(මොහොමඩ් ආසික්)

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත්  රණවන පාරේ පිඟා ඔයේ පාවෙමින් තිබූ අලුත ඉපදුණු බිළිඳකුගේ බවට සැක කරන මළ සිරුරක් අද(7) සොයාගත් බව කටුගස්තොට පොලීසිය පවසයි.
පිඟා ඔයට ගිය අයකු මෙම බිළිඳු සිරුර දැක පොලීසියට දන්වා ඇති අතර ඒ අනුව  එම ස්ථානයට ක්ෂණිකව ගිය පොලීසිය අදාළ සිරුර ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබ තිබේ. මෙම බිළිදා ඉපදුණු විගස යම් අයකු ඔයට දැම්මාද යන සැකයක් පොලිසියට මතුව ඇති අතර ඒ ඔස්සේ වැඩි දුර පරීක්ෂණ සිදු කර ගෙන යනු ලබයි.

මෙම බිළිදු කළලයේ කොටස් සතුන් විසින් කා දමා ඇති බවද දක්නට ලැබේ.

බිළිඳු සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටත් කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක  ජගත් චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් නිශාන්ත මහතා ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.