IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉවසීමෙත් සීමාවක් තිබෙනවා: ෆොන්සේකා පත්කළේ ඒ නිසයි

(ජයන්ත සමරකෝන්)

‘‘කොයි දේටත් ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි. හැම දේටම ඉඩදීමේ ප‍්‍රමාණයක් තිබෙනවා. සරත් ෆොන්සේකා පත් කළේ ඒ නිසයි. මැයි පළමුවැනිදායින්  පස්සේ බලාගනිමු’’ යැයි විදේශසේවා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය බදාදා(26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙසේ ද කීවාය.

රට වනසන ඒකාබද්ධ හොර කල්ලිය සතියෙන් සතිය රටේ ප‍්‍රශ්න හදනවා. කිසිම තේරුමක් නැති එක්දින තෙල් වර්ජනයෙන් රටක්ම අඩපණ වුණා. රටකට තවදුරටත් මේ විදියට යන්නට බැහැ.

බත්තරමුල්ල විදේශ දේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මෙසේ පැවසුවේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත‍්‍රිවිධ හමුදාව ඇතුළත් විශේෂ කණ්ඩායමක් පිහිටුවා ඇත්තේ කුමකට දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (22)

ඉවසීමෙත් සීමාවක් තිබෙනවා: ෆොන්සේකා පත්කළේ ඒ නිසයි

kumar (galf) Thursday, 27 April 2017 05:53 AM

"ලී කුවන් යු" සිංගප්පූරුව හැදුවා වාගේ මේ රට හදන්න විනය ගරුක දක්ෂ නායකයෙක් ඕනා, ජනාධිපතිතුමා මේ කලදේ ඉතා විශිෂ්ටයි

:       47       66

Saumya Thursday, 27 April 2017 06:09 AM

එක ඇත්ත නෝනෙ, නෙලන්න තියෙන්නේ කොනක ඉඳල, සන්තෝසයි ඔබතුමියගේ කතාවට.....!!!

:       206       119

SIVA Thursday, 27 April 2017 06:46 AM

මේ දේ කරන්න තිබුනේ මීට කලින්

:       51       2

SIRI Thursday, 27 April 2017 07:02 AM

තලතා නෝනා, අපි දන්නවා ෆොන්සේකා මහත්තයා තමයි අපට දැම්මේ කියලා. නැතිනම් ඡන්ද 5000 ක් ගත්ත කෙනාට මොන තනතුරුද? ඔබල සැමට මේවට වන්දි ගෙවන්න වෙන දවස අත ළඟයි.

:       1       45

C.K.LANKAPUTHRA. Thursday, 27 April 2017 07:05 AM

ඉල්ලපු කට්ටියට බඩ පිරෙන්න දිය යුතුයි....

:       19       1

Kamal Thursday, 27 April 2017 07:06 AM

ජනතාවට බොරු පොරොන්දු දීලා ජනතාව කබලෙන් ලිපට දමා ..... දැං මැර බලයෙන් ජනතාව මර්ධනය කරන්න හිතනවා...

:       41       320

පිටිගල මිලානෝ Thursday, 27 April 2017 07:27 AM

ඔයගොල්ලොම හොරකම් කරපු අය හිරේ නොදා එළියේ තියාගෙන ඉන්න ගමන්ම කනවෝ...කනවෝ කියනවා.

:       23       1

Susil Thursday, 27 April 2017 07:27 AM

කල් ගිහිල්ලා හරි ආණ්ඩුවට තේරුණ එක හොඳයි. හැමකෙනාම උද්ඝෝෂණ කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වගේ දේවල් හරියට විඳින්න අවබෝධයක් නෑ අවු. 2500 කටත් වැඩි කාලයක් රජුන් යටතේ ඉඳලා ඒ දරදඬු ක්‍රම වලට තමයි ගොඩක් අය කැමති. ඒ අයට අවශ්‍ය දේ දෙන එක හොදයි. ටික කාලයකට හරි.

:       17       10

narada Thursday, 27 April 2017 07:32 AM

අපේ ඉවසීමෙත් සීමාවක් තිබෙනවා.....මොකුත් කරන්නේ නැහැ ...

:       12       4

Perera Thursday, 27 April 2017 08:03 AM

මෙයද ප්‍රජාතන්ත්‍රවාදය? දැන් මිනිස්සුන්ගේ අයිතීන්, හමුදාව දාල නවත්තන්නද යන්නේ. මේ තමයි මේ රජයේ අවසාන කාලය.

:       57       174

aravinda Thursday, 27 April 2017 09:04 AM

දැන්ද ඕක තේරෙන්නේ?

:       15       1

de silva Thursday, 27 April 2017 10:58 AM

එතකොට එස් . බි . කියන්නේ ඒක ජනාධිපතිතුමා විහිලුවට කියපු දෙයක් කියල කවුද ඇත්ත කියන්නේ ?

:       0       7

Nandana Panagoda Milano Thursday, 27 April 2017 11:11 AM

ජනාධීපතිතුමා ඉතාමත් හොඳ තීරණයක් සරත් ෆොන්සේකා මහත්තයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තණතුර දීමට තීරණය කරපු එක. මොකද වල්මත්වූවන් නැවත වරක් හරිමගට යොමු කිරීමට හැක්කේ ෆොන්සේකා මහත්තයට විතරයි. ෆොන්සේකා මහත්මයානනී ඔබට උණුසුම් සුබ පැතුම්!

:       354       142

Senarath Thursday, 27 April 2017 05:59 PM

මිනිස්සුත් ඉවසල බැරිම තැන තමා පාරට බැස්සේ. යහපාලනය දුන්නු පොරොන්දු ඉටු කරානම් මිනිස්සු පාරට බහින්නේ නැහැනේ

:       22       54

Chandima Fonseka Friday, 28 April 2017 06:59 AM

අනේ ඔය කොයි වෙලාවෙත් උද්ඝෝෂණ වලදී ගුටිකන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවට. උද්ඝෝසණ වලට ගහන කොට රජයක් ක්‍රමයෙන් ජනතාවට එපාවෙනවා. ඕක දන්නා නිසා බලය නැති දේශපාලකයෝ මිනිස්සුන්ව පොළඹවල ඉස්සරහට යවනවා. ඉතින් ඒ නිසා අපේ යුධ විරයා අන්තිමේදී ජනතා අප්‍රසාදයට ලක්වෙයිද කියල එතුමාගේ ඥාතියෙක් විදියට මටනම් බයයි. සැකයි.

:       10       56

Nishard Preena Saturday, 29 April 2017 03:56 AM

සාමාන්‍ය අහිංසක ජනතාවගේ එදිනෙදා ජිවිතවලට ඉතාමත්ම අහිතකර ලෙස බලපාන විදියට, ඔවුන්ට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කරන්ට යන්ට එන්ට තියෙන මග අහුරමින් හිතාමතාම මේදේ කරන නිසා සමහර අහිංසක රෝගීන්ට ජීවිතවලින් වන්දි ගෙවන්ටත් සිද්ධ උණා කළට වෙලාවට ප්‍රතිකාර නොලැබීම හේතුවෙන්. ෆොන්සේකා මහතාට මහජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමට කල කාලෝචිත සහ ඉතා වටිනා යෝජනාව සම්බන්ධව නායකයෝ ටිකක් කලබල වෙලා ටීවී එකේ අදහස් පලකරනවා දැක්ක.

:       15       1

janatha anura Tuesday, 02 May 2017 02:45 AM

මම යු අන් පී කාරයෙක් නිසා මේ ගැන සත්‍යට වඩා මගේ විශ්වාසය උතුම්ය අහිංසක ජනතාව ගැන පේනවා වංච දුෂණ නිසා ජනතාව දුක්විදිනව කුණු කඳු මරණ පෙනෙන්නේ නැහැ

:       0       0

savant Saturday, 29 April 2017 04:13 AM

චන්දිම,.. ෆොන්සේකා මොලය ඇති කතාවක් කියන්නේ. බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න තමයි හදන්නේ.

:       0       3

nirmala Saturday, 29 April 2017 05:31 AM

මේක නම් බරපතල් උගුලක්, ඔබට මර උගුලකි, අසු නොවන ලෙස ඉල්ලමි.

:       0       9

sathyayaa Saturday, 29 April 2017 08:57 PM

නිර්මලාට විතරයි ඇත්ත තේරුනේ...ලජ්ජා නහරේ කපල වෙන්න ඇති වැඩට ගන්න ඇත්තේ.

:       0       1

anura Sunday, 30 April 2017 07:52 AM

ආවේ නම් යහපාලනය කියා ගෙන. දැන්නේ නියම පාට පේන්නේ. ජනතාව උද්ඝෝෂණය කරන කොට ඒවාට විසඳුම් නොදී මර්ධනයෙන් පිළිතුරු සෙවීම අසාර්ථක දෙයක්. ඔයගොල්ලෝම නේද කියන්නේ උතුරේ ප්‍රශ්න වලට සාක්ච්ඡාවෙන් විසඳුම් ලබාගන්න ඕනේ කියලා. දැන් උතුරේ හර්තාල් ආවහම ඔය බලකාය එහාටත් යවනවාද? අපි දන්නවා දකුණේ ප්‍රශ්න කවුරුත් විසඳන්නේ ජනතාවට තඩි බාලා කියලා. එතකොට පිටරට ඉන්න සාධාරණ කට්ටියටවත් ඒවා නම් පේන්නේ නැහැ.

:       0       17

bamunu Tuesday, 02 May 2017 04:17 AM

නෝනා අපේ ඉවසීමේ සීමාවනම් පැනල. දැන් චන්දයක් තිබ්බොත් ඔබලාව දෙස පාලනයෙන් පන්නනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 217 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1577 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1305 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 747 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1847 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 91 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site