IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඊලාම් සංකල්පය අලුත්වෙයි

(සිරාජ් හසීම්)

ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ  ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක්ද පත්කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇත‍.

දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමටත් මෙරට දෙමළ ජනතාව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බවත් එය දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවත් එම සංවිධානය සදහන් කර සිටීයි.

මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් අරමුණ වී තිබේ.



අදහස් (58)

ඊලාම් සංකල්පය අලුත්වෙයි

UD Friday, 13 October 2017 09:10 AM

මේක හොඳ දෙයක්. මෙච්චරකල් ඇත්තටම දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය මොකද්ද කියලා කව්රුවත් දැනන් හිටියේ නෑ. මේක හරියටම දැනගන්න පුලුවන් වෙන්නේ ජනමත විචාරයකින් විතරයි.

:       2603       2188

NuwanFriday, 13 October 2017 09:33 AM

ඔබේ කතාවේ සැඟවුණු යථාර්තය එළියට එයිද මේ ජනමත විචාරණයෙන්?

:       78       114

UDFriday, 13 October 2017 09:58 AM

ප්‍රතිපලේ මොක වුනත් ඔවුන්ට අප ඇහුම්කන් දිය යුතුමයි.

:       661       112

sathyapalaFriday, 13 October 2017 12:25 PM

මෙහි පහත ඇත්තේ මා මෙයට දින තුනකට පෙර කියූ දෙයයි. "සිංහල ජනතාවට පමණක් ඇති දෙමල හෝ මුස්ලිම් ජනතාවට නැති කිසිවක් වේ නම් ඒ සියල්ල දියයුතුය. එහෙත් කිසිම ජාතියකට කිසිවක් විශේෂයෙන් නොදිය යුතුය. ලෝකයේ වෙනත් රටවල වෙන්නේ මහා ජාතියට පමණක් ඇති විශේෂ දෙයක් සුළු ජාතීන්ද ඉල්ලීමයි. එහෙත් ලංකාවේ සිදුවෙන්නේ සමහ ජාතියට වඩා වැඩි දේවල් සුළු ජාතිය ඉල්ලීමයි. සුළු ජාතික ඡන්ද වලින් බලය රැකගැනීම සඳහා රට පාවාදෙන මොහොත ආසන්නයි. අපි එළිපිට කෑගැසුවද අපි නොදැන ඉතා සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව සියල්ල සිදුවෙමින් පවතී"

:       59       1591

madFriday, 13 October 2017 01:01 PM

මෙයාලට මෙච්චර නිදහස තිබිලත් තමිල්නාඩු වගේ වෙන්න හදනවනේ... ඔයාලා අපි ඔක්කොම් එක සහෝදරයෝ... වෙච්ච වැරදි නැතිව සාමයෙන් ඉන්න පුරුදු වෙමු... තමිල්නාඩු වගේ සවුත්තු වෙන්න එපා.... ඔබලාව අවුස්සන තමිල්නාඩු කාරයින්ට වැඩිය උඹල වැදගත්... පිරිසිදුයි.... බුද්ධිමත්.. ඇත්තටම සාමයෙන් ඉන්නවා නං කොච්චර සතුටෙන් අපි හැමෝටම ඉන්න බැරිද?

:       1       425

විකුම් රංගන Friday, 13 October 2017 09:11 AM

යුද්ධයක් නැතිව උණ ගැනිලා හිටපු අයට ඔන්න තියනවා අලුත්ම බෙහෙතක් ...

:       60       490

ජගත් ලියනගේ Friday, 13 October 2017 11:27 AM

ඔය කියන අයට වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවන්න හොඳම තැන තමයි ඉන්දියාව.

:       16       1012

janathava Saturday, 14 October 2017 03:01 AM

බෝම්බ බස් බෝම්බ පත්තු වුණු කාලේ ඔබතුමාලා හිටියේ කොහේද? සිංහල ජනතාව කිසි දිනෙක යුද්ධයක් ඉල්ලුවේ නැහැ. අත් පා ජීවිත නැතිවුණු සොල්දාදුවන්ගේ දුප්පත් පවුල්වල ජනතාව කඳුළු සලයි. ඔවුන් යුද්ධය පිටු දැක්ක රැකියාව නිසා දිවි අහිමි වුණු රට වෙනුවෙන් එම ජීවිත සදා සැමරිය යුතුය.

:       28       165

විකුම් රංගන Saturday, 14 October 2017 08:27 AM

යුද්ධයක් ඉල්ලනවා කියන්නේ ඉවර වූ යුද්ධය තවමත් තලුමරන එකට. අපි යුද්ධය කාලේ විතරක් නෙමේ, යුද්දෙන් පස්සේ රණවිරුවෝ ගෙවල් ගානේ ඇවිදගෙන, පෙට්‍රල් ෂෙඩ් ගානේ හිටගෙන ලොතරැයි විකුණන ඒවත් දැක්කා. එළවලු කඩවල එළවලු විකුණන ඒවත් දැක්කා. ඒ පැවති රෙජීමයට සල්ලි එක්කහු කරන්නනේ. එහෙම කලාමද කොහෙද සිංහල සොල්දාදුවගේ ගෞරවය රැකෙන්නේ. සිංහල දේශපාලකයෝ ඒ අයගේ පක්ෂේ, නැත්නම් පවුල් පරම්පරාව තරකරනවා මිස රටගැන හිතනවද කියලා හිතා බලන්න... අපිට නම් ඔය කෝකත් එකයි. උඹලා වගේ දේශපාලකයින්ගෙන් පිනට කන පින්ගුත්තරයින්ට රටේ තැනක් තියන බව අපි දන්නවා. එ්ත්, නිකමට හිතලා බලන්න අර මැදපෙරදිග ගිහින් තම්බින්ට අල්ලලා කීයක් හරි රටට එවන කාන්තාවන් ටික නැත්නම් මොකෙන්ද රටට අදායමක් ලැබෙන්නේ? මතක තියා ගන්න මෝඩයින්ගේ ඔළුගෙඩි වැඩි වුණා කියලා රටකට අයිතිවාසිකම් කියන්න බැහැ. මේ රටේ සුළු ජාතීන් ඔවුන්ගේ දරුවන්ට මේ රටේ ගෞරවයෙන් ජීවත් වෙන්න අවස්ථාව සලසා තිබෙනවා. ගොන් සිංහලයා රටේ ඉන්න දරුවන්වත් පිටරටට එළවන්න වලි කනවා. අපිට ඕනා කරන්නේ මනුස්සයෝ එක්ක ජීවත් වෙන්න මිසක්, කුහක මුග්ධයෝ සමග ජීවත් වෙන්න නෙමේ...

:       143       211

jayampathi Friday, 13 October 2017 09:29 AM

ජාත්‍යන්තරය අනිවාර්යයෙන්ම මෙම යෝජනාවට අනුකුලතාවයක් දක්වයි. හේතුව නම් ජාත්‍යන්තරය පුරා දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දෙමල ජනතාවට සහ මුස්ලිම් ජනතාවට සිංහල බෞද්ධයින් විසින් නොයෙක් අහිතකර බලපෑම් සිදුකරන බවයි. බොදුබල සේනා , රාවණ බලය, සිංහලේ වැනි සංවිදාන නිසා මෙයට රුකුලක් ලැබුණු අතර රටේ නමටද හානි සිදුවුණා. කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ මෙවැනි සිහින සංකල්ප රජය මැදිහත් වී වහාම නතර කළ යුතුයි.

:       7       888

ලුම්බිණි Friday, 13 October 2017 09:32 AM

පිටරට සිටින අය ලංකාවේ දෙමළ ජනයාට නොවෙයි මේක කරන්නේ. තමන් වෙනුවෙන්...

:       0       173

sinhaya Friday, 13 October 2017 09:35 AM

තවත් කෙනෙක් අමුඩේ ගහගෙන ඔලුවේ හිලක් එක්ක අවසන් ගමන් යන්න වගේ දඟලන්නේ...

:       17       603

ravi Friday, 13 October 2017 09:38 AM

ඔබට සතුටුයිද දැන්.....?

:       1       709

ජයන්ත මිලානෝ Friday, 13 October 2017 09:40 AM

දෙමළ ජනතාවට අවශ්‍ය දේයි, සංකල්පයි, ස්වයං අයිතියයි මේ හැම දෙයක්ම ලංකාවේම ද කරන්න ඕනෑ... කුලී වැඩට ඇවිත් දැන් රටක් ඉල්ලනවා .

:       122       1459

Perakum Friday, 13 October 2017 09:41 AM

මෙරට දෙමළ ජනතාව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බව මින් කියවේ. එසේ නම් දකුණේ සිටින දෙමල ජනතාවට මක්වේද?

:       2       294

nimallalithaFriday, 13 October 2017 04:19 PM

උතුරට වෙනම දෙමල ප්‍රාන්තයක් කව්රුන් හෝ ලබා දුනහොත් මේ රටේ ඉතිරි ප්‍රදේශ වල ඉන්න හැම දෙමළ ජාතිකයෙකුටම ඒ දෙමල රාජ්‍යයට යන්න වේවි. ඊළඟට රජයක් ඉල්ලන්නේ මුස්ලිම් ය. එදා මෙහ සිංහලයන් අතර සිටින හැම මුස්ලිම් ජාතිකයෙකුට ම එහෙ යන්න වේවි. හැම සිංහලයෙකුම දරුවෙකු ජාතක කරන්නේ අනිකක් නිසාම නොවේ. අපි අපේ අවශ්‍යතාවය නිසා බිහිවෙන අනාගත සිංහලයාට ජිවත් වීමට බිමක් ඉතිරි කල යුතුය. සිංහලයා එදා සිට රැකුණේ ලේ ඇස් ඉස් මස් ජීවිත පුජාවෙනි. ඉදිරියටත් එසේම සිදු වෙනු ඇත. බලපෙරේත දේශපාලකයන් සහ ඔවුන්ගේ බලයන් එසේ වුවද හැම සිංහලයාම එසේ නොවේ...

:       1       188

Anton austria Friday, 13 October 2017 09:55 AM

UD ඔයා කියන්නේ දෙමල අයට වෙනම පාලනයක් සිංහල අයට වෙනම පාලනයක් හොදයි කියලද ? මේක මගේ මවුබිම ඉන්න හැමෝටම ඉන්න පුළුවන් ජාතිබේද නැතුව එත් පාලනයක් හෝ රටේ එක පැත්තක දෙමල අය අපි එක පැත්තක ඒක හරියන්නැහැ . එහෙම වුනොත් එයාලට කැමති දෙයක් එහෙ කරතැහැකිනේ හමුදාවට ඉවත් වෙන්න කිවොත් යන්නත් ඕනේ. අනික කාටහරි හෝ රටකට හරි රුදාවක් තියෙනවනම් තියාගන්න මේක කරන්න දෙන් නැහැ .

:       2       962

shameer Friday, 13 October 2017 10:11 AM

මුස්ලිම් ජනතාව නැගෙනහිර ඊළමට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි... උතුරේ නැවතත් මුස්ලිම් ජනතාව පදිංචි කරලා දෙමළ ඡන්ද දියාරු කල යුතුයි ...

:       1604       1104

Amal Friday, 13 October 2017 10:20 AM

දැනට දේශ සිමා එපා කියා, අවශ්‍ය දේ කරගත් පසු, ඉන්දියාව පාකිස්ථානය ලෙස වැටක් ගසා ඇතුල්වීම දෙමළයාට පමණි කියා බෝඩ් එකකුත් එල්ලා ගනීවි. දෙමළුන්ට දෙමල රටක්ම ඕනේ නම් යන්න ඉන්දියාවට. බොහෝ ඉඩ කඩ තියනවා තමිල්නාඩු පැත්තේ. මුස්ලිමුන්ට වෙනම රජයක් ඕනේ නම් යන්න අරාබියට, ඕනෑ තරම් කාන්තාර තියනවා ගෙවල් හදන්න. මේ පුංචි දේශය තුල ඇයි වෙනම රජයන් ඉලන්නේ? මොනාද තියෙන්නේ? ඡන්දයට මුවා වී රට බෙදා වෙන් කරන්න එපා. ලෝකෙන්ම සිංහල බුදුදහම අදහන රටකට තියෙන්නේ මේ පුංචි රට විතරයි ලෝකෙන්ම, ඉන්නවා නම් එකට වසමු, නැත්නම් ඔය කියූ රටවලට ඔතාගෙන යන්න. දැන් මේ රටට ඕනේ ගරුතර ස්වාමීන් වහන්සේලා විසින් පාලනය කරන රටක්... නැත්නම් සිංහල අපට රටක් නැතේ....

:       18       1537

srimalaFriday, 13 October 2017 10:55 AM

දැන් ඉන්දියාවේ ජනතාව මොන ප්‍රාන්තයක සිටියත් මොන භාෂාවක් කතා කලත් ඔවුන් ඉන්දියානුවන් ලෙසත් ජාතික භාෂාව හින්දි ලෙසත් හිස් මුදුනින් පිළිගන්නවා. මහා භාරතය ලෙස ආඩම්බරයෙන් කියනවා. ඔවුන් කවදාවත් අපි දෙමල, අපි මලබාරි අපි ගුජරාට් අපි කොන්කනි කියා කියා වෙන් වෙන්ව රටවල් ඉල්ලන්නේ නැහැනේ. ලංකාවේ හැමදෙනාම අපි ශ්‍රී ලංකික සහ ජාතික භාෂාව සිංහල කියා හිතනවා නම් කිසි ප්‍රශ්න නැහැනේ.... ඉන්දියාවට පුලුවන්නම් අැයි මේ පුංචි රටට බැරි.

:       1       816

Anton austriaFriday, 13 October 2017 12:59 PM

අනිවාර්යෙන්ම අමල් ඔය කියපු එකට එකඟ වෙමි. එකට වසන්න අකමැත්තක් නැහැ අපිට. එ්ත් මගේ රට බෙදන්න දෙන්න බැහැ. මරාගෙන මැරෙන්න වුනත් එනවා මෙහෙ අතහැරලා. අපි මෙහෙ හිටියට අපි අපේ රට කාටවත් ඔනවිදිහට දෙන්නේ නැහැ. මේක සිංහල අපේ රටයි....

:       1       34

aseSaturday, 14 October 2017 02:47 AM

ආ.... තවත් ගොඩ පීනන්නෙක් !!

:       130       6

saliya Friday, 13 October 2017 10:26 AM

අපගේ හමුදා ශක්තිය ද, රහස් ඔත්තු සේවයද තර කල යුතුය. එමෙන්ම මහ ජාතිය ලෙස, දෙමල, මුස්ලිම් ජාතින් ද අප විසින් දිනා ගත යුතුය. ඒ සඳහා යම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය නම්, ඒවා කිරීමටද රජයට ඉඩ දිය යුතුය. නැති නම් , නැවත වරක් ජාත්‍යන්තරව අප කොන්වී, බෙදුම් වාදීන් යම් දුරකට වාසි ලබා ගනීවි.

:       30       238

අනුහස් Friday, 13 October 2017 10:29 AM

ඔවුන් ඔවැන්නකට උත්සාහ ගනීවි. එහෙත් එවැන්නක් සිදු නොවේවි... මන්ද යත්, මුල්ම එවන් උත්සාහයේ දීම මධ්‍යම රජය විසින් පළාත් සභා අහෝසිකර දමා, කෙලින්ම මුළු රටම පාලනය කරාවි.... ඔවුන් කැටලෝනියාවෙන් උත්තේජනයක් අරගෙනයි මෙවන් සැලසුම් ඉදිරිපත් කරන්නේ. එයටද ස්පාඥ්ඥය ඉඩ නොදේ.

:       0       67

Chandana F Friday, 13 October 2017 10:39 AM

අපි මෙයලට කියමු තමිල්නාඩුව දමිල ජාතිකයන්ගේ එකම නිජබිම කිරීමට ජනමත විචාරණය ගේන්න කියලා. අපිත් සහයෝගය දෙමු.

:       0       262

මම1 Friday, 13 October 2017 10:56 AM

ආයිමත් පිටරට ඉන්න දෙමල මනුස්සයන්ගෙන් සල්ලි එකතුකරගෙන කීප් දෙනෙක්ගේ ගොඩ වඩාගන්න වෑයමක්. මේකට ඉන්දියාවේ සහය ලැබෙන්නේ නැහැ. ඉන්දියාව විරුද්ධ නිසා සහ තවත් හේතු නිසා බටහිර සහය ලැබෙන්නෙත් නැහැ. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ජනමත විචාරණය පාවිච්චි කරලා කීයක් හරි හොයාගන්න රුද්‍රකුමාරන්ගේ අදහසක්. තව හේතුවක් වෙන්න පුළුවන් මේ වගේ ප්‍රචාර මඟින් බලය බෙදීමකට සිංහල ජනයාගේ සහය මොට කරන එක. බලය බෙදීමක් වුණොත් වෙනම රටක් හීනයක් ආයිමත් විකුණන්න බැරිවෙන නිසා....

:       0       124

Perera Friday, 13 October 2017 11:07 AM

අපේ හමුදාව ජීවිත පුජකරලා රැක දුන්න මව්බිම මෙහෙම බන්දේසියක තියලා පුජා කරන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. පවතින රජය මෙයට වග කියන්න ඕනෑ. කොහෙද බුද්ධි අංශ දැන්?

:       7       623

SamanFriday, 13 October 2017 12:20 PM

ඔබතුමා දැන් මේ රජයට කරන්න කියන්නේ මොකක්ද? මේ රජය මොනවා කරපු හින්දද මේ වගේ යෝජනාවලියක් අාවේ. මට නම් හිතෙන්නේ මේ ගොල්ලෝ ලඟදි කැටලොනියාවේ සිද්ධවෙන ක්‍රියාදාමය දැකලා අායෙත් බලාපොරොත්තු ඇතිකරගෙන ඉන්නේ. හැබැයි යුරෝපයේ ප්‍රධානතම රටවල් තුනක් වුණු ස්පාඤ්ඤ, ප්‍රංශය සහ ජර්මනිය දැනටම කැටලෝනියාවට වෙච්ච ක්‍රියාවලිය සහ ස්වයං පාලනය ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. ලංකාවේ ඇතුලේ තව රටක් හැදුණොත් ලොකුම ප්‍රශ්නය වන්නේ ඉන්දියාවට. ඊට පස්සේ චීනයට. මෙක හොඳයි කොරහේ කිඹූල්ලූ බලන අයට. මට නං තියන ලොකුම ප්‍රශ්නය රටෙහි මායිම් ටික ඉතුරු වෙලා තිබුණත් මේ යන විදිහට දිගටම ගියොත් රට වලටම ගිහින් දැන් අපි සිංගප්පූරුව ගැන කතා කරනවා වගේ තව ටික දවසකින් සොමාලියාව ගැනත් ඊළඟ පරම්පරාව කතා කරයි. අනික සිංහල මිනිස්සු රට එපා වෙලා පිටරට වල පදිංචියට යනවා. එතකොට ඒ ගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවට ලංකාව සහ සිංහල කියන්නේ නිකම්ම නිකං තේරුමක් නැති වචන දෙකක් වෙයි.

:       314       229

gayan Saturday, 14 October 2017 05:15 AM

අපි රජයට කියන්නේ අඩුම තරමේ මොකුත් නොකර ඉන්න කියලා. මොකද ලංකාවට විරුද්ධව ජිනීවා වල යෝජනා සම්මත කර ගනිද්දී මේ රජය ඒවාට නිල වශයෙන් පාර්ශව කරුවෙක් වශයෙන් සහාය දුන්නා. ඊට පෙර හිටපු ආණ්ඩුව ඒවාට විරුද්ධ වෙද්දී ලංකා රජයත් එක්ක සහයෝගයෙන් ඒ යෝජනා වලට විරුද්ධ වුණ චීනය, පාකිස්තානය වගේ රටවල් කිව්වා "මේක සුවිශේෂී තත්වයක්. ලංකාවේ රජයම මේකට සහය දෙනවනම් අපි කොහොමද විරුද්ධ වෙන්නේ කියලා". අපිට දැන් තියෙන්නේ එහෙව් රජයක්. ඉතින් ජනමත විචාරණයකින් පස්සේ රට වෙන් කරන්න අවශ්‍ය කරන ජාත්‍යන්තර මතය මේ රජයම හදල දීල ඉවරයි. අඩුම තරමේ ලංකාවට විරුද්දව කෑ ගහන පාර්ශවවලට උත්තර දෙන්න පුළුවන් කොන්ද පන තියෙන මිනිස්සු ටිකක්වත් සමුළුවකට යවා ගන්න මේ රජයට පුළුවන්ද?

:       1       163

SamanSaturday, 14 October 2017 01:12 PM

ගයාන් මුලින්ම කියන්න ඕනේ මට හිතෙන විදියට උතුරු කොරියාව වැරදිත් නැහැ. ඔවුන් ස්වෛරී රාජ්‍යයක් ඒ රටේ පාලකයා පිටරටවල් වලට ප්‍රශ්නයක් කියලා පෙන්නුවට ඒ රටේ ජිවත් වන මිනිස්සුන්ට හොඳ ඇති. ඒ වුණාට බලවත් රටවල් ඒ රටට පුළුවන් තරම් පීඩනයක් එල්ල කරනවා. ඒවගේ දේවල් අඩු කරගෙන ජත්‍යන්තර සම්බන්ධතා හොඳින් තියා ගන්න එක පවතින රජයේ වගකීමයි. එහෙමයි කියලා හැමදේටම ඔළුව නවන්න කියනවා නෙමෙයි. හැබැයි අපි හරියට ඉන්නව නම් ප්‍රශ්න අඩුයි. යුද්ධය තියන කොට වගේ නෙමෙයි යුද්ධය ඉවර වුණාට පස්සේ කරන්න තිබ්බේ. විශේෂයෙන්ම නීතිය පැත්තෙන්. හොඳම උදාහරණ තමයි තංගල්ල බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය සම්බන්ධ සිද්ධිදාමය. අනික 2009 අවුරුද්දේ අපිට පක්ෂව ඡන්ද 27 ක් තිබ්බා. ඒක 2012 මුලදී 12 බැහැලා අන්තිමට 7කට බැස්සා. අනික සරත් වීරසේකර මහතා ප්‍රමුඛ කණ්ඩායම කොච්චර හරියට දැන් කතා කලත් හොඳ වුණත් පහුගිය රජය ඒ මිනිස්සුන්ව කිසිම දේකට සහභාගී කරගත්තේ නැහැ. ඒ කාලේ සහභාගී වෙච්ච කිසි කෙනෙක් සරත් මහත්තයාගේ කණ්ඩායමත් නැහැ. ඒකට හේතුව මට හිතෙන විදියට යම් යම් දේවල් වලදී කොච්චර ඇත්ත වුණත් ඒකට මුහුණ දෙන ආකාරය අනික් පාර්ශවීය බලයත් බලපානවා. අපිට කැමති විදිහකට වලං බිඳින්න බෑ.

:       0       0

Lanka Friday, 13 October 2017 11:30 AM

මේ අයගේ ඊලම තවම නැවතිලා නැහැ හිටන්..

:       0       614

sisira Friday, 13 October 2017 12:11 PM

ඒක අපේ දේශපාලකයන්ට තේරෙන්නේ නැද්ද? නැත්නම් නොතේරෙනවා වගේ ඉන්නවද? දේශපාලන වාසිතකා අලුත් ව්‍යවථාවකින් වැඩි බලතල දුන්නොත් සදාකල් රටේ යුද්ධයක් තියෙයි.

:       0       138

purawasiya Friday, 13 October 2017 11:44 AM

මේ සංවිධානය ලංකාවේ තහනම් සවිධානයක් බවට පත් කිරීමට සියලුම දේශපාලන පක්ෂ එකමුතු වෙමු.

:       0       791

prakaash Friday, 13 October 2017 11:51 AM

නිවට, තුප්පහි පාලකයින් මේ රටට කරන වින්නැහිය තමයි මේ. මේ පිංගුත්තර නිවටයින්ව ඉවත් කල යුතුය. නැතිනම් රට විනාශ කරනවා.

:       2       311

lanka Friday, 13 October 2017 12:38 PM

මේකට තමයි කියන්නේ ජාතිවාදී දේශපාලනය කියලා. අද ලංකාවේ හොඳටම මාකට් වෙන්නේ මේ ජාතිවාදය තමයි. දකුණේ මහා ඈයෝ කලෙත් ඔය ජාතිවාදී දේශපාලනයම තමයි. මාධ්‍යය වුණත් මේකට හොඳ ප්‍රතිචාරයක් ලබා දෙනවා. මේ කියන ඊලම කවදාවත් වෙන්නේ නැති දෙයක් කියලා දැනගෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිසුන් රවට්ටන්න පහසුම ක්‍රමය තමයි මේක...

:       127       17

bandula Friday, 13 October 2017 12:52 PM

ඉන්දියාව, කාශ්මීරය, තමිල්නාඩුව වෙනම රටවල්ද ? කැනඩාවේ කුබෙක් වෙනම රටක් දුන්නද? චීනය තායිවානය, ටිබට්, හොංකොං ලියල දෙනවද?

:       0       104

bandara Friday, 13 October 2017 01:37 PM

ඉන්දියාවේ කොටි 10 ඉන්න දෙමල පිරිසට නොදෙන ඊළම ලංකාවේ ......මුන්ගේ අවසානය අයෙත් ලංවෙලා වගේ

:       0       217

ranasinghe Friday, 13 October 2017 02:02 PM

බම්බුව තමයි මේ චූටි රටේ මොන වෙනමද? ඊළාම් සංකල්පයක් කියලා එකක් ඒ අය හදාගත්තට කරන්න දෙයක් නෑ. ඒක සමස්ත රටේ සංකල්පයක් නෙවෙයි. උන් හදාගෙන ඒ අයම විනාශ වුණා. අායෙත් ඒ අයගේ නායකයෝ ඕවා කරන්නේ ඒ අයගේ පැවැත්මට....

:       0       37

ධනුෂ්ක Friday, 13 October 2017 02:38 PM

71 කැරැල්ලක් අැති වුණා සිරිමාවෝ අගමැතිනියගේ කාලේ. හැබැයි එ්කට පසුබිම හැදුනේ වත්මන් පාලන ප්‍රතිපත්ති යටතේ. 88,89 කැරැල්ලත්, වත්මන් පාලන ප්‍රතිපත්ති යටතේ ගොඩනැගුනා. එල්.ටි.ටි බෙදුම් වාදයත් පැන නැගුනේ හා වර්ධනය වුනේ වත්මන් පාලන ප්‍රතිපත්ති යටතේ. එදෙ සිංහලුන් දෙමලුන් කියලා වෙනසක් නැතිව එක ගමේ එකට ජීවත් වු දෙමල ජනතාව ඔවුන්ගේ භූමිය කියලා දකුණෙන් උතුරට පැන්නුවේ වත්මන් පාලකයන්. 2002 සමයේ එල්.ටී.ටී ය ගුවන් යානා හා නවීන අායුධ වලින් සන්නද්ධ වන තුරු බලන් සිටියා. නැවතත් එම පාලන ක්‍රමය යටතේ ම කුමක්ද මේ සිදුවන්නේ? සාමාන්‍ය ජනතාවගේ ලේ, කඳුලු මතින් ජාතිවාදය වපුරා තම දේශපාන මඟ සකස් කරගන්නා දේශපාලකයා සියල්ලටම පෙර විනාශ කළ යුතුය. සියලු සාමන්‍ය ජනකොටස් වලට අවශ්‍ය වන්නේ යහපත් අාර්ථිකයක් තුළ නිවහල්ව ජීවත් වීමයි.

:       0       90

one srilankan Friday, 13 October 2017 03:15 PM

කිසිවෙක් නටන්න සූදානම් වෙන්න එපා මේක සිංහලයාගේ රට බෞද්ධ ධර්මය පවතින රට. නමුත් අනිත අය ජීවත් වුනාට ප්‍රශ්නයක් නැත. කෑලි ඉල්ලන්න එපා සහෝදරත්වයෙන් ඉදල මැරිලා යන්න ඉන්නකම් හොද දේවල් කර රටට ජාතියට යහපතක් කරන්න. අපිට මේක සංසාරේ තාවකාලික නවාතැනක් විතරයි. කව්රුත් තමන්ගේ ආගම අදහන්න. ආවේනික චර්යාධර්ම පවත්වාගෙන යන්න. ජාතින් අතර විවාහ සිදුකරන්න. එකම ජාතිය මනුෂ්‍ය ජාතිය ලෙස සිතා ජීවත් වෙන්න

:       0       125

ලක්සිරි Saturday, 14 October 2017 09:09 PM

අප්පට හුඩු යකෝ.. මේ ඉන්නේ නියම ගණන් කාරයෝ.. දාන ලොරි ටෝකේ හැටියට ඇමරිකාවටත් ගහන්න වගෙයි මේ සැරසෙන්නේ..

:       0       0

රොෂාන් Friday, 13 October 2017 03:24 PM

මෝඩ සිංහලයින්ගේ ක්‍රියාකාරකම් දැක්කාම ඊළාම් විතරක් නෙමෙයි. ගෙදර ඉන්න බිරින්දෑත් ඉල්ලයි.

:       0       440

pakeer Friday, 13 October 2017 05:41 PM

මම නම් මේක දැන ගත්තා ස්පාඤ්ඤයේ ජන මත විචරණේ යනකොට. ඔව් ජනමත විචාරණේ තියෙන්න ඕනේ මුළු ලංකාවේම. උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි. එතකොට බලා ගත හැකි වෙනස. ඉතුරු පළාත් 7 ම. මොකද ලංකාව කියන්නේ පළාත් 9ක්. 2ක් නෙවේ. අපේ කැමැත්තත් බලන්න ඕනේ! දෙමළ, මුස්ලිම් විතරක් නෙමෙයි. සිංහලුන්ගේත් කැමැත්ත බලන්න ඕනේ.

:       0       480

janatha anura UAE Friday, 13 October 2017 06:46 PM

මේ ගැන එකඟතාවයක් තියෙනවා සියලුම ද්‍රවිඩ ජනතාවගේ චන්ද පැවති ආණ්ඩුවට එරෙහිව දුන්නා. සිහලුන් දෙකට බෙදුනා. පැවති රජය වැටුනා මේ චන්ද නිකම් ලැබුනේ නැහැ. මුදල් සහ පොරොන්දු, නව ව්‍යවස්ථාවේ මේ අවශ්‍යතාවයන් තියෙනවා ජනමත විචාරන අනවශ්‍යයි

:       294       368

බද්රානි Friday, 13 October 2017 08:33 PM

සිංහ වෙස් ගත් අමන නරි රැලක් ඉන්න රටේ කිසිම මනුස්සයෙකුට ජීවත් වෙන්න බැරි තත්ත්වයකුයි දැන් උදා වෙලා තියෙන්නේ.

:       0       119

nishadi Friday, 13 October 2017 09:37 PM

මේ සිංහල ඈයොත් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි. දෙමළුන්ට හෝ මුස්ලිම් අයට යටත්ව ජීවත් වෙන එක. අපේ පවට උපන් තුප්පහි ජාතියක් තමයි මේ නම්....

:       158       1

buddika Saturday, 14 October 2017 02:51 AM

ඉන්දියාවත් එක්ක කතා කරලා එහාටම පිටුවහල් කරනවා ඒ අයට කීයක් හරි දීලා මම ජනාධිපති වුණා නම්...

:       0       79

ase Saturday, 14 October 2017 02:53 AM

ඡන්දයක පෙර ලකුණු, හිතා ගන්න බැරිද මේ කාගේ පෙරමුණක්ද කියලා? දැන් බලයට පැමිණිය හැක්කේ ජාති වාදයෙන් විතරයි නේද?

:       0       67

janatha anura Saturday, 14 October 2017 03:05 AM

මගේ කොමෙන්ට් එකේ පැවති රජය "පැවති දූෂිත රජය " ලෙස නිවැරදි කරමි....

:       148       152

dasun Saturday, 14 October 2017 04:10 AM

සිංහල අපිටද වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය දැන්නම් ඇත.

:       1       28

sarath Saturday, 14 October 2017 04:27 AM

මෙයාලට ඕනේ ලංකාවත් කැටලොනාවක් කරන්න. ප්‍රභාකරන්ට දුන්නු බෙහෙතම දෙන්න වෙයි වගේ. අලුත් ව්‍යවස්ථාවත් හදන්නේ ඉංග්‍රීසියෙන් තියෙන යුනිටරි කියන වචනය අයින් කරලා. යහපාලනෙත් මෙයාලට උඩගෙඩි දෙනවා.

:       0       326

disanayaka Saturday, 14 October 2017 04:44 AM

උන්හිටි තැන අහිමි වෙලා තියෙන්නේ ඇත්තටම සිංහලුන්ට. රටේ සෑම ප්‍රධාන නගරයකම සියයට 90ක් කඩ දාගෙන වෙළඳාම් කරන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාව. කොළඹ වැඩිහරියක් ඉඩම් අයිති දෙමළ ජනතාවට. එතකොට කාටද ඇත්තට අහිමිවීම් වෙලා තියෙන්නේ. අපි නිවට සිංහල ජාතියක් විය යුතු නැහැ. අපේ රටේ දෙමළ රාජයන් අවශ්‍ය නැහැ. සියලුදෙනා සමාදානව එකට ජීවත් විය යුතුයි. එසේම එකිනෙකාගේ ආගම් වලට ගරුකළ යුතුයි. වැරදි අදහස් ගෙනෙන්නේ පිටරට ඉගෙන සුද්දන්ට කත් අදින සුළු පිරිසක් විසින්. අපේ රටේ මිනිස්සු කැමති නැහැ බෙදී ජීවත් වෙන්න. එකම දෙය නම් රටේ ප්‍රබල පාලනයක් නැති කමයි. පෙර රජවරුන්ගේ දවස අපේ රට කොතරම් සෞභාග්‍යමත් රටක්ද? එ්ත් දැන් බැලු බැලු අත දේශපාලකයන්ගේ හොර තක්කඩිකම් මිසක් රටට වැඩක් වෙන දෙයක් අසන්න නැතිතරම්. එ්නිසා තමයි දෙමල ජනතාවගේ වුණත් සිත් වෙනස් වෙන්නේ. අපේ රට එක රටක් ලෙස ලංකික ජාතියක් ලෙස ඉදිරියට යායුතුයි. බෙදීම් වලින් විනාශය මිසක් යහපතක් නම් වෙන්නේ නැත.

:       0       117

Anton austria Saturday, 14 October 2017 05:54 AM

සිංහලයිනි, මේක කළොත් අපිත් පාරට බහිමු. කතෝලික වේවා බුද්ධාගම වේවා, අපි එකතුවෙමු අපේ රට අපිට ඕනේ. අපිටත් ඕනේ සිංහල රටක්. මේක ජාතිභේද අැවිස්සිල්ලක් නම් නොවේ. අපේ ළමා පරපුර කොහෙද යන්නේ අපි හදලා නැත්තන් එයාලත් අායේ යුද්ධයක් කරන්නද? සිංහල සිංහ ජාතියක් හැටියට එක්වෙමු අපිත්. හමුදාපතිවරුනි මෙයට සහයෝගය දෙන්න. ඔබලා දුන්න නිදහස තියාගන්න. නැතිවෙච්ච අපේ සෙබළුන්ටත් අාත්මයක් නැහැ නැත්තන්... ස්තුතියි.

:       187       512

ජයන්ත මිලානෝ Saturday, 14 October 2017 07:01 AM

බද්රානි, නිසාදි, නෝනල විෂයයට අදාළව නොවේ අදහස් ලියා තියෙන්නේ... ඉවසීමක් නැති කෝපය සහ අසීමිත වෛරයෙන්....

:       87       1

කරුණාපාල Saturday, 14 October 2017 08:49 AM

බද්රානි හා නිශාදි කියන නෝනලා රට වෙනුවෙන් අවංකව සේවයක් කරන අය වෙන්න ඇති. ඒ නිසා මේ රටේ පවතින වර්තමාන තත්වය ගැන ඒ අයට අප්‍රසන්න සිතුවිල්ලක් ඇතිවෙන එක ස්වාභාවිකයි. දේශපාලකයින්ගේ කටු ලෙවකන එකයි. දුක් මහන්සිවෙලා හොයා හම්බකරගෙන කන එකයි දෙකක් මහත්තයෝ. සිංහලයෝ, දේශපාලන පක්ෂ වෙනුවෙන් මහපාරවල් වල තප්පුලමින් ජනතාවට හිරිහැරයක් වනලෙස හැසිරෙද්දී, දෙමල හා මුස්ලිම් ජනතාව හිමිහිට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මෝඩයින්ට ඇත්ත තිත්ත වුණාට තිත්ත ඇත්ත ඒක තමයි.

:       0       0

පුෂ්පකුමාර Saturday, 14 October 2017 09:59 AM

ජයන්ත මිලානෝ කාන්තාවන්ගේ චීත්තෙ මල් දකින්න ගොඩක් ආසයි වගේ? ගොයියෝ..ඉස්සර චීත්තවල මල් තිබුනට දැන් තියෙන්නේ පතොක්? ඒ නිසා අනුන්ගේ චීත්ත අත ගාන්න යන්නේ ප්‍රවේසමෙන් ..

:       0       138

බණ්ඩාර - කැකිරාව Saturday, 14 October 2017 09:33 AM

මේ ගැන අදහස් දැක්වීම නිෂ්පල දෙයක් .. එම නිසා සිදුවෙන දේවල් ගැන අපි කනගාටුවෙන් බලහිදින්නෙමු .. ""යහපාලනය මිනිසසු රවටමින් බලය ලබාගෙන, මගේ සුන්දර රට අවුල් ජාලයක් කළා ."".

:       0       219

අමල් Monday, 16 October 2017 04:10 AM

ඇසී, ගොඩ පිනලා හරි රට බෙදන්න නොදී ගුණමකුවන්ගෙන් රට බේරගන්න ඕනෑම දෙයක් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 112 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 158 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 128 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 119 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 219 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 408 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site