IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක්

 (අජන්ත කුමාර අගලකඩ)

ඉරානයෙන්  වසර 10 කට පමණ පෙර  ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු  ඇමෙරිකා ඩොලර්  මිලියන 250 ක  පමණ මුදලක්  ( රුපියල් කෝටි 3,975 ක පමණ )  වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.


මෛත්‍රී පාල සිරිසේන මහතා  මෙම දැනුම් දීම කර ඇත්තේ  ජනාධිපති කාර්යාලයේ අද (22) දහවල්   පැවැති කැබිනට් රැස්වීමේදීය.


 2008 වසරේදී පමණ මාස 6 ක සහන කාලයකින් ගෙවීමේ පදනම මත ලබා ගත්  ඉන්ධන වෙනුවෙන්  ගෙවිය යුතු මෙම මුදල නිසි පරිදි නොගෙවා වසර 10 ක් පමණ තිස්සේ පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර  ඇත.

 



අදහස් (19)

ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක්

sanath Tuesday, 22 May 2018 04:51 PM

ඔන්න සංචාරයේ ප්‍රතිපල කෝටි 3975 ක්, තව මේකට වැල් පොලිය 5% ක් විතර වැදුනොත් මේ ගාන දෙගුණ වෙනවා.

:       84       16

සතයපාල Tuesday, 22 May 2018 04:57 PM

ලෝකේ තව රටවල් කීයකට මේ වගේ පොලු තියලද දන්නේ නැහැ

:       63       6

JiwanThursday, 24 May 2018 03:21 AM

මෙහෙම පොලු තියන්න වෙන්නේ ආණ්ඩුවේ වරදින්ම විතරක් නෙමේ. තමන්ගේ රටේ නිශ්පාදන මිලදී ගන්නේ නැතුව වෙන රටවල දේ මිලදී ගැනීම නිසා. තේරෙන්නම කියනව නම් ආනයන වැඩි වීම නිසා. අපි ඇපල්, දොඩම්, මිදි විතරක් මොන තරම් ආනයනය කරනවද. සහල්, අල, ලූණු, පරිප්පු නොව ලුණු පවා පිටරටින් ගෙන ඒමට නම් ආණ්ඩුව වග කිව යුතුය. දේශීය නිශ්පාදන වලලා කොමිස් වෙනුවෙන් රට පාවා දෙන්නන්, කුණු කොල්ලෙට රටේ සම්පත් පිටරට වලට බදු දෙන්නන් ගැන ආණ්ඩුවලින් වග කිව යුතුයි. පොදුවේ රට වැසියාත්, ආණ්ඩුවත් දෙකම ආනයන අවම වනසේ කටයුතු කිරීමට වග බලා ගත යුතුයි.

:       0       0

Some Tuesday, 22 May 2018 08:30 PM

මාර සල්ලි කාරයෙක් නේ... වහාම ගෙවන්න අනේ ඔය තියෙන ණය ඔක්කොම වහාම ගෙවන්න කියන්නකෝ මහත්තයො.

:       172       105

lalithsjm Wednesday, 23 May 2018 01:11 AM

ඔව් ඔව් ගත්තනම් ගෙවන්න ඕන. ඒත් "වහාම" ගෙවන එකනේ ප්‍රශ්නේ.

:       14       7

ලුම්බිණි Wednesday, 23 May 2018 01:30 AM

ජනාධිපති තුමා ඉරානයට ගිය එකෙන් වාසි නැත්තේම නැහැ.

:       251       153

Samathasena A . Aluthgama Wednesday, 23 May 2018 01:48 AM

"වහාම ගෙවන්න" කියා ලකුණු දාගන්න විධායක නියෝග නිකුත් කරනවාට වඩා, මේ වෙලාවේ රට පත්වී තිබෙන පරිසර ව්‍යසන, ආර්ථික ප්‍රශ්න ආදිය ගැන ණුවනින් සිතා බලා මේක හෙමිහිට ගෙවාගෙන යන්න ඒ රටත් එක්ක සාකච්චා කර රටට හිතකර පියවරක් ගත්තානම් නේද වඩා හොඳ ? ගංවතුර හානි වලටත් "වහාම සියලු සහන සලසන්න" කියා නියම කරා. ඔය නියෝග දුන්නට ප්‍රශ්න විසඳන්න ඕන අනිත් කට්ටිය නේද ? නියෝග දිදී ඇඟ බේරාගෙන වැඩකරනවාට වඩා මේ රටේ දුක් විඳින අහිංසක මිනිසුන් වෙනුවෙනුත් ප්‍රායෝගිකව දෙයක් කරා නම් වඩාත්ම හොඳයි නේද ?

:       58       175

chandana Wednesday, 23 May 2018 03:50 AM

ඔන්න මහින්ද ගත්තට ණය. ගෙවන්නේ යහපාලනය.

:       277       303

sena Wednesday, 23 May 2018 04:10 AM

වෙන නායකයෝ රට ගියාම මොනවා හරි ගෙනාවා මෙයා ගියාම පරණ ණයත් ගෙවන්න වෙනවා

:       139       250

Prasanna Wednesday, 23 May 2018 04:27 AM

වසර 10 කට පෙර? අපේ කාලේ නෙවි හාමුදුරුවනේ........ මට මතක නැහැ......

:       48       4

sas Wednesday, 23 May 2018 04:41 AM

ගිය ආණ්ඩුව කාලේ ගත්තු ණය තමයි ඕව. දැන් කතා කරන්නේ එයාගේ කාලේ කිසිම ණයක් ගත්තේ නැති විදියට.

:       120       38

BANDULA Wednesday, 23 May 2018 05:22 AM

ඉරානයට ගියාට පසුව අපේ ගෙවන්නේ නැති ණය ගැන කියලද කොහෙද...

:       89       78

nuwan Wednesday, 23 May 2018 05:36 AM

ඕකට වෙන්න ඇති ඊයේ පෙරේදා එහෙ ගියේ...

:       161       105

Buddika Wednesday, 23 May 2018 06:42 AM

වහාම මේක ගෙවලා දාන්න. ආයිත් ඉරානෙන් ගන්නත් එපා.

:       173       0

JiwanThursday, 24 May 2018 03:14 AM

ඉරානය කියන්නේ අපේ දිගු කාලීන මිතුරෙක්. ආර්ථික සම්බාධක නිසා මේ වෙලාවෙ ඉරානය ඉන්නේ දැඩි ආර්ථික ගැටලුවක. ඒ වගේ වෙලාවක අපි ණයට ගත්තු එකක් ගෙවන එක මිතුරෙක් වශයෙන් ලංකාවේ යුතුකමක්. ඒ තත්ත්ව යටතේ පවා අපේ අපනයන (තේ , කුළුබඩු) මිලදී ගන්නා දැවැන්තයෙක් ඉරානය. අපි ඒක අමතක නොකල යුතුයි.

:       0       0

Sunil Wednesday, 23 May 2018 07:32 AM

එයාලට දැන් පනවලා තියෙන ආර්ථික සම්බාධක නිසා සල්ලි නැතිලු. අපිවත් ඉක්මනින් සල්ලි දෙමු අපිට නිකන් දුන්න තෙල්වලට.

:       0       8

critical Wednesday, 23 May 2018 08:44 AM

පරණ ගත්ත ඒවා ඔය.........අලුතෙන් ගත්ත ඒවා ගැන පස්සේ කියයි.................

:       0       24

vidya Wednesday, 23 May 2018 08:16 PM

ඉරානය ත්‍රස්තවාදීන්ට උදව් කරනවා කියා යුරෝපයත් ඇමරිකාවත් ආර්ථික තහනම් පනවා ඇති නිසා එම රටේ මිනිසුන් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. රජයට එරෙහිව ගියොත්, හිරේ දමනවා. සමහර විට මිනිසුන්ගේ ජීවිත පවා නැති වෙනවා. එම නිසා තමියි දීපු ණය ආපහු ඉල්ලන්නේ. නැති බැරි කම් නැති කරන්න.

:       0       0

kasun,wijesingha Friday, 25 May 2018 11:47 PM

එතුමන්ලාගේ ලක්සිරි කාර් ටික විකුණලා ණය බේරලා ගොන් කරත්ත පාවිච්චි කරානම් හරි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 45 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 655 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 541 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 507 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 262 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 707 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site