(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අඟුලාන - සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය අසලදී අද (12)  දුම්රියක ගැටී කුඩා දරුවකු මියගිය බව අගුලාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ චලන විදුශ නැමැති වයස අවුරුදු 7ක කුඩා දරුවෙකි.

දරුවා දුම්රියේ ගැටීමත් සමඟ දුම්රිය මාර්ගයට පිවිසි ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරීව හැසිරීමත් සමඟ අඟුලාන පොලිසියේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කර දුම්රිය පිටත් කර හැරීමට කටයුතු කළේය.