IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති

(ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි - 055)

න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයන් 100 දෙනා හමු වී කෙටි සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. දකුණු කොරියාව තුළ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව ඒ අතරවාරයේදී ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ඇමෙරිකා එක්සත් ජනපද අණදෙන නිලධාරියකු පැවැසීය. උතුරු කොරියාව නව අවි ආයුද අත්හදා බැලීම් කරනු ඇතැයි පසුගිය සති කිහිපයේදීම අර්බුදකාරී තත්ත්වයක් ඇති ව තිබිණි.

“කොරියානු අර්ධද්වීපයෙන් සාමකාමී ලෙසත් ස්ථාවර ලෙසත් න්‍යෂ්ටික අවි ආයුද ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වෙනවා” යැයි එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ජාතික බුද්ධි අංශ ඒකකයේ අධ්‍යක්ෂක ඩෑන් කෝට්ස් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.

“අපි එම ඉලක්කය කරා යෑම සඳහා සාකච්ඡාවලට සම්බන්ධ වීමට සූදානම්. ඕනෑම අවස්ථාවකදී සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න අපට බාධාවක් නැහැ. ඒ වගේම අපේත් අපේ මිතුරන්ගෙත් ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ද අපි සූදානම්ව සිටිනවා” යැයි රෙක්ස් ටිලර්සන්, ජිම් මැටිස් සහ ඩෑන් කෝට්ස් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය. 

“න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල ඉවත් කිරීම උතුරු කොරියාවට පීඩනයක් එල්ල කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. අපේ මිතුරන් සමඟ එක්ව උතුරු කොරියාවට නව ආර්ථික සම්බාධක පනවන අතරේම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා” යැයි එම නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබේ.  

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට උතුරු කොරියාවේ අවි ආයුද තාක්ෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන අතර ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අවසන් වීමට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සහිත මිසයිලයකින් එරටට පහර දෙනු ඇතැයි ද ඇමෙරිකාව විශ්වාස කරයි. ඇමෙරිකාව කොරියානු අර්ධද්වීපයේ කරන ඕනෑම යුද කටයුත්තක් උතුරු කොරියාවට දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට ප්‍රහාර දීමටත් ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීමට අවස්ථාව උදා කිරීමකි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමේ වැඩසටහන් නැවැත්වීම සඳහා චීනයට බල කිරීම ඇමෙරිකාවේ ජනාධිපතිවරයා සැලසුමේ ප්‍රධාන කොටසකි. ඇමෙරිකාව සාකච්ඡාවලට සූදානම් බව සඳහන් කළ ද උතුරු කොරියාව සාකච්ඡාවලදී පනවන කොන්දේසිවලට එකඟ වේද යන්න සැක සහිතය. 

න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට උතුරු කොරියාවට දැඩි සම්බාධක පනවා තිබේ. නැවත වරක් උතුරු කොරියාව ත්‍රස්තවාදයට උදව් සපයන රටවල් ගොන්නට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමු වී ඇතැයි ධවල මන්දිර ප්‍රකාශයකු පැවැසීය. උතුරු කොරියාව සමඟ සබඳතා පවත්වන ඇමෙරිකා පුරවැසියන් මෙන්ම ඇමෙරිකා නොවන පුරවැසියන් ද අසාදු ලේඛන ගත කිරීම ද නව සම්බාධකවලට ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ. 

මේ අතර ඇමෙරිකා දකුණු කොරියාවේ ස්ථාපිත කළ මිසයිල ආරක්ෂණ පද්ධතියට එරට විවිධ පිරිස්වලින්ම විරෝධතා එල්ල විය. එම විරෝධතාවලදී ඇති වූ ගැටුම්වලින් දස දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 



අදහස් (2)

ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති

daham Thursday, 27 April 2017 01:56 PM

රටක් සම්බන්ධයෙන් මොන මගුලක් කලත් එක කරන්න ඕනේ එක්සත් ජාතීන්ගේ තීන්දුවකින්නේ. ඇමෙරිකාව කරන්නේ තනි කැමැත්තට අනිත් රටවලට මැදිහත් වීම. එහෙම කරන්නේ නැහැ කියලයි ට්‍රම්ප් බලයට එන්න ඉස්සෙල්ල කිව්වේ. දැන් එකේ අනිත් පැත්ත. පැහැර ඇමෙරිකන්කාරයන්ගේ හැටි ඔහොම තමයි. අපේ සමහර එවුන්ට උන් බෝධිසත්වවරු වගේ.

:       28       113

malee Saturday, 29 April 2017 06:29 PM

ආසියාවේ රටවලට නැගිටින්න දෙන්නේ නැහැ .

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 103 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 233 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 999 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site