IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැති අමරවීර ගේන්න ගුවන් හමුදා යානයක්

යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ. 

අමරවීර මහතා යාපනයට ගිය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් යානාවක් පලාලිහි ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරූ බව වාර්තා විය. පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ ආරාධනාව මත ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟ වී තිබේ. 

මේ සම්බන්ධයෙන්  කළ විමසුමකදී දැනගත හැකිවූයේ ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ය.



අදහස් (14)

ඇමැති අමරවීර ගේන්න ගුවන් හමුදා යානයක්

Indrajith Monday, 15 January 2018 05:00 AM

මෙයා තමයි මහා ලොකුවට ජනාධිපතිවරණය පේනතෙක්මානයක නැහැ කියල ඒක තියෙන්නේ 2021 කියල කිව්ව කෙනා.

:       10       215

daham Monday, 15 January 2018 05:30 AM

බලන්නකෝ ඒ කලේ වගේද දැන්? යහපාලනේ කොච්චර හොදද?

:       181       125

ShanMonday, 15 January 2018 07:23 AM

දැන් තමයි මේවා එළියට එන්නේ... රාජපක්ෂ කාලේ මේ වගේ දේවල් ගැන කතා කරන්නත් බයෙන්නේ හිටියේ...

:       188       75

RaveendraMonday, 15 January 2018 01:53 PM

daham මය වෙත, ඔබට ඉරිසියා හිතුනද ?? මෙයා ඔබගේත්,මගෙත්, අපගේත් බදු මුදල් වලින් යැපෙන හාදයෙක් නොවේ. බත්මුලත් ගෙදරින් බැදගෙන පාන්දර බස් එකේ අමාරුවෙන් දියවන්නාඔය මඩවගුරට එන්නේ. ඔය ගමන ගියෙත් එයාගේ ගෙදරින් හාමිනේ දුන්න මුදල් වලින් තේරුනාද ?? මේ අහිංසකයට මඩ "තවරන්න" එපා .

:       25       468

rama Monday, 15 January 2018 07:39 AM

අැයි මෙයාගේ ගුවන් යානය බස්සන්න දුන්නේ නැත්තේ?

:       0       136

වීරසේකර Monday, 15 January 2018 08:29 AM

ඇමති ගුවන් හමුදා යානයකින් කොළඹ ආවද? එනගමන්ද? තාමත් උඩද?

:       0       50

tikiri Monday, 15 January 2018 08:57 AM

කොහොමත් මෙයා යන්නේ හරියට පාරක් නොදන්නා අය එක්ක තමයි.

:       0       202

de silva Monday, 15 January 2018 09:15 AM

මෙගොල්ලට ගුවන් යානා මොකටද සිලින්ඩර් 8 ඇති ටොයෝටා සහරා වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන දීලා තිබෙන්නේ ඔය වගේ ගමන් යන්න.

:       0       141

de silva Monday, 15 January 2018 10:11 AM

උඩින් ගියාට අනිවාර්යයෙන්ම මෙයාගේ සිකියුරිටි එක සහ යාපනයේ එහා මෙහා ඇවිදින්න මෙයාගේ නිල රථය ඇතුළු රථ 3-4 අනිවාර්යයෙන් ජනතාවගේ බදු මුදල් වලින් පැට්‍රල් ගහගෙන සිකියුරිටි එකට සහ රියදුරන්ට බටා ඇතුළු දීමනා ගෙවාගෙන බිමින් යාපනේ යන්න ඇති...

:       0       162

siri Monday, 15 January 2018 11:08 AM

මේකේ තියෙන්නේ කියවන අයට වැරදි අවබෝධයක් දෙන ශ්‍රීර්ෂ පාඨයක්. මහින්ද අමරවීර ආපසු පැමිණ ඇත්තේ ගුවන් හමුදාවේ වැඩසටහන් වලට අනුව ගමන් කල යානයකින් මිස ඔහු වෙනේවෙන්ම යොදාගත් යානයකින් නොවේ. ඔහු පලාලි වෙත ගියේ යාපනයේ පැවති තෛපොංගල් උත්සවයකට බවත් ඔහු එහිගිය පෞද්ගලික හෙලිකොප්ටර් යානයේ නියමුවාට පලාලි ගුවන්පථය "සොයාගැනීමට" නොහැකිවීම නිසා විනාඩි 45 කට වැඩි කාලයක් නිකරුනේ රස්තියාදු වීමට සිදුවූ බවත් තමා වාර්තා වී ඇත්තේ. ඇමතිවරයා ගුවන් යානයෙන් ගෙන එ්ම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා තිබුණා. මෙහි සඳහන් අදහස් දැක්වීම් වලින් කියවෙන්නේ ගුවන් හමුදාව ඇමැතිවරයා වෙනුවෙන් විශේෂ යානයක් ලබාදී ඇති බවකුයි. පහුගිය කාලයේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යාල වනෝද්‍යානයේ සංචාරය කල වෙලාවේ පැවති අධික වර්ෂාවක් නිසා ඔහු ගමන්කළ ජීප් රථය මඩෙහි එරුණු වෙලාවේ ඇමතිවරයා ආපසු ගෙන ඒමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් යොදාගත් අවස්ථාව මෙහිදී සිහිපත් වෙනවා.

:       181       622

jayapala Monday, 15 January 2018 01:43 PM

තවමත් මෙයාල කඩේයනව .

:       0       93

Lapaya Monday, 15 January 2018 11:40 AM

අයියෝ බස් එකක පාපුවරුවක් තිබුණා නම් පුරුද්දට නැගලා එයි...

:       15       73

lusena Monday, 15 January 2018 04:04 PM

කලින් මෙයා බැසිල්ට බෙරිහන් දුන්නා. හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් ගියා මුදල් විනාශ කළා කියලා දැන් මෙයාලා ගුවන් සවාරි. දේශපාලනේ අප්පිරියා චරිතයි..

:       50       98

de silva Tuesday, 16 January 2018 08:58 AM

මෙතුමා මුලින් ගියා කියන පුද්ගලික හෙලිකොප්ටරයට මුදල් ගෙවුවේ කවුද කියල මුලින්ම සොයල බලන්න ඕනේ ? තෛපොංගල් උත්සවය කියන්නේ හදිසි අවස්ථාවක් නොවේ , මේ ගොල්ලට දීල තිබෙන සුකොප්භෝගී වාහන වලින් කොළඹ ඉඳන් යාපනයට යන්න පුළුවන් පැය6-7 ඇතුලත , මේ ගොල්ල එනකොට පොලිසිය මාර්ගය ඉඩ අරන්දෙනවා හෙලිකොප්ටර් වලින් යන්න කිසිම අවශ්‍යතාවයක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 426 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1796 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1398 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 788 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1939 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site