(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
ව්‍යවස්ථා විරෝධිව කටයුතු කල ජනපතිවරයා සමස්ථ රටත් ජනතාවත් ව්‍යසනයකට පත් කර ඇති බවත් එස්. බී. දිසානායක මහතා දෙවන වතාවටත් වැඩ වරද්දාගන්න යන බවත් රංගෙ බන්ඩාර මහතා පැවසීය.
රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවසුයේ අද (10) උඩුනුවර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසින් සංවිධානය කර තිබු වත්මන් ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිකම් ගත් අයට විරෝධය පල කිරිම සදහා ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයේදිය.
විරෝධතාවයට එක්වු පිරිස් ගෙලිඔය නගරයේ විරෝධතාවය දක්වමින් ගමන් කළ අතර ඉන් අවසානයේ මෙත්‍රිපාල ජනාධිපතිතුමාගේ රුව සහිතව සැදු පඹයෙක්ද පුළුස්සා දමන ලදි.
රටේ ජනතාවගේ ප්‍රජාතන්වාදය සුරැකිම වෙනුවට ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන ජනපතිට ජනවාරි 5 වෙනිදායින් පසුව පොලොන්නරුවෙන් හෝ කොළඹින් එලියට බැස යන්නට බැරිවෙන ලෙස රටේ ජනතාව කටයුතු කරනවා යයිද රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය තුල අගමැති කමට සුදුසුකම් ඇති කරූ ජයසුරිය, සජිත් ප්‍රේමදාස සහ තවත් තරුණ ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඡන්දයට බය නැහැ... මේ සියල්ලන්ම අගමැතිකමට සුදුසු අය කියලා අපි බය නැතිව කියනවා.. යයි එහිදි අදහස් දැක්වු දයා ගමගේ මහතා කිය.
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූ
කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොල
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුව
පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් සියයට 25 ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍ර
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්රික
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එස්.බී. දෙවැනි වතාවටත් වැඩ වරද්දා ගනීවි
Sudda Saturday, 10 November 2018 11:35 AM
ඇයි රනිල් වික්‍රමසිංහ සුදුසු නැද්ද? එයාගේ නම කපන්නද යන්නේ?
senarath Saturday, 10 November 2018 11:36 AM
මොකෝ මේ බයවෙලා...? බය නැතිව ඡන්දෙට යන්නකෝ...
lakmal Saturday, 10 November 2018 11:53 AM
මෙයාට තමන්ගේ කොල්ලා හදාගන්න බැරුව මොන රට හැදිලිද?
athura Sunday, 11 November 2018 04:59 AM
කොල්ලව යහමගට අරන් දෙන්නද කෝටි ගානකට මහින්ද මහත්මයා මෙයාව ගන්න හැදුවේ .......
menna Saturday, 10 November 2018 12:27 PM
ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැහැ. ප්‍රශ්නයක් නැති කමම ප්‍රශ්නයක්ද කියල හිතෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන මිනිසුන්ම ඒ මිනිසුන් විසින් පත් කල ජනාධිපති ගත් තීරණයට විරුද්ධව පාරවල් ගානේ රස්තියාදු ගහනවා. ලෝකෙට ණය වෙන එක අහන්න දෙයක්ද? අපිට අබ සරණයි. මේ තරම් මිනිසුන්ට කාලය ගෙවා දමන්න විවේකය තියෙනවද? විවේකය වැඩි කමම ප්‍රජාතන්වාදයට තියෙන බාධාවද? දේශපාලකයින්ගේ කතා අහලා ඒ ගොල්ලන්ගේ පස්සේ යන්න තරම් මිනිස්සු කම්මැලිද? හතර වටේ කුණු, ගෙවල්වල ඉඳන් අම්මට හෝ බිරිඳට ගෙවල්, වතුපිටි, ලස්සන කරන්න උදව් කරන්න බැරිද? තමා ජීවත්වෙන ප්‍රදේශයේ පොදු ස්ථාන පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් උදව් වෙන්න බැරිද? ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලකයින්ගේ කතාවලට මනෝ ගැහීමද? මනෝ ගසා වටේ යෑමද?
RNG Saturday, 10 November 2018 12:34 PM
එහෙනම් දෙන්න හදපු වෙලාවේ අගමැතිකම ගන්න එපැයි.. ඒකට හිටපු බලලෝභී අගමැති ඉඩ දෙන්නේ නෑ .. ඔයාලට නොතේරුණාට ඒකයි ප්‍රශ්නේ.. රටේ ජනතාව දන්නවා ඒ ගැන..
sirimal Saturday, 10 November 2018 12:36 PM
මේ මහත්තයා වසන්ත සේනානායක එක්ක පවතුවා යයි කියන දුරකථන සංවාදයක් දැන් අන්තර් ජාලයට එකතු කරලා තියෙනවා. එකෙන් නම් හැඟී යන්නේ මෙයත් පනින්න ඔන්න මෙන්න කියල හිටිය කෙනෙක් වගෙයි. මොකද එකේ දෙන්නාම පක්ෂ නායකයා පිළිබඳව ඇති අප්‍රසාදය ප්‍රකාශ කරන බව පැහැදිලිවම ඇසෙනවා. ගියේ නැත්තේ මොන කාරණයක් නිසාද පස්සේ දුරකථන සාකච්චා එලියට දැම්මේ මොකද කියන එක ගැන නම් අපි දන්නේ නැහැ.
Chanak Los angeles Saturday, 10 November 2018 06:17 PM
වැඩ වරදින්නේ දේශපාලකයින්ට නොවේ. ආයුබෝවන් ... හැමදාම දේශපාලකයින්ට රැවටෙන ජනතාවටයි.. නීතිය තවමත් ඔවුන්ට හිතකර ලෙස පවතින නිසා ජනතාවට ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඔවුන් විසින් අවහිර කරනවා. නිදර්ශනයක් වශයෙන් පිලිපීනය කොතරම් දුර්දාන්ත පාලනයක් පවතින රටක් වුනත් ජනතාවට ද්‍රෝහී වුනු මාකස් බිරිඳට නීතියෙන් දඬුවම් ලැබුණා.. ඒකට අපේ රටේ හොරකම් කර නඩු දමා තිබෙන දේශපාලකයන් නැවත එම මර්මස්ථාන වලටම පත් වෙලා..
kAVANTISSA Saturday, 10 November 2018 06:39 PM
මෙහෙම පිස්සෝ වාගේ කෑ ගහන උදවියට මොන ප්‍රජාතන්ත්‍රවාදයද?
samantha Saturday, 10 November 2018 07:40 PM
එතකොට කොල්ලෝ හදාගන්න බැරි වාචාලයට දේශපාලනේ කැපයි ද?
Bamunuarachchi Saturday, 10 November 2018 10:16 PM
හලෝ ඇත්තටම රට ව්‍යසනයකින් බේරා ගත්තා. මහා බැංකුව කොල්ලකෑම සාදාරනීය කරන ඔබලාගෙන් මේ අවුරුදු තුනහමාරට රටට උන්සේවය කුමක්ද? ඔබලා සමග ජනාධිපති වැඩකළ කාලය තුල සිදුවූ දේවල් ජනාධිපති කතාවේදී ජනතාවට හෙලිකලා. අපි ඒවා අත්දැකීමෙන් සත්‍යබව පිළිගත්තා. දැන් ඔබලාට මේ කල්පයේ බලයට එන්න ලැබෙන්නේ නැත.
Bamunuarachchi Saturday, 10 November 2018 10:21 PM
සජිත් ප්‍රේමදාස මෙරටේ අගමැතිවෙන්න තිබෙන සුදුසු කම මොකක්ද? තාත්තා ජනාධිපතිවී සිටිය නිසාද? විකාර කියවන්න එපා හලෝ.
Lakmal Sunday, 11 November 2018 01:47 AM
මහින්ද රනිල් හොඳයි ..මෛත්‍රී නරකයි
Lakvidu Sunday, 11 November 2018 02:00 AM
අප්පට සිරි එතන ඉන්න ජන ගංගාව දැක්කහම පුදුම හිතෙනවා මල්ලියෝ...........
Symith Sunday, 11 November 2018 02:01 AM
දැන් ජනතාවට වැදගෙන එන්න ...... මේ පාර කීයක් ගෙදර යයිද?
පිටිගල මිලානෝ Sunday, 11 November 2018 02:07 AM
එස්බී කියන්නේ ජනතාව එලවපු කෙනෙක්.
Bamunuarachchi Sunday, 11 November 2018 06:13 AM
එස්බී විතර නොවෙයි රනිල් සහ සමාගම 30 වතාවක් එලෙව්වයි කියලයි කියන්නේ.