අදාළ ගැටලූ වලට විසඳුම් ලැබුණු පසුව සයිටම් සිසුන් එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව මගින් බඳවා ගැනීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයදුම්පත් ලියාපදිංචි කිරීම් ප්‍රධානී රිචඩ් ඒමිසන් මහතා තහවුරු කර ඇතැයි මාලබේ සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය පවසයි.
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මාලබේ සයිටම් ආයතනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සයිටම් ආයතනයේ කළමනාකාරිත්වය පවසනුයේ මෙම ගැටලූවට අදාළ නෛතික හෝ වෙනත් කරුණු තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත් ශ්‍රී ලංකා රජය හෝ වෙනත් නීතිමය ආයතනයක් මගින් ලබාදෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බව එරට වෛද්‍ය සභාව සයිටම් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි.
තම උපාධිධාරීන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන බවත් එය වැළැක්වීමට මැදිහත් වී ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බවත් සයිටම් නියෝජ්‍ය සභාපති හිමාලි ජයතිලක මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන්වේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව දන්වා එවූ ලිපිය පිළිබඳ ලංකාදීපය කළ විමසුමකදී සයිටම් ආයතනය කියා සිටියේ එම ලිපියේ පිටපතක් ලැබෙන්නට සලස්වන බවයි. නමුත් එය මෙතෙක් ලැබී නැති අතර එය ලැබුණු වහාම මෙහි පළ කෙරෙනු ඇත.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එංගලන්ත වෛද්‍ය සභා තීරණය ගැන සයිටම් පිළිතුරු දෙයි
kumara (Gulf) Friday, 15 September 2017 10:07 AM
ළමයි සල්ලි ඉල්ලන් එයි කියලා බයට කියන කතා තමයි ඔය කියන්නේ. සයිටම් දරුවනේ මේ වංචනික ආයතනයට රැවටෙන්නේ නැතුව අදම ගිහින් ඔයගොල්ලන්ගේ සල්ලි ටික ඉල්ලා ගන්න.
අනුර පැස්කුවල්Friday, 15 September 2017 02:45 PM
තමන්ගේ රටේ තියන දෙයක් නරකයි කියල SLMC එක එංගලන්තෙට කිව්වම ඒක ඒගොල්ලෝ පිලිගන්නවා. ඒ වගේම තමයි, ලංකාවේ තියෙන රජයේ වෛද්‍යවිද්‍යාල වල ප්‍රමිතියක් නැහැ කියල සැහෙන පිරිසක් පැමිණිලි කලොත් ඒවටත් ඔය ආනිසංසෙම තමයි. අමතක කරන්න එපා ලංකාවේ තියෙන වැඩි හරියක් රජයේ වෛද්‍ය විද්‍යාල වල SAITM තරම් වත් පහසුකම් නැහැ. එදාට කෑගහන්න එපා ජාති ද්‍රෝහියෝ කියලා. බුමරංගය කැරකිලා එනවා
one srilankanFriday, 15 September 2017 03:20 PM
නරක දෙයට නරක නොකියා හොඳයි කියන්නද? තමාගේ රටේ වුණත් හොරදෙයක් නම් හොරාම තමයි. කොහොමත් රටට හොඳක් වෙන්න නම් සයිටම් වැසිය යුතුය.. අද බලන්න දරුවෝ මහපාරේ සාධාරණය ඉල්ලලා, වාහන තදබදය.... අපරාදේ කෝටි කීයක් නිකම් දෙමාපියන්ගේ සල්ලි නාස්ති වුණාද? සයිටම් වැසිය යුතුය.
Simon Ginger Friday, 15 September 2017 10:29 AM
එස්.එල්.එම්.සී. ගැන ලැජ්ජයි... මේකද දේශප්‍රේමය කියලා කියන්නේ?
sabadosthara Friday, 15 September 2017 11:04 AM
ලංකාව රැවටුණාට එංගලන්තය රවට්ටන්න උපාධි කඩයට නොහැකිවිය. එස්.එල්.එම්.සී. ඔබට ජය !!!
one srilankanFriday, 15 September 2017 03:27 PM
දේශප්‍රේමය කියලා බොරුකරන්න වෛද්‍ය සභාවට හැකියාවක් නැත.. සයිටම් වැසිය යුතුය. පෝලිමේ ගිහින් සල්ලි ඉල්ලගන්න දෙමාපියවරුනේ....
තාරකTuesday, 19 September 2017 02:59 AM
සයිටම් හා දේශප්‍රේමය පටලා ගන්න එපා ජින්ජර්. ඉඟුරු හැම තැනටම හරියන්නේ නැ.
roshan Friday, 15 September 2017 10:45 AM
මොලේ නැති ඉරිසියා කාරයෝ... එංගලන්තේ හා කිව්වොත් ඔයාලා පිළිගන්නවද...?
one srilankanFriday, 15 September 2017 03:21 PM
මොලේ නැතුව නොවේ... මේක තමයි යථාර්තය රොෂාන්
one srilankanFriday, 15 September 2017 03:30 PM
මොලෙත් තියනවා... ඊර්ෂ්‍යාවකුත් නැත. එංගලන්තේ කිව්වත්, නොකිව්වත් අපිට අදාල නැත. හොර කඩේ වහන්න කියල අවුරුදු ගණනාවක් සකල ජනයා කියන්නේ පගා ගත්තු අය නිසයි... මෙම ප්‍රමාදය වන්නේ..
lalith pieris - bostan Friday, 15 September 2017 04:14 PM
අපි මොකටද ඉරිසියා කරන්නේ...? දැන් ඔබ කියන්නේ එංගලන්තයේ වෛද්‍ය සභාවට වඩා අර මාලබේ හොර හොඳයි කියලාද...? මට පෙනෙන්නේ ඔබත් සයිටම් එකේ ඉගෙන ගන්න දරුවෙක් වගෙයි.. අනුවණයින්ට ඇත්ත වැටහෙන්න කලක් ගතවෙනවා.. අනේ මන්දා? ඕකට බෙහෙතක් නෙවිල් මහත්තයගෙන්ම ඉල්ලගන්න..
කාවිංද Friday, 15 September 2017 11:54 AM
සමහර රටවල වෛද්‍ය සභාව සහ ලෝක වෛද්‍ය ආයතනය නිශ්ප්‍රභා කරද, ඒ තීරණ වලට විරුද්ධව එංගලන්ත වෛද්‍ය සභාව විසින් ස්වාධීන පරීක්ෂණයකට පසුව නැවත පිළිගැනීම ලබා දුන් වෛද්‍ය ආයතන බොහොමයක් ඇත. නමුත් සයිටම් ආයතනය මෙම ස්වාධීන පරීක්ෂණයට පසුව, එම පරීක්ෂණයෙන් අසමත් වී ඇත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ මෙයට අදාළ නොවේ.
Aka Friday, 15 September 2017 12:21 PM
කිතුලට නැග්ග මිනිහා කියනවා වගේ කතා කියන සයිටම් ලොක්කන් කියන කතා විශ්වාස කරන්නන්ටත් ඇත්තේ එසේ මෙසේ බුද්ධියක් නෙමේ.
Daya Friday, 15 September 2017 12:25 PM
දැන්වත් ඔය අසරණ සයිටම් දරුවෝ ටික රවට්ටන්න එපා.
Daya Friday, 15 September 2017 12:25 PM
නරියෙක් මිදි තිත්තයි කිව්ව කතාවක් මතක් වෙනවා. දැන්වත් ඔය අසරණ සයිටම් දරුවෝ ටික රවට්ටන්න එපා...
Daya Friday, 15 September 2017 12:28 PM
ලංකාවේ වෛද්‍ය සභාව අපේ උගත් දේශපාලකයෝ ගණන් ගන්නේ නැහැ කිව්වට ලෝකෙම අහන්නේ ලංකාවේ වෛද්‍ය සභාව කියන එකනේ... මේක හරිම කුහක ලෝකයක්නේ...
daham Friday, 15 September 2017 12:52 PM
කරුණු පැහැදිලි කරනවා නම් ඒ එක්කම එංගලන්තෙන් එව්ව ලිපියත් දාන්න ඕනේ. එච්චර එකක්වත් දන්නේ නැත්නම් සයිටම් එකේ මට්ටම එ්කෙනුත් පෙනෙනවා.
one srilankan Friday, 15 September 2017 03:25 PM
ඔබ හරි දහම්... මෙයාගේ ලෙටර් හෙඩින් ජනතාව ගණන් ගන්නේ නැහැ. එංගලන්තයේ වෛද්‍ය සභාවේ කියනවා නම් අදම පලකරන්න කියන්න.. ලිපි එපා.. නැතිනම් බොරු ලිපියක් හදයි.
one srilankan Friday, 15 September 2017 03:33 PM
සිංහලෙන්ද එංගලන්තෙට මෙම නෝනා ලියුම යවලා තියෙන්නේ... සූදානම් වෙන්න දැන් මෙම ලියුම එ්කේ පරිවර්තනයක් කියලා නැවත කියන්න. හොර කඩේ වහන්න... දෙමව්පියනේ සල්ලි ඉල්ලගන්න.
ravinduSaturday, 16 September 2017 08:10 PM
ඔහේ නම් මෝඩ ශ්‍රී ලාංකිකයෙක්ම තමයි. මේක සිංහලෙන් ලියලා තියෙන්නේ, මේ අයට පැහැදිලි කරන්න මිසක් එංගලන්ත සුද්දන්ට පැහැදිලි කරන්න නෙමෙයි. දේශපාලන හිරකරුවන්ව ලෙඩ්ඩු කරන තක්කඩි දොස්තරලා ගැන අපි එංගලන්ත වෛද්‍ය සභාව දැනුවත් කරන්නම්. ඒ වගේම ලංකාවේ වෛද්‍ය පීඨවල සැබෑ තත්වය ලෝකයම හඳුනා ගන්න දවස වැඩි ඈතක නැහැ. අන්න එදාට තේරෙයි එංගලන්තේ ඉස්පිරිතාලවල කාණු සුද්ද කරන්න ලංකාවේ වෛද්‍යවරු හොඳයි කියලා....
දිලංක Friday, 15 September 2017 04:01 PM
දැන් මේ වැඩේ හරි යන අතකට යන්නේ නැහැ .. කරුණාකරලා සයිටම් ළමයින්ට සාධාරණ විසඳුමක් දෙන්න. ඒ ළමයින්ට අධ්‍යාපන රජයේ විශ්වවිද්‍යාල මගින් හෝ ලබා දෙන්න හෝ නිසි ප්‍රමිතියකින් යුතු ආයතනයක් අාරම්ඹ කරන්න ...සයිටම් කියන්නේ හොර ගුහාවක්.... එක රජයට පවරගන්න හරි වෙන කරගෙන යන්න පුළුවන් ආයතනයකට පවරන්න ...මේවගේ දේවල් වලින් ලංකාව බාල්දු වෙනවා.
kamani perera Friday, 15 September 2017 04:09 PM
දෙමවුපියනේ, දැන්වත් තේරෙනවද මේ කට්ටියම එකතුවෙලා ඔබලාව රවටලා තියෙන හැටි. තවත් පරක්කු නොවී වහාම ගොස් සයිටම් හොරකඩය වටලලා ළමයින්ට බොරු උගන්වන්න අයකරපු ලක්ෂ ගණන් මුදල් වහාම දෙනලෙස ඉල්ලා සිටින්න. ඔබ පරක්කු වුනොත් ඒ අය රටෙන් පනිනවා.
Dingirala Friday, 15 September 2017 10:51 PM
සයිටම් ළමයින්ට ඉගෙන ගන්න නොදී කරන්න පුළුවන් හැම බාධාවක්ම කරලා, ඊර්ෂ්‍යාවෙන් මඩ ගහලා, බොරු කියලා රටේ ජනතාව නොමග යවලා, තමනුත් නොමග ගිහින් අන්තිමේදී ජී.එම්.ඕ.ඒ එකේ අතකොළුවක් වන එස්.එල්.එම්.සී. එක මගින් විදේශ වෛද්‍ය සභාවලුත් නොමග යවලා, මේ ගොල්ලෝ කියන්නේ සයිටම් එක වහපල්ලා කියල. හරිනම් මේ ගොල්ලෝ කිව යුත්තේ සයිටම් එක ඇතුළු සියලු විශ්ව විද්‍යාල වලට එකම අවසන් පරීක්ෂණයක් තියන්න කියලයි. එම පරීක්ෂණයෙන් මේ අය කියන විදියේ සයිටම් ළමයි කිසිම දැනුමක් නැති අයනම් ඔවුන් සියලු දෙනාම එම පරීක්ෂණයෙන් අසමත් වේවි. අන්න එහෙම දෙයක් කරලා සයිටම් එක වහන්න කියනවනම් මුළු ලංකාවම පිලි ගනීවි. සයිටම් එකේ අධ්‍යාපනය නියමිත ප්‍රමිතියට නැහැ කියලා. නමුත් එහෙම දෙයක් කරන්න යෝජනා නොකරන්නේ ඇයි? දන්නවා එහෙම කලොත් අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා. මොන මඩ ගැහුවත් කවදා හෝ සත්‍යය ජයගනු ඇත.
Ajith NissankaSunday, 17 September 2017 06:01 AM
සයිටම් එකේ අධ්‍යාපනය නියමිත ප්‍රමිතියට නැහැ කියලා අමුතුවෙන් විභාග තියලා බලන්න අවශ්‍ය නැහැ! එම ආයතනය සිසුන් බදවා ගෙන තියෙන ක්‍රියා පටිපාටියෙන්ම පැහැදිලි වෙනවා එහි ප්‍රමිතිය! ඕක ආයේ එංගලන්ත වෛද්‍ය සභාව කියනකම් ඉන්න අවශ්‍ය නැහැ ! එංගලන්ත වෛද්‍ය සභාව නොමඟ යවන්න එකේ ඉන්නේ අඥාන මිනිසුන්ද?
Peter Saturday, 16 September 2017 06:41 PM
අපි දෙපැත්තටම සාධාරන පිලිවෙළක් හැටියට බදවා ගැනීම් Z-score අනුව මණ්ඩළයකින් කිරීමටත්,පෞද්ගලික අයිතිය වෙනස් කර සයිටම් අර්ධ රාඡ්‍ය සමාගමක් බවට පත් කිරීමටත් අවසාන විභාගයෙන් පසු ACT16 වාඩිවී සුදුසුකම් ලැබීමෙන් අනතුරුව පුර්ණ සුදුසුකම පිලිගැනීම ප්‍රමාණවත් මදිද?
etarahelaya Sunday, 17 September 2017 11:15 AM
සයිටම් විටරක් නෙවි සියලුම පෞද්ගලික ටියුෂන් කඩත් වහන්න ඕනි. එක විෂයකට රු 5000,4000ක මුදලක් අයකරනවා. ඒ වගේම පුද්ගලික චැනල් කරන ඒවත් නතරකරන්න ඕනේ. එතකොට මේ සටන හරි. විදේශිකයන් මේවා වහනවාට කැමැතියි. මොකද? එයාලගේ අදායම සරු වෙන නිසා.