IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමති මණ්ඩල සංශෝධනය හෙට හවස

අජන්ත කුමාර අගලකඩ 

දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට  මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා වෙත අද (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන්  මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන  ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්  කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන  ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .

මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.



අදහස් (32)

ඇමති මණ්ඩල සංශෝධනය හෙට හවස

Gayan Thursday, 22 February 2018 05:25 PM

ෆොන්සේකා මහත්තයටත් හොරු අලන්න බැරි උනොත් , ලංකාවේ හොරු ඉදල නැහැ ඔන්න . බොරුවට තමා හොරු ඉන්නවා කියල අපිව බය කරලා තියෙන්නේ.

:       0       0

sirimal Thursday, 22 February 2018 07:52 PM

අදට වැඩිය හෙට හොඳයි තමා. ඒ උනාට හෙට කියන්නේ අද නෙවෙයි හෙට නේ.

:       0       0

V.warnakulasuriya Thursday, 22 February 2018 09:32 PM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලැබීම ගැන "පොහොට්ටුවන්" සහ "හොරු "හැර සාමාන්‍ය ජනතාවගේ කැමැත්තක් මේදිනවල පවති. මඩේ ගිලි සිටින යහපාලනයට යම්තාක් දුරට හෝ ඉන් ගොඩඒමට මේ තනතුර එතුමාට ලබාදීම සිදුවිය යුත්තකි.

:       0       0

ජගත් ලියනගේ Thursday, 22 February 2018 09:37 PM

කෝ ඕනම කරන සංශෝධනය ගැන සඳහනක් මෙතන නැහැනෙ .

:       0       0

Sathyayaa Thursday, 22 February 2018 11:18 PM

මට හිතාගන්න බැහැ සමහරු කොහොමද කාඩ් කුට්ටම අනන කොට බූරු වන්වම උඩට එන විධියට ඒක අනන්නේ කියල. මැජික් කාරයින්ට නම් රජාව රැජින කරන හැටිත්, රැජිනව රජා කරන හැටිත් රජාව බූරුවට අන්දන හැටිත් බුරුවන්ව රජ කරවන හැටිත් සුළු දෙයක්. එතැනදී මැජික් කාරයා දේශපාලකයාට බොහෝ සෙයින් සමාන වෙනවා. මන්ද රැවටීමකින් තොරව මැජික් හා දේශපාලනයට පවතින්න බැරි නිසා. කැබිනට් කුට්ටම ඇනීමේදී අපි බලා ඉන්නේ සං කෙසේවෙතත් පුර්ණ ශෝධනයක්.

:       0       0

පිටිගල මිලානෝ Friday, 23 February 2018 12:04 AM

යුද්ධයක් කරන අවධියක හමුදාවක් මනා ලෙස පාලනය කල සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමාට නීතිය හා සාමය ඇමතිකම දෙන්න. ඇත්තටම හොරුන්ව අල්ලන්න පුළුවන් එකම ක්‍රමය මෙයයි. හොරා කවුරු වුනත් දඬුවම් ලැබිය යුතුයි.

:       0       0

Muhan Friday, 23 February 2018 01:43 AM

සරත් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම දෙන්න. එතුමා වැඩේ හරියට කරයි. ඒක නැතුව වෙන මොනවා කලත් වැඩක් නැහැ. අනෙක් ඔක්කොම වැඩ බැරි ටාසන්ලා

:       0       0

lalithsjm Friday, 23 February 2018 01:50 AM

මේගොල්ලෝ අන්ත පරාජයක් ලබලත් බලේ ඉන්න දගලන හැටි. එනකොට කීවේ කොහොමද ?

:       277       1963

ලුම්බිණි Friday, 23 February 2018 04:43 AM

කිසිම පලයක් නැතුව මුදල් නාස්ති කරන තනතුරු අහෝසි කරන බවක් නම් පෙනෙන්නේ නැහැ.

:       47       117

ජයන්ත මිලානෝ Friday, 23 February 2018 06:04 AM

සරත් ෆොන්සේකා මැතිතුමාට නීතිය හා සාමය ඇමති ධූරය ලැබුණොත් හොඳයි .එවිට ජනතාවගෙ කඩා වැටුණු මානසිකත්වය යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇතිවීමට හැක . එවිට ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය ඉහළ නැංවෙනු ඇත.

:       5126       1718

MuhanFriday, 23 February 2018 08:34 AM

ග්‍රාමසේවක ඕකට කැමති වෙන එකක් නැහැ.

:       0       1

BamunuarachchiFriday, 23 February 2018 12:46 PM

වඳුරාට දැලිපිහිය දෙනවා කියන සිංහල උපහරණය මතක් වෙනවා.

:       89       429

RAveendraFriday, 23 February 2018 02:57 PM

පොඩි වැරදීමක් දැලිපිහිය නොවේ "අලවංගුව" හෝ "හෙණ්ඩුව".

:       0       7

V.warnakulasuriya Friday, 23 February 2018 03:54 PM

සමහර අය මේකේ ප්‍රතිචාර දැක්වීමත් බමුණුආරච්චි මහතා කියන සිංහල උපහරණය වගේ. ඒ වගේම හොඳම එකෙන් කන්න වෙන විත්තිය දැනුනාමත් සමහර අයට බයටම එක එක කතා මතක් වෙනවා. මොනවා වුනත් ඉතින් වඳුරාගේ කැමැත්තනේ.

:       0       0

Balagiri Friday, 23 February 2018 06:35 AM

බාලගිරි දෝසය වගේ. දැන් සතියක වෙලේ සිට හෙට අනිද හෝ ලබන සතියේ. කෝ අපේ ජනාධිපතිතුමා තවම දැක්කෙවත් නැහැ ඡන්දෙන් පස්සේ. කඩුව මුවත් කරනවද දන්නේ නැහැ.

:       0       67

nuwan Friday, 23 February 2018 06:36 AM

මේ වගේ සින්තටික් වෙනස්කම් කරන්නේ නැතුව දැන්වත් රටේ මිනිස්සුට ඇඟට දැනෙන්නෙ දෙයක් කරන්න. අවුරුදු 3ක්ම කලේ කයිවාරුවයි, පච කෙලිල්ලයි. සංවර්ධනය වෙන්නේ ඉබි ගමනේ. ජීවන වියදම දවසින් දවස වැඩිවෙනවා. ආර්ථිකය දවසින් දවස කඩන් වැටෙනවා.

:       155       100

susantha Friday, 23 February 2018 06:43 AM

ඔච්චර තමා අඩුව තිබුනේ.

:       0       0

kasun Friday, 23 February 2018 07:11 AM

සරත් ෆොන්සේකා මැතිතුමාට නීතිය හා සාමය ඇමති ධූරය ලබාදෙන්න

:       0       0

gamage Friday, 23 February 2018 07:21 AM

පසුගිය අවුරුදු 3 ක්ම පහල බැහැපු ආර්ථිකය ගොඩනගන්න විශාල කැප කිරීමක් කරන්න වෙයි. වෙගවත්ව නමුත් යම්කිසි ප්‍රමාණයකට වැරදි මාවතේ යමින් තිබුණු සංවර්ධනය නිවැරදි මාවතට ගන්නේ නැතුව නවත්තල දාලා දැන් ඇමති මණ්ඩලය මාරු කරලා ගොඩයන්න බැරිවෙයි. ඇමති මණ්ඩලයත් වරප්‍රසාද පරිත්‍යාග කරලා හරි කැප වුනොත් ජනතා ප්‍රසාදය ඇතිවෙයි. අයෙත් ජනතාවට කොකා පෙන්නන නම් එපා.

:       0       0

ranga Friday, 23 February 2018 07:31 AM

දැන් මේක වෙනස් කලාම ඔක්කොම හරිද ?

:       0       0

sigithi Friday, 23 February 2018 07:32 AM

බස්සා නිදි මරයි කිසි හොර කමක් බැරි . බල්ලා හෙමින් නොගියත් කිසි වැඩක් බැරි ඌරා මඩ හැරුවත් කිසි වැපුරුමක් නැති හිවලා සිංහ වෙස් ගත්තත් නාද බැරි

:       0       0

Chandra Friday, 23 February 2018 07:38 AM

සංවර්ධනය, දුෂණය සහ හොරු ඕවා මොකටද? පක්ෂය දිනවන්න එපැය.

:       0       0

athula Friday, 23 February 2018 07:43 AM

මේ මොනවා කලත් ඔය කාඩ් කුට්ටමේ ඉන්න අයමනේ නමුත් යම්කිසි ප්‍රගතියක් ඕන නම් සරත් ෆොන්සේකාට ආරක්ෂක අංශයේ ඇමති කමක් දෙන එක හොදයි ඕක දෙන්න තිබුනේ 2015.

:       0       0

sirimal Friday, 23 February 2018 08:05 AM

අදට වැඩිය හෙට හොඳයි. හෙට කියන්නේ ඉතින් කවදාවත් "උදාවෙන" දවසක් නෙවේනේ.

:       0       0

Sunil Friday, 23 February 2018 08:29 AM

තියෙන දෝෂ කන්දරාව මදිවට බාලගිරි දෝෂයත් හැදිලා වගේ. කොහෙන් මේවට බෙහෙත් හොයන්නද මන්දා?

:       0       30

Deepal Nirosh Friday, 23 February 2018 09:04 AM

කොහොම මූණු මාරු කරත් ආණ්ඩුව එකයි. ආණ්ඩුවට අවශ්‍ය ප්‍ර‍තිපත්තිමය වෙනසක් මිසක බොරු චරිත මාරුවක් නොවෙයි.

:       0       14

Muhan Friday, 23 February 2018 10:35 AM

බාලගිරි දෝසෙ අද නොවෙයි හෙටයි.

:       0       1

Saneera Friday, 23 February 2018 11:18 AM

ජනාධිපතිතුමනි ! අපේ රටට අවශ්‍ය වැඩකරන, අවංක නායකයින්. හැමදාම එක එක්කෙනාගේ වැරදි හොයන නායකයින් නෙවේ. එහෙම වුණොත් වෙන්නේ රට එකම තැන... මේ රට විනාශ කරන්න දෙන්න එපා. අපේ රටට අපි ගොඩක් අදෙරෙයි ! මේ රට විනාශ කරන්නේ නූගත් නායකයින්...

:       49       0

saliya Friday, 23 February 2018 11:47 AM

පසුගිය දිනවල ලොක්කට උපදෙස් දුන්න පුරෝහිත, බාල තෙල් වලට පෙට්‍රෝලියම් අමාත්‍යාංශය බාර දුන්නා.. එහෙම බැරි නම් ළමයි ඉස්කෝලවලට හොර පාරෙන් දාන්න පුළුවන් ඇමති කමක්වත්...

:       0       23

Bamunuarachchi Friday, 23 February 2018 12:48 PM

බලමු මේ සැරේ මොකක්ද කරන්න යන්නේ කියලා...

:       0       61

sampath Saturday, 24 February 2018 07:21 AM

ජනතාව එමති මණ්ඩල සංශෝදනයක් ඉල්ලුවේ නී අනෙක කුරු කොහෙට මාරු කලත් වියදම් වෙඩි වීමක් මිස වෙන වෙන දෙයක් නෙතිවී දේශපාලන පක්ෂවල අර්බුද රටේ ප්‍රශ්න බවට පත නොකරනවනම් තම වැඩ හොද හිසරදෙට කෝට්ටේ මාරු කරනවා වගේ වෙඩක් මීක පහුගිය කළෙම හිටපු ය එකතුවෙලා සාමුහික තීරණ ගත්තේ ඉතින් යේ මුණ වෙනස් උනත් එච්චරි ඒ නිසා ප්‍රතිපතිති මාරුවකට යන්න කාලය හරි

:       0       0

prakaash Saturday, 24 February 2018 10:34 AM

නිවටකම් කෙසේද යත් බොරුව සහ වංචාවයි. ඌරුකොටුවක් බලා ගන්නවත් සුදුසු නැත. කොහෙත්ම විශ්වාස කරන්නට බැරිය. රටට ජනතාවට කිසිම වැඩක් නැත. රනිල්ගේත්, චන්ද්‍රිකාගේත්, බටහිරයන්ගේ පදයට නටන රණ විරුවන් සුළුකොට තකයි. කුමන්ත්‍රණයෙන් බලය ලබාගෙන මිනිසුන් රවටා වංචනික ලෙස කටයුතු කිරීම දැන්වත් නවතා ඉවත් වන එකයි කල යුත්තේ...

:       15       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 21 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 30 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 367 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 468 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 979 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 906 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site