එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන්  හිදී පසුගිය දා පැවැත්විණි.

මෙල්බෝන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් විසින් මෙය සංවිධානය කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් මෙල්බෝන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් එක් වී උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධව පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්  අතිශයින් සතුටු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම උත්සවය සඳහා සුබ පැතුම්  පණිවිඩයක් එක් කරමින් සඳහන් කරයි.

වසර 72 ක් පුරා වැඩකරපු, වැඩකරන එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවද එම පණිවිඩයේ සඳහන්ව තිබුණි.

මව්බිමෙන් බැහැරව සිටිය ද හදවතින් අපගේ උතුම් දේශය සහ අපගේ පක්ෂය සමඟ සිටිමින් මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බවද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා  එම පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන්  කර තිබුණි.