IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අයිපීගේ ලිංගික බලපෑම් ගැන පැමිණිල්ලේ තොරතුරු ඉල්ලූ කොස්තාපල්ට මාරුවක්

තරිඳු ජයවර්ධන

පොලිස් පරීක්ෂකවරයකුගෙන් එල්ල වූ ලිංගික හිංසා සම්බන්ධයෙන් පැවැති විමර්ශනයක ප්‍රතිඵල ගැන තොරතුරු පනතින් කරුණු විමසූ බදුල්ල කොට්ඨාසයේ පොලිසියක පොලිස් කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපති, ලිංගික බලපෑම් කළැයි කියන පොලිස් පරීක්ෂක, විමර්ශන සිදු කළ සහකාර පොලිස් අධිකාරී, අදාළ කොට්ඨාසයේ තොරතුරු නිලධාරී, කොට්ඨාස භාර පොලිස් අධිකාරී සහ පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පැමිණිල්ලෙන් වගඋත්තරකරුවන් කරනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

පොලිස් කොස්තාපල්වරයා අවිවාහක පොලිස් කොස්තාපල්වරුන්ට ඇති ස්ථානයේ සිටිය දී එම පොලිස් පරීක්ෂකවරයා දිගින් දිගටම පැමිණ ලිංගික බලපෑම් කරන බවත්, ඔහු විවිධ ස්ථානවලට යෑමට එන ලෙස ඇමතුම් දෙන බවත්, ඒ ගැන තමා පොලිස් ස්ථානාධිපතිට පැමිණිලි කළ බවත් කොස්තාපල්ගේ පැමිණිල්ලේ සඳහන් වෙතැයි දැනගන්නට තිබේ.

ඉන් පසු මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු විමර්ශනයක් ආරම්භ කළ බව ද, විමර්ශනය කළ සහකාර පොලිස් අධිකාරීට ඉහළින් බලපෑම් පැමිණ ඇති බව ද, මේ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස උසස් නිලධාරියකුගේ කාර්යාලයක සේවකයකු බලපෑම් කළ බව ද සඳහන් කර ඇති පොලිස් කොස්තාපල්වරයා ඒ බලපෑම්වලට අදාළ හඬපට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට භාර දී තිබේ.

විමර්ශනවල ප්‍රගතියක් නැති නිසා තොරතුරු දැන ගැනීමේ පනතින් එය විමසූ විට තමාට වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් පැමිණි බව ද සඳහන් කර ඇති කොස්තාපල්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ මේ නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශයක් කරන ලෙසයි. එමෙන්ම තමන්ගේ  පැමිණිල්ල සම්බන්ධයෙන් විනි විමර්ශනයක් කරන්නැයි පොලිසියට නිර්දේශ කරන ලෙසත්, තම ස්ථානමාරුව අවලංගු කරන්නැයි පොලිස්පතිවරයාට නිර්දේශයක් කරන ලෙසත් එම කොස්තාපල්වරයා ඉල්ලා ඇතැයි කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමේ දී ඔහු කීවේ කොස්තාපල්වරයාට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි. ඔහු ස්ථාන මාරු කර ඇත්තේ සේවා අවශ්‍යතා මත බවත් ඔහු කීවේය



අදහස් (12)

අයිපීගේ ලිංගික බලපෑම් ගැන පැමිණිල්ලේ තොරතුරු ඉල්ලූ කොස්තාපල්ට මාරුවක්

Kumar Tuesday, 10 July 2018 06:05 PM

එතකොට අයිපී බේරුනාද? මේ රටේ ඔහොම සිදුවුනනම් අයිපී ගෙදර. ලැජ්ජා නැතිව එතැන සේවය කල හැකිද?

:       0       2

surath Tuesday, 10 July 2018 06:34 PM

සාධාරණයක් සිදු වේවිද

:       0       1

rasika Tuesday, 10 July 2018 06:43 PM

මේවා මෙච්චර කල් යට ගහගෙන හිටියා. පොලිසියත් ලංකාවේ සිවිල් නීතියට යටත් වෙනවා. මේක හොද දෙයක් මෙහෙම පැමිණිලි විභාග කරන එක. පොලිස් කොමිසම තවත් ස්වාදීන වෙන්න ඕනේ..

:       0       2

Mahee Tuesday, 10 July 2018 08:14 PM

පොලිසියේ දුකට පත්වෙන්නේ පොඩ්ඩෝ විතරයි. ලොක්කෙක් ලෙඩක් දාගන්නේ දේශපාලුවෙකු එක්ක හැප්පුනොත් විතරයි. ඉහලම ලොක්කෝ ලෙඩ දා ගන්නේ කට හින්දයි, නමුත් ආශීර්වාද මද්‍යයේ ඔවුන් යෙහෙන් වැජඹෙනවා.

:       0       1

dil Tuesday, 10 July 2018 08:41 PM

ලිංගික බලපෑම කොස්තාපල්ටද කොස්තාපල්වරියටද ?

:       1       23

podu Wednesday, 11 July 2018 12:30 AM

පුදුමයි

:       0       15

Ranga Wednesday, 11 July 2018 02:49 AM

මං දන්නා තරමින් මෙවැනි විමර්ශනයක් සිධුකරන විට පැමිණිල්ල හා විත්තිය යන දෙගොල්ලන්වම ට්‍රාන්සර් කරනවා වෙන තැන වලට විමර්ශනය ඉවර වෙනකන් ...ඒක තමයි මේ වෙලා තියෙන්නේ...

:       1       16

lalithsjm Wednesday, 11 July 2018 03:12 AM

අපේ රටේ පොලිසිය දැන් බල්ලට ගිහින්. කවදාවත් මෙහෙම නොන්ඩි වෙලා නැ.

:       3       192

HafeelWednesday, 11 July 2018 07:50 AM

කතාව නං ඇත්ත.

:       0       11

ජගත් ලියනගේ Wednesday, 11 July 2018 04:20 AM

ඇනගෙන වගේ හොඳටම හොට කෙහෙල් ගහක කවුරු කවුරුත් . නියමයි. ඔහොම යන්, ඔහොම යන්.

:       0       1

Madhu Wednesday, 11 July 2018 05:01 AM

නිදිද?

:       0       1

Nandaka Friday, 13 July 2018 04:04 AM

මානව හිමිකම් ගිහින් උදවු ලැබෙයි කියල හිතන්න එපා ! එතනට සම්බන්දවෙලා සිවිල් ඇඳුමින් සේවය කරන පොලිස් නිලදාරීන් පොලිසියේ උසස් නිලදාරීන්ට වාසිවන ලෙසින් වැඩ කරනවා ! වැඩිම උනොත් විමර්ශනය කර දැනුම් දෙන්න කියල ඉල්ලීමක් කරයි ... වාර්තා නොලබුනාම නැවත ඉල්ලීමක් කරයි ... එච්චරයි ! එකට අවුරුදු 1 1/2 ක් විතර ගියාම කතාව ඉවරයි ... ! නඩුවක් නම් තීන්දුව එනකම් කල් මරයි.... ! අබියෝග කරනවා මානව හිමිකම් එකට අසාදරණයට ලක්වූ අහිංසක මිනිසුන් වාර්ෂිකව කරන ලද පැමිණිලි වලට මැදිහත් වෙලා කොපමණ ප්‍රමාණයකට සාදාරනය ඉටු කිරීමට කටයුතු කලද කියල ප්‍රකාශයට පත් කරන්න කියල ...! මම අත්දැකීමෙන්ම අවබෝද කරගත්ත මානව හිමිකම් ගිහින් ගිහින් සත පහක වැඩක් නෑ කියල !

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 53 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1154 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2618 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3036 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1481 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site