විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

මෙම මිසයිලය කිලෝමීටර් 700 ක් පමණ දුර ගමන් කර ජපානයට බටහිරින් මුහදට පතිත වූ බවත් කිලෝමීටර් 2000 ක පමණ උසකින් ගමන්කළ බවත්  උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසා ඇත්තේ නායක කිම් ජොන් උන් මෙම හ්වෑසොං - 12 මිසයිලය අත්හදා බැලීම නිරීක්ෂණය කළ බවයි.

නවීන මිසයිලයේ තාක්ෂණික ක්‍රමෝපායන් සහ උපක්‍රම පිළිබඳව අත්හදා බැලීම මෙහිදී සිදු වූ බව ඔවුන් පවසා ඇත. 

මේ සම්බන්ධව අදහස් දක්වමින් දකුණු කොරියානු නායකයා පවසා ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් කොරියානු අර්ධද්වීපයට පමණක් නොව මුළු ලෝකයටම සාමය හා ආරක්ෂාව සම්බන්ධව තර්ජනයක් බවයි.

(බී.බී.සී ඇසුරෙනි - 085)