IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ පක්ෂ රැස්වීමට විමල්,උදයලා නෑ

(අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ .

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න යන මහත්වරුන් ද ,අතුරලියේ රතන හිමියන් ද එම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ බව වාර්තා වේ .

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ අතර ,ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස ඊට සහභාගී නොවූ බව දැනගන්නට ඇත .

එම පක්ෂ නායකයන් ඊයේ පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව ය .

පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් කැඳවා සිටි නිසා ඊට සහභාගි නොවූ බව හෙතෙම සඳහන් කළේය

තමාත් ,වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ,එල් එම් අතාවුල්ලා ,ජයන්ත සමරවීර, යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියන් අරලියගහ මන්දිරයට ගොස් ඊයේ පස්වරුවේ අගමැතිවරයා හමුවූ බව ඔහු කීවේය

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් ලබන එකොළොස් වැනිදා කැඳවන බව අගමැතිවරයා දැන්වී යැයි ද හෙතෙම සඳහන් කළේය

 



අදහස් (8)

ආණ්ඩුවේ පක්ෂ රැස්වීමට විමල්,උදයලා නෑ

siri Tuesday, 04 May 2021 03:17 PM

තව පෝය 45ක් විතර තියෙනවානේ. අවුලක් නෑ. මම දැක්ක පෝය 45 ගෙවෙන්න කලින් රනිල් මංගල දෙන්නා අමුතු ගේමක් දෙන්න යනවා කියල පත්තරේක තියෙනවා. පාස්කු බොම්බයේ මහමොලකරු ගැනත් දැන් දැන් අදහාගන්න බැරි ජාතියේ ආරංචි පතිරෙනවානේ. මැක්කෝ උනත් කාලෙන් කාලෙට අලුත් පරාණවල එල්ලෙන්න හදන එක අමුතු දෙයක් නෙවේනේ. මේ රටේ මොනවද හැටියට විශ්වාස කරන්න පුළුවන්?

:       3       16

Dinesh Tuesday, 04 May 2021 03:22 PM

මෙ වෙලාවෙ අවශ්‍ය නැහැ... ඡන්දෙන් පස්සේ එන්න..

:       4       22

surath Tuesday, 04 May 2021 04:19 PM

මණ්ඩලේ කචල්ද? තවත් මහජන ඇමක්ද?

:       3       27

Ashan Tuesday, 04 May 2021 07:50 PM

මේ මිනිස්සුන්ට පිස්සු. වෙන රටවල අගමැතිවරු රෑ දවල් නැතිවෙ මේ වසංගතයෙන් මිනිස්සු බේරගන්ඩ උත්සාහ කරනවා. අපේ අය ඡන්දෙ දිනන්නෙ කොහොමද කියල හොයනවා.

:       2       24

mahinda Wednesday, 05 May 2021 03:37 AM

කුක්කාගෙන් තොර මැක්කන්ට පැවැත්ම කිසිසේත්ම නෑ

:       0       1

Rata Perata Wednesday, 05 May 2021 05:53 AM

හැම තත්පරයම බලය අල්ලන හැටි ගැන හිතනවා මිසක් වෙන දෙයක් රාජපක්ෂලාගේ ඔලුවේ නැ ජනතාව බෙදලා රට විකුණලා හරි බලයේ ඉන්න තමයි හදන්නේ....

:       0       7

DenaWednesday, 05 May 2021 06:55 AM

කාලකණ්ණි යක්ෂයෝ...

:       0       3

sharm warn Wednesday, 05 May 2021 06:35 AM

රට විකුණන්න මිනිස්සු එක්ක අමාරු නිසා මිනිස්සුන්ව අඩු කරගෙන හරක් වැඩි කරගෙන ගේම දෙන්න වගේ යන්නේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 7 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 200 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 30 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 675 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 190 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 226 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site