IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උසස් පෙළ නැත්නම් වෛද්‍යවරයකු වෙනව බොරු

(රංජන් කස්තුරි)

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනම අසමත් සහ උසස් පෙළ විභාගයට පෙනී නොසිටි  කිසිවෙකුට වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය නොහැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ඒ අනුව උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය  උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ  ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍ය වරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් අධ්‍යය පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු ය.



අදහස් (6)

උසස් පෙළ නැත්නම් වෛද්‍යවරයකු වෙනව බොරු

විපරමා Wednesday, 05 May 2021 11:30 AM

ගතමනාවක් දුන්නම ඕනෑම දෙයක් කරගන්ඩ පුලුවන්... රටේ සහතිකේ මහ කජ්ජක්ද?. හොර වෙද්දු, හොර පෙර්කදෝරුවෝ එහෙම අයත් ඉන්නේ?

:       4       22

sampath Wednesday, 05 May 2021 02:49 PM

හොර සහතික වලින් කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධව පැමැණිලි කරන්න හදිසියේ කෙනෙක්, දෙන්නෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඔය කියන තරම් හොරාට යන්නේ කොහොමද? දිස්ත්‍රික්කයෙන් එන සෑම ළමයෙක් ගැනම කැම්පස් එකේදී අනෙක් අය ගැන දන්නවා. ඒ වගේම විභාග ප්‍රතිඵලත් දන්නවා. අනෙක් අතට වෛද්‍යවරු වෛද්‍ය සභාවේදී ලියාපදිංචි වෙනවා. කවුරු හරි ගැන සැක නම් හැමෝටම චෝදනා කරන්න එපා. නීති ක්ෂේත්‍රයේ ඔවැනි දෙයක් සිදුවීම කිසිසේත්ම සිදුවිය හැකි දෙයක් නොවේ. මොකද හැමෝම එදිනෙදා ගැටෙනවා. ලියාපදිංචියක් තියෙනවා.. හොරට කෙනෙක් ගියා වුණත් දැනගත්තොත් ලියාපදිංචිය අවලංගු කරනවා.

:       0       0

chandima Wednesday, 05 May 2021 03:50 PM

ඒ කියන්නේ පිටරටක ඉපදිලා, පිටරටක විශ්ව විද්‍යාලයකට ගිහින් වෛද්‍යාචාර්ය, විශේෂඥ, මහාචාර්ය සේරම පාස්වුණත් ලංකාවේ බෙහෙත් කරන්න තරම් සුදුසුකමක් නැතිද?

:       0       0

sanath kumara Wednesday, 05 May 2021 04:52 PM

තරග විභාගයක ප්‍රතිඵලයකින් දොස්තර වෙනවද? නැද්ද? කියලා තීරණය කරන්න ඕනේ කියන දොස්තර මාෆියාවක්... නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ නිදහස නැති කිරීමක්..

:       0       0

Sri Lanka Wednesday, 05 May 2021 08:14 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...

:       0       0

Randika madubhashini Saturday, 08 May 2021 11:20 AM

ඒක හොඳයි. එතකොට සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. සල්ලි තියෙන මිනිස්සු සල්ලි නිසා ගොඩ එනවා. දුප්පත්ව ඉඳලා තමන්ගේ මහන්සියෙන් ජීවිතය ගොඩනගාගෙන ආපු වෛද්‍යවරයාගේ කිසිම වටිනාකමක් නැතිව යනවා. මම නම් කැමතියි මේ තීරණයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 353 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1724 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1374 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 775 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1912 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site