IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ වළකට වැටී දරුවෙක් මරුට

(චන්ද්‍රසේන ගමගේ සහ අනීෂා මානගේ )

ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කණින ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් බෙලිඅත්ත මහා විද්‍යාලයේ 07 වැනි වසරේ සිසුවකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඉතා අනාරක්ෂිතව ඇති මෙම වළ බෙලිඅත්ත කිරින්ද ප්‍රධාන මාර්ගයට යාබදව කණින ලද්දේ මීට මාස එකහමාරකට පමණ පෙර බව කියැවේ.
 
මෙම වළ අඩි 15ක් පමණ ගැඹුරකින් යුක්ත වන බව දැනගන්නට ඇත.

චමික සේහාන් නම එම දරුවා නිවසේ නොමැති බව දැනගත් පසු නිවැසියන් එම දරුවාව සොයා ඇති අතර පසුව දරුවාගේ මළ සිරුර මෙම වළේ තිබී සොයා ගෙන ඇත‍.


 



අදහස් (6)

ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ වළකට වැටී දරුවෙක් මරුට

ලුම්බිණි Friday, 10 November 2017 06:43 AM

ආරක්‍ෂිත වැටවල් නැතුව මේ වගේ දේවල් කරන්නේ කවුද? බලන්න ළමයෙකුගේ ජීවිතයක් නැති උනා නේ. චීනේ කට්ටියද හදන්නේ?

:       27       124

Raveendrqa Friday, 10 November 2017 08:06 AM

ලෝකයේ රටවල ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකදී අදාල ආරක්‍ෂිත වැටවල් යනාදිය අනිවාර්ය කෙරෙන අතර අපේ රටේ පමණක් එසේ නොවන්නේ මන්ද ???

:       10       156

Thusha Friday, 10 November 2017 10:18 AM

පිට රටවල, පදික වේදිකාවක සුළු අලුත්වැඩියාවක් කරන විටත්, ආරක්‍ෂිත වැටක් ඉදිකර තමයි වැඩේ පටන් ගන්නේ. ඉදිකරන්නේ නැහැ... එයාලා ගාව තාවකාලික වැටවල් තියෙනවා. පුදුම රටක් ලංකාව නම්. මෙච්චර ලොකු වලවල් විවෘත්තව මහා පාරේ. මේ අසරණ දරුවාගේ මරණයට වග කියන්නේ කවුද දැන්...?

:       0       212

lanka Saturday, 11 November 2017 05:18 PM

මෙම අධිවේගී මාර්ගය ඉදි කරනු ලබන්නේ චීන CATIC සමගම, උපදේශන කරන්නෙත් චීන ජාතික අයයි. ඊට හරියන විදියේ දේශීය උපදේශකවරු ගොඩක් ඉන්නවා. මෙම උපදේශකවරු කිසිම දෙයක් ගැන බලන්නෙම නැත. නමුත් වැටුප් හා අතිකාල දීමනා මාසෙට ලක්ෂ 5 ~6 විතර ගන්නවා . චීන උපදේශකවරු ලක්ෂ 3,000,000.00 විතර ගන්නවා. මේ ගැන පසුගිය කාලය පුරාම කතා කලා. නමුත් රටට කිසිම සෙතක් නැත. RDA එකේ ලොකු මහත්වරුන්ගේ මඩිය නම් චිනේ නිසා තර වෙනවා. අහිංසක මහජනතාව කිසිම පිළිසරණක් නැත. මේ පිලිබඳ කියන්න තියෙන්නේ උඩ ඉන්න දෙවියන්නට පමණි. අපේ රටට බුදු සරණයි.

:       0       2

amaraweera Sunday, 12 November 2017 03:41 AM

අඩුම තරමේ මේකට ලොකු දණ්ඩක් වත් දාල තිබුනම් මේ අහිංසකය බේරෙන්න තිබුණා. අනෙක දරුවට බැනල වැඩක් නැහැ දෙමාපියන් සැලකිල්ල නැද්ද වගේ. පෙන්නේ. පව් දරුවා .චාරයක් - නීතියක් නැති රටක මුන් මේ වගේ නොසලකිලි නිසා කරන සංවර්ධන වැඩ. දැන් ඉතින් එක වටේ වැටක් ගහවි. ඔය වගේ වැඩ කරන්නේ. කවුද දරුවට වගකියන්නේ....

:       0       2

kus sajeewa Thursday, 16 November 2017 12:22 AM

දක්ෂිණ අධිවේගය විතරක් නෙවෙයි මධ්‍යම අධිවේගයද ඉදිකරන්නේ මූලික ප්‍රමිතීන් ආරක්ෂාවන් පවා නොසලකමින්. කලුගල් පිපිරවීම වගේ දේවල් ගෙවල් අසළ කරන විට ලගපාත නිවැසියන් ගෙවල්වලින් පිටකරලා ගස්වලට මුවාවෙලා ඉන්න කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 486 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 208 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 810 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 612 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 628 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1806 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site