(රොමේෂ් මධුෂංඛ)
 
පසුගිය 21 වනදායින් පසුව මේ වනතුරු උතුරු ප්‍රදේශයෙන් කිසිදු සැලකිය යුතු සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ වන විට උතුරේ පොලිස් බුද්ධි අංශ කටයුතු දැඩි කර ඇති බවට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
 
පොලිස්පතිවරයා මේ බව කියාසිටියේ උතුරේ ආරක්ෂක තත්වය විමසීමේදී අදහස් දක්වමිනි.
 
යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මුරකපොලු 6 ක් දමා ඇති අතර එහි යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි පරීක්ෂා කිරීම් ආදි ආරක්ෂිත කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවද  නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.