IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න - මාරපන කමිටුව නිර්දේශ කරයි

රංජන් කස්තුරි

රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා  වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තිලක් මාරපන කමිටුව පත්කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභහපතිත්වයෙන් යුත් එම කමිටුව වෘත්තීය වේදීන් , පරිපාලන නිලධාරීන් හා නීතිඥයින් ඇතැලු නියෝජිතයින් පිරිසකගෙන් සමන්විතය.

එම කමිටුවේ වාර්තාව  ඉකුත්දා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබිණ.



අදහස් (45)

එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න - මාරපන කමිටුව නිර්දේශ කරයි

Thilina Tuesday, 30 January 2018 01:38 PM

කොහොමද කට්ටිය එකතු වෙලා රඟ දක්වපු නාට්‍යය .

:       345       428

RaveendraWednesday, 31 January 2018 02:13 AM

Thilina මයා වෙත, ඔබ නිවැරදි වන අතර මේ අය හිතාගෙන ඉන්නේ අපි සියල්ලෝම නාටකයේ ප්‍රේක්ෂකයන් ලෙසය.

:       30       83

Cisco Tuesday, 30 January 2018 01:58 PM

රවි එජාප උප නායකකමින් අයින් වුනාම මහ බැංකුවට වූ පාඩුව පියවෙනවද? නොදන්න නිසයි අහන්නෙ.

:       651       744

Jayasinghe Tuesday, 30 January 2018 02:00 PM

හත් ඉල්ලව්ව්යි තාම උපනායකද ? උපනායකකමින් අයින් කරාම වැරදි වැඩ ඔක්කොටම දඬුවම ඒක විතරද?

:       370       450

jeewa Tuesday, 30 January 2018 02:11 PM

මෙයා ගියාම ඔක්කොම හරිද?

:       215       314

රවී හොරා Tuesday, 30 January 2018 02:18 PM

කමිටු වාර්තාවෙන් කියපු විදියට අස්කලොත් ඇතිද දන්නේ නෑ අය්යෝ මෙහෙම රටක්..

:       222       316

කිංග් බැන්ඩිට්Wednesday, 31 January 2018 12:15 AM

අයි, බදුල්ලේ පළාත් අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත්වුනේ .හැබැයි ඌව පළාත් ඇමතිකමෙන් ඉවත්වුනේ නැහැ.

:       0       1

sanath Tuesday, 30 January 2018 02:30 PM

අපි කොහොමත් රවී ඉවත් කරනවට විරුද්දයි .

:       1100       309

SL Tuesday, 30 January 2018 02:36 PM

එතකොට පක්ෂේ සුද්ද වෙනවද ?

:       54       143

Sampath Tuesday, 30 January 2018 02:39 PM

මේවා කාටත් හොඳ පාඩම්.

:       1       106

සෙනවි Tuesday, 30 January 2018 03:22 PM

කලින් කමිටුවකත් මෙම මහතා හිටියා. එදා හරියට කලා නම්???

:       15       105

Raweendra Katugampola Tuesday, 30 January 2018 03:48 PM

නීතිය ක්‍රියාත්මක වුනාම හිරේයයි. ඊටකලින් පක්ෂයෙන්ම ඉවත් කලානම් අඩුම තරමින් පක්ෂය කෙරෙහි තිබෙන නරක නාමය ටිකක්හරි හේදිලා යයි.. නම්බුකාර මහත්මයෙක් නම් එතුමාම පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතුයි..ඒකනම් හීනෙන් තමයි...

:       7       191

asokaWednesday, 31 January 2018 06:55 AM

ආසියාවේ හොඳම මුදල් ඇමැති නම් කියලා වැඩක් නැහැ. දැන් මෙයාගේ නියම නම මිනිස්සු දැනගන්නවා. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය අනාත වෙලා ඉන්නේ දැන්නම්..

:       112       198

ranga Tuesday, 30 January 2018 08:44 PM

මහේන්ද්‍රන්ව සින්ගප්පුරුවෙන් රැගෙනවිත් මහා බැංකුව බාරදුන්නේ රවිද? මහා බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙන්කර අගමැති යටතට පවරාගත් පසුවටත් වගකීම රවීගේද? ජනාධ්පතිගේ විරුද්දත්වය නොතකා මහා බැංකුවට මහේන්ද්‍රන් පත් කිරීම්මට නිර්දේශ කල අගමැතිට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු නැතිද? සුජීව සේනසිංහ හදිසියේ 'කොප්' එකට පත් කලේ ඇයි? මේ බැදුම්කරය සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව වෙනම පරීක්ෂණයකට ලක් කල යුතු නොවේද?

:       1       98

මහසෙනවි - බර්ලින් Tuesday, 30 January 2018 09:06 PM

මේ ආණ්ඩුවේ හරි පහුගිය ආණ්ඩුවේ හරි මේ වගෙ අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හිරේ යවල, සියලු දේපොල රාජසන්තක කරල පසුව තමයි නඩු දාන්න ඕනෙ. නඩු ඉවර වෙනකම් මහ උලු ගෙදර තිබ්බහම ආයෙ එකෙක්වත් මේ වගෙ රාජකීය හොරකම් කරන එකක් නැහැ. නීති නැතිනම් ඒ විධියට නව නීති සම්පාදනය කරන්න ඕනෑ. එතකොට ඉදිරියට එන එක දේශපාලකයෙක්වත් මේ වගෙ මහජනතාවගේ දේපොල, මුදල් හොරකම් කරන එකක් නැහැ. නැතිනම් නඩු ඉවර වෙනකම් මේ අය එළියෙ ඉදල රජ සැප ව්දල ඉවර වෙනකොට මැරිච්ච තැන්වල මහ ගස් හැදිල තියේවි.

:       0       28

Thushara Tuesday, 30 January 2018 11:47 PM

දැන් මෙතන අදහස් දක්වලා තියෙන බොහෝ දෙනා මැරිලා ඉපදුණු අය වගේ... ⁣හොරකමට තිත තියන්න ඕනි. ඒත් පක්ෂ මාර්ගයෙන් හරි විනය විරෝධී කටයුතු වලට යම් පියවරක් ගැනීම අගය කරන්නත් ඕනි. නීති කටයුතු වලට පෙර.

:       11       118

Sathyayaa Wednesday, 31 January 2018 12:25 AM

එජාප නායකත්වය කියන්නේ ටිකිරි එ් වගේම පුදුම මොලයක්. තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතෙන පක්ෂයේ කනිෂ්ඨ සාමාජිකයින්ව අතේ දුරින් තියාගෙන ඉන්න, වැඩිය දැඟලුවොත් එයිටත් එහා තැනකට යවන්න වහා ක්‍රියා කරන චරිතයක් නැති චරිතයක් ඒක. රවී "හොඳම මුදල් ඇමති" කියලා තමන්ම ලෝකුරුවට කියලා හදාගෙන දා ගත්තේ පදක්කමක් නොවෙයි පඩික්කමක්. කෙල ගහන්නේ එයා නොවෙයි එයාව ඔතනට ගෙන ආපු ජනතාව. බෙල්ලටම ලං කරනකන් මිනිහාට දැනුනේ නැහැ. ඉතින් කාල වරෙන්කෝ ! ඒ මොකද පක්ෂයේ නම "එක්සත් ...

:       0       7

ජිල් ජෝනා Wednesday, 31 January 2018 12:46 AM

මහරජාගෙන් වත් රවී පිළිබඳ ගතයුතු පියවර අහලා බලමුද?

:       0       0

jaya m.d Wednesday, 31 January 2018 12:56 AM

තිලක් මාරපන දූෂණයකට සම්බන්ධව නේද ඇමති ධුරයෙන් ඉවත්කලේ?

:       2       0

senaWednesday, 31 January 2018 12:11 PM

හොරාගේ ලොකු අප්පොච්චි වගේද දන්නේ නෑ...

:       0       0

dias Wednesday, 31 January 2018 01:16 AM

පක්ෂයක් හැටියට රවිට දඬුවම් දිය යුතුයි.

:       0       0

manjula Wednesday, 31 January 2018 01:59 AM

උපනායක කමින් ඉවත්කොට නායකතනතුරේ පිහිටවනු ලැබේ. පුරවැසිකම (නැතිනිසා) අහෝසිකරමු. ඇමෙරිකාව, සිංගප්පුරුව වැනි රටකට පිටුවහල් කරමු. මෙවැනි දැඩි දඩුවමක් අනුමත කරමි.

:       0       5

Prabath Wednesday, 31 January 2018 02:00 AM

මේ තීරණය ඉතාම හොදයි ,හොර හිත නිසා යහපාලනය දැන දැන බැදුම්කර බෝම්බය අටවල පක්ෂය විනාශ කලා.

:       0       18

sudesh Wednesday, 31 January 2018 02:15 AM

ඡන්දේ නිසා රගපෑමක්

:       26       83

ගයාන් Wednesday, 31 January 2018 02:43 AM

බලලව ලවා කොස් ඇට බාවලා, දැන් බලලව එලවන ජාතියේ කේස් එකක්නෙ දැන් යන්නෙ.

:       104       2

විමල් වීරවංශ Wednesday, 31 January 2018 03:28 AM

අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිකම දුන්නේ රවි කරුණානායකද ?

:       44       130

Silva Wednesday, 31 January 2018 03:40 AM

කිං කැකිල්ලේ .... මහ බැංකුව තිබුණේ රනිල් යටතේ, මුල්‍ය මණ්ඩලය තිබුනේ කබීර් හෂීම් යටතේ.. මහබැංකු අධිපති පත්කලේ රනිල්ගේඋපදෙස් පිට ජනාධිපතිතුමයි. බොන්ඩ් එක 1 සිට 10 දක්වා වැඩි කලේ රනිල්ගේ අනුදැනුම ඇතුව කබිර්ගේ ඉල්ලීමටලු.. මේ ඔක්කොම කොමිසම හමුවේ එළිවෙලා තියෙද්දී ...කොහොමද මේ මහබැංකු කොල්ලයට රවී වැරදි කාරය වුණේ.? ඇමතිකෙනෙක් ගෙවල් ගත්ත එකටයි, කොමිසමට සහයෝගය නොදීපු එකටයි නම් රවී වැරදි කාරයා තමයි... එ්කට වෙනම නඩුදාන්න ඕනෑ... එ්ත් මෙතන බැඳුම්කර වංචාවට රවී සම්බන්ධ නැතුව ඔක්කොම රවීගේ පිටින් යවලා ඇත්ත හොරු බේරෙන්නයි හදන්නේ...

:       0       186

Bamunuarachchi Wednesday, 31 January 2018 04:01 AM

ඇයි නායකයා ඉවත් කල යුතු නැද්ද? 2005 සිට 2015 වෙනතුරු එයාව අපි අයින්කරලා තිබුනේ. ආයිත් එයාව කූඩෙට දමන්නේ 2020 දී. රවි ගේ වැඩවලට හිතාමතාම සහය දුන්නේ ඔය කියන නායකයා. නැතිනම් විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩලය දේවිද?

:       115       6

rambukwella Wednesday, 31 January 2018 04:28 AM

ඒක හොඳයි. එතකොට පක්ෂේත් සුද්දයි. බැංකුවත් සුද්දයි.

:       0       0

රුක්මාල් T Wednesday, 31 January 2018 06:19 AM

එතකොට සුජීව සහ ෆුට් නෝට් කල්ලිය හොඳයිද...?

:       75       33

chanak los angeles Wednesday, 31 January 2018 06:31 AM

ගරු රවී ඇමැතිතුමාව ඉවත් කරන්නේ හොඳම මුදල් ඇමති වූ නිසාද? වැටිලා තිබුණු ආර්ථිකය ගොඩ ගත්තු නිසාද? මිනිසුන්ගේ අතමිට සරු කළ නිසාද?

:       59       53

BamunuarachchiWednesday, 31 January 2018 01:59 PM

වැටිලා තිබුණු ආර්ථිකය කොහෙද ගොඩ ආවේ? අපි තවත් අමාරුවේ වැටුණා මිස... අපි දැන් ගහන ඉන්සියුලින් එකටත් වැට් බදු ගෙවනවා. ලොස් ඇන්ජලීස්වල ඉඳන් ලංකාවේ අාර්ථිකය ගැන කතා කරනවා. ට්‍රම්ප් මහතා අද කල කතාව අැසුවාද? ඒ වගේ කතාවක් මම කිසි දිනක අසා නැත. අන්න රටට ආදරයක් තිබෙන නායකයෙක් කල කතාව. අඩු පඩියට වැඩ කරන්න කිසිම පිටරැටියෙක් ඇමරිකාවට ගෙන්වන්නේ නැතිබව ලිව්වා. හැම කෙනාටම ග්‍රීන් කාඩ් එක යටතේ රටට එන්න දෙන්නේ නැතිබව කිව්වා. එ්කට අපේ ගොයියෝ අපේ මිනිසුන්ට රැකියාවල් නැහැ ඒ වුණාට ඉන්දියන් කාරයින්ව රැකියාවලට තුට්ටුදෙකේ පඩියට ගෙන්වන්න හදනවා. පැයකට වැඩි කාලයක කතාවක් එතුමා කළා. ඇමරිකන් කාර් නැවත ඇමරිකාවේ හදනබව කිව්වා. මම අැස්පිල්ලන් ගහන්නේ නැතිව බලාගෙන සිටියා. ඒ කතාව මම ඇසුවේ ලංකාවේ ඉඳන් ඔබ ලොස් ඇන්ජලීස් වල ඉඳලාවත් එ්ක අැසුවාද? අපේ ගොයියෝ අාර්ථිකය ගොඩගත්තා. කොහොම වුණත් ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා ගල්ගහන්න වටිනා වැඩ කලේ. වැටිලා තිබුණු ආර්ථිකය ගොඩගත්තාලු. හීනෙන් වෙන්න ඇති.

:       8       101

BamunuarachchiThursday, 01 February 2018 01:20 AM

ගරු රවී ඇමතිතුමාව....? මොකෑ බොල ඒ කව්ද?

:       0       0

wasantha Wednesday, 31 January 2018 06:35 AM

මොහුව පක්ෂයෙන් අයින් කල යුතුයි....

:       0       5

Hafeel Wednesday, 31 January 2018 07:02 AM

සජිත්ව කපලා අනාගත අගමැති වෙන්න හිටිය පුද්ගලයා.. නමුත් රවී ගොඩ... එයාට අංග සම්පූර්ණ නිවසක් ලැබුණා..

:       28       49

BamunuarachchiThursday, 01 February 2018 01:15 AM

සජිත්ව අගමැතිකොරන්නේ මොන බම්බුවකටද? මේ මෙරටට මොන දෙයක් කෙරුවාටද? ඕගොල්ලෝ මොනවාද මෙරටේ දේසපාලන ඉතිහාසය ගැන දන්නේ?

:       8       0

Hafeel Wednesday, 31 January 2018 07:11 AM

දැන් මෙතන රනිල්, කබීර්, මලික් ඔක්කොම බේරිලා සේරම රවීගේ කර පිටින් දැම්මා... නේ....

:       71       97

banda Wednesday, 31 January 2018 07:32 AM

එතකොට මේ අය සුදනන්ද?

:       0       1

සුදත් - බර්ලින් Wednesday, 31 January 2018 07:35 AM

මෙයා දැන් තමන්ම නිවැරදිකාරයා කියල කියාගන්නවා. තමන් නිවැරදි නම් මොකටද මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් වුනේ? දැන් කියයි අධිකරණ කටයුතුවල පහසුව සඳහා තමන් ඉල්ලා අස්වුණා කියලා. හොරෙක් හොරකම් කළාට කවදාවත් තමන් හොරෙක් කියලා කියන්නේ නැහැ. අවුරුදු විස්සකට වැඩි කාලයක් විපක්ෂයේ ඉඳලා ඇවිල්ලා ආණ්ඩුවක් හදාගෙන දස පොළේ ගාගෙන මුළු පක්ෂයේමත් ගෑවා.

:       0       3

indika Wednesday, 31 January 2018 08:48 AM

ඔය වාර්තාවේ රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්කරන්න කියලා නැද්ද?

:       201       545

NISHANTHA PREMARATHNE Wednesday, 31 January 2018 08:50 AM

ඔව්, ඔහු ඉවත් කරන්න

:       26       76

prakaash Wednesday, 31 January 2018 11:29 AM

ජනතාව තේරුම් ගත යුතු වන්නේ එ. ජා. ප. කියන්නේ හොරුන්ගෙන්, මංකොල්ලකරුවන්ගෙන්, දූෂිතයන්ගෙන්, මිනීමරු වංචාකරින්ගෙන් පිරුණු පක්ෂයක්. මෙහි නායකයා (රනිල්) මහබැංකුවේ මංකොල්ලයේද නායකයාය. රවී ඇතුළුව සියළු දෙනාට දඬුවම් දී මුදල්ද අය කර ගත යුතුයි. ඒ වගේම මොවුන් ඉල්ලා අස්විය යුතුය. සිරිසේනද ඉල්ලා අස්වී දඬුවම් වලට මුහුණ දිය යුතුයි.

:       2       116

Bamunuarachchi Wednesday, 31 January 2018 01:45 PM

ඒ ගොල්ලන්ට පුලුවන්දේ තමයි ඒ ගොල්ලෝ කලේ දැන් මහජනයා එකතුවී දේශපාලනයෙන් අතුගා දමන්න. අර වරායේ තිබෙන පුද්ගලික ගුදමත් පවරාගෙන. එ්ක මෙයාගේ මුදල් ඇමති බලයෙන් දීපු ඒවා.

:       12       25

Sampath Thursday, 01 February 2018 01:59 PM

සම්බන්ධ නැති කෙනෙක්ට නඩු දැම්මනම් ඒ පුද්ගලයට විරුද්ධව සාක්ෂි නැතිව ඔප්පු කරගන්න බැරි වෙනවා. එතකොට ඔහුව නිදොස් කොට නිදහස් වෙනවා. එකම සිද්ධියට දෙපාරක් නඩු දාන්න බැහැ. එතකොට ඔක්කොම බේරෙනවා. ප්‍රශ්නේ ඉවරයි. චන්දෙ ඉවරයි.

:       0       0

Liyanage Ramanayake Monday, 05 February 2018 08:10 AM

පක්ෂ සාමාජිකත්වය තහනම් කරන එක නම් පක්ෂයට වඩාත් යහපත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 934 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 440 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 575 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 355 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1789 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 886 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site