IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉවසීමෙන් කටයුතු කරන්නැයි හමුදාපති ආබාධිත රණවිරුවන්ගෙන් ඉල්ලයි

(ඉන්දිකා රාමනායක)

ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (17) විශේෂ කැබිනට් පත්‍රිකාවක් අත්සන් කර ඇති බවත් ඒ වෙනුවෙන් සුළු කාලයක් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (18) ආබාධිත රණවිරු නියෝජිතයන්ගෙන්  ඉල්ලා සිටියේය.

හමුදාපතිවරයා රණවිරු නියෝජිතයන් තිදෙනකු යුද හමුදා මූලස්ථානයට කැඳවා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමෙන් පසු මේ බව සඳහන් කර තිබේ.

තමන් ද රණබිමේ දී තුවාල ලැබූ නිලධාරියෙකු බවත්  එම තුවාල වලින් පීඩා වින්ද  බවත් තමන්  රණවිරුවන් ගැන දැඩි සැලකිල්ලක් දක්වන බවත් හමුදාපතිවරයා කියා සිටියේය.

හමුදාපතිවරයා වශයෙන් තමන්  යුද හමුදාවේ සියලුම සාමාජිකයින්ට තමන්ට හැකි උපරිමයෙන් සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බවද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.



අදහස් (12)

ඉවසීමෙන් කටයුතු කරන්නැයි හමුදාපති ආබාධිත රණවිරුවන්ගෙන් ඉල්ලයි

සේන Wednesday, 18 September 2019 02:41 PM

ස්තුතියි හමුදාපතිතුමනි...!!

:       0       188

chinthaka Wednesday, 18 September 2019 03:04 PM

කාලාන්තරයකට පස්සේ අපිට අපේ හමුදාපති කෙනෙක් ලැබුණා. ඔබතුමාට දීර්ඝායුෂ...!!!

:       0       361

Hafeel Wednesday, 18 September 2019 03:34 PM

හමුදාපතිතුමා ආබාධිත රණවිරුවන් හමුවීම ඉතා හොඳයි.

:       0       126

[email protected] Wednesday, 18 September 2019 03:44 PM

කවුරු මොන කයිවාරු ගැහුවත් හමුදාවේ අයට සැලකුවේ සිරිසේන ජනාධිපතිතුමා විතරයි. රජෙක් කියාගත්තු කෙනෙක් එවකට හමුදාපති සරත් ෆොන්සේකාගේ තනතුරු නැතිකරලා ඒ මනුස්සයාගේ පඩියත් නැතිකරාට පස්සේ මේ මනුස්සයා තමයි ඒවා හදලා දුන්නේ. 2009 යුද්ධය ඉවර වෙලා 2015 වෙනකනුත් බලේ හිටපු පවුල් පාලකයා හමුදාවට සලකපු විදිය තමයි මේ... අන්තිමට මෙතුමාම තමයි මේ ප්‍රශ්නයත් විසඳන්න කටයුතු කළේ..

:       1083       334

dilanThursday, 19 September 2019 02:29 AM

අපි දන්නා විදියට නම් සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ උසාවියෙන්, නිදහස් කරේ මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේ එතුමා. සිරිසේන ජනාධිපතිතුමා මහින්ද කරපුවට ලකුණු දාගන්න රුසියා, දැක්කේ නැද්ද නෙලුම් කුළුණ? විවෘත කිරීම සිරිසේන ජනාධිපතිතුමා, මුදල් වියදම් කරාට බැනුම් ඇහිල්ල සහ නිර්මාණය මහින්ද ජනාධිපතිතුමානේ...

:       119       209

AmilaThursday, 19 September 2019 06:11 AM

ප්‍රජා අයිතිය නැතුව පෙන්ෂන් නැතුව හිටපු මනුස්සයාට ඒවා දුන්නේ සිරිසේන මිසක් ඔය කියන පවුල් පාලකයන් නෙමේ.. අනික කොමිස් ගහපු නෙලුම් කුලුණ රාජපක්ෂගේ අම්මා අප්පාගේ බූදලයෙන් නෙමේනේ හැදුවේ. රටේ මහජනයා තමයි ඒවට ගෙවන්න ඕනේ. ඉතින් ඉන්න පාලකයා හරි ආණ්ඩුව විසින් ඒවා ගැන කටයුතු කරන්නේ නැතුව කොහෙවත් ඉන්න කුණුගොඩකට මොකට ආරාධනා කරනවද?

:       150       4

Kumar Wednesday, 18 September 2019 04:20 PM

මහත්මයෝ ආබාධිත රණවිරුවන් ඉවසන්නම බැරි නිසයි උද්ඝෝෂණ කරන්නේ... රණබිමේ මිය ගියා නම් ලොකු උත්සවයක් පවත්වලා අවසාන කටයුතු කරලා නිකන් ඉන්න තිබුණා නේද? ආබාධිත රණවිරුවන්ට යැපෙන්න ක්‍රමයක් සලසා දුන්නොත් හොඳ නැද්ද? මාධ්‍යයට පෙන්වන්න අර සේරුගන්න පැමිණි රණවිරුවත් උද්ඝෝෂණයට සහභාගි වෙනවද?

:       0       0

Raveendra Wednesday, 18 September 2019 04:57 PM

හමුදා ප්‍රධානියා මෙම රණවිරුවන් මුණගැසීම අප අගය කරන්නෙමු. එය තමයි විය යුත්තේ.. රිලව් 225ම ඕනෑ එපාකම් පැයෙන් දෙකෙන් කරගන්න පුලුවන් නම් ඔවුන්ට අැයි මේ රට බේරාගත් මේ රට වෙනුවෙන් තමන්ගේ ජිවිත, අවයව කැපකළ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉක්මණින් නොකරන්නේ යන්න අපට නම් පුදුමයකි. ඔය 225ම ඔතන දැන් උඩ පණ එන කෑමොර දෙන්නේ සියලු සම්පත් විඳින්නෙත් මේ රණවිරුවන් ජීවිත පූජාකර ලබාදුන් නිදහසින් නොවේද යන රැල 225ම අප අසන්නෙමු..

:       0       167

lalithm Thursday, 19 September 2019 03:06 AM

මේ රණවිරුවන් ඉල්ලන්නේ මොනවද කියලා හරියටම තේරුමක් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට නැහැ.

:       0       22

sharm warn Thursday, 19 September 2019 04:04 AM

ශවේන්ද්‍ර අයියේ, ඔයා හැමදාම යුදබිමේ හිටපු කෙනෙක්... ඔයා දන්නවා මේ අයගේ ජීවිතවල සැබෑ වටිනාකම... ඔයා වත් මේ ගොල්ලන්ට යහපතක් කරන්න.

:       0       33

Chanak los angeles Thursday, 19 September 2019 04:07 AM

අපි දන්නා විදියට අබාධිත රණවිරුවන්ට ඔය කියන තරම් නොසැලකීමක් සිදුවෙන්නේ නැහැ. මේ පිටුපස හිඳිමින් ඔවුන්ව මේ ලෙස කුපිත කරවන්නේ වෙනින් කව්රුත් නොවෙයි. අවස්ථාවාදී සාටකයින්ගේ සමාගමයි. සාටකයන් බලන්නේ මේවා මාර්ගයෙන් රජය අපහසුතාවයට පත්කරවන්නයි.

:       104       43

PrasadThursday, 19 September 2019 05:25 AM

චානක, ඔබ ලොස් අැන්ජලීස් සිටින නිසා රටේ තත්වේ ගැන අවබෝධයක් නැතුව වගේ. රජය විසින් රජය අපහසුතාවයට පත්කරගෙන සෑහෙන කල්...

:       0       133

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 186 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 60 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 140 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 181 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 247 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 358 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site