IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අබ්දුල් රාසික් ආරක්ෂක අංශ නොමග යවනවා

(බිඟුන් මේනක ගමගේ) 

වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලියකියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද(24) පැවසූහ.

සිලෝන් තව්හීත්ත් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු බව ද පැවසූහ.

වහබ්වාදීන් ගැන තමන් 2013 දී රටට කියන්නට පෙර අලෙවි මවුලානා හිටපු ඇමැතිවරයා විසින් 2007 දී මේ ගැන හෙළිදරව් කරනු ලැබ තිබුණු නමුත් බලධාරීන් ඊට අවධානය යොමු නොකළේ යැයි ද ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

රාජගිරිය, සද්ධර්මාරාජිකාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

"මට සිරගත ජීවිතය විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් කළා වගේ. කාගේවත් විවේචන මට අදාළ වෙන්නේ නෑ. මගේ නායකයා බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කළේ නත්ථි ලෝකො අනින්දිතො කියලයි. ඒ කියන්නේ මේ ලෝකයේ නින්දා නොලබන්නෙක් නෑ. ජනාධිපතිවරයා පැමිණ මා බැහැදුටුවා. ඒ ගැන කිලුටු නැතිව ලෝභ නැතිව ජනාධිපතිතුමාට ගෞරවය දෙන්න ඕනෑ. 

සලෆ්වාදය වහබ්වාදයට වඩා දරුණුයි. සලෆ් වහබ්වාද නිසා මුස්ලිම් සමාජය දරුණු ලෙස ආක්‍රමණයට ලක්වෙලා තිබෙන බවත් අපිව බේරාගන්නවා නම් ඔබවහන්සේලාට බුදු බව අත්වෙන බවත් අපට කිව්වේ මුස්ලිම් මිනිස්සුයි. ඇයි ඕගොල්ලන්ට කතාකරන්න බැරි කියලා මම ඇහුවා. හාමුදුරුවනේ ඒක ඒ තරමටම දරුණුයි. අපි කතා කළොත් මුන් අපිට ගහනවාය අපේ මිනිස්සු මරලාත් තියෙනවා යැයි ඒ මිනිස්සු එතකොට කිව්වා. මේ ප්‍රශ්නය පටන්ගත්තෙ හලාල්වලින්. 

2013 අගභාගයේ නැගෙනහිර පළාතේ සහරාන් නමැති ඉලන්දාරියෙක් වහබ්වාදයට මුළු නැගෙනහිරම ගොදුරු කරගනිමින් සිටිනවාය සුෆි මුස්ලිම්වරුන්ගේ සොහොන් කඩමින් ආයුධ අත දරාගෙන මරපන් කොටපන් කියාගෙන වීදි සටන් කරනවා යැයි මම කිව්වා. සිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහුමාන් යහපාලනය සඳහා වූ පෙරමුණ හදාගෙන මේ මිනිහා රටින් පන්නන්න හදනවාය කියලා අපි කිව්වා. මගේ ළඟ ලියැවිලි තියෙනවා. මම මේක කියන්න කලින් අලෙවි මවුලානා ඇමැතිතුමා 2007 දි කිව්වා.

මගේ කටේ වචනනේ සැර වුණේ. බෝම්බෙ හරි සනීපයිනෙ. මේ ප්‍රශ්නෙ කතා කරලා තාමත් නඩු හයක් තියෙනවා. මේ සතිය ඇතුළත අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගන්න. දැන් එයා තෝරු මෝරු අයින් කරලා හාල්මැස්සෝ පෙන්නුවාම බුද්ධි අංශ ඒ පස්සේ පන්නනවා. අබ්දුල් රාසික්ගෙන් තොරතුරු ගන්නේ. හොර පැටව් ඉන්නෙ කොහෙද කියලා මහ හොරාගෙන් අහනවා. මේවා ගැන මම එක්සත් ජාතින්ගේ සංවිධානයට පවා ලියලා තියෙනවා. මේ දේවල් ගැන මම ලිඛිතව කළ දැනුම්දීම් ඉදිරි සතියේ විධිමත් විදියට රටට ඉදිරිපත් කරනවා."

 



අදහස් (36)

අබ්දුල් රාසික් ආරක්ෂක අංශ නොමග යවනවා

athula Friday, 24 May 2019 04:55 PM

ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දෙපානැමද නමස්කාර කරන අතර මේ ප්‍රශ්නයේදී ආරක්ෂක හමුදාව පිළිබඳව පූර්ණ විශ්වාසය තබා කටයුතු කළ යුතුය. නැත්නම් ඔක්කොම කුණු බේරුවල බොක්කට වගේ බෞද්ධයන්ගේ ගිණුමට බැරවීමට ඉඩ සැලසේවි...

:       0       0

රජින්ද Friday, 24 May 2019 05:19 PM

ඔබවහන්සේ කල්පනාකාරීව සිංහල ජනසමාජය මෙහෙයවිය යුතුයි. සිංහල ජන සමාජය ඔවුන්ගේ ප්‍රඥාවට දොර හැර තිබෙන කාලයක් මේක. ඒ නිසා ඒ සිංහල සමාජය වික්‍ෂිප්ත නොකර කලබල නොවී ඔවුන්ගේ විඥානයට කතා කරන්න. ඔවුන් අනිවාර්යෙන්ම ඔබවහන්සේ කියන දේ අසාවි. ඒ වගේම ඔබවහන්සේගේ ජීවිත ආරක්ෂාව ගැනත් වඩා සැලකිලිමත් වෙන්න.

:       603       6628

Chanak los angelesFriday, 24 May 2019 10:51 PM

එතකොට ආරක්ෂක අංශ රටට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම්? අනේ කාලේ වනේ වාසේ...

:       0       0

kamalSaturday, 25 May 2019 01:50 AM

මොනවද ඔබතුමා මේ දොඩවන්නේ? සිංහල ජනතාවට අමුතුවෙන් මොනවා කියන්නද? ආණ්ඩුවට කියන්න ඕනේ අරුන්ව අත්අඩංගුවට ගන්න කියලා..

:       0       0

Nihal Friday, 24 May 2019 06:33 PM

තෙරුවන් සරණයි හිමියනි, අප ඔබ වහන්සේ සමගයි. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 28ක් හිරේ හිටියෙත් රට වෙනුවෙන්... අද සිංහල, මුස්ලිම් ඇතුළු සියලුදෙනාටම කියන්නේ ඔබ වහන්සේට ඇහුන්කම් නොදීමේ ප්‍රතිඵලය ගැනයි..

:       0       0

godfrey Friday, 24 May 2019 08:06 PM

ඔබ වහන්සේ කල්පනාකාරීව ශ්‍රී ලංකික ජනතාවට, ආගම් බේද නොතකා සැබෑ සත්‍යය හෙළිකරන්න. ඔබ වැනි අයෙක් මේ මව්භූමියට සොයමින් සිටී.. මීට සැබෑ අවංක ආගමික නායකයින් එක්කර ගන්න. හොර තක්කඩි 225න් ආරක්ෂා වී ඔබගේ සැබෑ අරමුණ වෙනුවෙන් ගමන් කරන්න. ඔබ වටා ආගම් බේද නොතකා ජනතාව එක්වේවි... ඒ මක්නිසාද කියතොත්, ශ්‍රී ලංකා මාතාවට සැබෑවට රටට ආදරය කරන පුතෙකු සොයමින් සිටී...

:       0       0

Rasika Friday, 24 May 2019 08:32 PM

අපේ මිනිස්සු එදා කලේ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බැලුව වගේ වැඩක්... එකෙන් වාසි වුනේ මේ ත්‍රස්ත කණ්ඩායමට.. මේ හාමුදුරුවෝ එදත් අදත් හෙටත් කතා කරන්නේ මෙරට ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට මිසක් වෙන කිසිම දෙයකට නෙමේ.. දැන්වත් හරියටම සතුරා කවුද? මිතුරා කවුද? කියලා තේරුම් ගන්න.. දැන්වත් ඔය අන්තවාදීන්ට රැවටෙන්න එපා. පාරම්පරික මුස්ලිම්වරු මේ හාමුදුරුවොත් එක්ක එකතු වෙන්න ඕනේ.. මේ වහබ්වාදි පිළිකාව මේ රටින් තුරන් කරන්න. ඒ වගේම මේ ත්‍රස්තයන්ට මුදල් අපු හැටි හොයන්න ඕනේ.. කටාර් රටෙන් වහබ් වැදී කල්ලිවලට මුදල් එනවා ඒවා හොයලා බලන්න ඕනේ...

:       0       0

අතරමං Friday, 24 May 2019 09:48 PM

ඔබවහන්සේ අලුතෙන් පටන්ගන්න. හැමදේටම කලින් සිංහල කඩකාරයින්ට වෙළඳාම උගන්වන්න. ඉන්නේ මුදලාලිලා නෙවෙයි. ගණන්කාරයෝ... මිනිසුන්ට කතාකරන්ට දන්නේ නෑ. ඔවුන් නිසා රටේ ආර්ථිකය මුස්ලිම්වරුන්ට හිමිවෙලා....

:       0       0

Chanak los angeles Friday, 24 May 2019 11:01 PM

ගිනි තියන්න පටන් අරගෙන...

:       0       0

Chanak los angeles Friday, 24 May 2019 11:01 PM

ගිනි තියන්න පටන් අරගෙන ..

:       0       0

මුණසිංහ Saturday, 25 May 2019 02:11 AM

කවුරු කොහොම කිව්වත් මේ සියල්ලටම වග කිව යුත්තේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන එජාපය, ශ්‍රීලනිපය, පොදු පෙරමුණ, ජවිපෙ නායකයින් ඇතුලු ප්‍රධාන පෙලේ අය. මෙයාලා මුස්ලිම් ඡන්ද පස්සේ යන එක නතර කළ දවසට මේ ප්‍රශ්න වලින් 75%ක් ඉවරයි. කරුණාකරලා මේ අයට කියන්නේ රටේ ජාතික ආරක්ෂාවට අංක 1 දෙන්න. බල තණ්හාවට අංක 2 දෙන්න. එහෙම කරපු දවසට මුස්ලිම් නායකයන්ට තරු පෙනේවි. මේ සියලුම ආණ්ඩු මුස්ලිම් නායකයන්ට රටේ ප්‍රබලම ඇමතිකම් දෙන්න ඉදිරිපත් වුණා.... ඡන්ද බලාගෙන. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රටේ වැදගත්ම අමාත්‍යාංශ තුළට මුස්ලිම් අනතවාදින් රිංගුවා. අද වන විට එජාපය මුස්ලිම් අන්තවාදීන් බේරා ගෙන පැත්තක හිටපු අය හිරේ දාන තැනට ඇවිල්ලා තියෙන්නේ තවමත් මුස්ලිම් අනතවාදීන් කියන විදියට ආණ්ඩුව වැඩ කරන නිසා. යාපනේ සිට රෙදි මල්ලක් අරගෙන පුත්තලමට ආපු අය අද බිලියනපතියන් වුනේ කියලා බලන්නේ නැත්තේ ඡන්ද නිසා...

:       0       0

sarath Saturday, 25 May 2019 02:16 AM

උද්ඝෝෂණ, පිකටින් මොනවත් අවශ්‍ය වන්නේ නැත. උද්ඝෝෂණයක් යනු අන්තවාදීන්ට හොඳ යුදපිටියක්. ලිපි මගින්, මාධ්‍ය හමු මගින් බුදුන් වහන්සේ දේශනා කළ විනය ක්‍රමවලට අනුකූලව තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න හාමුදුරුවනේ... පොලිසියට, හමුදාවට ඊළඟ වැඩ කොටස් කරන්න දෙන්න..

:       0       0

Nishan Saturday, 25 May 2019 03:44 AM

අබ්දුල් රාසික්ට පඩි ගෙව්වෙත් ඔබ වහන්සේට පඩි ගෙවපු ගිණුමෙන්ම නේද?

:       0       0

thilakasiri Saturday, 25 May 2019 05:41 AM

මට නම් වැටහෙන්නේ මිනිසුන්ට ආගම්, ජාති, කුල, දේශපාලන මතිමතාන්තර යනාදී සියල්ලටම වඩා රට වටින බවයි. ඒ සියල්ල පවතින්න රට තිබිය යුතුය. රට පවත්වාගනු ලබන්නේ උසාවි, පොලිසි, හමුදා, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන යන රාජ්‍යයාන්ත්‍රණය මගිනුයි. රාජ්‍ය යාන්ත්‍රනයට අදාල නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවෙනුයි. ඉන් එහා හෝ මෙහා කිසිවෙකුට එම කාර්ය හා වගකීම කළ නොහැකිය. මුස්ලිම් අන්තවාදය නිසා අැතිවී තිබෙන අවාසනාවන්ත මේ හදිසි තත්වයට මුහුණ දීමට ඒ රාජ්‍ය යාන්ත්‍රණයට බලතල පැවරී ඇති ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතිද්දී ආගම්, ජාති ආදී සියලු බේධවලින් තොරව සියලු රටවැසියා ඒ රාජ්‍යයාන්ත්‍රනයට උපරිම සහාය දිය යුතුය. පොලිසි හා හමුදා මෙවන් හදිසි අවස්ථාවක යම් පරීක්ෂාවන් කරද්දී තම තමන්ට ආගම්, ජාති ආදී වශයෙන් වන අපහසුතා විඳදරා ගතයුතුමයි. එසේ නොකර මෙවන් ව්‍යවසනයක් මැඩලීමට ක්‍රියාකරමින් දුක්විඳින පොලීසි හා හමුදා ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට හා රජයට දොස්කියමින් යමෙකු ක්‍රියාත්මක වේ නම් ඔහු කුමන ජාතියක, කුමන ආගමක, කුමන තරාතිරමක, අයෙකු වුවත් ඔහු අන්තවාදයට අනුබලදෙන අන්තවාදියෙකුම වන නිසා අත්අඩංගුවට ගෙන උසාවියෙන් දඬුවම් දියයුතුය.

:       473       288

රන්හලුSaturday, 25 May 2019 11:00 AM

තිලකසිරි මහත්තයා, අපගේ ත්‍රිවිධ හමුදා 95% ක් හැර රටේ රාජ්‍ය ආයතන වලින් 80% ක්ම ජඩ දේශපාලනය විසින් දූෂණය කොට හමාරයි.. දැන් අපට ඉතිරිව ඇත්තේ රටේ අධ්‍යාත්මික නායකත්වයේ පිහිට පමණක්මය..

:       150       421

kamaniSaturday, 25 May 2019 08:16 PM

දැන් කව්ද ඔය කියන අධ්‍යාත්මික නායකයා...?

:       0       1

BamunuarachchiSaturday, 25 May 2019 12:22 PM

අපි කතා කරන්නේ රට, ජාතිය, ආගම කියාය. රට මුල් තැන පිහිටුවිය යුතුය. ඒ නිසයි අපේ හාමුදුරුවෝ මේක අපේ රට කියා නිතරම කියන්නේ...

:       310       282

BamunuarachchiSaturday, 25 May 2019 12:22 PM

අපි කතා කරන්නේ රට, ජාතිය, ආගම කියාය. රට මුල් තැන පිහිටවිය යුතුය. ඒ නිසයි අපේ හාමුදුරුවෝ මේක අපේ රට කියා නිතරම කියන්නේ...

:       206       39

Chanak los angelesSaturday, 25 May 2019 05:39 PM

අපේ රට කීවා නම් එ්කට සියලුම ජාති පුරවැසියන් අයිතියි..

:       0       10

janahithaSunday, 26 May 2019 03:22 AM

"රට, ජාතිය සහ තමුන් අදහන දේශපාලන පක්ෂය" වශයෙන් නිවැරදි විය යුතුය. සිංහල ජාතිය ඇමතිය යුත්තේ එලෙසය අනෙක් ඒවයින් කීයක් හරි හම්බ කර ගැනීමටද බැරිය... ඔවුන්ගේ දර්ශනය එයම වේ.

:       32       0

Athula Saturday, 25 May 2019 06:09 AM

කිසිම අන්තවාදයකට ඉඩනොතැබිය යුතුයි. මුලින් ඉපුටා දැමිය යුතුයි. මෙතැනදී ඔබවහන්සේ හරි.... අබ්දුල් රාසික් කරන්නේ බොරුවක් කියලා අපටත් පේනවා.

:       2       370

BamunuarachchiSunday, 26 May 2019 05:43 AM

අබ්දුල් රාසික් පමණක් නොව මුළු මුසල්මානු සංහතියම කරන්නේ බොරුවයි. එකම අල්ලා අදහන මොවුන්ට එකම රටේ සමගියෙන් ඉන්න බැරිනම් ඉස්ලාම් ආගමට ඉඳුරාම වෙනස් වූ ආගමක් වන බෞද්ධාගමිකයින් සමග සමගියෙන් ඉන්නේ කොහොමද? මේ ඊනියා සමගිය පවතින්නේ ඔවුන්ගේ ජනගහනය 30% වනතුරු පමණි. ඇත්තටම මුසල්මානුවන් සමග සමගියෙන් සිටින්නේ මොන රටද?

:       1       75

දර්ශන Saturday, 25 May 2019 07:24 AM

ඔබ වහන්සේ මෙච්චර කාලයක් කියූ දේවල් ගැන බලධාරීන් දෑස් පියා සිටීම ගැන දැන් හරිම කණගාටුයි ...

:       1       341

බද්රානි Saturday, 25 May 2019 08:14 AM

ඥානසාර ස්වාමින් වහන්සේ නිර්භයව සත්‍යය ප්‍රකාශ කොට තිබෙනවා. මේ ත්‍රස්තවාදී, සංවිධානයේ මහා මොලකරු නොහොත් මුස්ලිම් සමාජයට විෂබීජ පැතුරූ පුද්ගලයා වන්නේ, මේ කියන අබ්දුල් රාසික් නමැති පුද්ගලයායි. ඔහුව අත්අඩංගුවට පත් නොවන්නේ ඇයිද කියන සැකය තමයි අපටත් තිබෙන්නේ? මේ පුද්ගලයා පසුපස සිටින සිංහල දේශපාලන හස්තය කවුරුන්ද කියන රහස, ඥානසාර හිමියන් නුදුරු අනාගතයේදී, අනාවරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!...

:       42       387

Sapumal.Saturday, 25 May 2019 12:24 PM

බද්රානි, ඔබතුමිය නිවැරදියි. රටට මෙවන් විපතක් සිදුකළ තව්හීත් රැලට යම් කෙනෙක් උදව් දී ඇත්තේද ඒ සියලුම දෙනාව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       147

BamunuarachchiSaturday, 25 May 2019 06:35 PM

හැබැයි ඒ කාලේ මේ හාමුදුරුවන්ව ජාතිවාදියෙක් ලෙස හැඳින්නුවා මතකයි...

:       0       0

ravi Saturday, 25 May 2019 09:15 AM

අපේ රට, ශ්‍රී ලංකාව...! අපිට රජයක් තියනවා. ත්‍රිවිධ හමුදාවක් තියනවා. බුද්ධි අංශයන් සහ විශේෂ බලකායන් වගේ දේවලුත් ඕනෑතරම්!!! මේ හැම අංශයක්ම නොදන්නා ත්‍රස්ත තොරතුරු මේ " හාමුදුරුවෝ දන්නේ කොහොමද?" ඇයි මේ හාමුදුරුවෝ, දන්නා දේවල් රජය, හමුදාව, බුද්ධි අංශයන් සහ විශේෂ බලකායන්... දැනගෙන හිටියේ නැත්තේ?

:       1       132

sarath perth Saturday, 25 May 2019 10:50 AM

හා හා .... අබ්දුල් රසීක් නැමැත්තාට කිසිවක් කියන්න එපා. එයා අත ගැසුවොත් රටේ ලොක්කෝ දෙන්නම බිමට වැටේවි.

:       5       273

Cisco Saturday, 25 May 2019 02:26 PM

රවී මයා, අන්තවාදී නොවන මුස්ලිම් අය ඔවුන්ගේ දුක කියන්නෙත් ඥානසාර ස්වාමීන් වහන්සේටයි. මොකද දේශපාලනියන්ට කිව්වට වැඩක් නැහැනේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ගොඩක් විස්තර දන්නවා ඇති...

:       0       0

Rupawathie Saturday, 25 May 2019 03:20 PM

මිනිසුනේ රටට ආදරේනම් ඔබේ දරුවන්ට අනාගතේ අප රටේ ඉදහසේ ජීවත් වෙන්න ඕනෙ නම් .. මෙවර භික්ෂුන් වහන්සේ නමක් රටේ පාලනයට තොර ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි .. හමුදාවට රටේ පාලනය බාර දිය යුතුයි. ... එහෙම උනොත් මේ රට සිංගප්පූරැවක් කරාවි වසර දෙකෙන් .. මොකද හාමුදුරුවන්ට නඩත්තු කරන්න කෙනෙක් නැති නිසා මහා ජනයට වියදම් අඩුයි සැපපහසු වාහන ඉල්ලන එකකුත් නැහැ , හාමුදුරුවෝ පිටරට යනකොට පිරිවරාගෙන යන්න ෂොපින් යන්න. පව්ලේ කට්ටියත් නැහැ ඒ වියදම් සියල්ල අපිට භුක්ති විදින්න පුළුවන් එක එකාට බනින ඒවා අහල අපිට ඇති වෙලා තියෙන්නේ .. හාමුදුරුනමක් අවොත් ගිහියන්ට පන්සිල් පදටිකවත් මතක් කරලා ගිහියව එහි පිහිටවලා යාවි...! මෙරට කභාශිනිය කලේ දේශ පාලුවෝ ... එම නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම අයින් කරලා. ෆොන්සේකා මහත්තය අපිට ඕනේ ඒ ඇරුනම අපේ රට ගොඩ ගන්නම් අපි අපේ සංඝයාට රට බාරදිය යුතුමයි ..!!! ඔබෙත් මගෙත් අපේ දරුවන්ගේත් අනාගතය පවතින්නේ මේ මතයි ..! එය ක්‍රියාත්මක කල හැක්කේ අපිට පමණයි .. ! තීරණය ඔබ අතෙයි

:       0       0

Chanak los angeles Saturday, 25 May 2019 06:08 PM

මොහු එළියට ඇවිල්ලා මුළුරටම අායිමත් ගිනිතියන්න යනවා..

:       44       0

Bamunuarachchi Saturday, 25 May 2019 06:31 PM

"හාමුදුරුවෝ දන්නේ කොහොමද?" මේ හාදයට හාමුදුරුවන්ගේ දැනුම ගැන ප්‍රශ්නයක්. හාමුදුරුවන්ගේ ඔත්තුසේවය හොඳ නිසා සහ ලැබෙන සුළු ඔත්තුවකින් විශාල ප්‍රමාණයක් සිතාගැනීමේ හැකියාව නිසා හාමුදුරුවෝ වහබ්වාදය ගැන සහ ඊට අදාළ පුද්ගලයින් ගැන දැනගෙන තිබෙනවා...

:       0       1

Bamunuaarachchi Sunday, 26 May 2019 02:18 AM

රට, ජාතිය සහ ආගම ගැන පළමුවෙන්ම සිතිය යුතුයි. අපේ ස්වාමීන් වහන්සේව ආරක්ෂක ලේකම් පදවියට පත් කලොත් ඒක උපනූපන් ජාති, ජාතිත් නිවන් සැප ලැබෙන පින්කමක්.

:       1       7

Chanak los angelesMonday, 27 May 2019 08:27 PM

භික්ෂුන්ව දහමෙන් ඇත්කරමින් අනිසි මාර්ගයට ප්‍රවිෂ්ට කරවන පුද්ගලයන් කරගන්නේ ආනන්තරීය පාප කර්මයක්

:       0       0

Bamunuarachchi Sunday, 26 May 2019 05:37 AM

අපේ හාමුදුරුවනේ මුසල්මානුවන් සමග සමගියෙන් සිටින්නේ මොන රටද? එකම අල්ලා අදහන මුසල්මානුවන්ටත් එකම රටේ සමගියෙන් ඉන්න බැරිනම් අංශක 180 ක වෙනසක් ඇති බෞද්ධ හා මුසල්මානුවන් සමගියෙන් සිටීමට අපේ මෙත්තා ගුණයෙන් කටයුතු කිරීම අපේම වල කපා ගැනීමක් බව පෙන්වා දෙන්න. උතුරු, නැගෙනහිරත් එක පළාතක් කරන්න කියූ දෙමලුන්ටත් දැන් තරු පෙනෙන්නට පටන් ගෙන ඇත...

:       1       108

Bamunuarachchi Sunday, 26 May 2019 05:45 AM

මුසල්මානු ගැහැණුන් සාත්තුසේවයට හෝ හෙද සේවයට එන්නේ නැත. එමනිසා සිංහල බෞද්ධ සාත්තුසේවක හෝ හෙදියන් ඒ අයට තම සේවය නොකළ යුතුයි.

:       220       116

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 482 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 199 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 249 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 240 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 458 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3874 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site