IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්

(නිමන්ති රණසිංහ)

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප‍්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ  පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙරට ධීවර ප‍්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප‍්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධවීමේ ඇති ප‍්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප‍්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා සදහන් කරයි.

කොවිඞ් වෛරසයේ ප‍්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මත-ුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප‍්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.

ඒ අනුව, ඉන්දියාවේ පැතිර යන මේ නව වයිරස් ප‍්‍රභේදය මෙරට ධීවර ප‍්‍රජාව මගින් අපේ රට තුළට පැමිණීමට ඇති අවධානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සදහන් කියයි.

 



අදහස් (23)

ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 04 May 2021 01:17 PM

ධීවරයන් කියන්නේ පාලනය කිරීමට අසීරු කොට්ඨාශයක්. ඒත්, මෙවර ඒවා හරියන්නේ නැහැ. පොදු මහජන යහපත උදෙසා වැරදි කරන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

de silva Tuesday, 04 May 2021 01:34 PM

ඉන්දියානුවෝ සංචාරකයන් ලෙස පිලිගෙන ලංකාවේ නිරෝධායනය වෙලා යුරෝපයට යවනවා මෙයා ධීවරයෝ ගැන බයිලා කියවනවා.

:       18       46

සත්‍යපාල Wednesday, 05 May 2021 07:59 AM

මේ අයත් හරියට කපුවෝ සාස්තරකාරයෝ පුසාරියෝ වගේ. කලින් දැනගෙන අනාවැකි කියනවා. ඉන්දියානු වයිරසය ලංකාවේ ව්‍යාප්ත වෙලා ගොඩක් දවස්. ජනතාවට සගවලා දැන් අමාරුවේ වැටිලා වැඩේ ගැස්සෙන්න යනකොට කියනවා "වීමේ අවදානමක්" කියල. එක අතකින් මෙයාලත් අහිංසකයි. දේශපාලකයන්ගේ බලපෑම් තර්ජන ඝර්ජන නිසා ඔවුනට අවනත වෙන්න සිදුවෙලා. "අරෝග්‍යා පරමා ලාභා" කියුවට දේශපාලකයන්ට සල්ලි තමයි පරම ලාභය. ජනතාව ලංසුවට තබා සල්ලි හොයන්න බලනවා. දිගට හරහට මිනිසුන් මැරිලා කොම්පැනිවල අදායම බින්දුවට වැටෙනකොට දැන් රට වහලා පාලනය කරමු කියනවා. එතෙක් රට ඇරගෙන සල්ලි හොයනවා.

:       42       47

ranjithWednesday, 05 May 2021 09:38 AM

ඉන්දියානු වෛරස් ප්‍රභේදය ගෙන්න ගන්නද ඉන්දියාවෙන් ගෙන්න ගන්නේ? අද රටේ ජනතාව බේරා ගන්න අවංක චේතනාවෙන් වැඩ කරන අය ඉන්නවද කියලා බලමු.

:       0       0

ranjith Tuesday, 04 May 2021 11:33 PM

වෙන රටවල් ඉන්දියාවෙන් රටට ඇතුළු විම තහනම් කරලා බයිලා මේවා පැතිරෙන කොට අහිංසක ජනතාවට බෝලේ පාස් කරන්න එපා මහඋන්ගේ වැරදිවලට අපි පලි නැ නේ....

:       35       97

Jayantha Wednesday, 05 May 2021 02:42 AM

කොරෝනා ප්‍රභේදය මොකක්ද කියල හොයන්නයි මාධ්‍ය නිවේදන ඉදිරපත් කරන්නයි තියෙන උනන්දුව රෝගය පැතිරීම වැළැක්වීමටත් තියෙනවනං කොච්චර හොඳද..

:       24       27

sumith malewana Wednesday, 05 May 2021 02:48 AM

ජපානය ඇප් එකක් දාගන්න තියෙනවා ඒ හරහා තමයි නිරෝධානය කරන්නේ.

:       18       34

Sende Wednesday, 05 May 2021 03:58 AM

දැන්නුවට ස්තුතියි. අපි මොනවහරි කරගන්න බලන්නම්... ඔයගොල්ලන්ව ආරක්ෂා කරගන්න.

:       4       7

nimelen Wednesday, 05 May 2021 04:14 AM

ලන්කාවේ මේක හොඳට පාලනය කරන් තිබ්බා. මහ එවුන්ගේ වැරැද්දෙන් තමයි දෙවෙනි පාර වැඩි උනේ. මිනිස්සුන්ට කිසිම පාලනයක් නැතිව ඔහේ එහෙ මෙහෙ යන්න දීලා දැන් මිනිස්සුන්ටම බෝලෙ පාස් කරනවා. අර කොරොනා අස්සේ තමුන්ගෙ චන්දේ වැඩිකරගන්න තොන්ඩමන්ගෙ මිනියත් කිසිම පාලනයක් නැතිව ගෙනාපු අයනේ මේ...මෙයාල විතරක් නෙමෙයි මේ ඉන්න කොයි කවුරුත් ඔහොමයි..

:       23       9

lasantha Wednesday, 05 May 2021 04:48 AM

මෙයා තමයි අවුරුදු සමරන්න කිව්වෙත්... සමාජයට පැතිරිලා නැහැලුනේ....

:       23       34

Jayampathi Wednesday, 05 May 2021 05:05 AM

ලෝකයේ සියලු රටවල් ඉන්දියාව සමඟ ගුවන් ගමන් නවතා දමා ඇතත් ලංකාව හා ඉන්දියාව අතර දිනපතා ගුවන් ගමන් ? ඉන්දියානු ලංකාවේ නිරොධායනයට ? බෝට්ටු මගින් ඉන්දියානූවන් රහසෙම ලංකාවට? ඉතින් මෙ අවදානම් තත්වය ඇති වුන විදිය පැහැදිලියි නේද. ධිවරයින්ට වරද පටවන්නේ ඇයි.?

:       9       19

Akila Wednesday, 05 May 2021 05:18 AM

දැනටමත් ව්‍යාප්ත වෙනවා ඇති ,අමුතුවෙන් අවදානමක් නැහැ , මන් දැක්ක අවුරුදු කලෙත් එක ලොකු අයිටි ආයතනක් ඉන්දියන් කට්ටිය එක්ක ෆොටෝස් දානවා සර්පරයිස් විස්ට් කරලා කියල , නිරෝධායන නීති තියෙද්දී කොහොමද ඒ ගොල්ලෝ ලංකාවේ සර්පරයිස් විසිට් කරන්නේ ?

:       0       20

Bamunuarachci Wednesday, 05 May 2021 05:40 AM

අපිට දාන තරමක් ලෙඩ දාන්නේ ඉන්දියාව. දෙමල්ලු, ත්‍රස්තවාදය, කොලරාව, පළාත්සභා දැන් කොරෝනාව. වටිනාම දෙකට ලැබුනේ බෞද්ධාගම පමණයි. ඉස්කෝලේ යන කාලෙත් ළමයි හැටියට අපි තීරණය කලේ අපට ලැබුන ලොකුම හෙනේ ලංකාව ඉන්දියාව ලඟින් පිහිටීමයි කියලා.

:       14       46

බමුණු.Wednesday, 05 May 2021 07:17 AM

ඇයි ඉන්දියාවේ දේ විතරද පේන්නේ...? අර පිටරට කට්ටිය ගෙන්නලා මුදල් කුට්ටි අරන් නිරෝධායනය කොට යැව්වේ. මුලින් මේවා බොරුයි කියා මොරදුන්නා. මේ ළඟදී දිනයක කිව්වා ඒක නැවැත්තුවා කියා. තමන්ගේ පැත්තේ මොන වරදක් වත් පේන්නෙම නැහැ. විකාර කියවනවා.

:       41       25

ගමේ එකාලාWednesday, 05 May 2021 08:04 AM

බමුණු අදහස් තියෙන ,මොලේ උඩ ඉන්න සමහර අයට දුර පේන්නේ නැතුව ඇති .

:       22       12

pradeepa Wednesday, 05 May 2021 05:43 AM

ඇමැතිවරු ඉන්දීයා වලින් කට්ටිය ගෙන්වලා මෙහෙ නිරෝධායනය කරනවා. මෙයාලා ආවා වහන්නේ නැ නිකන් මිනිස්සුන්ට බෝලේ දානවා.

:       4       31

fairoos Wednesday, 05 May 2021 07:04 AM

අපිටමයි හොදට කරලා තියෙන්නේ.. රෙදි නැති වෙන්නම තමයි වෙලා තියෙන්නේ. ඒත් තවම කිරිබත් කන්නමයි හිත.

:       31       4

Swarna Wednesday, 05 May 2021 07:20 AM

2020 අවුරැද්දේ ඉතාලියේ දවසකට කොවිඩ් ආසාධිතයින් විසිදහක් තිස්දහක් හමුවෙද්දී ලාංකිකයින්ට තමන්ගේ රටට ඒම තහනම් කලා. ගුවන් ගමන් නැවැත්තුවා. නමුත් අද ඉන්දියාවෙන් දවසකට කොවිඩ් ආසාධිතයින් ලක්ෂ ගනන් හමුවෙද්දී තාමත් ඉන්දියානු ජාතිකයින්ට ලංකාවට ඒමට අවසර තියෙනවා. ඇයි මේ වෙනස?. අපේ අයත් අලුත් අවුරැද්ද හොඳට සැමරැවානේ. දැන් ඉල්ලගෙන කාලයි තියෙන්නේ. කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු.

:       20       39

Nihal Wednesday, 05 May 2021 07:53 AM

අප්‍රේල් අට වෙනිදා රෝගීන් හම්බවෙලා කරබාගෙන හිටියා.

:       37       22

dasun Wednesday, 05 May 2021 08:46 AM

දැන්ද බොල මතක් වුණේ?

:       0       0

විජිත් Wednesday, 05 May 2021 09:03 AM

ඔය ඉන්දියන් කොරෝනා ප්‍රභේදය ලංකාවට " ආනයනය " කලේ ආණ්ඩුවේ ගජ මිතුරු සක්කිලි හෝටල් කාරයින්!!! ඉන්දියන් කාරයෝ සහ ඉන්දියන් රජය ලස්සනට " දෙවන වතාවටත් " ශ්‍රී ලංකාව කොරෝනාවෙන් සුකිත මුදිත කළා. දියුණු රටවල නම් මිනීමැරීමේ චේතනාව' යන චෝදනාව යටතේ මෙවැනි අපරාධ වලට " රජයට " විරුද්ධව නඩු පැවරිය හැක. නමුත් නීතියක් නැති රටක...ගෝත්‍රිකයින් සමග නඩු කියනවාට වඩා සාධාරණ ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරීම හැම අතින්ම උචිතයි. අපේ රට පාලනය කරන හොර මට්ට මෝඩයින්ට මේවා තේරුම් ගැනීමට තරම් මොලයක් කොයින්ද..? ඇත්ත...රෑට රෑට කුකුල් හොරකමේ ගිය හොරු , කෝච්චිවල මාල කඩපු හොරු .. මිනීමරුවෝ...මේවා ගැන දන්නේ කොහොමද?

:       45       20

Don karolis Wednesday, 05 May 2021 09:43 AM

වයිරසය පැය 6 ක් සුළගේ තියනවනම් ලංකාවට එන්න පුලුවන්

:       0       0

විපරමා Wednesday, 05 May 2021 09:45 AM

බලලෝබි ,බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. රටට හෙන ගැහුවත් උන් පරම්පරා හත අටකට උනත් ඇති වෙන්ඩ හම්බ කරගෙන තියෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 158 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 320 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 58 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 513 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1450 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3674 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site