(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

විදේශිකයන් පිරිසක් සමග මහනුවර සිට රත්මලාන බලා පියාසර කරමින් තිබූ පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයක් අධික වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා අද(13) සවස මීරිගම ලෝලූවාගොඩ කැමිලස් වත්තට ගොඩ බස්සවා ඇතැයි මීරිගම පොලිසිය කියයි.

පැවැති මහ වැසි  හා අන්ධකාරය නිසා නියමුවන් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් කැමිලස්වත්තේ පිහිටි කි‍්‍රඩා පිටියකට යානය බස්සවා එහි සිටි ඇමරිකන් ජාතිකයන් සිව් දෙනා මහාමාර්ගය ඔස්සේ කොළඹ බලා ගමන් කරවීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

අනතුරුව මීරිගම පොලිසිය මගින් යානයට හා නියමුවන්ට ආරක්ෂාව සලසනු ලැබීණි. කාලගුණය යහපත් තතත්වයකට පත්වූ පසු හෙට (14) පෙරවරුවේ යළි හෙලිකොප්ටර් යානය රත්මලාන බලා පියාසර කිරීමට නියමිතය.