආණ්ඩුව ගන්න තීරණ ගැන එහෙ ජීවත්වෙන ලංකාවේ අයට බලපෑම් කරන්න බැහැනේ. ඒ වගේම මේ නීතිය ලෝකේ මොනම රටකින් එහාට ආව උණත් බලපාන එකක්නේ. මිලානෝ ගියේ මෙල්බර්න් යන්න බැරි උන හින්ද දුකයි වගේ.

:       427       966

shantha Friday, 21 April 2017 08:16 PM

අනන් මනං බයිලා කියන්න එපා. මේ රට මේ නීති දමන්නේ දැන් දැන් රට තුල දේවල් නිසා ඒක පාලනය කරගන්න. මෙහෙ ඉන්න ලංකාවේ අයගෙන් බාහිර ජාතීන්ට වැඩි කරදරයක් නැහැ. නමුත් වෙනත් රටවලින් ආපු මිනිසුන්ගෙන් ගොඩාක් කරදර හා වංචා සිදුවනවා. රටේ තියෙන නිදහස නිසා මේ මිනිසුන් හසු කරගන්න සමහරවිට අපහසුයි. ඒ අතර නීතියේ හිල් උපයෝගී කරගෙන ටයි කොට් දාගෙන වංචා සහගත වැඩ කරන අයත් මෙහෙ ඉන්නවා. ඉතින් මේවගේ දේවල් පාලනය කරන්න තමයි රජය අලුත් නීති ගෙනෙන්නේ..

:       0       0

sam Friday, 21 April 2017 11:18 PM

පිටිගල මිලානෝ, මමත් හරියටම ඔබ ඔය කියන වයස සීමාවේ ඉන්න කෙනෙක්. අසූවේ දශකයේ අග අපි සංක්‍රමණය වෙනකොට මෙහෙ හිටියේ මුළු ලෝකයම පිළිගත් ඉතාමත්ම ඉහල සුදුසුකම් ලැබූ සිංහල (දැනගත්තා උනත්) වචනයක් වත් ගෙදරදීවත් කතා නොකරන බමුණු කුලයේ පිරිසක්. අලුත් ලාංකිකයන් ඔවුන්ගේ බමුණු කුලයට නොගැලපෙන්නන් ලෙස පහත් ලෙසයි සැලකුවේ. බර්ගර් ජාතිකයන් පමණක් ඉතාමත් කැමැත්තෙන් අලුතින් පැමිණෙන ලාංකිකයන් හා සමග කටයුතු කළා .බොහෝ පන්සල්, අවරුදු උත්සව, වෙසක් සැරසිලි සියල්ලම මෙහෙ පටන් ගත්තේ ඔබ ඔය කියන වයස් කාණ්ඩයේ අයයි . මේ වෙනකොට ලක්ෂ ගාණක් ලාංකිකයෝ මෙහෙට පැමිණීමට ඔබ ඔය කියන වයස් සීමාවේ අයගේ උදව් උපකාරත් හේතු උනා. ලංකාවේ නම කැත නොකර මෙහෙට නීත්‍යානුකුලව එන කිසිවෙකුටත් කාගේවත් කුහක කමෙන් හෝ විරුද්ධ කමෙන් කල හැකි දෙයක් නැති බව 1990 ලබන විටත් ඔප්පු වී හමාරයි....

:       57       52

bandula Friday, 21 April 2017 11:53 PM

බොහෝ අය ඔස්ට්‍රේලියාවට පැනපු අය නොවේ. අවසර අරගෙන ආපු අය . මේක ඔස්ට්‍රේලියාවට ආපු ලංකාවේ අයගේ තීරණයක් නොවේ. රජයේ තීරණයක්... මෙය ඉංග්‍රීසි කතාකරන රටවල සුදු ජාතිකයන් පමණක් රටට ගැනීමට දරන අසාධාරණ තීරණයක්... 1970 ට පෙර මේ රට ගත්තේ සුදු ජාතිකයන් පමණි. ලංකාවේ බර්ගර් අය ආවේ එහෙමයි.

:       2       1

Kamal Sydney Saturday, 22 April 2017 02:36 PM

බන්දුල, රටේ දුප්පතුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන රටට වැඩක් නොකර ඒ ණය හිතේ හංගාගෙන තම ආත්මාර්ථය උදෙසාම වෙනත් රටකට යනවාට 'පනිනවා' හැරෙන්න වෙන මොනවා කියන්නද?

:       0       64

රුචිර Saturday, 22 April 2017 03:54 AM

ඉතාලියට ලංකාවේ තරුණයන් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී නොගෙන්වන මහල්ලෝ ඕස්ට්‍රේලියාවේ මහල්ලෝ ගැන කතා කරන එක හරිම ආනන්ද ජනකයි.

:       2       187

කමනි Saturday, 22 April 2017 04:56 AM

මේක අළුත් නීතියක් නෙවෙයි. මේ සේරම කලින් රෑ ඉඳන්ම තිබුණ නීති. අවුරුද්දක් හිටියම කාටද ඕස්ටේලියාවේ පුරවැසිභාවය ලැබෙන්නේ? කොහොමත් අවුරුදු 4ක් ස්ථිර පදිංචිය තියෙන්න ඕන....

:       0       162

ලාල් - මෑන්ලිSaturday, 22 April 2017 12:56 PM

කමනි, කොහෙද යන්නේ මල්ලේ පොල්. ඊර්ෂ්‍යාව කොච්චරද කියන්නේ ලියපු දෙයක් වත් හරියට තේරිලා නැහැ...

:       122       2

ලාල් - මෑන්ලිSaturday, 22 April 2017 02:40 PM

කමනි සමාවන්න මම ඉහත කොමෙන්ටුව දැම්මේ රාණිට.

:       0       2

menna Saturday, 22 April 2017 06:33 AM

මේකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. උතුරේ කට්ටිය වෙනම රටක් ඉල්ලුවේ සිංහල භාෂාව සහ සාරධර්ම නොදන්නා කමින්. මොන කයිවාරු ගැහුවත් ලංකාව තරම් නිදහසක් තියෙන රටක් කොහෙවත් නැහැ. ඒ නිදහස නැතිකරලා,..

:       0       39

ලුම්බිණි Saturday, 22 April 2017 08:14 AM

ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න විතරක් නොවෙයි... 88/89 කාලයේ භීෂණයට, එල්.ටී.ටී.ඊ. එකට සහ තවත් නොයෙක් අයට පින් සිදු වෙන්න බොහොම කට්ටිය ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා.

:       0       24

පිටිගල මිලානෝ Saturday, 22 April 2017 09:27 AM

ලුම්බිණි, නමුත් ඔය සෙට් එකේ ඉන්න ඔක්කොම අමාරුවෙන් නිදහස් අධ්‍යාපනය සහ ලංකාවේ විශ්වවිද්‍යාල නිසාම ගොඩ ඇවිත් රටද අමතක කර අතමිට සරු කරගන්න ඕස්ට්‍රේලියාවට පැනපු අයයි. මේ අය බහුලව පැමිණියේ අසූ ගණන්වල අග භාගයේදී. මේ අය මේ ගොල්ලන්ට වඩා හොඳින් ජීවත්වන ජර්මන්ටෙක් සහ පිටරට විශ්වවිද්‍යාල වලින් පැමිණි අයවත් පහත් කරලයි කතා කරන්නේ.

:       162       338

දිනේෂ් ඒකනායක සිඩ්නි Saturday, 22 April 2017 01:04 PM

ලංකාවෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනයත් සමඟ එන පිටරට අයට මෙහෙ රැකියා ගන්න හරිම අමාරුයි. ජර්මන්ටෙක් සහ පිටරට විශ්වවිද්‍යාල වලින් එන වැඩ්ඩොන්ට තමයි මෙහෙ රැකියා වලට යන්න ලේසි. ඒ නිසා සමහරුන්ට ලංකාවේ තරුණයෝ හොඳට ඉන්නවා පෙන්නන්න බැහැ.

:       1       103

kirthi Monday, 24 April 2017 12:39 AM

ඔස්ට්‍රේලියාවේ ඉන්න සිංහල අයගේ කුහක කම දැක ගන්න හොඳම තැන තමයි ඔස්ට්‍රේලියාවේ සිංහල අයගේ සංස්කෘතික දැක්මවල්. නටන්න බැරි මහලු අය නටනවා සින්දු කියන්න බැරි අය සින්දු කියනවා. බඩ දඟලනවා!! තව එකක් කියන්න ඕනේ.. ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකාවේ සිංහල, දෙමල, බර්ගර් ආදී සියලු දෙනාට ඔස්ට්‍රේලියාවෙන් විශේෂ සැලකීම් නැහැ... හැමෝම වැටෙන්නේ සුදු ජාතිකයෙන්ගෙන් පහල සමාජ ස්ථර වලට. ලංකාවේ බර්ගර් ජාතිකයොත් "කළු" ඝනයට තමයි වැටෙන්නේ. කෙලින් කිව්වොත් ලංකාවේ කව්රුවත් "සත පහකට" මායිම් වෙන්නේ නැහැ මෙහෙ. කෙසේවෙතත් තමන්ගේ පාඩුවේ ජිවත් වීමට තියෙන ඉතාමත් "වාසනාවන්ත" රටක් ඔස්ට්‍රේලියාව.

:       0       195

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 403 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 784 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 673 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 948 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 754 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site