IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අධික වැස්ස නිසා ගුවන් යානා 5 ක් හරවා යවයි

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) පස්වරුවේ හදිසියේ හටගත් අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් එහි ගොඩ බෑමට පැමිණි ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදු විය .

අද පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් , දැඩි සුළං සහිත ධාරාණිපාත වැසි තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් මෙම ගුවන් යානා 5 ආරක්ෂිත පියවරක් ලෙස වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ .

එයින් ගුවන් යානා 4 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ යොමු කර තිබේ .

එනම් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි යූ.එල්.- 315 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ ජකාර්තා සිට පැමිණි යූ.එල්.- 365 දරණ ගුවන් යානය සහ සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්.- 303 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3 සහ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයයි.

මෙම ගුවන් යානා පිළිවෙලින් සවස 5.12 , 5.33 , 5.51 සහ 5.59 යන වේලාවන්ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබිණි.

ඊට අමතරව ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 140 දරණ ගුවන් යානය ආපසු මදුරෙයි වෙතම හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

මෙම කාළගුණික තත්වය නිසා ප්‍රදේශය පුරා විදුලිය බිද වැටී ඇති අතර , ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ගස් කඩා වැටීම් සහ කාණු පද්ධති උතුරා යෑමෙන් අපහසුතාව මතු වී තිබේ .

මේ අතර මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ ගුවන් යානා වල සිටි මගීන් කිසිවෙකුත් එම ගුවන් යානා වලින් පිටතට නොබැස්සවූ එම ගුවන් තොටුපළ බලධාරීන් අද (17) පස්වරු 6.25 සිට යළිත් එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් කර එවීමට කටයුතු කරමින් සිටිති .

 



අදහස් (10)

අධික වැස්ස නිසා ගුවන් යානා 5 ක් හරවා යවයි

සනත් ඉතාලිය Wednesday, 17 April 2019 03:38 PM

අපරාදෙ මත්තලට ඇරියේ ඕක හැදුවේ මහින්ද මහත්තයට ගමන් බිමන් යන්නනෙ. ඒවා පලාලි වල ගොඩබස්සන්න තිබ්බෙ නැත්නම් ආපසු පැමිණි ගුවන් තොටුපොළ වෙතම හරවා යවන්න තිබ්බෙ

:       622       1783

කරුණාවතීWednesday, 17 April 2019 10:27 PM

පුදුම කුහකකමක්, පුදුම වෛරයක් ඔහේ ළඟ තියෙන්නේ.

:       0       0

nimal pereraThursday, 18 April 2019 03:34 AM

සනත් , කතාව ඇත්ත , දැන් මොනවා කියයිද බලමු අර වී ගබඩා කරපු කට්ටිය.

:       0       0

Babu - palaliThursday, 18 April 2019 03:52 AM

නියම කෙනෙක්... පලාලි දැකලාවත් නැති....

:       0       0

අසංකThursday, 18 April 2019 04:12 AM

මත්තල හදන්න ගිය වියදම පැත්තකින් තියමු. හැබැයි මත්තල නඩත්තු කරන්න යන වියදමත් එක්ක බලද්දී එම ගුවන් යානා ඉන්දියාවට හෝ වෙනත් තැනකට ආපසු හරවා යවන එක රටට ලාබයක් බවයි මගේ හැඟීම‍....

:       0       0

Bamunuarachchi Wednesday, 17 April 2019 11:24 PM

ඉන්දියාවට මත්තල ගුවන් තොටුපොල දුන්නාම මෙවන් හදිසි අවස්ථාවක ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට ගෙවීමක් කලයුතුද?

:       0       0

පිටිගල මිලානෝ Thursday, 18 April 2019 12:27 AM

වැස්සට හරවා යවන ගුවන් යානා මගීන්ද නොබස්සවා තාවකාලිකව නවතා තබන්න මෙපමණ ජාතික ධනයක් වැය කර සාදා තිබෙන ගුවන් තොටුපොළක් තිබෙන එකම රට අපේ ශ්‍රී ලංකාවයි. බොහෝ දියුණුවෙමින් පවතින දුෂිත රාජ්‍ය නායකයින් සිටින රටවලට චීනය ණයට මුදල් දෙනවා තම පුද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීමට. මෙම ගුවන් තොටුපොලද එහි එක ප්‍රතිඵලයකි.

:       0       1

DMS Thursday, 18 April 2019 03:15 AM

අපරාදේ වී ගබඩාව..... ඔය ගුවන්යානා බාලා වී ගබඩාවට හානියක් කරනවා එහෙම නොවේ !

:       0       0

d.upul Thursday, 18 April 2019 04:21 AM

හදිසියකට විතරක් ගුවන්යානා බස්සන්න කෝටි ගණන් මුදල් වියදම් කරලා මහා පරිසර විනාශයක් කරලා ගුවන් තොටක් හදපු ඇත්තන්ට අපේ ප්‍රණාමය. ඔන්න මේවා ලංකාවෙන් විතරයි....

:       0       0

abiya Thursday, 18 April 2019 05:15 AM

දැන් වී ගබඩා කරලා ඉවරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 44 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 91 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 102 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 142 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 129 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 353 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site