IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අලින්ට කෑම ගෙනියන්න තෙවරප්පෙරුම දඹුලු යයි

(කාංචන කුමාර ආරියදාස)

හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වන අලින්ගේ ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පළලතුරු රැගෙන යෑමට වනජීවි   නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද ( 22) අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය.
 
අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේද සහය ඇතිව  එම එළවලු පළතුරු  වනජීවී දෙපාර්තමේන්තුවේ වාහන වලට පුරවා ගෙන හොරොව්පතානට රැගෙන යාමට පියවර ගත්තේය.


නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වන ජීවී දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙකු ද එක්ව අලුයම 3ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු සියල්ල ලොරි රථවලට පටවා ගැනීම සිදු කළහ.


නියෝජ්‍ය අමාත්‍යවරයා වන අලින්ට රැගෙන යන මෙම එළවළු සහ පලතුරුවල ඇති පොලිතින් සහ අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කර ආහාර අලින් ආහාර ගන්නා එළවළු සහ පලතුරු පමණක් පටවා ගැනීම මෙහි විශේෂත්වයක් විය. 


පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයාද එළවළු පලතුරු වාහනවලට පැටවීමට සෙසු පිරිසට උදව් කළහ.


නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ  දැනට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ  රඳවා සිටින්නේ රටේ විවිධ ස්ථානවල ගැවසුනු දරුණු ගණයේ වන අලි  බවත් ඔවුන් මෙල්ල කිරීම සඳහා එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් මෙල්ල වීමට ඉඩ ඇති බවයි. 


එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව පැවසු අතර  වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.


 තමන් අලුයම 1.00 ට පමණ හොරොව්පතානෙ සිට දඹුල්ලට පැමිණීමට පිටත් වූ බවත් නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊට පෙර දින තමන් පැමිණෙන බව දැනුම් දී මෙසේ පැමිණි  බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වන අලින්ට සුදුසු ආහාර රැසක් ඉවත් කරන බවට තමන් පෞද්ගලිකව දැන සිටි නිසා මෙම එළවළු පලතුරු රැගෙන යෑම සඳහා පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ දෙකකට එළවළු සහ පලතුරු පැටවූ  අතර නියෝජ්‍ය අමාත්‍යවරයා   ගමන් ගන්නා කැබ් රථය  පිටුපසටද එළවළු සහ පලතුරු පටවා ගැනීම මෙහිදී තවත් විශේෂත්වයක් විය.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයාද එළවළු පලතුරු වාහනවලට පැටවීමට සෙසු පිරිසට උදව් කළහ.


එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව පැවසු අතර  වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.

 



අදහස් (20)

අලින්ට කෑම ගෙනියන්න තෙවරප්පෙරුම දඹුලු යයි

channa Sunday, 22 July 2018 06:17 AM

වන අලි පිහිටට කොළ අලි...

:       36       176

kumar (gulf) Sunday, 22 July 2018 06:18 AM

අලින්ට මේ හා ජරාව දීලා ඔයසැරේ උන් ලෙඩවෙනවා. අධික පිෂ්ට හා සීනි ඇති අර්තාපල් ලුණු වගේ ආහාර කාලා අලින්ට නැති ලෙඩ හැදෙනවා. කැලේ කන අලි කොච්චර තන්තු සහිත ආහාරද ගන්නේ? කොච්චර ඖෂධීය ගුණයන් ඇති කොලවර්ගද කන්නේ... මේ නූගත් දේශපාලකයන්ගේ ලකුණු දමාගන්න කරන වැඩ...

:       814       688

කමල් Sunday, 22 July 2018 09:35 AM

ඔබතුමාට බැරිද ඔය තත්වයෙන් උසස් තන්තුමය ආහාර එවන්න. මේ මනුස්සයාටයි, වනජීවී නිලධාරීන්ටයි මොකුත්ම තේරෙන්නෙ නෑ. බැරිද පොඩි සම්මන්ත්‍රණයක් කරන්න. මේ වැඩේ විමල් සර් කළා නං නියම ප්‍රායෝගික වැඩක් විදිහට කියන්න තිබ්බා.

:       340       1101

lakmal Sunday, 22 July 2018 06:22 AM

ඇමැති කෙනෙක් වුණා කියල‍ා මේ වගේ වැඩ කරන එක මදිකමක් කියලා හිතන ජාතියක් ඉන්න රටක්... ඔබතුමාට ජය....

:       189       424

sirimal Sunday, 22 July 2018 06:26 AM

අලි කවද්ද කැරට් කෑවේ?

:       104       91

kalani Sunday, 22 July 2018 07:01 AM

සතුටුයි ඇමැතිතුමනි, මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉටු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යෝජනා කර එන්න.

:       107       204

sam Sunday, 22 July 2018 07:51 AM

ඇමැතිතුමා දඹුලු ගිහින් තලගොයිත් මැරුවද? අර අන්තිමට තියෙන විශේෂ කතාව දැක්කම අහන්න හිතුනේ.

:       121       93

Bandara Sunday, 22 July 2018 08:51 AM

අලින්ට මෙවැනි කෑම දීම නීති විරෝධියි. විශේෂයෙන් පලතුරු දෙන්න එපා රෝග හැදෙනවා. වැඩේ හොඳ වුණත් ප්‍රතිඵල නරකයි. එ් නිසා ගෙවතුවල හරකුන්ට කන්න දෙන්න.

:       52       206

bandaSunday, 22 July 2018 10:54 AM

අලින්ට පළතුරු අගුණ නෑ.

:       0       0

kap Sunday, 22 July 2018 09:15 AM

අමාත්‍යාංශයේ ඉන්න මිනිසුන්ට පින් පඩි දීලා, මෙයා ඒ අයගෙ වැඩේ කරන්නේ ලකුණු දාගන්නද? ඇමැති කෙනෙක් පත් කරන්නේ අමාත්‍යාංශයේ අධීක්ෂණය කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න මිසක්.., ඇමැති ගිහින් ඉන්නේ වැඩ කරන්න නෙමෙයි. ලේකම්ලා ඉන්නේ මේ වගේ දේවල් පරික්ෂා කරලා ඒවා කරවන්න ක්‍රම වේදයන් සැකසීමටයි.

:       325       222

senaSunday, 22 July 2018 11:35 AM

හැම දෙයකම වැරදි දකින්න හොද නැහැ. මෙයාලා ඉන්නේ අර වැඩේ කරන්න අරයලා ඉන්නේ මේ වැඩේ කරන්න කියන බමුණු සංකල්පයෙන් තොරව ඇත්තටම වැඩක් කරන්න කැමති ඇමතිවරයෙක්. එතුමාගේ අරමුණ ඉතා පැහැදිලියි දරුණු අලින්ට මේ වගේ කෑම ටිකක් දීලා යන්තම් හරි සන්සුන් කරගන්න. මේ වගේ වැඩක් ඇත්තටම කරන්න කැමති ඇමතිවරු තව දහදෙනෙක් ඉන්නවානම් අපේ රට ගොඩ ගන්න පුළුවන්.

:       0       0

jayanSunday, 22 July 2018 03:54 PM

මේවගේ දේවල්වලින් පේන්නේ කාර්යයන් ක්‍රියාත්මක කරවාගැනීමේ නොහැකියාවයි. එතුමා හිතන් ඇති හපන්කමක් කියලා. මෝඩ ජනතාවටත් එහෙම හිතෙනවා ඇති.

:       0       6

sena Sunday, 22 July 2018 09:44 AM

මම හරි කැමැතියි මෙතුමාගේ වැඩවලට... කරන්න ගියොත් ඕනෑම වැඩක් බොක්කෙන්ම කරනවා.

:       81       103

isurandi Sunday, 22 July 2018 10:24 AM

කොපමණ එළවලු පලතුරු අපතේ යනවද රටේ මෙවැනි තැන්වල. අඩුම තරමේ සතෙකුටවත් කන්න සලස්සවන එක නම් ගොඩක් පින්.

:       0       0

Devin perera Sunday, 22 July 2018 11:34 AM

මේ මනුස්සයා විතරයි මිනිස්සු වෙනුවෙන් වැඩක්යෝ ප්‍රායෝගිකව කරන්නේ. ගංවතුර වෙනුවෙන් කොච්චර වැඩක් කලාද? සිංහල අපි වහල්ලු වගේ හොද හොද විදියටත් නරක නරක විදියටත් දකින්නේ නැහැ. එකයි අපි මේ වැඩෙත් මහන්සියට ගරු කරන්න නැත්තේ. අපි කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි. පිට රටක කෙනෙක් කලානම් කාටත් හොදයි.

:       1       0

naradha Sunday, 22 July 2018 12:08 PM

මේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන බොහෝ පලා සහ පලතුරු අලින්ගේ ආහාර සඳහා සුදුසුයි. ඒවා නිකම්ම අපතේ යවනවට වඩා අලින්ගේ ආහාර සඳහා යෙදවීමේ වරදක් නැහැ. මේ අලි වනගතව සිට උන්ට සුදුසු ආහාර කෑවා නම් හොඳයි නමුත්, උන් හොරොව්පතානට ගෙන ඒමට සිදුවුයේ උන්ගෙන් ගම්වාසීන්ට සිදුවූ පහර දීම් නිසයි. දැන් කල යුත්තේ අපට හැකි පමණින් උන්ට ආහාර සැපයීමයි. ඇමතිවරයෙකුට අමාත්‍යාංශය තුල හිරවී තම රාජකාරිය කරන්නට යයි කියා නීතියක් නැහැ. වනජීවී අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු රාජකාරිය මේතාක් කල් හරියට සිදුවුනා නම්, ඇයි රටේ තවමත් වල් අලි උවදුර පවතින්නේ? එම නිසා ඇමතිවරයාට අවශ්‍ය නම් ක්ෂේත්‍රයට ගොස් තම රාජකාරිය කිරීමේ වරදක් නැහැ. මෙතුමා අද කරන බොහෝ දේ තමන් විසින්ම මාධ්‍යයට දමා ගන්නවා යයි මතයක් තිබුනත්, ඇත්තටම සිදුවන්නේ මාධ්‍යය ඔහු පසු පස ගොස් ඔහු කරන දේ වාර්තා කිරීමයි.

:       0       2

m t I Prasanna Sunday, 22 July 2018 12:13 PM

රටේ ජනාධිපතිකමටත් සුදුසු කෙනෙක්... මහ මන්දිරවලට වෙලා අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල් හොරා කකා ඉන්න ඇමැතිලාට වඩා මේ මනුස්සයා කොච්චර හොඳයිද? රටවල් ගොඩනගන්නේ මේවගේ පහළ ඉඳලා ඉහළට ආ මිනිස්සුමයි.

:       159       134

Sanath Sunday, 22 July 2018 01:34 PM

මෙතුමාට තැපැල් ඇමතිකම දුන්න නම් අපිට ලියුම් ටික වෙලාවට බෙදයි.

:       46       150

padmini Monday, 23 July 2018 05:33 AM

මෙයාටත් අනිත් 224 දෙනාට වගේ කාලා බීලා ස්ථුල වෙලා පාර්ලිමේන්තුවට වෙලා නිදාගන්න ඕනෑතරම් පුළුවන්. මෙහෙම හරි සේවයක් කරන කොට අවලාද කියලා වැඩේ ආපස්සට අදින්නත් ඉන්න කට්ටිය හරියටම අර කල්ලිය වගේ...

:       1       0

Mahee Monday, 23 July 2018 06:13 AM

ඇමැතිතුමාට අගෞරව කරනවා නෙමෙයි... නමුත් ඔබතුමා කළමනාකරුවෙක් මිසක් සේවකයෙක් නෙමෙයි. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා ඇමති තුමා. කළමනාකරුවා සේවකයින්ගෙන් වැඩ කරවා ගන්නවා මිසක් වැඩ කරන්න යන්නේ නැහැ. ඔබ කළයුත්තේ ඔබ යටතේ ඉන්න සේවකයන් ලවා වැඩ කරවා ගැනීමයි. ඔබ අධීක්ෂණය කරන්න වැඩ නොකරන අය ඉවත් කරන්න. වැඩ කරන අය දිරිමත් කරන්න. ඒකයි කළමනාකරුවාගේ වගකීම. ආයෙත් කියන්නම්, ඔබ කළමනාකරුවෙක් මිස සේවකයෙක් නොවේ. ඒක ඔලුවට ගත්තොත් ඔබ දැන් ඔය පැටලෙන අහක යන ප්‍රශ්නත් නිරාකරණය වේවි...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 281 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 570 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 231 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 174 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 241 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2346 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site