(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

අංක තහඩු නොමැතිව ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් හික්කඩුව කන්දෙගොඩ මාර්ගයේදී අද (15) ජංගම මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරින් පිරිසක්  සිදුකල පරික්ෂාවකදී එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක්  පුද්ගලයෙක් සතුව තිබී ජීව අත් බෝම්බයක් සහ සෙල්ලම් තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.

රත්ගම මොන්රෝවියා වත්තේ සහ ගාල්ල බූස්සේ  පදිංචි 29 හැවිරිදි  සැකකරුවන් දෙදෙනාගෙන්  එක් පුද්ගලයෙක් අපරාධ රැසකට සම්බන්ධ අයෙක්  බව සිදුකල මූලික විමර්ෂණයේදි අනාවරණය වූ බවද පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට පත්  මෙම පුද්ගලයින් දෙදෙනා  යම් අපරාධයක් කිරීමේ අරමුණින් ගමන් ගත් බවට සැකකරන බවයි.

සැකකරුවන් සමඟින් අත්අඩංගුවට ගත් ජීව අත් බෝම්බය , යතුරු පැදිය සහ සෙල්ලම් තුවක්කුව හෙට (16) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.