IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්ද්‍රාණි සේනාරත්න සමුගනී

(ආරියරත්න රණබාහු සහ සමන්ත යහම්පත්)

දශක ගණනාවක් දෙස් විදෙස් සංගීත රසිකයින්ගේ ජනාදරයට පත්ව සිට ගුවන් විදුලි හා චිත්‍රපට  ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය. 

1936 ජුලි 15 වැනි දා ඇය උපත  ලැබුවාය. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු දිවංගත සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වු ඇය මිය යන විට 83 වියේ පසුවුවාය. ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් මවකි.  

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ එවකට ප්‍රචාරය වු කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ  සරස්වතී මණ්ඩපය තුළින් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මයුර හඬින් සංගීත රසිකයන් පිනවුවාය.

රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන සෙනහස, සුදුසදේ, කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වෟ ඇය ගුවන් විදුලියේ  ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්  ලෙසද ගීත රැසක් සංගීත කේෂ්ත්‍රයට දයාද කළාය.

ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ  යන ගීත වේ.

ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (27) දින සිදුකිරීමට නියමිතය.

 



අදහස් (24)

ඉන්ද්‍රාණි සේනාරත්න සමුගනී

Raveendra Sunday, 23 June 2019 11:31 AM

මිහිරි හඬක් හිමි මෙන්ම සුන්දර ගීත රසවිඳීමට අප හට දායාද කළ ඔබතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.!!!

:       3       190

Sanath Kandy Sunday, 23 June 2019 11:38 AM

දකුණු ඉන්දියානු ගායිකාවන් සිංහල චිත්‍රපට පසුබිම් ගීත නුහුරු බසකින් ගායනා කරුනු ඇසුණු යුගයක රේඛාව චිත්‍රපටිය තුළින් ඇය සිංහල කාන්තා හඬ සිනමාවට හඳුන්වා දුන්නා. අවුරුදු 60කට පෙර ඇය ගැයූ ගීත අදටත් එකසේ ජනප්‍රියයි. එත් මේ FM නාලිකා හා පෞද්ගලික රුපවාහිනි නාලිකා තුළින් බලහත්කාරයෙන් ශ්‍රාවකයා තුළට ගෙන එන්නට වලිකන නව සංගීත විලාප රැල්ල හරහා ඇය වැනි ප්‍රවීනයින්ගේ නිර්මාණ අපේ දූ දරුවන්ගේ සවන් වලින් ඈත්කර තැබීම අද දවසේ අප අත්විඳින ඛේදවාචකයයි.

:       0       316

RaveendraSunday, 23 June 2019 12:48 PM

සනත් කැන්ඩි, මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. නව පරපුරේ ගායක ගායිකාවන් කොතැනකද ඉන්නේ... යන්න ඒ අයවත් නොදැන සිටීම කණගාටුවකි. අපගේ දූදරුවන් ගීත රස විඳිනවාද? ගීත විඳවනවාද යන්නත් ගැටලුවකි...

:       12       114

Sirimal Sunday, 23 June 2019 12:14 PM

ඉතාම කණගාටුදායක ආරංචියක්... ඇයට නිවන් සුව ලැබේවා..!!!

:       0       79

Kalpa Sunday, 23 June 2019 12:15 PM

ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයට විශාල සේවයක්... ප්‍රතිභාපූර්ණ කලාකාරිනියකගේ නික්ම යාමක්... සසර ගමනේ කෙළවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා..!!!

:       0       104

චන්න Sunday, 23 June 2019 12:19 PM

අනේ මෙච්චර වයසක මන්ත්‍රීවරුන් ජීවත් වන රටක ඇයි කලා කාරයන් ඉක්මනට මැරෙන්නේ?

:       10       150

Buddika Sunday, 23 June 2019 12:26 PM

සඳපානේ පිපුණු අහිංසක මල වියැකී ගිහින්. තවත් සුන්දර හදක සමුගැනීම... සුබ ගමන් !!! නිවන් සුවය ලැබේවා..!!

:       0       54

දර්ශන Sunday, 23 June 2019 12:59 PM

ඔබට නිවන් සුව !!!...

:       0       51

sugath Sunday, 23 June 2019 01:26 PM

ආදරෙයි මම ආදරෙයි.... ධම්මි තවමත් ආදරෙයි...

:       0       72

leel gunawardena Sunday, 23 June 2019 01:56 PM

විශාල කණගාටුවක්... !!! මම කුඩාකාලේ පටන් ඔබගේ ගීතවලට සවන් දුන්නා.. විශේෂයෙන් වෙසක් කැකුළු, මේ ගීතය දැනුත් අහනවිට මගේ කුඩාකාලය" " වෙසක් කුඩු හදන හැටි මතක් වෙනවා... මව්නි, ඔබට නිවන් සුව..!!!

:       0       101

රොහාන් දයාදර පැරිස් Sunday, 23 June 2019 02:39 PM

නිවන් සුව පතමු ...!!!

:       0       33

ජයරත්න Sunday, 23 June 2019 02:43 PM

ඔබ සහ ඔබේ ආදරණීය සැමියා සිසිර සේනාරත්න ගීත කලාවට කළ සේවාව අමරණීයයි. නිවන් සුව පතමි...

:       0       61

ravi Sunday, 23 June 2019 03:16 PM

ඔබ අපගේ.. සවනට මිහිරි හඬකින් කොඳුරාපු සෑම .."" ලස්සන හැගීමකටම...සිතුවිල්ලකටම "" අපි ඔබ තුමියට ගොඩාක් ස්තුතිවෙමු.. අමතක නොකරමු .

:       0       37

saliya Sunday, 23 June 2019 03:17 PM

එකම මොහොතක් ඉන්න ඇත්නම් වෙලී ඔබ සුවඳේ… ඔබේ කටහඬ තාම මතකයි, සීනයෙන් තැවරූ සුවඳ සේ... ඇත සිට ඔබ මා අමතනවා දෝ අදත් මිහිරේ…

:       0       52

Bamunuarachchi Sunday, 23 June 2019 05:05 PM

ඔබ සංගීත ක්ෂේත්‍රයට කල මෙහෙය මිලකළ නොහැකී, ඔබට නිවන්සුව පතමි.

:       0       29

Chanak los angeles Monday, 24 June 2019 12:38 AM

මෙය තාවකාලික සමුගැනීමක්. දුක් සහිත ලෝකයේ නැවත ඉපදීමක් නොමැති ස්ථිර සමුගැනීමකට මිනිසා දක්ෂ විය යුතුයි . ඒ සඳහා රහත් භාවය ලබා පිරිනිවනයට පත්විය යුතුමයි . අවශ්‍ය නම් උසස් මනසක් ඇති මිනිසාට එය නොකළ හැක්කක් නොවේ.

:       1       2

ලුම්බිණි Monday, 24 June 2019 01:47 AM

මගේ ප්‍රණාමය...!!!

:       0       1

Raveendra Monday, 24 June 2019 01:53 AM

සුන්දර ගීත අප ඔබගෙන් රසවින්දා මතකයිනේ..// ඒවා කිසිදා අමතක නැති බවනම් ස්තිරනේ..// අමරණිය මතක සටහන් තිබු ඔබ අද නැතුවානේ..// පතනවා නිවන් සුව ඔබතුමියට අප සැම අද දිනේ..//

:       0       2

pramukha Monday, 24 June 2019 02:07 AM

එදා ඔබගේ ගීතවලින් සිංහල ගීතයේ නව රැල්ලක් ඇති කල බව මට සිතේ.. එදා එසේ නොවුවානම් අදත් අපි හින්දි සින්දු තනුවලට සිංහල වචන යොදා ගීත ගයනු ඇත... ඔබ දකින විට මට සිහිවන්නේ මගේ අම්මාය.. මගේ අම්මටත් එවැනි කටහඬක් තිබුණි. එම සින්දු කුඩා කළ ගයන අයුරු සිහිවේ.. කුඩා කළ අපි ඔබ දෙපලගේ සින්දු ගයන්නේ පවුලේ සියලු දෙනා සමගිනි.. මෑණියනි ඔබට නිවන් සුව...

:       0       116

shantha Qatar Monday, 24 June 2019 03:29 AM

නිවන් සුව ලැබේවා ඔබතුමියට...!

:       0       2

jayath Monday, 24 June 2019 04:16 AM

මේ අද වැටෙන්නේ මහා වනස්පති වෘක්ෂ , හැබැයි මේවට ආදේශක හැටියට මොනවත් නැහැ . කාගේ හරි ගීතයක් හරි නැත්නම් වීඩියෝවක් කරලා හරි ගානක් හොයා ගන්න ටිකක් දැන් ඉන්නේ..... මොනවා උනත් " සිසින්ද්‍රා : -සිසිර සහ ඉන්ද්‍රානි අමරණීයයි අපේ හදවත් තුල සිසිරගේ මදුර මිහිරි ස්වාදීන තනු අපි ඉන්ද්‍රනිගේ හඬින් ආසාවෙන් අහගෙන හිටිය

:       0       3

shan Monday, 24 June 2019 06:20 AM

මිහිරි හඬක් හිමි මෙන්ම සුන්දර ගීත රසවිඳීමට අප හට දායාද කළ ඔබතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.!!!

:       0       3

Keppetipola Monday, 24 June 2019 09:14 AM

සදා නොමියෙන ඔබේ කට හඬ සහ ගීත අදටත් රසවිඳින්නෙමි. ඔබට අමාමහ නිවන් සුව පතමි.

:       0       3

Deepal Nirosh Wednesday, 26 June 2019 08:36 AM

සදා මතකයේ රැඳෙන සුමිහිර මුදු සවනක නිමාව, ඔබතුමියට අමා මහ නිවන් සුව පතමු..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 74 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 423 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 760 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 262 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 231 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 262 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site