IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අධීවේගී මඟේ බසයක කබලබයක්

(සනත් ගමගේ / චන්ද්‍රසේන ගමගේ)

තංගල්ලෙන් පසුගිය 7වැනිදා උදේ පිටත් වී  අධිවේගී මාර්ගයෙන්  කොළඹ දක්වා ධාවනය කිරීමට ගිය ලංගම බස් රථයේ  රියදුරු බිමතින් සිටි බව කියා ගන්දර දී පොලිසිය මගින් රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි සිටි තමන් අතරමංවූ බව මගීහු පවසති.
රියදුරු මත්පැන් පානය කර ඇති බව පවසා බස් රථයට ගොඩවූ පොලිස් නිලධාරියෙක් බස් රථය පොලිසියට රැගෙන යෑමට එය පණ ගන්වන විට මගීන් කලබලයට පත්වී ඇති අතර  මහරගම පිළිකා රෝහලට රෝගීන් බැලීම සඳහා යන මගීන් ඇතුළු විවිධ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යන පිරිස් එහිදී අපහසුතාවයට පත්වූ බව කියති.
පොලිස් නිලධාරීන් මගීන්ගේ විරෝධය නොතකා මගීන්ට බැන වදිමින් බස් රථය පොලිසියට ගෙන යෑමට උත්සාහ දැරූ බවත් පසුව අතරමංව සිටි මගීන්ට මුදල් ගෙවා වෙනත් බස්වලින් පිටත් කෙරුණු බව වාර්තා වේ.
මත්පැන් පානය කර ඇතැයි කියන රියදුරුට එරෙහිව  නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මගීහු පොලිසියට සිය ප්‍රසාදය ද පළ කළ නමුත් ඒ සම්ම්බන්ධව පොලිසිය දැක් වූ අකාරුණික භාවය ගැන මගිහු පොලිසියට චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන්  විමසීමේ දී ඔහු කියා සිටියේ බස් රථයේ රියදුරු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බීමතින් සිටි බව අනාවරණය වී ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබී ඇති බවයි.
මගී ජනතාවට සිදු වී ඇතැයි කියන අපහසුතාවය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගෙන් වරදක් සිදුවී ඇත්දැයි සොයා බලන බවත් ඔහු කීය. 
අධිවේගී බස් රථය අයත් රත්මලාන ඩිපෝවේ අධිවේගී මාර්ග ඒකකයේ කළමනාකරු විජිත ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රියදුරු ඊට පෙර දින රාත්‍රි මළ ගෙදරකට සහභාගී වී මත් පැන් පැන් පානය කර ඇති බවත් එසේ නොමැතිව උදෑසන මත්පැන් පානය කර බස් රථය ධාවනය නොකළ බවත් ය.

 



අදහස් (23)

අධීවේගී මඟේ බසයක කබලබයක්

daham Friday, 08 December 2017 09:24 AM

පොලිස්පති තුමාගේ භාවනා උපදෙස් වලින්වත් පොලිසියට නිවැරදි දැක්මක් ලැබිලා නැද්ද? ඇයි අධිවේගී මාර්ගයේ අතර මැදදී මෙහෙම පරීක්ෂා කරන්නේ. වෙනත් පාරකදී වගේ ඕනේ තරම් වෙන බස් එන්නේ නැහැනේ මිනිස්සුන්ට ඒවායේ හරි යන්න. පොලිසිය කරන්න ඕනේ මේ බස් පිටත් වෙන ස්ටෑන්ඩ් වලදී බස් එක පිටත් වෙන්න ඉස්සර රියදුරුව පරීක්ෂා කරන එක. එහෙම කරනවා නම් මෙහෙම අවුල් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා පොලිසියට මොලේ පහල වේවා.!!!

:       17       195

Nalin Friday, 08 December 2017 09:43 AM

ලංකාවේ රියදුරු වෘත්තියට පවතින වැටුප් හොඳටම මදි. ඒ නිසා රියදුරු රැකියාවට එන්නේ වෙන කිසිම රැකියාවක් හොයාගන්න බැරි නූගත් මෝඩ බේබද්දොයි, කුඩුකාරයොයි තමයි.

:       227       29

chinthakaSaturday, 09 December 2017 06:30 AM

වැටුප කෙසේ වෙතත් හැම රියදුරන්ම එසේ බූරුවන් නෙමෙයි.

:       2       18

indika Friday, 08 December 2017 10:08 AM

මේ අධිවේගයේ රියදුරන් හරි නපුරු මිනිස්සු. බලන්න ඕනේ යන වේගේ. කිසිම දෙයක් වෙන රියදුරන් ගැන හිතන්නේ නැහැ. සේරම අය එක වගේ. බොරුනම් මේ වෙලාවේ ගිහින් බලන්න., කොච්චර වේගෙන් යනවද කියලා.

:       8       531

RaveendraFriday, 08 December 2017 11:18 AM

ඉන්දික මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. රිය පැදවීම යනු එක්තරා ආකාරයක භාවනාවක් වැන්නකි. නමුත් අප රටේ රියදුරු බලපත්‍රය ගත් පමණින් වැඩි දෙනෙකු සිතන්නේ මම තමා සියල්ල දන්නා, තමා නිතරම නිවැරදිය. අනිකා සැමවිටම වැරදිය. මා පමණක් පාරේ යායුතුය යන පහත් හැඟීමකින්ය.

:       0       201

BamunuarachchiFriday, 08 December 2017 05:18 PM

මොනවද හලෝ ඔය කියන්නේ 100ත් වේගයක්ද? සෞදි අරාබියේ සිටි අය දන්නවා එහෙ වාහන යන වේගය අපේ අය100ක් ගිහිල්ලත් අනාගන්නවා. මම කිමී 1200 පැය 9 කින් ආවා.. ඒ නිදිමත වුණාම වාහනය නවතා විනාඩි කීපයක් නිදිය ගන්නත් කාලය අරන්. හැබයි ඒ ආපු වේගෙට අනතුරක් වුණා නම් කෑලි සොයන්න වෙනවා... ඒ තරුණ මදය.

:       0       0

Nandalal DE SILVA - FranceFriday, 08 December 2017 11:25 PM

අධිවේගී මාර්ගයේදී වුණත් වේග සීමා පනවා තිබෙන නිසා බස් රියදුරන්ට ඕනෑ විදියට බස් ධාවනය කරන්න බැහැ. පසුගිය වසරේ අප මෙහේදී රිය පදවන වේගයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය පදවන්න ගිහින් මමත් දඩයක් ගෙව්වා. මගේ රියදුරු බලපත්‍රය පරික්ෂා කල පොලිස් නිලධාරියාගේ දෑස උඩගියා. ඒ මනුස්සයා ප්‍රංශ භාෂාව නොදැන සිටි නිසායි...

:       0       0

ajith Friday, 08 December 2017 11:38 AM

රෑට මල ගෙවල්වල නිදිමරලා උදේට බස් පදවන එකත් වැරද්දක් තමයි.

:       0       134

Thaaraa Friday, 08 December 2017 11:58 AM

ගන්දර තියෙන්නේ දහම් මාතරට කලින්... අධිවේගයේ මැද නෙවෙයි...

:       1       18

dahamFriday, 08 December 2017 02:07 PM

ගන්දර තියෙන්නේ මාතරට එහා බව ඇත්ත. එහෙත් මේ අධිවේගේ යන බස් වල සීට් ගාණට සෙනග ගන්නේ. කොහොමද ගන්දරදී හරි අධි වේගේ යන තවත් බස් එකක් අල්ල ගන්නේ. අනිත් එක පැය එක හමාරකින් දෙකකින් කොළඹට යන්නනේ මගීන් මේ බස් වලට නගින්නේ. ඉතින් මෙහෙම අකරතැබ්බයක් වුණාම ඒ මිනිස්සු හරි අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා හොඳම ක්‍රමය තමයි බස් එක පිටත් වෙන්න ඉස්සෙල්ල රියදුරුව පරීක්ෂා කරන එක. ඒක පොලිසියට අපහසු කාර්යයක් නෙමෙයිනේ.

:       8       100

anuraSaturday, 09 December 2017 02:58 AM

ඒක ඔයාගේ ප්‍රශ්නයක්. රියදුරාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුය. ඉතා අවදානම් ගමනක් නිසා.

:       0       0

NuwanTuesday, 12 December 2017 10:16 AM

ඔය කියුවේ! බිමතින් මොහු රිය පදවලා අනතුරක් උන්නානම් මෙන්න සිරස්තලය. "බිමත් රියදුරා අතින් අධි වේගයේ ...ක් මරුට- මගීන් කලබල කළනිසා පොලීසිය යන්න දීලා"

:       0       0

thushara Friday, 08 December 2017 02:30 PM

සංගීත සංදර්ශන තිබෙන පිට්ටනි වටේ ජීවත්වන නේවාසිකයින්ට සංදර්ශනේට පහුවදාට රිය පදවන්න වෙන්නේ නිදි මරල තමයි. සංගීත සංදර්ශන බැලුවත් නැතත්....

:       0       57

පාලිත Friday, 08 December 2017 04:25 PM

මාර්ගය අධිවේගී වුවත් නැතත් බීමතින් රිය පැදවීම සුදුසු නැහැ. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා වලට යෙදවිය යුත්තේ විනයානුකූල ශික්ෂාකාමී රියදුරන් විය යුතුය. කලින් දවසේ මත්පැන් පාවිච්චි කරපු අයෙක් තමාගේ මත නැති වනතුරු හිඳ මෙවැනි බස් රථයක් පැදවූවාට කමක් නැහැ. වෛද්‍ය වාර්තා අනුව රථ පැදවිම නිර්දේශ කල නොහැකි මට්ටමක වේනම් මොහුට නිසි දඬුවමක් ලැබිය යුතුය. බස් අයිතිකරුවන් සහ පොලිසිය කළ යුත්තේ මෙහි පළමු අදහස යොදා ඇති දහම්ගේ යෝජනාව අනුව ගමනාරම්භයේදී රියැදුරන්, ගෝලයා සහ වාහනය හොඳ තත්වයේද යන්න පරික්ෂා කිරීමයි.

:       0       0

Lalith Perera Friday, 08 December 2017 07:58 PM

මේ රටේ පාලකයින්ට ජනතාවට කරදරයක් නොවන ආකාරයට වැඩ කරන්න මොලය පහල වෙන්නේ කවද්ද?

:       0       0

රාජේශ් ඛන්නා Friday, 08 December 2017 08:19 PM

නීතියෙන් වරදක් කළ බවට දඬුවම් කළත්, නැතත් රියදුරු මහතෙක් තම ශරීරයට අවශ්‍ය විවේකයක් ද නොමැතිව රුධිරයේ අධික මධ්‍යසාර සහිතව රිය පැදවීමෙන් මාරාන්තික රිය අනතුරකට පත්වන්නේ නොහිතූ මොහොතකය. ගමන් කරන අපට ගමනාන්තයට යාම පමාවීම කෙසේවෙතත් ඊළඟ ජීවිතයට නම් අධිවේගයන් ලඟා විය හැකිව තිබුණි. රෝහල්වල ලෙඩුන් බැලීමට යාමට සිදුවන්නේ ඊළඟ අධිවේගී බසයෙන් පව්ලේ සාමාජිකයින්ට හා නෑ හිතමිතුරන්ටය.

:       0       0

anura UAE Saturday, 09 December 2017 02:59 AM

අධිවේගී මාර්ග ඒකකයේ කළමනාකරු වහාම තනතුරෙන් පහකල යුතුය.

:       0       0

nimal madawala Saturday, 09 December 2017 06:21 AM

පොලිසිය වැඩගැන කතාකරලා වැඩක් නැහැ, රියදුරු මත්වතුර පානය කළා නම් වැරදියි. එය මගීන්ගේ ජිවිතවලට තදින් බලපාන ගැටළුවක්... නමුත් පොලිසියට පුළුවන් ලඟම ඇති ඩිපෝවට බසය රැගෙන ගොස් වෙනත් රියදුරෙකු යොදවා බසය ධාවනය කර ඒ සඳහා එම ඩිපෝව අදාල ගමනාන්තය දක්වා බසය ධාවනය කරන්න.

:       0       300

rohana kumara mendis Saturday, 09 December 2017 09:20 AM

සියයට අනූවක්ම ගොන් හරක් ටිකක් තමයි ඔය පුද්ගලික සහ ලංගම බස් රියදුරන් (ත්‍රීවීල් රියදුරන් ඇතුළුව) පුදුම හදිස්සියක් තියෙන්නේ මනුස්සයින්ව යට කරගෙන හරි බලන්නේ තමන්ගේ ටාර්ගට් එක හොයා ගන්න. අනික කිසිම පල පුරුද්දක් නැති උදේ පාන්දර බීගෙන ඉන්න මනුස්සයෙකුගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා කට්ටියක් තමයි ඔය මග මරු රියදුරන්... හැමදාම බැලුවොත් අනතුරු... හප්පගෙන පෙරලිලා යට කරගෙන ගිහිල්ලා කහ ඉරේ. එක්කෝ බීලා, එක්කෝ නිදි මත...

:       0       10

MISHAL-GANDARA Saturday, 09 December 2017 09:26 AM

ගන්දර පොලිසියට මගේ උත්තමාචාරය, වෙනත් ඩිපෝවක (මාතර) රියදුරෙකු යොදවා බසය අදාල ගමනාන්තය දක්වා බසය ධාවනය කරානම්... ගන්දර පොලිසිය ගැන මීටත් වැඩිය ආඩම්බර වෙන්න තිබුණා... මම ඕනෑතරම් මේ බස් රථයේ ගිහිල්ල තියනවා. කොන්දොස්තර නම් හොඳ පොරක් ...!!! රියදුරු නම් හැමදාම යන එක්කෙනා නෙවෙයි.

:       0       0

Prabhath Saturday, 09 December 2017 10:22 AM

මම නම් පොලිසියේ වැඩේ අනුමත කරනවා. බස් එකක රියදුරු බීල යන එක කී දෙනෙකුට භයානකද? විශේෂයෙන්ම අධිවේගයේ... ආදේශ රියදුරෙකු යොදවන එක සීටීබී එකට අයත් කාරියක්. මගීන්ට ප්‍රමාද වෙන එක ගැන හිතට අමාරු ඇති. එ්ත් භයානක අනතුරකට මූණ දෙනවට වඩා එක හොඳ නැද්ද? රත්මලානේ අධිකාරී නම් මෝඩ කතාවක් කියලා. කලින් දවසේද බිව්වේ කියන එක නෙවෙයි වැදගත්, මත් වෙලා හිටියද කියන එකයි.

:       0       0

Sampath Saturday, 09 December 2017 02:13 PM

බැලුම්බෝලෙ පුම්බලා බලන්න තිබුණානේ අනෙක ජනතාවගේ නිදහස කඩකිරීමක් බව පේනවා. මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වෙනවා. ලංගමයත් මේ වගේ වෙලාවට විකල්ප රියදුරන් යෙදවීමට හැකි වෙන්න ඕනේ...

:       0       0

Nandalal DE SILVA - France Monday, 11 December 2017 12:54 AM

"අධිවේගී මඟේ බසයක කබලබයක්" හප්පෝ...... මොකද්ද මේ? දන්නේ නැති නිසයි අහන්නේ ආයුබෝවන්... අධිවේගි එකේ විතරද මේවා විකුණන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 420 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 186 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 220 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 207 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 309 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 383 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site