IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇමැති මොහාන් ලාල් සහ මන්ත්‍රී බිමල් රත්නායක මැතිසබයේදී ගැටෙති

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
උසස් අධ්‍යාපන  රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහත්වරුන් අතරේ අද (20) මැතිසබයේදී උණුසුම් බහින්බස් වීමක් ඇතිවිය.
 

උණුසුම් කතා බහ ඇතිවුයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් රාජ්‍ය ඇමති  මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ යම් යම් කටයුතු විවේචන කළ අවස්ථාවේදීය.
 
බිමල් රත්නායක මහතා
 

ග්‍රේරු ඇමතිතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. ඔබතුමා සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින එක වැරදියි.
 
(ග්‍රේරු ඇමතිවරයා යමක් කියයි)
 
බිමල් රත්නායක මහතා
 
ඔබතුමා වාඩි වෙන්න. මගේ කාලය ගන්න එපා. අනේ ඔබතුමා ඔය කරන වැඩේ කැතයි, කැතයි ලැජ්ජයි, ලැජ්ජයි  නින්දිතයි .ඔබතුමා ඔයිට වඩා හොද වෙන රස්සාවක් හොයා ගන්න.
 
ග්‍රේරු ඇමතිතුමා කලක් ඔයත් ෆිසික්ස් (භෞතික විද්‍යාව) ගුරුවරයා තමයි නමුත් ඔබ මෙතන ඇත්ත කියන්න ඕනා.
 
ඇමති ග්‍රේරු මහතා
 
මෙතැන මඩ ගහන්න ලැහැස්ති වෙනවා එපා. බොරු මඩ ගහන්නේ නැතුව වාඩි වෙනවා.
 
බිමල් රත්නායක මහතා      
 
ඔයා ඔයාගේ ලයිසියම් එක ගොඩ දාගන්න ඔපිස් අවේ නැද්ද? කියන්න කියන්න. ඔබතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. එහෙම කර කර සයිටම් එක පැත්ත වාඩි වෙනවා  ලැජ්ජයි, ලැජ්ජයි  කැතයි, කැතයි



අදහස් (9)

ඇමැති මොහාන් ලාල් සහ මන්ත්‍රී බිමල් රත්නායක මැතිසබයේදී ගැටෙති

piyal Thursday, 21 June 2018 02:20 AM

ජෙප්පෝ උසස් පෙළ පාස් වෙන්න ඇත්තේ ටියුෂන් යන්නේ නැතුව වෙන්න ඇති . ග්‍රේරෝ සර් කියන්නේ ඉස්සර හිටිය හොද භෞතික විද්‍යා ගුරුවරයෙක්. ඕනෙනම් ඔහේලගෙ ළමයින්ට මුදලට උගන්වන්න එපා. කරුණාකර අනෙක් අයට ඉඩ දෙන්න. මුන්ට පිස්සු

:       915       1511

PALITHAThursday, 21 June 2018 06:18 AM

ලිපිය හරියට කියවලා අදහස් ප්‍රකාස කළා නම් වටිනවා මහත්තයෝ

:       26       184

සතයපාල Thursday, 21 June 2018 02:24 AM

එයා අධයාපනය විකුණු වෙළෙන්දෙක් තමයි .ඒ නිසාමයි. සයිටම් එකට පක්ෂව පෙනී ඉන්නේ. මේ අයට ලැජ්ජාව කියළා එකක් නැහැ ප්‍රශ්නය ඒකයි.

:       436       310

Raveendra Thursday, 21 June 2018 02:35 AM

ඔය රණ්ඩු සරුවල් " දන්සලේ බත තැම්බෙනකම් " විතරයි. මේ හිගන්නොටික සම්භාවනීය නළු,නිලියෝ ටිකක්.

:       164       377

ruwan Thursday, 21 June 2018 02:38 AM

රජයේ පාසල් විශ්වවිද්‍යාල සියල්ලම පිරිහිලා. ලොකු කුඩා සියලුම පාසල්ම වල මත් ද්‍රව්‍ය ප්‍රසිද්දියේ අලෙවි වෙනවා. ළමා අපචාර අනන්තවත් වෙනවා.

:       20       109

Samitha Thursday, 21 June 2018 03:33 AM

බ්මල්ට පනත ගැන කියන්න දෙයක් නැති නිසා බොරුව පැටළුණා.

:       120       189

d.upul Thursday, 21 June 2018 05:14 AM

මෙයාලගේ දීමනාව තව ලක්ෂයකින් වැඩිකරන යෝජනාවක් ගෙනෙන්නකෝ බලන්න. ඔක්කොම එක පැත්තක.

:       0       81

kalani Thursday, 21 June 2018 06:17 AM

නිදහස් අධ්‍යාපනය ඉදිරි පරපුරට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජවිපෙ කළ කාර්යභාරය අමතක කරන්න එපා. සයිටම් සටන සිහිපත් කරන්න.

:       0       44

indika Thursday, 21 June 2018 07:31 AM

ලයිසියම් කියන්නේ හොඳ පාසලක්. සල්ලි ගත්තට උගැන්වීම හොදා. ඒකට යැව්වට පාඩුවක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 152 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 194 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 214 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 493 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 426 4

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1795 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site