IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එංගලන්ත වෛද්‍යවරයාට කරාපිටියේදී සැත්කම් කිරීමට අවසර

(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)

වෛද්‍ය සභාවේ අනුමැතිය  හිමිවිම නිසා   එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිමට   අනුමැතිය  ලබාදුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 
 
රිචඩ් පර්මින් මහතාට  හෘද සැත්කම් කිරිම සඳහා යලි අවස්තාව ලබාදෙන බව පවසමින් රෝහල් අධ්‍යක්ෂකවරයා අදාල අංශවෙත   අද (19) පස්වරුවේ දැනුම් දුන්නේය.  
 
මේ පිළිබද අප කළ විමසුමකදි රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා මේසේ ද කිවේය.
 
 “සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත තමයි   මේ ගැන සොයා  බලන තෙක් එංගලන්ත ජාතික වෛද්‍යවරයා  සිදුකිරිමට නියමිතව තිබූ සැත්කම්  තාවකාලිකව නතර කරණ ලෙස ඉල්ලා මා  ලිපියක් නිකුත් කළේ. වෛද්‍ය සභාවෙන් කියනවා මෙම  විශේෂඥ වෛද්‍යවරයාට සැත්කම් කිරිම සඳහා අනුමැතිය ලබා දුන්නේ හොඳට  සොයා බලා කියලා. ඒ නිසා යලි මේ ගැන පරික්ෂා කිරිමට අවශ්‍ය නොවන බව දැනුම් දුන්නා. ඒ අනුව මා මිට පෙර නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කරගත්තා.“ යැයිද  රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසිය.



අදහස් (22)

එංගලන්ත වෛද්‍යවරයාට කරාපිටියේදී සැත්කම් කිරීමට අවසර

Rhoitha Thursday, 19 April 2018 04:10 PM

අපේ කට්ටිය ගැන කියලා වැඩක් නැ. නිකන් බොරුවට නාට්‍යක් රගපැවා! ඒකෙන් වුනේ අර අහිංසක දුපත් මිනිසුන් කීපදෙනෙක්ගේ සැත්කම් ප්‍රමාද වුන එක විතරයි.

:       0       7

පිටිගල මිලානෝ Thursday, 19 April 2018 04:49 PM

මෙතන තියෙන්නේ ලාංකික වෛද්‍යවරුන්ට පොදුවූ වෘත්තීයමය ඉරිසියාවක්. හම්බ කිරීමම මුලික පරමාර්ථය කරගෙන වෛද්‍ය පීඨයට යන සහ ඉන් පිටවන දොස්තරලා ඉන්න රටක් මේ ධර්මද්වීපය. ඉතාලියේ මොන තරම් කරුණාව මුල්කරගෙනද වෛද්‍යවරු කටයුතු කරන්නේ.මේ රට වල උපදින්න බොහෝ පින්කර තියෙන්න ඕනේ ලංකාවට සාපේක්ෂව.

:       0       13

d.upul Thursday, 19 April 2018 04:52 PM

GMOA හිතාගෙන ඉන්නේ එයාල සර්ව බලධාරී දෙවියෝ කියලා.

:       0       17

sanath Thursday, 19 April 2018 04:56 PM

සංවර්ධනය වූ රටවල්වල දොස්තරලා අපේ වගේ සංවර්ධනය නොවූ රටවල් වලට එන්නේ ශල්‍යකර්ම කරන්න පුහුණුවක් ලබාගන්න. ඔවුන්ගේ රටවල් වල රෝගීන් සුළු අත්වැරද්දකටත් නඩු දමන නිසා ශල්‍යකර්ම පුහුණුව ලබාගන්න අපහසුයි.

:       64       0

ජගත් Thursday, 19 April 2018 05:38 PM

ඔය Richard Ferman නමැති වෛද්‍යවරයා ඉතාමත් දක්ෂ වෛද්‍යවරයෙක්. ලංකාවේ ඉන්නා ළමයින් 1500 කගේ ජීවිත බේරා ගෙන තියනවා නොමිලෙ. ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගෙ පුද්ගලික channel වලට බඩේ පහර වදින නිසා තමයි ඒ ගොල්ලෝ විරුද්ධ වෙන්නේ . හරිම කුහකයි ඒ කට්ටිය .

:       0       44

Bamunuarachchi Friday, 20 April 2018 12:15 AM

හොඳට සොයා බලා කියන එක පමණක් නොවෙයි පිළිතුර විය යුත්තේ ඔබලා ඔහුට නැතැයි කියා බෙරිහන් දුන්න සුදුසුකම් මේ ඉක්මනින් ලබාගත්තද කියා පැහැදිලි කිරීමයි.

:       0       0

shani Friday, 20 April 2018 03:50 AM

මෙතුමාගේ සැත්කම් ඉතා සාර්ථකයි. හොඳ දැනුමක් සහ පළපුරුද්දක් තියනවා. මුදලට කෑදරකමට වඩා වෘත්තීය ගෞරුත්වය ගැන හිතනවා. ඉතා විශාල පිරිසක් මෙතුමාගේ සේවය ලබාගෙන මෙතුමාට පින් දෙමින් හොඳින් කාලය ගතකරනවා. ඔය සමහර ඉරිසියාකාරයෝ එම සැත්කම් කලානම් රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි. මෙතුමාගේ සේවය නැවත ලබා ගැනීමට හැකිවීම ලංකාවාසී අප ලැබුව ලොකුම ලොකු ජයග්‍රහණයක්...

:       0       59

channa Friday, 20 April 2018 04:15 AM

ලංකාවේ දොස්තරලා නිසා කීදෙනෙක් මැරිලා ඇතිද? මේ විදේශීය දොස්තරලා නිසා කී දෙනෙක් මැරුණද? මේක කුහක සමාජයක්

:       9       29

sam Friday, 20 April 2018 05:03 AM

මේ දොස්තර මහතා රජයේ රෝහලේ කරන සැත්කම් නැවත්තුවොත් ඒකෙන් වාසි වෙන්නේ එම සැත්කමම පුද්ගලික රෝහලක සිදු කරලා ගානක් කපාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ දොස්තර වරුන්ටයි . මේ ප්‍රශ්නය ඇති කිරීමේ අරමුණ මේ දොස්තර මහතාගේ සුදුසුකම් සෙවීම නොව තමන්ගේ මඩිය තර කර ගැනීමට මෙතුමාගේ සේවය බාධාවක් වීමයි .

:       0       0

kapila Friday, 20 April 2018 06:59 AM

2015 සිට එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචියවත් නැති රිටයර් උන හාදයෙකුට හෘදයේ ශෛල්‍යකර්ම කිරීමට වෛද්‍ය සභාව අවසර දෙනවානම් සයිටම් සිසුන්ටද අවසර දියයුතුය. මොකද උන් ලංකාවෙ උන්. මෙයා තමා එක්මෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය විකුණන බිස්නස් එක කරන්නෙ ලංකාවෙ. ඒක පිටදාල නොමිලේ සර්ජරි කරනවා කියලා ලංකාවේ මෝඩයන්ගෙන් ක්‍රෙඩිට් එක අරගෙන තියෙන්නෙ. ලංකාවෙ ජනතාවටත් ඕන ගෝත කරුමයක් උනත් කරගහයි පිටරට කීවොත්.

:       150       135

BamunuarachchiFriday, 20 April 2018 08:20 AM

අපිත් ඇහුවා කොහොමද මෙයා එකපාරටම සුදුස්සෙක් වුනේ කියලා. කවුරුත් බෙදා හදා ගෙන කනවා.

:       0       0

kamalFriday, 20 April 2018 08:39 AM

කපිල ඔබ කියන දේ ඇත්තක් නම් ඒක ඔප්පු කරන්න. මම නම් හිතන්නේ මේක ඉරිසියාවට කරපු දෙයක්. මේකෙන් වුනේ අහිංසක රෝගීන්ගේ සැත්කම් ප්‍රමාද වුණු එක විතරයි.

:       0       74

janahitha Friday, 20 April 2018 11:05 AM

එහෙම නම් මෙතන හිතන්න දෙයක් තියනවා වගේ...

:       0       8

බද්රානිFriday, 20 April 2018 11:08 AM

කපිල මහත්තයා තමන්ගේ ඇඳිවත උනා දමා, අනුන්ගේ චීත්තවල මල් ගණන් කරන කෙනෙක් වගෙයි කතාවෙන් නම් පෙනෙන්නේ. ඒ දොස්තර මහත්මයාගේ සුදුසුකම් ගැන ඔච්චරටම හිතේ අමාරුවක් ඇත්නම්, එතුමා වගේ නොමිලේ හදවත් සැත්කම් ටික කරන්න පුළුවන්නේ.. අපේ රටේ දොස්තරලාටත්. මුහුණ බලලා ගාන කියන දොස්තරලා ඉන්න රටේ, "ගහ දන්නා අපිට කොළ කඩා පාන්න එපා" මහත්තයෝ. අසරණ රෝගීන් බිල්ලට තමා, ජනතාව වෙනුවෙන් අරගල කරනවා යයි කියා ගන්නා, දොස්තරලට පුලුවන්නම්, එක දවසක් පෞද්ගලික රෝහල් වල හා චැනල් සේවය වර්ජනය කරලා පෙන්වන්න කියන්නකෝ. සුද්දද? කල්ලද? කියන එක අපට වැදගත් නැහැ, "හෙළයා උනත් ජඩයෙක් නම් පහර දෙනු" කියන මතයේ තමයි මම ඉන්නේ...

:       44       103

Sapumal.Saturday, 21 April 2018 03:08 AM

සහතික ඇත්ත... ලංකාවේ දොස්තරලා (හොඳ උතුමන් සුළු පිරිසකට මෙය අදාල නොවේ.) හිපොක්‍රටීස්ටත් ඉහළින් තමයි වැඩ කරන්නේ. ඒකනේ වර්ජන කරලා ලෙඩ්ඩු මරන්නේ. අපි කල්පනා නොකරට අපේ දොස්තර වරුන්ගේත්, කොන්දොස්තර වරුන්ගේත් වැඩි වෙනසක් නැත. ඇත්තෙන්ම, මේ දොස්තර මහතාගේ කරුණාව තිබෙන බව පේනවා. ඒ නිසා අපේ දොන් ගොස්තරලා එතුමාට ඉරිසියාවෙන් එතුමා පන්නන්න උප්පරවැට්ටි යොදනවා. ඒ නිසා ස්ට්‍රයික් කරන මිනීමරු දොස්තරලාට මිනී පෙට්ටි කඩ දාගන්න ඉඩදීලා, පිටරට දොස්තරවරුන්ට පත්වීම් සහ ප්‍රයිවට් චැනල් සේවයටද අවසර දීම ඉතාමත්ම කාලෝචිත ක්‍රියාවක්. අසරණ ලෙඩ්ඩුන්ගේ පැත්තෙන් බලනවිට එය මහා පින්කමක්. අපේ අය කරන්නේ බටහිර වෛද්‍ය ක්‍රමේ. ඒ නිසා අපේ අයට වඩා මේ දොස්තර මහත්වරුන්ට දැනීම, විනය, කරුණාව වැඩියි. ඒ අය ස්ට්‍රයික් කරන්නේ, මිනී මරන්නේ, දේශපාලනය කරන්නේ නැත. එබැවින් ඔවුන් දෙවිවරුන්ය.

:       0       7

PereraFriday, 20 April 2018 11:09 AM

මේ වෛද්‍යවරයා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ජී.එම්.සී. ලියාපදිංචි අයෙකි. සුපුරුදු ලෙස සංගමයට ඉංග්‍රීසි තේරෙන්නේ නැත.

:       0       7

kasun Friday, 20 April 2018 08:26 AM

ලංකාවේ වෛද්‍යවරුන්ට අනුව ලෝකයෙන්ම උසස් ජාතිය මෙයාලා...

:       0       8

dasun Friday, 20 April 2018 09:01 AM

අනේ මන්දා, මෙතන දෙපැත්තටම කමෙන්ට්ස් දාලා. හිතාගන්න බැහැ කවුද හරි කියලා. එකම දේ, මෙයාට එංගලතෙන් ප්‍රශ්න තිබෙනවද ලයිසන් නොදෙන්න... මොනවා වුනත් අන්තිමට ලෙඩා මලාට බඩ සුද්ද වුණා නෙවෙයි ලෙඩා මළාට පොකට් එක සුද්ද වුනානේ කියන්න ඉඩ තියන්න එපා...

:       0       15

samFriday, 20 April 2018 10:36 AM

දසුන්, ප්‍රශ්න තිබෙන නිසා නොවෙයි ලයිසන් නොදෙන්නේ. ලයිසන් ඉල්ලන්නේ නැති නිසා. පූර්ණකාලීනව වෛද්‍ය වෘත්තියේ නොදෙන විශ්‍රාමික දොස්තරවරු විශාල මුදලක් ගෙවා වාර්ෂිකව තම ලියාපදිංචිය දීර්ඝ කරන්න උනන්දු වෙන්නේ නැහැ.

:       0       10

de silva berlin Friday, 20 April 2018 12:25 PM

ලෝකයේ ප්‍රමිතිය අතින් ඉහළම දොස්තරලා ඉන්නේ ලංකාවේ... අර පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න ඉගෙනගත්තු අර මාතර පැත්තේ සිසුවියකගේ අතේ සුළු අමාරුවකට ප්‍රතිකාර කරගන්න රෝහලට ගිහිල්ල මුළු අතම කපලා ගෙදර එවලා තිබුනේ... මම හිතන විදිහට එංගලන්තේ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. අපේ වෛද්‍ය සිසුන් විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නකොට වැඩි කාලයක් ගතකරන්නේ පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන්න. ඉගෙනීමට හොඳම විශ්ව විද්‍යාලය සමාජය කියලා ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෝ කිවේ කට කහනවට නොවේ. මේවා ඔක්කොම සලකලා බලනකොට එංගලන්තේ අවුරුදු 40ක් විතර ප්‍රතිකාර කරපු දොස්තරලට වැඩිය අපේ අවුරුදු 5-10 පළපුරුද්දක් තිබෙන දොස්තරලා වැඩකාරයින්... අපේ දොස්තරලගෙන් බෙහෙත් ගන්න යුරෝපයේ, අරාබියේ, ඇමරිකාවේ මිනිස්සු එන්නේ පෝලිමේ....

:       0       61

Chandana Saturday, 21 April 2018 01:40 PM

ඔහු තමා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් පළමුවෙන්ම පටන් ගත්තේ 1997දී. දැනට කරාපිටියේ සිටින හදවත් සැත්කම් කරන ශල්‍යවෛද්‍යවරු දෙදෙනාගේම ගුරුවරයා ඔහු. දැනට අවුරුදු 20 ක් ලංකාවට නොමිලේ සේවය කරලා තියනවා. වැඩිහිටියන්ගේ සහ ළමයින්ගේ හදවත් සැත්කම් ඉතා සාර්ථකව කරලා තියනවා. ඉතා සංකීර්ණ සැත්කම් වලට ලංකාවේ වෙනත් පළාත් වලිනුත් මොහුට රෝගීන් යොමු කරනවා. එක්මෝ කියන ඉතා වටිනා ප්‍රතිකාර ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නෙත් මොහු තමා. මී උණ, H1N1 නියුමෝනියාවෙන් පෙලෙන රෝගීන්ගේ ජීවිත මෙමගින් බේරාගන්නවා. ඔහුට කිසිම සමාගමක අයිතියක් නෑ. හැමදෙයක්ම කරන්නේ නොමිලේ. ගුණමකු, ඉරිසියාකාර, මෝඩ පිරිසකගේ පලිගැනීමක් මේ. ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි. ඔහුගෙන් සමාව ගත යුතුයි.

:       0       39

කල්ප Monday, 23 April 2018 07:32 AM

පරණ කියමනක් තියෙනවානේ... පිදුරු කන්නෙත් නෑ කන........ට. දෙන්නෙත් නෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 453 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 205 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 237 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 208 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 315 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 385 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site