IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉන්ධන මිල යළි ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට  මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල  යළි ඉහළ දැමීමට රජය තීරණය කර  ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇති අතර  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් වැඩි වී තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 8 කින් වැඩි කර තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීට පෙර පැවතියේ  රුපියල් 149 කට වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 161 ට  අලෙවි කෙරිණි.සුපර් ඩීසල් ලීටරයක් මීට පෙරර අලෙවි වුයේ රුපියල් 133කටය .

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන වෙනස්කම් අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මිල සුත්‍රය හඳුන්වා දුන්නේය.


(36698)



අදහස් (27)

ඉන්ධන මිල යළි ඉහළට

ධම්ම Wednesday, 10 October 2018 03:21 PM

මුදල් අමාත්‍යාංශයේ තෙල් මිල සුත්‍රය දකින්න ආසයි. ඒක ගණිතමය සුත්‍රයක්ද නැත්නම් දේශපාලන සූත්තරයක්ද.

:       0       262

OMG Wednesday, 10 October 2018 03:29 PM

මුදල් ඇමැතිටත් ප්‍රහේලිකාවක් වුන මිල සුත්‍රයට ජය වේවා!

:       0       152

ayeshani Wednesday, 10 October 2018 04:11 PM

දේශපාලුවන්ගේ වහල් භාවයෙන් මිදෙන්න

:       0       184

Hafeel Wednesday, 10 October 2018 05:02 PM

කට්ටියක් කිව්වා නේද තාම මහින්දගේ ආණ්ඩුවේ පැවතී ගානට වැඩි උනේ නැහැ කියලා. දැන් කොහොමද? මම මීට අවුරුදු දෙකට කලින් මේ පිටුවේම අණාවැකි පල කළා, වත්මන් ආණ්ඩුව හෙමින් හෙමින් රාජපක්ෂ පීල්ලෙන් ගමන් කරන බවත්, අවුරුදු පහක් ගතවෙන්නත් කලින් සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පීල්ලෙන්ම ගමන් කරාවි බවත්. දැන් බලනකොට රාජපක්ෂ ආණ්ඩුවත් ඉක්මවා යනවා.

:       0       40

සතයපාලThursday, 11 October 2018 07:34 AM

මෝඩ කතා කියන්න එපා අද අවුරුදු තුනකට පස්සෙත් එදා තිබුණ ගාණට වැඩියෙන් රුපියලක් හරී අඩුවෙන් තෙල් ගන්න පුලුවන් එක ගැන අපිට සංතෝස වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රුපියලයේ අගය බාල්ලුවීම හා තෙල් බැරලයේ මිල ඉහළ යන අතරේ. ඒ වගේ රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් සමහර විට පෙට්‍රල් ලීටරය රුපියල් 250 ත් 300 ත් අතර වෙන්න ඉඩ තිබුණා. මොකද ආණ්ඩුව ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවෙන විටත් මෙහෙ තෙල් මිල වැඩි කරපු ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවකින් මෙහෙම වත් සහානයන් ලැබෙන්නේ නැතිබව විශ්වාසයී.

:       107       2

RNG Thursday, 11 October 2018 04:17 PM

ඉතින් දැන් කරන්නෙත් ඒක තමයි සත්‍යපාල මහත්තයෝ. මේ දවස්වල ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිහින් නෑ..

:       2       51

hasantha Wednesday, 10 October 2018 05:12 PM

ලෝකේ වැඩි වෙන විදියට වැඩි කරන්න අමාත්‍යංශ මොකටද? තව ඒ මිනිස්සුන්ටත් පඩි ගෙවන්න ඕනේ. අදාළ පුද්ගලයන්ගෙන් සුත්තරේ ඇහුවම කියන්නේ මන් දන්නේ නෑ මට මතක නෑ කියලා. හැබැයි පඩි, වාහන, ගෙවල් , ඉඩම්, පෙන්ෂන් එහෙමනම් හැමදාම මතක් කර කර නිදියගන්නවා ඇත්තේ.

:       1       17

Rane Wednesday, 10 October 2018 05:41 PM

හරි හරි දැන් අපිට තේරෙනවා සුත්තරේ !

:       1       1

kamal Wednesday, 10 October 2018 05:48 PM

මිල සූත්‍රය කියලා එකක් ඇත්තටම නෑ. ඕක බොරුවක්.

:       1       6

Ranjan Wednesday, 10 October 2018 06:26 PM

ලෝක වෙළද පලේ ඉන්ධන මිල ඉහල ගොස් ඇත මැඩියෝ වගේ ලිදේ වගේ නොසිට ලොව දිහා බලන්න

:       37       6

kamal gamage Wednesday, 10 October 2018 09:16 PM

මෙතරම් ලෝක ආර්ථිකය වැටිලා තියෙන වෙලාවක, ඉස්සරට වඩා අඩුවෙන් තමයි දැනටත් මේ මිලගණන් තියෙන්නේ. ඒක අමතක කරලා බනින අය කරන්නේ වෙන තරහ පිරිමහන එක.

:       110       10

Ravi Hettige Thursday, 11 October 2018 02:32 AM

කමක් නැහැ මහින්දගේ කාලෙට කාලේ ගාණට දැන්නේ ආවේ. 'ටොයි ලොජික්'

:       2       55

Soma dubayi Thursday, 11 October 2018 03:36 AM

හොඳ තීරණයක්. නමුත් ලෝක වෙළඳපොලේ තෙල් බැරල් එකක් ඩොලර් 150 වඩා වැඩි මේ වගේ වෙලාවක ජනතාව පටි තද කරගන්න ඕනේ.

:       90       41

හරිමග Thursday, 11 October 2018 06:20 AM

ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරල් එකක මිල ඩොලර් 80 ආසන්නවයි තියෙන්නේ. ආණ්ඩුවෙන් ගෙවලද මේ විදියට බොරු කියවන්නේ?

:       1       55

Kumar (galf)Friday, 12 October 2018 05:41 AM

සෝම අදහස් එකතු ක‍රන්නෙ ඩුබායි ඉදලා නෙමෙයි සිරිකොතේ ඉදලා. ඒක තමයි ලෝකෙ වෙන කිසි දෙයක් දන්නේ නැති ලිං මැඩියෝ වගේ වෙලා තියෙන්නෙ.

:       0       0

Rasi Thursday, 11 October 2018 03:43 AM

රජයේ උදෘත පාඨය "තාම මහින්දගේ කාලයට වඩා අඩුයි"

:       16       20

manuka Thursday, 11 October 2018 03:52 AM

ඔබට කොකොමද දැන්.? උවූන්ගේ සැප වෙනුවෙන් පටි තද කර ගනිමු. වහලුන් නොවෙමු අපි.

:       0       3

Janaka Thursday, 11 October 2018 03:54 AM

ලක්ෂ 62 ට නම් මාර සතුටක් ඇත්තෙ නේද? මට නම් මාර සතුටුයි ඒ ගොල්ලො පොලිමේ ඉඳන් ආන්ඩුවේ ගුන කිය කිය අලුත් ගානට පෙට්‍රල් ගහනවා දකිද්දි. ලක්ශ 62 ඔබ ගොඩක්ම සතුටින් නේ දැන්. අපිට නම් ඔයගොල්ලො ගැන මාර සතුටුයි.

:       145       539

Lahiru Thursday, 11 October 2018 04:08 AM

අවුලක් නැහැ. තාම මහින්දගේ කාලෙට වඩා රුපියල් 2 ක් අඩුනේ...

:       159       12

Rasika Thursday, 11 October 2018 05:19 AM

ලහිරු, ඊලඟ මාසෙ 10 වෙද්දි මහින්දගෙ කාලෙටත් වඩා වැඩි වෙයි පෙට්‍රල් ඩීසල් වල ගනන්. එතකොට ලහිරු අදහස් ප්‍රකාශ කරන එකත් නවත්තයි. ඔයා කොච්චර මෝඩද ලහිරු. ලක්ශ 62 න් එක්කෙනෙක් කියලා නිකන්ම ඔප්පු කරා.

:       20       177

athuraThursday, 11 October 2018 06:34 AM

මහත්මය මහින්දගේ ආණ්ඩුව තිබුන නම් දැන් තෙල් කීයක් විතර වෙයිද?

:       17       2

RasikaThursday, 11 October 2018 07:21 AM

ඒ කාලෙ බොරතෙල් බැරල් එකේ මිල අද බොරතෙල් බැරල් එකේ ගාණටත් වඩා වැඩියි කියල ඔයාට මතක නැති උනේ ඇයි? ඒ කාලෙ මේ ගානට පෙට්‍රල් ඩීසල් දුන්න එකත් ලොකු දෙයක්. ඒ කාලෙ බොරතෙල් එකේ ගානට අද බොරතෙල් මිල වැඩි උනා නම් පෙට්‍රල් ඩීසල් ගාන 200 ටත් එහා යයි. ඔයා ඊලඟට අදහස් දාද්දි ඒ කාලෙයි මේ කාලෙයි බොරතෙල් මිල ගනන් බලල අදහස් ප්‍රකාශ කරන්න.

:       2       177

LAHIRUThursday, 11 October 2018 09:46 AM

මම කිවේ යහපලානේ අය කියන එක . මාත් එක්ක තරහ වෙන්න එපා

:       1       24

athuraThursday, 11 October 2018 11:23 AM

රසික මහත්මය අපි මෙහෙ බොරතෙල් බැරල් ගණන් ගන්නේ නැහැනේ.

:       24       2

SujithThursday, 11 October 2018 06:07 PM

එතකොට ලංකාවට ගේන්නෙ බොරතෙල් නෙමෙයිද? ඒවා පිරිපහදු කරලා නෙමෙයිද පෙට්‍රල් ඩීසල් ගන්නෙ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව තියෙන්නෙ උක් අඹරලා සීනි ගන්නද? අතුර මෝඩ කතා කියන්න එපා.

:       0       13

KANDEPOLA Thursday, 11 October 2018 05:29 AM

අපිට දෙවියෝ සිහි කලාට මංගලට, පින්.

:       0       4

Asanka Thursday, 11 October 2018 05:39 AM

මේ පත්තරේම දකුණු අත පැත්තේ තියෙනවා ලෝක ඉන්ධන මිල ඉහළට කියලා ඇස් ඇරලා බලන්න.

:       72       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 42 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 104 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 866 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 633 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1236 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 273 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site